Kathika

September 29, 2009

ඇදහිලි කල්ලි

final23

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර
අප අතර සැරි සරන ඇදහිලි කල්ලි

මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්
පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්
පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර
සේතුක ප්‍රකාශකයෝ
2/5 ඒ,
ඩී.‍ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස
sethukapublishers@gmail.com
2009
මිල රුපියල් 795/=
ISBN 978 955 1895 03 7
” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?”
“පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ ගිලී නොපෙනී ගිය උතුරේද දකුණේද එදා මෙදා තුර සුවහසක් සොයුරු සොයුරි කැල වෙත”
“බොහෝ ඇදහිලි කල්ලි නායකයින් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක් නිමවා ගැනීමටය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මෙහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩනඟා ගනිමින් සර්වබලධාරීත්වය පිලිබඳ හැඟීමක් ඇති කර ගනියි. ඔහු ‍බෝනික්කන් එහෙ මෙහෙ කරයි. ඔවුහු ඔහුගේ අණ පිළිපදිති. ඔවුහු ඔහුගේම වචන ආපසු ඔහුටම කියති. දරුවා විසින් ක්‍රීඩා භාණ්ඩ එහා මෙහා කරන්නාක් මෙන් ඇදහිලි කල්ලි නායකයා ද තම අණට අකීකරු වන අයව එහා මෙහා කරමින් මෙහෙයවමින්, බනිමින් හෝ ඇතැම් විටක මරා දමමින් සිටියි.”

උපුටා ගැනීම් ඉහත කෘතියෙනි.

January 18, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය 

Globe and Mail, March 1, 2008

දාස් කැපිටාල් : ප්‍රාග් ධනයේ දරුනු අපරාධ

ෆ්‍රැන්සිස් වීන්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

0301marx188

දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

[ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය.

අදාල විෂය පිළිබඳව කෘතියක් බිහිකළ අල්තුසර්ම පවා තම මතක සටහන් හි තමා “මාක්ස්ගේ ඡේද කිහිපයකට” වඩා කිසිවක් කියවා නොතිබුණු ප්‍රයෝගකාරයෙකු සහ රැවටිලිකාරයෙකු බව අවසානයේදී පාපොච්චාරණය කළේය.

එතෙකදු වුවත් පුළුල් අරුතින් ඔහු නිවැරදි විය: මාක්ස්ගේ ජීවිත කාලය තුළ, දාස් කැපිටාල් හි පරිසමාප්ත කළ එකම වෙළුම වූ එහි පළමු වෙළුම 1867 දී පළ කෙරුණ දා පටන්, අප වටා ඇති ලෝකය තුළ, සමකාලීන ඉතිහාසයේ නාටකයන් සහ ඝට්ටනයන් තුළ අප එය කියවා ඇත්තෙමු.

අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ නොදැනුවත්වම තමා වරනඟමින් තිබුණේ ගද්‍ය බව පුදුමයකට වගේ අනාවරණය කරගත් මොලියේර් ගේ බුර්ෂුවා මහත්මයා (gentilhomme) මෙන්, බොහෝ දෙනා මාක්ස්ගේ අදහස් අවශෝෂණය කරගෙන ඇත්තේ කවර කලෙකවත් පූර්ව දැනුවත්භාවයක් නොමැතිවය.

(more…)

May 14, 2008

තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා
දිදුලන ඇෆ්ඝන් තරුව
ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ
වීරවරියකගේ සත්‍ය කථාව

කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස්
පෙරවදන : ඇලිස් වෝකර්
පරිවර්තනය : ප්‍රභා මනුරත්න
2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/-

meena31.jpg

මීනා: චරිතාපදානය

මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි.

මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා හැකි, එක පැහැර සිත් ගන්නා සුළු, සරල, සුගම, සුවාවබෝධ වහරින් හා ‍ශෛලියකින් සැකැසී තිබීම අනුවර්තිකාවගේ ඉංග්‍රීසි – සිංහල දෙ-භාෂා ප්‍රාගුණ්‍යයට මෙන්ම ඇයගේ සාහිත්‍යමය ලේඛණ කුසලතාවටත් මනාව දෙස් දෙයි.

හුදු පදානුගත පරිවර්තනයක් නොකොට මෙබඳු දේශපාලන අරමුණකින් යුතු කෘතියකට ගැළපෙන පරිදි අනුවර්තනයේ මඟ ගැනීමෙන් මුල් ඉංග්‍රීසි කෘතියේ රසය එපරිද්දෙන්ම රැක ගැනීමට ප්‍රභා මනුරත්න සමත් වී ඇත. සිංහල අනුවර්තනය සැකසී ඇත්තේ ප්‍රමිතියකට අනුව රචනාවේ යෙදීමේ තෘප්තිය ලබා දෙන උක්ත – ආඛ්‍යාත ගැලපීමේ ව්‍යාකරණානුකූල ලිඛිත රචනා ශෛලිය අගය කිරීමට උගත් පැරණි පරම්පරාවේ පාඨකයන් පිනවන පරිද්දෙනි. මෙම ව්‍යාකරණ ප්‍රමිතිය මඟ හැරුණු ඇතැම් තැන්, කෘතියේ පසු මුද්‍රණයකදී නිවැරදි කර ගත හැකි සුළු දෝෂ ය.

කතුවරිය අප හමුවේ ජීවමාන කරන මීනා ඇෆ්ඝනු සමාජයේ ස්ත්‍රීන් අත්විඳි බරපතල සමාජ අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ යහපැවැත්ම සඳහාත්, ස්ත්‍රීන්ගේ නිදහස සඳහාත්, පොදුවේ තම දේශයේ නිදහස උදෙසාත් කෙරුණු අරගලයක අරමුණ වෙනුවෙන් තම තරුණ ජීවිතය, අප්‍රතිහත ධෛර්යයකින් සහ අධිෂ්ඨාණයකින් කැප කළ, අපේ කාලයේ සැබෑ වීරවරියක් පිළිබඳ ආශ්වාදනීය ප්‍රතිරූපයකි. ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ඇෆ්ඝන් කාන්තා විප්ලවීය සංවිධානය ඇරඹූ ඇය තමන් තෝරාගත් ඒ අරමුණු වෙනුවෙන්ම තිස් හැවිරිදි තරුණ වියේදීම තම ජීවිතය පිදුවා ය.

මීනා, අතිශයින් අසාමාන්‍ය ලාක්ෂණිකයන්ගෙන් හෙබි, විශද, අද්විතීය තැනැත්තියකි, සමාජීය විචාරිකාවකි, දේශපාලන ක්‍රියාකාරිණියකි. මෙම අසාමාන්‍ය ලෙස දීප්තිමත් සරසවි නීති ශිෂ්‍යාව, මැද පන්තික වෘත්තීයමය ජීවිතයක අනාගත සුව පහසුව සාමුහිකයේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළාය. මුලින් නීතිඥවරියක වී ඇෆ්ඝනු ස්ත්‍රීන්ට සරණ වනු වස් නීති උපාධිය හැදෑරූ ඈ ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස් වී රජයම නීතිය උල්ලංඝනය කරන තැනට පත් වූ විට දේශපාලනයෙහි ලා සෘජුවම මැදිහත් වන්නට තීරණය කළාය. දේශපාලනය නිසා ඇයට තම දේශයෙන් පිටුවහල් වන්නට සිදුවී ය, සැමියා අහිමි වීය, ඇගේ දරුවන් අනාථයන් බවට පත්වී ය.

මීනා තම ‍පෞද්ගලික ජීවිතයේ සතුට, සැපත, තම සැමියා සහ දරුවන් සමග ඇසුර, පොදු ජීවිතය වෙනුවෙන් කැප කරමින් තමා තෝරා ගත් අරමුණට සහමුලින්ම ‍සේවය කළාය. ඇය තම පුද්ගල ජීවිතයෙන් පිටස්තර අරමුණක් හා බැඳීමෙන් තම පුද්ගල ජීවිතයට, අරමුණක් අරුතක් සපයා ගත්තාය. ඇගේ දේශපාලන ජීවිතය ඇයට කීර්තිය ගෙන ආවද ආත්ම උන්නතිය හෝ ප්‍රශංසාව අපේක්ෂා නොකළ ඇය ගේ කීර්තිය වඩාත් පැතිරුනේ ඇයගේ මරණින් පසුය.

ඇය තම දේශයට ඇළුම් කළාය, අධිරාජ්‍යවාදයට එරෙහි වූවා ය, ඇෆ්ඝනිස්ථාන ජාතියක් වෙනුවෙන් කැප වී මහන්සියෙන් වැඩ කළා ය. ඇය ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් ශෛලියේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට එරෙහි වූවා ය. ඇය යුද විරෝධියෙකු වුවද අහිංසාවාදිනියක නොවූවා ය, ඇඳුම් අතර තුවක්කු සඟවා ගෙන නිදහස වෙනුවෙන් සටන් කරන්නන්ට ඒවා ගෙන ගියාය, නමුත්, ත්‍රස්තවාදයට කිසිසේත් පක්ෂ නොවූවාය.

ඇෆ්ඝනු සමාජයේ නිර්ප්‍රභූන් වූ ස්ත්‍රීන්ට මුහුණුවරක් දුන් වීරවරිය මීනා යි. ඇෆ්ඝනු දේශයේ ගැහැණුන් ගේ නිදහස පතා අරගල කළ සිය ගණන් වූ නිර්ප්‍රභූ වීරවරියන්ගේ ප්‍රසිද්ධ මුහුණවර මීනා ය.

සාමුහික අරමුණක් වෙනුවෙන් දිවි පිදූ වීරවරියක් ලෙස මීනා ඇෆ්ඝනු සමාජයේ මතකයට එකතු වී එහි ඉතිහාසය ගොඩ නගන්නට දායක වීමෙන් එම ඉතිහාසයේ ම කොටසක් බවට පත් වූවාය. ඇයගේ මතකය ඇෆ්ඝනු ස්ත්‍රීන් ගේ හදවත් තුළත්, ඇය තම දිවිය ඒ වෙනුවෙන් පිදූ රාවා සංවිධානය මගින් ලොවෙහිත් ජීවත් වෙයි. මීනාගේ කථාව නිම වී එය ඉතිහාසයට එකතු වී ඇති හෙයින් ඇය හරියටම කවුරුන්දැ යි දැන් අපට කතා කළ හැකිය.

(more…)

Blog at WordPress.com.