Kathika

January 23, 2009

කාලීන

‍හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Get PDF file here

නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි.

මාලක දේවප්‍රිය

“අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න දෙයක් නොමැති තරමට. අන්තර්ජාලය ඒ බවට මනාව සාක්ෂි දරනවා. ඒ හින්දා මම කැමතියි හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ගැන පමණක් කථා කරන්න.

pinter_portrait2‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය මා අතට පත්වන්නෙ එක්තරා අහම්බයකින්. ඒ කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ නාට්‍යයක් නිපැයීම සඳහා දිනක බ්‍රිතාන්‍යය කවුන්සිල පොත්ගුල පිරික්සීමේදී. කෘතියක් විධියට එය පිටු දහයකටත් අඩු හා චරිත ප්‍රමාණය හතරක් වීමත්, එක් පසුතලයක ගලා යන නාට්‍යයක් වීමත්, හේතුකොට ගෙන එය නිෂ්පාදනය සඳහා මම යොමු වුණා.

නාට්‍යය පරිවර්තනය කරමින් යන අතරවාරයේදියි ‘වන් ෆෝ ද රෝඩ්’ හි ගැඹුර මට අනාවරණය වන්න පටන් ගත්තෙ. බැලූ බැල්මට සරල ආකෘතියක් පෙන්නුම් කළත් මෙය ඉතා ප්‍රබල දේශපාලනික නාට්‍යයක් බව මම හඳුනාගත්තා. (more…)

Blog at WordPress.com.