Globe and Mail, 2008 March 14
PDF මාදිලියෙන් කියවන්න
downloadpdf
මිනිසුන් අතර කුමාරයා
නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා
මයිකල් ඉග්නටියෙෆ්
පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ
1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ පාපොච්ඡාරණය නොකරනු ඇත. එබඳු නපුරු දේ අපි කවරදාකවත් නොකරමු! නමුත් ඔහු නොනැසී පවතින්නේය, මන්ද යත් ඔහුගේ කෘති තවමත් සත්‍යයේ විෂ තුඩ අඩංගු කොටගත් බැවිනි. යුගයෙන් යුගයට මැකියවෙල්ලිගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය වී ඇත්තේ දේශපාලනඥයකු සදාචාරාත්මක යථාර්ථවාදියකු විය යුතු බවය. අප සැබැවින්ම ජීවත් වන ආකාරය අප ජීවත් විය යුතු ආකාරයෙන් කොතෙක් දුරට ඈත් වූ එකක් ද යත් සුචරිතයේ පරමාදර්ශයන්ට අනුකූලව ජීවත් වීමට උත්සාහ දරන්නන් විනාශ කරනු ලැබීම නියමිත බව මැකියවෙල්ලි කියා සිටින්නේ ය. දස්කම් පෑමට අපේක්ෂා කරන සෑම දේශපාලනඥයකුම ‘වැරදි කරන්නේ කෙසේද යන්න සහ අවශ්‍යතාවය අනුව එය යොදා ගන්නේ හෝ නොගන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු’වෙයි. (more…)