Kathika

November 23, 2009

පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතන කියන්නේ මොකක්ද?
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? 2 වැනි ‍කොටස
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍දෙවෙනි කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

II
දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ අත්දැකීම්වලට අයිති ද කියන එක සලකා බලන්න. මේ නම්වත් මං දන්නේ නෑ. What then is the post modern? පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? What place does or does it nor occupying the vertiginous work of the questions hurled at the rules of imaginnaration මොන ස්ථානයක් ද මේක? මෙම පද්ධතියේ දක්වන (මේක බොහෝම දළ පරිවර්තනයක්) it is undoubtedly a part of the modern ඒක අනිවාර්යයෙන්ම නූතනයේ අංගයක්. All that have been received even yesterday ඊයේ පවා අපට ලැබුණු දේවල් must be suspected සැක කළ යුතුයි. What place does Sojan challenged සොජාන් මොන ස්ථානය ද අභියෝග කරන්නේ? The impressionist ……….what objectives do Picasso and Brack attack? පිකාසෝ හා බ්‍රාක් තර්ජනය කරන්නේ කාටද? මටද, සොජාන්ට. දැන් සොජාන්වත්, බ්‍රාක්වත්, පිකාසෝවත්, ඉම්ප්‍රෙෂනිස්ට්ලවත් ඇත්තෙන්ම අපේ ලෝකයට ආවේ යම් කිසි වෙන විකාශනයක් තුළ. ඒ නිසා ඒක වලංගු විය යුත්තේ වෙන කතන්දරයකට, වෙන ආඛ්‍යානයකට, මේ නම් ටික තව තියෙනවා. බියුරන්, බෝෂම්, මේවා මම දන්නේවත් නැහැ. අඩුගානේ පිකාසෝ, සොජාන් මම අහලවත් තියෙනවා. (more…)

November 6, 2009

පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

I
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි. (more…)

Blog at WordPress.com.