ඇරිස්ටෝටල්
දෙවැනි පොත
ඇරිස්ටෝටල් ගේ ආචාර ධර්මය කෘතිය ලියැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි.
අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා වැනසෙයි. අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරයි. සදාචාරාත්මක සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යි. සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය, තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයකි. එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති, අපට සාපේක්ෂ, මධ්‍යයනය පිළිපැදීමෙහි ය. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.
සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.
RSS - Posts