Globe and Mail, January 26, 2008
On the Origin of Species
PDF මාදිලියෙන් කියවන්න
downloadpdf
මයිකල් රූස්
පරිවර්තනය: අමිල සූරිආරච්චි
1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය.
අප ද ඇතුලුව ජීවත්වන හා මියගිය සියළු ජීවීන් යාම්තම්, සරල ආකාර කිහිපයක (බාගවිට එකක) සිට සිදුවූ දීර්ඝ, මන්දගාමී, ක්රමික විපර්යාස ක්‍රියාවලියක, [එනම්] – පරිණාමයේ – නිපැයුම් යැයි ඩාවින් කියා සිටියේය. එයට හේතුව “ස්වභාවික වරණය” යනුවෙන් ඔහු හැඳින්වූ යමක් බව ද ඔහු කියා සිටියේය. නොනැසී පැවතී, ප්‍රජනනය කිරීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි ජීවීහු සංඛ්‍යාවක් උපත ලබති; එමනිසා එහි විපාකය වන “පැවැත්ම සඳහා වන අරගලයක්” වෙයි, තවද ජය ගන්නන්ට පරාජිතයන්ගේ ඒවායින් වෙනස් වන ලක්ෂණ තිබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම එක්රැස්වීමත් සමග ස්වභාවික ව තෝරා ගැනීමක් සිදුවනු ඇත.
නමුත් නිර්වචනයෙන් ම පාහේ අපට දැකිය නොහැකි යමක් වෙනුවෙන් ඩාවින් තර්ක කළේ කෙසේද? ඔහු, අපට අධිකරණ වල දැකිය හැකි ක්‍රම ම භාවිත කළේය. එය සිදුවනු කිසිවකු නොදුටුවේ නම්, තම උතුම් හාම්පුතා මරා දැමීම පිළිබඳ අප බොටලේරුවා වැරදිකරු කරන්නේ මන්ද? ඇතැම් විට බොටලේරුවා වෙනත් කෙනෙකු මරා දමද්දී අතටම අසුවූ නිසා විය හැක, නමුත් ඊට වඩා පෙනෙන හැටියට ලේ පැල්ලම්, මිනීමැරූ ආයුධය, චේතනාව, වැරදුණු අන්‍යස්ථානිකභාවය ආදී හෝඩුවාවන් හේතු කොට ගෙන ය. (more…)

RSS - Posts