‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් අප සුප‍්‍රකට ඇමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකා කැමිල පා(ග්)ලියා ගේ අදහස් සම්පිණ්ඩනය කරමින් පළ කළ ලිපියට පිළිතුරක් අමරකීර්ති ලියනගේ “සිළුමිණ” පුවත් පතට ලියා ඇත. එම ලිපිය මෙතැන කියවන්න:“සිළුමිණ”
November 25, 2007
November 18, 2007
“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්
“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම”
- විමසුමක් සඳහා සටහනක්
“පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක්. බාග විට යම් නිදහසට කරුණක් තියෙන්න පුළුවන්. හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මගේ හයවැනි අධ්‍යයනයේ පෙන්වා දීමට උත්සාහ කළ පරිදි හේගල් ඒ වනවිටත් සිටියේ තරමක් වැඩියෙන් ඩෙකාට්වාදයේ බලපෑම යටතේ. සැබැවින්ම හේගල්ගේ ප්‍රතිභානය (genius) ඇත්තේ ඔහුගේ ද්වන්ධාත්මක ක්‍රමය තුළ නොව කාල්පනික ද්වන්ධාත්මක පියවර පිළිබඳ වූ ඔහුගේ සහජ ඥානය (intuition) තුළයි. සැළකිල්ලට ගැනෙන්නේ පද්ධතිය නොව ආතතීන් සහ ප්‍රතිරෝධයන් සඳහා ඇති ඔහුගේ හැඟීමයි. අනන්‍යතාව හා වෙනස, තමා සහ අනෙකා අතර ඇති පරාවර්තිත සබඳතාවයේ පාර්ශවයන් ලෙස සැළකීම හේගල් සදහා ඇති ප්‍රධාන කරුණක්. ප්ලේටෝ ආරම්භයේදී දකින්නේත් හේගල් අවසානයේදී දකින්නේත් මෙයයි.” (ගැඩමර් සමග කළ සම්මුඛ සාකඡචාවකින් - පරිවර්තනය දිමුතු.)
අනූවේ දශකයේ ලාංකීය තරුණ දේශපාලනයහි ලා හවුල් වූවන් ගේ ස්වයං අවබෝධය වූයේ එය සමාජය වෙනස් කරන රැඩිකල් ව්‍යාපෘතියක් බවයි. එම මතවාදය එහි අනුගාමිකයන් වූ තරුණ ජන සමූහයේ මනස සකස් කොට තම ජීවිත අර්ථ විවරණය කරන්නට චිත්තරූප සකස් කොටද දුන්නේ ය. එය වැළඳ ගත් අය මෙම මතවාදය සෙවනේ තමන්වම අර්ථ විවරණය කොට අවබෝධ කර ගත්තෝය. රැඩිකල් දේශපාලන ව්‍යාපෘතියේ දේශපාලනය ශිෂ්ඨත්වය පිළිබඳවයි. ඒ අනුව අපේ සමාජය අශිෂ්ඨ හෙයින් අපේ දේශපාලනය සමාජය ශිෂ්ඨ කිරීම සදහා යි.
තමන් ද හවුල්ව සිටි රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය පසුකලෙක විවේචනය කළ ඇතැම් තරණයන් ගේ අදහසක් වූයේ නූතනත්වය අපට ලිබරල් පුද්ගලවාදය ලබාදීමේදී, එය කියා සිටින දේට ප්‍රතිපක්ෂව යමින්, අපව ශිෂ්ඨ නොකරන බව යි. දේශපාලනයේ දී අනුගමනය කළයුතු හොඳම මග රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය ය, යන අදහස අත් නොහරින අතරම එය, මුළුමනින්ම ශිෂ්ඨ මිනිසකු නිර්මාණය කිරීමේ යුතෝපියානු සංකල්පය සදහා යොදා නොගත යුතු බව ත් මෙම විවේචනයන් කියැවුණා. (more…)
November 6, 2007
“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව
‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත් පතේ අදාල පිටුවේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතාට ඉදිරිපත් කරන ලදී. ලිපිය පෙරලා බැලූ ඒ මහතා පළමුව “මේ මදි” කියා දෙවනුව ෙල්ඛකයා පිළිබඳ වතගොත විමසීමෙන් පසු ලිපිය “දිග වැඩි” යැයි කියා එය පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එම ලිපිය මුල් ආකාරයෙන් ම පහත පළ වෙයි. (more…)
November 3, 2007
‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්
අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු.
මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන අදහස මෙම කතිකාවෙන් මතු කෙරෙයි.
ස්ටැන්ෆර්ඩ් විහ්ව විද්‍යාලයේ සිසුන් බටහිර සංස්කෘතිය කම්මුතු විය යුතුයැයි (Hey, hey, no, no, Western Culture’s Got to go) ගායනා කළ විට ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ව හැඩ ගැස්වුණු සම්ප්‍රදායම යැයි රෝයි ටර්නර් යෝජනා කරයි. ඔහුට අනුව මූලකෘතිභාවය යනු අප විසින් සැළකිල්ලට ගතයුතු, අප පිළිබඳව කියා සිටින කිසියම් අයිතිවාසිකමක් මුතුන්මිත්තන්ගෙන් පැවත එන කෘති අප මත බල පවත්වන්නේය යන සිතුවිල්ලයි. (more…)
November 1, 2007

කැමිල පා(ග්)ලියා
අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි.
1990 ගණන්වල Sexual Personae නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක් මෙන්ම කළහකාරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූ බව එම සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන Margaret Wente සදහන් කරයි. (more…)
RSS - Posts