Kathika

September 29, 2009

ඇදහිලි කල්ලි

final23

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර
අප අතර සැරි සරන ඇදහිලි කල්ලි

මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්
පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්
පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර
සේතුක ප්‍රකාශකයෝ
2/5 ඒ,
ඩී.‍ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස
sethukapublishers@gmail.com
2009
මිල රුපියල් 795/=
ISBN 978 955 1895 03 7
” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?”
“පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ ගිලී නොපෙනී ගිය උතුරේද දකුණේද එදා මෙදා තුර සුවහසක් සොයුරු සොයුරි කැල වෙත”
“බොහෝ ඇදහිලි කල්ලි නායකයින් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක් නිමවා ගැනීමටය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මෙහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩනඟා ගනිමින් සර්වබලධාරීත්වය පිලිබඳ හැඟීමක් ඇති කර ගනියි. ඔහු ‍බෝනික්කන් එහෙ මෙහෙ කරයි. ඔවුහු ඔහුගේ අණ පිළිපදිති. ඔවුහු ඔහුගේම වචන ආපසු ඔහුටම කියති. දරුවා විසින් ක්‍රීඩා භාණ්ඩ එහා මෙහා කරන්නාක් මෙන් ඇදහිලි කල්ලි නායකයා ද තම අණට අකීකරු වන අයව එහා මෙහා කරමින් මෙහෙයවමින්, බනිමින් හෝ ඇතැම් විටක මරා දමමින් සිටියි.”

උපුටා ගැනීම් ඉහත කෘතියෙනි.

September 28, 2009

පොත-පත

Filed under: පොත පත — kathika @ 3:54 pm
Tags:
මේ සාහිත්‍ය මාසයයි!

අළුත් පොත්-පත් කිහිපයක්

shipwrecked-salilor-book-cover

ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්
මුහුදු බත් වූ සේළරුවෙකුගේ කතාව
පරිවර්තනය පියල් ජයරත්න
2009
විදර්ශන ප්‍රකාශන
මිල රුපියල් 250/=
ISBN 978 955 1559 252

piyadra-book-cover

පාවුලෝ කොය්යෝ
පියෙද්රා ගඟ බඩ හිඳ මම වැළපුනෙමි
පරිවර්තනය පියල් ජයරත්න – අනුෂ‍යා කොල්ලුරේ
දෙවන මුද්‍රණය 2009
විදර්ශන ප්‍රකාශන
මිල රුපියල් 300/=
ISBN 978 955 1559 264

පහත දැක්වෙන්නේ පසුගිය කාලයේ අපට ලැබුණු තවත් පොත්-පත් කිහිපයකි. අපට ලැබෙන පොත්-පත් අතරින් තෝරා ගත් ඒවා පිළිබඳ විචාර ඉඩ ලැබෙන පරිද්දෙන් පළකිරීමට අදහස් කරමු. පොත්-පත් අප වෙත යොමු කළ යුතු ලිපිනය මෙසේය: ‘කතිකා’ අධ්‍යයන කවය, නො. 171/30, සරණපාලහිමි මාවත, කොළඹ 08. e-mail: kathika@gmail.com

scan0015කුලෙන් තොරද? කුල අන්ධද?
කුලය, සමාජ ‍‍කොන්කිරිම් සහ ශ්‍රී ලංකාවේ සැගවුනු සමාජ යතාර්ථය
සංස්කරණය කාලිංග ටියුඩර් සිල්වා
පී.පී සිවප්‍රරකාශම්
පරම්සෝති තන්ගේස්
අන්තර්ජාතික සහයෝගිතා ජාලය
දලිත් අධ්‍යයන පිලිබඳව ඉන්දියානු ආයතනය
සහ කුමරන් බුක් හවුස්, කොළඹ චෙන්නායි
2009
මිල රුපියල් 390.00
ISBN 978-955-655-166-8

scan0016

Casteless or Caste-blind?
Dynamics of Concealed Caste Discrimination Social Exclusion and Protest in Sri Lanka
Edited by Kalinga Tuder Silva,
P.P. Sivapragasam, Paramsothy Thangesh
International Dalit Solidarity Network
Indian Institute of Dalit studies
Kumaran Book House, Colombo,Chennai
2009
ISBN 978-955-659-155-2
Rs. 700.00

scan0017
Untitled-1 copy

scan00122

සිංහල සමාජ සංවිධානය
රැල්ෆ් පීරිස්
පරිවර්තනය කේ.ඒ.ඩී. පෙරේරා
විසිදුණු ප්‍රකාශනයක්
බොරලැස්ගමුව
රු.950.00
ISBN 955-9178-37-6

scan00102

පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි
භාරතය, චීනය, ජපානය
භජිමෙ නකමුර
පරිවර්තනය පී.බී. මීගස්කුඹුර
විසිදුණු ප්‍රකාශනයක්
බොරලැස්ගමුව
රු.900.00
ISBN 955-9170-52-x

scan0018

දැය දිනවන ගමන
ජාතික නිදහස් පෙරමුණ
නිදහසේ නියමුවෝ ප්‍රකාශනයක්
2009
ආධාරය රු. 50.00

scan0008

Mistaking Politics for Governance:
The politics of interim arrangements in Sri Lanka 2002-2005

Charan Rainford and Ambika Satkunanathan
2009
International Centre for Ethnic studies
Colombo
ISBN 978-955-580-119-5

scan0007

Perspectives on National Integration in Sri Lanka.
Edited by Amal Jayawardane
National Integration Programme Unit
Colombo
Rs. 450.00
ISBN 955-8435-14-7

scan0014Dialogue New Series Vol. xxxiv 2007
The Politics of Language
A spectrum of perspectives on Fifty years of Sinhala only in Sri Lanka, 1956-2006
ISBN 1391-1201
The Ecumenical Institute, Colombo

September 20, 2009

පොත-පත

Filed under: පොත පත — kathika @ 4:02 am
Tags:

අපට ලැබුණු පොත්-පත්

පහත දැක්වෙන්නේ පසුගිය කාලයේ අපට ලැබුණු පොත්-පත් කිහිපයකි. අපට ලැබෙන පොත්-පත් අතරින් තෝරා ගත් ඒවා පිළිබඳ විචාර ඉඩ ලැබෙන පරිද්දෙන් පළකිරීමට අදහස් කරමු. පොත්-පත් අප වෙත යොමු කළ යුතු ලිපිනය මෙසේය: ‘කතිකා’ අධ්‍යයන කවය, නො. 171/30, සරණපාලහිමි මාවත, කොළඹ 08.

P1010001

ජාතික චින්තනය – ගුණදාස අමරසේකරගේ භාව්තය ඇසුරෙන් ශාස්ත්‍රීය අධ්‍යයනයකි
උපුල් ප්‍රියන්ත ගමගේ
පිටු 78 යි
කර්තෘ ප්‍රකාශනයකි
මිල රුපියල් 200/=

kk2

‘71 සිපිරි ගෙදරදී ලියූ කවි
නන්දසේන වි‍ජේවර්ධන

ප්‍රකාශනය: ‘71 සහෝදරත්ව සංසදය
මිල රුපියල් 200/=

pravada
ප්‍රවාද
අප්‍රෙල්-දෙසැම්බර් 2007
අංක 27
සංස්කරණය: ජයදේව උයන්ගොඩ, කුමාරි ජයවරධන, රංජිත් පෙරේ‍රා
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
එස්. එල්. දෝෂි ලියූ “නූතනත්වය යනු කුමක්ද?” සහ ෂෙලී වාලියා ලියූ “‍ඩෙරී‍ඩා ගේ අවතාර” ඇතුලු ලිපි අඩංගු වෙයි.

pavada2

ප්‍රවාද
ජනවාරි-මාරතු 2007
අංක 26
සංස්කරණය: ජයදේව උයන්ගොඩ, කුමාරි ජයවරධන, රංජිත් පෙරේ‍රා
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
ජාක් ජෙලීනා ලියූ “යටත් විජිතවාදයේ සිට ගෝලීයකරණය දක්වා,” හයින්ස් බෙෂර්ට් ලියූ “බෞද්ධ ඉතිහාසවංශලේඛනයේ ආරම්භය” ඇතුලු ලිපි අඩංගු වෙයි.

March 8, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හත්වැනි ලිපිය 

Globe and Mail, January 26, 2008

විශේෂයාගේ සම්භවය පිළිබඳ
On the Origin of Species

PDF මාදිලියෙන් කියවන්නGet PDF downloadpdf

මයිකල් රූස්
පරිවර්තනය: අමිල සූරිආරච්චි

1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය.

0126darwin188

අප ද ඇතුලුව ජීවත්වන හා මියගිය සියළු ජීවීන් යාම්තම්, සරල ආකාර කිහිපයක (බාගවිට එකක) සිට සිදුවූ දීර්ඝ, මන්දගාමී, ක්‍රමික විපර්යාස ක්‍රියාවලියක, [එනම්] – පරිණාමයේ – නිපැයුම් යැයි ඩාවින් කියා සිටියේය. එයට හේතුව “ස්වභාවික වරණය” යනුවෙන් ඔහු හැඳින්වූ යමක් බව ද ඔහු කියා සිටියේය. නොනැසී පැවතී, ප්‍රජනනය කිරීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි ජීවීහු සංඛ්‍යාවක් උපත ලබති; එමනිසා එහි විපාකය වන “පැවැත්ම සඳහා වන අරගලයක්” වෙයි, තවද ජය ගන්නන්ට පරාජිතයන්ගේ ඒවායින් වෙනස් වන ලක්ෂණ තිබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම එක්රැස්වීමත් සමග ස්වභාවික ව තෝරා ගැනීමක් සිදුවනු ඇත.

නමුත් නිර්වචනයෙන් ම පාහේ අපට දැකිය නොහැකි යමක් වෙනුවෙන් ඩාවින් තර්ක කළේ කෙසේද? ඔහු, අපට අධිකරණ වල දැකිය හැකි ක්‍රම ම භාවිත කළේය. එය සිදුවනු කිසිවකු නොදුටුවේ නම්, තම උතුම් හාම්පුතා මරා දැමීම පිළිබඳ අප බොටලේරුවා වැරදිකරු කරන්නේ මන්ද? ඇතැම් විට බොටලේරුවා වෙනත් කෙනෙකු ම‍රා දමද්දී අතටම අසුවූ නිසා විය හැක, නමුත් ඊට වඩා පෙනෙන හැටියට ලේ පැල්ලම්, මිනීමැරූ ආයුධය, චේතනාව, වැරදුණු අන්‍යස්ථානිකභාවය ආදී හෝඩුවාවන් හේතු කොට ගෙන ය. (more…)

February 14, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය 

Globe and Mail, 2008 March 14

PDF මාදිලියෙන් කියවන්නGet PDF downloadpdf

මිනිසුන් අතර කුමාරයා‍
නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා

මයිකල් ඉග්නටියෙෆ්
පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

500jenkins11532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ පාපොච්ඡාරණය නොකරනු ඇත. එබඳු නපුරු දේ අපි කවරදාකවත් නොකරමු! නමුත් ඔහු නොනැසී පවතින්නේය, මන්ද යත් ඔහුගේ කෘති තවමත් සත්‍යයේ විෂ තුඩ අඩංගු කොටගත් බැවිනි. යුගයෙන් යුගයට මැකියවෙල්ලිගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය වී ඇත්තේ දේශපාලනඥයකු සදාචාරාත්මක යථාර්ථවාදියකු විය යුතු බවය. අප සැබැවින්ම ජීවත් වන ආකාරය අප ජීවත් විය යුතු ආකාරයෙන් කොතෙක් දුරට ඈත් වූ එකක් ද යත් සුචරිතයේ පරමාදර්ශයන්ට අනුකූලව ජීවත් වීමට උත්සාහ දරන්නන් විනාශ කරනු ලැබීම නියමිත බව මැකියවෙල්ලි කියා සිටින්නේ ය. දස්කම් පෑමට අපේක්ෂා කරන සෑම දේශපාලනඥයකුම ‘වැරදි කරන්නේ කෙසේද යන්න සහ අවශ්‍යතාවය අනුව එය යොදා ගන්නේ හෝ නොගන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු’වෙයි. (more…)

January 18, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය 

Globe and Mail, March 1, 2008

දාස් කැපිටාල් : ප්‍රාග් ධනයේ දරුනු අපරාධ

ෆ්‍රැන්සිස් වීන්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

0301marx188

දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

[ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය.

අදාල විෂය පිළිබඳව කෘතියක් බිහිකළ අල්තුසර්ම පවා තම මතක සටහන් හි තමා “මාක්ස්ගේ ඡේද කිහිපයකට” වඩා කිසිවක් කියවා නොතිබුණු ප්‍රයෝගකාරයෙකු සහ රැවටිලිකාරයෙකු බව අවසානයේදී පාපොච්චාරණය කළේය.

එතෙකදු වුවත් පුළුල් අරුතින් ඔහු නිවැරදි විය: මාක්ස්ගේ ජීවිත කාලය තුළ, දාස් කැපිටාල් හි පරිසමාප්ත කළ එකම වෙළුම වූ එහි පළමු වෙළුම 1867 දී පළ කෙරුණ දා පටන්, අප වටා ඇති ලෝකය තුළ, සමකාලීන ඉතිහාසයේ නාටකයන් සහ ඝට්ටනයන් තුළ අප එය කියවා ඇත්තෙමු.

අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ නොදැනුවත්වම තමා වරනඟමින් තිබුණේ ගද්‍ය බව පුදුමයකට වගේ අනාවරණය කරගත් මොලියේර් ගේ බුර්ෂුවා මහත්මයා (gentilhomme) මෙන්, බොහෝ දෙනා මාක්ස්ගේ අදහස් අවශෝෂණය කරගෙන ඇත්තේ කවර කලෙකවත් පූර්ව දැනුවත්භාවයක් නොමැතිවය.

(more…)

January 4, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිවුවැනි ලිපිය

Globe and Mail අප්‍රේල් 25, 2008

සියක් වසක හුදෙකලාව

ඉලන් ස්ටවාන්ස්

පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂ‍යා කොල්ලුරේ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

solitude_175එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින් සහ අත්ලාන්තික් සාගරයෙන් මේ පැත්තේ එදා මෙදා තුර ස්පාඤ්ඤ භාෂාවෙන් පළ කරන ලද වැදගත්ම නවකතාව බවට පත්වෙමින්, මෙම පොත 1967 දී බුවනොස් අයර්ස් හිදී ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

කේන්ද්‍රීය චරිත වන්නේ, නගරයේ පුරාණෝක්තිමය ප්‍රාරම්භයේ පටන් එහි අභාවය දක්වා, (කතාවට යෙදූ නමෙහි සියවසක් යනුවෙන් සඳහන්වී තිබුනද) සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා, කොළොම්බියාවේ කැරිබියානූ වෙරළ තීරයේ අමතක කර දමා තිබුණු නගරයක් වූ මැකොන්ඩෝවේ වාසය කළ, විචිත්‍ර, බුවෙන්ඩියා පවුල යි. කතා වස්තුවේ චක්‍රීය ව්‍යුහයත්, එහි සියල්ල දත් ප්‍රථම පුරුෂ කථනයත්, කාලානුක්‍රමිකව වාර්ථා ගත කළ සිදුවීම්වල ඉන්ද්‍රජාලික ස්වභාවයත්, පොත බයිබලයට අදාළ අනුනාදයන්ගෙන් පුරවා ලයි. (more…)

December 6, 2008

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය

Globe and Mail ජූනි 14, 2008

ලොලීටා: නොමිහිරියි, මේ බලන්න

ලෝරා පෙනී
පරිවර්තනය: කෙ‍්. කේ. සමන් කුමාර

Get PDF PDF මාදිලියෙන් කියවන්න Download PDF

මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. මට …. අපිට උනා ඉතින් එය ‘විකීපිඩියා’එකේ බලන්න. නමුත් අපි දැන් හරියටම දන්නවා ඈ කවුද කියලා.”

0614lolita18821මෙබඳු තකතිරු දේ වලින් තමයි පුවත්පත් සිරස්තල හැදෙන්නෙ. ඔබ ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මහැඟි සතුට කිසිදා ලබා නැති වුවත් ඔබ එහිවන අපකිර්තිමත් වස්තු විෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට් ඔහුගේ 12 වියැති සුළු දියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස්, විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා, යෙදුමක් ලෙසට උත්කර්ශනය ලැබ ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්. (more…)

November 30, 2008

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු.

අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය.

ප්ලේටෝ

I

බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම

(ක්‍රි.පූ.427-347)

පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක් සදිසි සංකල්පයක් දායාද කරනු ලබන්නේ ප්ලේටෝ විසිනි. ඒ පළමුවන පරිච්ඡේදයේ දී ද සඳහන් කරන ලද – ජනරජය ‍කෘතියෙහි සඳහන් වන -“දර්ශනය හා කාව්‍යය අතර දීර්ඝ කාලීන අරගලය” යන සංකල්ප‍යයි. (more…)

August 23, 2008

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4

Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Kafka ගේ The Complete Stories
The King James Bible
Newton ගේ Principia Mathematica
W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි)

Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ ලිපිය පළ වූ විට ඊට ලැබෙන සුවිශේෂ පාඨක ප්‍රතිචාර වලට අමතරව ය. මේ සියල්ල අපට එම පුවත්පතේ විද්‍යුත් පිටපත් ගබඩාවෙහි දැකගත හැකිය. මේ වනවිට මෙම විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින් අන්තර්ජාලය තුළ සජීවීව පාඨක ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ද අපට කියවිය හැකිය.

අප දැනටමත් කියා ඇති පරිදි මෙම ප්‍රතිචාර සංඛ්‍යාව සලකා බලන කළ, එය කැනේඩියානු ජනගහණයට හෝ Globe and Mail පිටපත් අළෙවිය ට සමානුපාතිකව නම් විශාල සංඛ්‍යාවක් නොවේ. නමුත් එබඳු සුළු පිරිසක් හෝ සාහිත්‍යයේ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහමුලින්ම අත්නොහැරීමට හේතුවකි. මෙම පාඨක ප්‍රතිචාර සලකා බලන විට පෙනී යන වැදගත් කරුණක් වන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නාමාවලියට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතීන් වශයෙන් පාඨකයන් ඉදිරිපත් කළ කරුණු අප හමුවේ තබන ප්‍රශ්නය යි. සාහිත්‍ය කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිනුම් දණ්ඩ කුමක් ද?

බොහෝ පාඨකයෝ කෘතියක ශ්‍රේෂ්ඨත්වය, එය රසවිඳීමේදී ලද තම පෞද්ගලික අත්දැකීම මත පදනම් කළහ. ඉන් තමන් ගේ භාවයන්ට ඇතිකළ බලපෑම අනුව කෘතියක් විනිශ්චය කළහ. නමුත් ඉන් නොනැවතී, පෞද්ගලික අත්දැකීම, භාව උද්දීපනය ඉක්මවා ගිය, පොදු ආකෘතියක් සහ අන්තර්ගතය පිළිබඳ ගුණාංග දක්වා තම විනිශ්චය ගෙනයාම පිළිබඳ අදහසක් ද පාඨකයෝ ඉදිරිපත් කළහ.

(more…)

Blog at WordPress.com.