“ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක් වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස්
…………………..
යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්.
…………………
වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක් නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්.
…………………
වර්තමාන නව කතාව ඉතාම පහත් තත්ත්වයට ඇද වැටෙන්න හේතු වුණ මූලික කාරණා දෙකක් තියෙනවා. ඉන් පළමු වැන්න තමයි විශ්ව සාහිත්‍ය පරිශීලනය නොකිරීම. අනෙක් කරුණු තමයි පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීම. මේ දෙකම කරන්න ශක්‌තියක් මේ අයට නැහැ. විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්න සිංහල දන්නේ නැහැ. සිංහලත් දන්නැති ඉංග්‍රීසීත් දන්නේ නැති පිරිසක් තමයි අද සාහිත්‍ය කරණයෙ යෙදෙන්නේ. සම්මාන විනිශ්චය මණ්‌ඩලවල ඉන්නෙත් ඒ වගේ අය. මේ ගොල්ලො නව කතාව කියන්නෙ මොකක්‌ද වත් දන්නේ නැහැ. පිළී ගඳ ගහන, හඩු බාසාවෙන් මොකක් හරි ලියුවහම නව කතාවක් කියලා කියනවා. නව ආකෘති කිය කිය මේවට සම්මානත් දෙනවා. මේව ලියන අයයි සම්මාන දෙන අයයි අතරෙ කිසිඳු වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්‌ටුවෙ. (තවත්…)
