“මම මීට වසර ගණනාවකට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.”
සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න
අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි.
“සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර් වලය. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා වලය. වේදිකා නාට්‍ය රඟදැක්වෙන රඟහල් තුළය.” (more…)
October 5, 2009
සංස්කෘතිය
September 12, 2009
සංගීතය
අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කලස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු.
එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.
අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි. නොයෙක් විට ඒ හැඟීම් සංගීතයට නගා කුරුල්ලන් මෙන් ප්‍රකාශ කරන්නට ඇතැයි සිතිය හැකි. සංගීතයේ මුල් ආරම්භය මෙසේ ඇති වී මිනිසා ක්‍රම ක්‍රමයෙන් ආශා ගොඩනගත්ම සංගීතය ද ගොඩ නැඟෙන්නට ඇත.
එකල රාගතාල සොයා ගෙන නොතිබුණේ වී නමුදු ශබ්දය ඇසුරු කොට ඇති වූවක් නිසා මෙය ගණන් ගත්තේ සංගීතයක් හැටියටයි. මෙවැනි සංගීතයක් අද ලෝකයේ සෑම රටකම සෑම ජාතියවකටම හිමිවී ඇත. එය ඒ ඒ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණි. භාරතය ආදී සමහර රටවල මේ ජන සංගීතය ක්‍රමයෙන් දියුණුව ඉන් උසස් ශාස්ත්‍රීය සංගීතය පවා ගොඩ නැඟී ඇත. (more…)
RSS - Posts