Kathika

November 1, 2009

පුවත්

Filed under: පුවත් — kathika @ 1:16 pm

” ජනාධිපති පිළිබඳ අන්තර්ජාලයේ අදහස් ලියූ තරුණ‍යා අත්අඩංගුවට ගනී

එම්.ඩබ්.සෝමරත්න විසිනි

ජනාධිපති සහ රාජ්‍ය ආරක්ෂක ලේකම් පිළිබඳ අන්තරජාලයේ ප්‍රහාරාත්මක (offensive) අදහස් පළ කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. සැකකරු අලව්වේ පදිංචිකරුවෙකි.”

Daily Mirror වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

October 16, 2009

ජනප්‍රියතම .lk වෙබ් අඩවිය සඳහා මනාපය පළකිරීම

Filed under: පුවත් — kathika @ 12:37 pm
Tags:

image001

සිංහල මාධ්‍යය සඳහා මනාපය පළකිරීම:
ජනප්‍රියතම ලාංකේය වෙබ් අඩවියට සිංහල මාධ්‍යය සඳහා ඔබගේ මනාපය ලබා දෙන්න! bestweb.lk

අවසන් දිනය 2009 නොවැම්බර් 11 වෙනිදා

October 15, 2009

ජනප්‍රියතම .lk වෙබ් අඩවිය

Filed under: පුවත් — kathika @ 3:42 pm

image001

ජනප්‍රියතම .lk වෙබ් අඩවිය තේරීමේ තරඟය ඔක්තෝබර් 16 දා සි‍ට විවෘත වෙයි. විස්තර සඳහා බලන්න http://www.bestweb.lk/

October 4, 2009

පුවත්

Filed under: පුවත් — kathika @ 5:57 am
Tags:
ජනප්‍රියතම ලාංකේය වෙබ් අඩවිය තෝරා ගැනෙන තරඟයක්

index_03ජනප්‍රියතම ලාංකේය වෙබ් අඩවිය සඳහා වූ සම්මානය, මහජනතාවගේ ඡන්දය මගින් තෝරා ගැනෙන තරඟයක් .lk වසම් ලේඛකාධිකාරය විසින් සංවිධානය කර තිබේ.
Unicode සම්මතයට අනුකූල නම් පමණක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඇති වෙබ් අඩවි මෙම තරඟයට සුදුසුකම් ලබයි. මෙම සම්මානය ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. වෙබ් අඩවියේ අන්තර්ගතය මත මෙම කාණ්ඩගත කිරීම සිදුකරනු ලැබේ.
මීට අමතරව, විනිශ්චය මණ්ඩලය විසින් පහත සඳහන් සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගනු ලැබේ. - හොඳම වෙබ් පිටු නිර්මාණකරු – වෙබ් පිටු නිර්මාණ කරුවන්ට – රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය – හොඳම වෙළඳ වෙබ් අඩවිය – හොඳම වෙබ් අඩවි නිර්මාණය – හොඳම විනෝදාත්මක වෙබ් අඩවිය – හොඳම පුද්ගල (personal) වෙබ් අඩවිය
ඕනෑම පුද්ගලයෙකුට ඔහු/ඇය ගේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය, www.bestweb.lk අඩවිය හරහා ලබාදීමෙන් තම ප්‍රියතම වෙබ් අඩවිය තරඟයට යොමුකළ හැක. මෙහිදී, ඔවුන් යොමු කරන අදහස් විනිශ්චය මණ්ඩලයේ සැලකිල්ලට භාජනය වේ.

නාම යෝජනා ඉදිරිපත් කළ යුතු අවසන් දිනය ඔක්තොබර් 14 වෙනිදා ය.

September 9, 2009

පුවත්

” මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍ය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි”

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමතිට කියයි

පහත පළවන්නේ ‍වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමති‍ට යැවූ ලිපි‍‍‍‍යෙන් උද්ධෘතයකි.
” 2009.09.08 රාති 10 ට පමණ හදිසි අමාරුවක් වැළඳී හදිසි අනතුරු වාට්ටුවට ගිය ඉතා දුප්පත් රෝගියෙකුට ප‍්‍රතිකාර සඳහා බැන්‍‍‍‍ඩේජයක් සහ තවත් බෙහෙත් වර්ග පිටතින් මිලදී රැගෙන එන ලෙස වෛද්‍යවරු නියම කර ඇත. ඒ නිසා එම රෝගියා කිසිවක් කර කියා ගත නොහැකි ඉතාම අසීරු තත්ත්වයකට පත්වී මට ටැලිෆෝන් කලේය. පසුව මගේ මැදිහත් වීමෙන් එම අවශ්‍යතා සපයා දීමට සිදුවිය. මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍යය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි.”

Blog at WordPress.com.