ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ:
කේමදාස පශ්චාත් නූතනවාදියෙකු නොවීය!
කේමදාස පශ්චාත් නූතනවාදියෙකු නොවීය!
සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.
මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.
සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.
Comments Off