-හනා ආරන්ඩ්ට්
“සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට අහිමි විය.”
” බිත්තියේ හිලක් වැසීමට චිත‍්‍රයක් යෙදීම ප‍්‍රයෝජනවත් හා සුජාත වන්නා සේම, යම් කිසි කාල පරිච්ඡෙදයක් පිළිබඳ යමෙකුගේ දැනුම පරිපූර්ණ කර ගැන්ම සඳහා චිත‍්‍රයක් දෙස බැලීම ද ප‍්‍රයෝජනවත් හා සුජාත විය හැකිය. අවස්ථා දෙකෙහි දී ම කලා කෘතිය භාවිත කෙරුණේ යටි අරමුණු සඳහා ය. මෙම භාවිත, සුජාත වූයේ හෝ නොවූයේ හෝ, කලාව සමග නියම සංවාසය ඇති කිරීමක් නොවන බව, යමෙකු දැන සිටින තාක් සියල්ල යහපත් ය. උගත් අවරසිකයා සම්භාව්‍ය කෘති කියවන්නේ ය, නමුත් ඔහු එසේ කළේ ඔහුම දැනුවත් කෙරෙන්නේ කෙසේද යන්නට වඩා වැදගත් දේ ෂේක්ස්පියර් හෝ ප්ලේටෝ ඔහුට කීමට ඉඩ තිබුණේය යන කරුණ කොහෙත්ම නොදැන සිටීමෙන් ස්වයං පරිපූර්ණත්වය අත්කර ගැනීමේ යටි අරමුණ මගින් මෙහෙය වනු ලැබීමෙන්ය යන්න උගත් අවරසිකයා හා සම්බන්ධ අර්බූදය නොවේ.”
අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක දෙවැනි කොටසයි.
RSS - Posts