Kathika

July 31, 2008

සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති.

අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි.

දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා සංස්කරණය කොට ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ මෙන්ම Globe and Mail පාඨකයන්ගේ ද අදහස් (පළමු දින කිහිපය තුළ මාටින් ලෙවින්ගේ ලිපියට ලැබී තිබුණේ පාඨක ප්‍රතිචාර 27 ක් පමණි. පසුව එය 32 දක්වා ඉහළ ගියේය. අද වන විට එම සංඛ්‍යාව 500 ට ආසන්නය.) සළකා බලන කළ අපගේ අවධානයට යොමුවන කරුණු කිහිපයකි.

පළමුවැන්න, සාහිත්‍යය පිළිබඳව ඔවුන් අතර පවතින ආකල්ප අතර ඇති වෙනස්කම් පිළිබඳ වෙයි. සාහිත්‍යයට ප්‍රමිතීන් නැතැයි, එබඳු ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහයන් බූර්ෂුවා, ප්‍රභූ උත්සාහයන් යැයි නැගෙන මතයකට එරෙහිව මාටින් ලෙවින්, ඔහුගේ ජූරි මණ්ඩලය, ලේඛක මණ්ඩලය මෙන් ම බොහෝ පාඨකයෝද පෙනී සිටිති. නමුත් තමන් ගේ අදහසට එරෙහිව පළවන, විරෝධාකල්ප හෙළාදැකීම් පවා යටපත් නොකොට පළකරන්නට, සහ ඒ සමග විවෘතව සංවාද කරන්නට තරම් ආත්ම විශ්වාසයක් ද ඔවුනට තිබේ. දෙවැන්න, එබඳු සංවාදයක දී එහි පාර්ශවයන් පළකරන ශිෂ්ඨ සම්පන්නභාවය යි. ඒවා විමසිල්ලෙන් කියැවීමෙන් අපට උගත හැකි දෑ බොහෝය.

තෙවනුව, කැනඩාව වැනි, ඉංග්‍රීසි මවුබස කරගත්, උසස් අධ්‍යාපනය ත් ඉතා පුළුල්ව පැතුරුණු රටක පවා සාහිත්‍යයට වර්තමානයේ අත්වී ඇති ඉරණම එක අතකින් කියා පාන්නකි, මෙම විශේෂාංගය හා සබැඳි පාඨක සංවාදය. එරට උගත් යැයි පිළිගැනෙන, ජනගහණය හා සසඳන කළ මෙම විශේෂාංගය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ ඉතාම ස්වල්පයක් යැයි කිව හැකිය. නමුත් සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසට ඒ පිළිබඳව ප්‍රබල අදහස් තිබීම, සාහිත්‍යයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවේ ගිනි පුපුරක් දල්වා ලන්නේ යැයි කීම නිවැරදි යැයි සිතමු.

අපගේ මුල් ලිපිය පළකරන අවස්ථාව වනවිට Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Herodotus ගේ The Histories
Herman Melville ගේ Moby-Dick
Gustave Flaubert ගේ Madame Bovary

‘කතිකා’ සංස්කාරකවරු.

දිගටම කියවන්න.

(more…)

December 24, 2007

සිළුමිණ, පුන්කලස සංස්කාරක, ‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපියෙන් අත් හළ කොටස් පිළිබඳ ව…..

Filed under: සංස්කරණ කලාව — kathika @ 3:53 am

‘කතිකා’ අධ්‍යයන කවය පළ කළ ‘අපට උසස් සාහිත්‍ය-කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් යුතු පත්‍රිකාවේ එන අදහස් සම්බන්ධයෙන් ලියනගේ අමරකීර්ති සිළුමිණ, පුන්කලස (25 . 11 . 2007) ට ලියූ ලිපියට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාර ලිපිය (පුන්කලස, 23. 12. 2007) පළ කිරීමේදී පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. අප එම කොටස් අපගේ පාඨකයන් සඳහා පහත ගෙන හැර දක්වමු.

මෙ‍ම කොටස් ද අඩංගු සම්පූර්ණ ලිපිය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි’ යන සිරස්තලය යටතේ මෙ‍ම වෙබ් අඩවියේ වෙනම ලිපියක් ලෙස පළ කොට ඇත.

අප දන්නා පරිදි, සිළුමිණ සංස්කාරක කරුණාදාස සූරිආරච්චි මහතා චන අතර ‘ආනන්දයේ සහ ප්‍රඥාවේ සංවේදී සංවාද මණ්ඩපය’ යනුවෙන් හඳුන්වා ගැනෙන පුන්කලස සංස්කාරක නන්දන වීරසිංහ ‍මහතා ය.

‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපි‍යෙන් සිළුමිණ, පුන්කලස සංස්කාරක අත් හළ කොටස් සඳහා දිගටම කියවන්න (more…)

Blog at WordPress.com.