Kathika

සැප්තැම්බර් 17, 2012

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
ශ‍්‍රී ලාංකික කලාකරුවන්ට රටේ අධ්‍යාපනයේ වර්තමාන තත්වය පිළිබඳ තම අදහස් පළ කිරීමට අවස්ථාව සලසනු පිණිස සමුළුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කර ඇත. මෙම අවස්ථාවට ඔබගේ සහභාගීත්වය අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ප‍්‍රකට හා සමාජමය සවිඥානිකත්වයෙන් යුතු කලාකරුවන් වශයෙන් මෙම රටේ අධ්‍යාපනයෙහි වර්තමාන තත්වය පිළිබඳ ඔබගේ අදහස් අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි.

නිරන්තරයෙන් විවිධ අදහස් සහ විකල්ප චින්තනයන්හී පෙරමුණ ගන්නා ප‍්‍රජාවක් වශයෙන් ඔබ විචාරාත්මක විඥානයකින් යුත් නව අදහස් සහිත සමාජයක් බිහිකිරීමේ හැකියාව ඇති ශක්තිමත් සහ ස්වාධීන අධ්‍යාපන ක‍්‍රමයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ඉතා සංවේදීවන බව අපි විශ්වාස කරමු. මෑතදිකදී ප‍්‍රසිද්ධියට පැමිණි ලකුණ පිළිබඳ ගැටලුව සරලව ගත්විට, එය අර්බුදයට පැමිණ ඇති අධ්‍යාපන පද්ධතියක් පිළිබඳ එක් උදාහරණයක් පමණි. දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මෙම අර්බුදයේ විවිධ පැතිකඩ ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ දරයි. අවාසනාවකට මෙම ගැටලු සම්බන්ධව රජයේ ප‍්‍රතිචාරය ඇල්මැරුණු ස්වභාවයක් හෝ විවෘත සතුරු ස්වභාවයක් පෙන්වයි.

ප‍්‍රධාන මාධ්‍ය සහ රාජ්‍ය පාක්ෂික මාධ්‍ය ආවරණයන්ගේ සීමිතබව මධ්‍යයේ වුවත්, විශේෂයෙන් අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% යන තේමාව යටතේ, අපේ අරගලයට සහය දක්වන වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ ප‍්‍රබල සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් සමග එක්ව පුළුල් සමාජ සහයෝගීත්වයක් ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය සමත් වී ඇත. මේ වන විට අධ්‍යාපනය සඳහා වන අරගලයක් පමණක් නොව මෙම රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවිධ මත දැරීමේ අවකාශය සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය සඳහා තම හඬට සවන් දෙනු ලැබීමට පුරවැසියන්ට ඇති අයිතිය වැනි කාරණාවන් සම්බන්ධයෙන් ඉඟිකරන ව්‍යාපාරයක්ද බවට පත්ව ඇති මෙම අරගලයට ඔබේ හඬ ද එක් කරන ලෙස අපි ආරාධනා කර සිටිමු.

සමුළුව පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ස්ථානය : කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරය, 15 ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවත, කොළඹ 07

දිනය සහ වේලාව : 2012 සැප්තැම්බර් 19, පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා

කරුණාකර ඔබේ පැමිණීම පහත අංකවලට දැනුම් දෙන්න:

චන්ද්‍රගුප්ත තේනුවර 077-7350228 චන්දිමා නිශ්ශංක 077-3927736 සෙනවිරත්න පීල්ලගේ 071-7650563

ස්තූතියිල

ඔබේ විශ්වාසී,

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

Join 138 other followers