ලොලීටා: නොමිහිරියි, මේ බලන්නලෝරා පෙනී
පරිවර්තනය: කේ. කේ. සමන් කුමාර
PDF මාදිලියෙන් කියවන්න Download PDF
මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. මට …. අපිට උනා ඉතින් එය ‘විකීපිඩියා’එකේ බලන්න. නමුත් අපි දැන් හරියටම දන්නවා ඈ කවුද කියලා.”
මෙබඳු තකතිරු දේ වලින් තමයි පුවත්පත් සිරස්තල හැදෙන්නෙ. ඔබ ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මහැඟි සතුට කිසිදා ලබා නැති වුවත් ඔබ එහිවන අපකිර්තිමත් වස්තු විෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට් ඔහුගේ 12 වියැති සුළු දියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස්, විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා, යෙදුමක් ලෙසට උත්කර්ශනය ලැබ ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්. (more…)
RSS - Posts