Kathika

September 11, 2009

kathika.lk

Filed under: Uncategorized — kathika @ 4:21 pm
‘කතිකා’ අන්තර්ජාල වාර සංග්‍රහය (kathika.lk) ප්‍රාරම්භ කලාපය දැන් සම්පූර්ණයි!

සංවාද
“නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර සටන”
‘නව-ලිබරල් ජාතිකවාදයක්!’ – කතිකා අධ්‍යයන කවය

සමාජ විචාර
කේමදාස පශ්චාත් නූතනවාදියෙකු නොවීය! – කුමුදු කුසුම් කුමාර

‘(පශ්චාත්) නූතන’ දෘෂ්ටියෙන් ‘සම්ප්‍රදායික සිංහල ගම’ බැලීම – කුමුදු

අනන්‍යතාව
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ?- රෝයි ටර්නර්

අවලෝකන
මාර්ටින් ‍ හෛඩැගර්: දර්ශන‍යේ අවසානය – දිමුතු සමන් වෙත්තසිංහ

අර්ථ විවරණ
ගාන්ධි පසුපස ගාන්ධි පසුපස ගාන්ධි – අෂිස් නන්දි, අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

කාලීන
‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’
- මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල

ශාස්ත්‍රාලීය
භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ

මූලකෘති
ආචාර ධර්මය – ඇරිස්ටෝ‍ටල්

පොත-පත
විශ්ව විද්‍යාලයට ශිෂ්‍ය ප්‍රති ප්‍රහාරයක්!
Counter Punc‍h, Editor: Haresh Samarasinghe
– ආචාරයවරයෙකු විසිනි

ලොව ශ්‍රේෂ්ඨ පොත් 50
යුලීසිස් – මයිකල් ග්‍රෝඩෙන්

උපුටා දැක්වීම වටියි

බලන්න kathika.lk

අවලෝකන

Filed under: Uncategorized — kathika @ 2:34 pm
මාර්ටින් ‍හෛඩැගර්: දර්ශන‍යේ අවසානය

දිමුතු සමන් වෙත්තසිංහ

heid අප ගත කරන නූතන ජීවිතය මුහුණ පා සිටින ව්‍යාධීන් හමු‍‍‍වේ සම්පාදනය කෙරෙන සංකල්ප ගත කිරීම්, වි‍‍‍‍‍වේචන පිළිබඳ ‍කෙරෙන ප්‍රත්‍යාව‍‍ලෝකනයක් හු‍දෙක් ශාස්ත්‍රාලීය ශික්ෂණ මාර්ගයකට අනුබද්ධ වියුක්ත ව්‍යායාමයක්, එනම් ඊනියා සමාජීය විද්‍යාවන්ගේ සහ එහි වි‍‍‍ශේෂඥයන්ගේ කටයුත්තක් ‍නැතහොත් දෘෂ්ටිවාදීමය අරුතකින් දාර්ශනික ප්‍රවේශයක් වශ‍‍‍යෙන් නොසළකනතාක් දුරට ප්‍රායෝගික සහ දේශපාලන අරුතක් මතුකර ගතහැකි වැඩබිමක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරමින් මෙම ලිපි පෙළ ඇරඹීමට කැමැත්තෙමි.

උක්ත අරුතින් විවිධ දාර්ශනිකයන්, චින්තකයන් පිළිබඳ දාර්ශනික චරිතාපදානයක් ගෙනහැර පෑම මෙමගින් අරමුණු කෙරේ. ඒ කවර කලෙකවත් දර්ශනවාදය පිළිබද උපකාරක පන්ති ව්‍යාපෘතියක් ඇරඹීමට නම් නොවේ. ඒ වනාහි මානව චින්තනයෙන් සහ පැවැත්මෙන් නිරූපණය වන්නේ සත්තාව පිළිබද මිනිසාගේ අවබෝධයය යන ‍හෛඩැගර්ගේ ප්‍රකාශය පිළිබද විශ්වාසයෙනි. ‘දර්ශනය යනු ලෝකය තුළ අපගේ ඉඳීමේ ආකාරය පිළිබඳව අවබෝධයයි.’ (Philosophy is the understanding of the way of our being in the world. ). දාර්ශනිකයන්ගේ සංකල්ප සමාජීය ගැටලු අවලෝකනය තුළින් සාකච්ඡා කිරීම අරුත් සුන්වී ගිය නූතන ජීවිතයට ආලෝකය බිඳක් ගෙන ආ හැකි අවස්ථාවක් බවට යුක්ති යුක්තකරණයක් ගෙනහැර පාමින් මෙම කාර්යය අරඹනු කැමැත්තෙමි. තවද, අරුත් සුන්වී දරදඬු වී ගිය සංකල්ප නැවත අරුතින් පුරවා ලීම දේශපාලන කාර්යයක වැදගත්කම ගන්නා බව රෝයි ටර්නර් විසින් දක්වනු ලැබීම මෙහි ලා සිහිපත් කිරීම අදාලය. එබැවින් අපගේ ප්‍රත්‍යාවලෝකනය විවාධයට තුඩුදුන් එහෙත් වචනයේ පරිසමාප්ත අරුතින්ම දාර්ශනිකයකු වන මාර්ටින් ‍හෛඩැගර්ගෙන් පටන්ගමු.

බලන්න kathika.lk

September 10, 2009

අනන්‍යතාව

Filed under: Uncategorized — kathika @ 3:11 pm
නිගමනය
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ? – අවසන් කොටස

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

අප කවුද? සහ අප කවරෙක්ද? යන්න අප දැනගන්නේ වෙනස් වෙනස් අනන්‍යතාවන්ගෙන් යුතු අනෙක් අය සමග වෙනස්කොට දැකීම (අනන්‍යතාවය පිළිබඳ සොසිරියානු සංකල්පන ආකාරයක්) තුළින් බව එය යෝජනා කරන බව පෙනෙන්නේය, යන හේතුවෙනි : කතාවට කියන පරිදි අප කවුරුන්ද යන්න අනෙකුත් අය විසින් පරිභෝජනය කරනු ලබන අතර ඔවුන් පරිභෝජනය කරන්නේ යැයි වටහා ගනු ලැබූ දෙය බවට පත්වීමට අපි ආශාකරමු. ජීවන විලාශ පර්යාලෝකය ඇතුළත ජීවිතයේ සාරය තේරුම්ගත හැකි සහ පරිභෝජ්‍ය බවට පත්කරන්නේ මෙම පෙළගැසීම සහ තේරීම වන නිසා, පෙළගැසීමකින් තෝරා ගන්නා ලෙසින් තමාවම දැකීමට ජීවන විලාශවාදියාට අවශ්‍යවන්නා සේ , මෙම මානසික රාමුව තුළින් සංස්කෘතික අනන්‍යතාව වෙත එළඹෙන කෙනා, රූපකාලංකාරයෙන් කථාකරන්නේ නම්, නිවහනේ සිටින විට තමා කවුදැයි සොයාගැනීමට පිටරට යෑම අවශ්‍ය කෙරේ. ශක්තිමත් සහ එක්සත් ජාතියක් ජීවන විලාශයක් ලෙසින් තෝරාගත නොහැකි බව දැන් පැහැදිලිය, මක් නිසාද ජීවන විලාශය නම් අදහසට අත්‍යවශ්‍ය දේ හරියටම එය සතුව නොපවතින නිසාය.

බලන්න kathika.lk

August 25, 2009

ලොව ශ්‍රේෂ්ඨ පොත් 50

Filed under: Uncategorized — kathika @ 2:03 pm
යුලිසීස්

මයිකල් ග්‍රෝඩෙන්

Globe and Mail
පෙබරවාරි 23, 2008

0223ulysses188යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී.

වීරචාරිකාව (The Odyssey), හැම්ලට්, Don Giovanni, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ කතෝලික දේවධර්මය පිළිබඳ කෙරෙන සවිස්තර සමුද්දේශ; ලතින්, ඉතාලි සහ හීබ්‍රෑ අපර්වර්තිත පාඨ; පුවත් පත් කාර්යාලයක සකස් කෙරුණු කොටසක් තනන තද කළු, ලොකු අකුරින් වූ සිරස්තල පුවත්පතකට සමාන ය; පෙනෙන පරිදි කෙළවරක් නැති උපහාසය දනවන ලැයිස්තු (“පැට්රික් ඩබ්ලිවු. ෂේක්ස්පියර්” සහ “බ්‍රයන් කොන්ෆියුෂියස්” සහ “පුරාතනයේ අයර්ලන්ත ජාතික වීරයන් සහ වීරවරියන්”) සහ කාව්‍යමය ලේඛනය සහ කර්කශ නව යොවුන් හාස්‍යය, පඩ විහිළු පවා අතර දඩබ්බර පැද්දීම් යුලිසීස්හි අඩංගු වෙයි.

ඉතිරිය සඳහා බලන්න kathika.lk

August 22, 2009

අනන්‍යතාව

Filed under: Uncategorized — kathika @ 5:41 pm
ජීවිතය සහ ජීවන විලාශය
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ? – 3 වැනි කොටස

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

ශක්තිමත් සහ එක්සත් ජාතියක් ජීවන විලාශයක් ලෙසින් තෝරාගත නොහැකි බව දැන් පැහැදිලිය, මක් නිසාද ජීවන විලාශය නම් අදහසට අත්‍යවශ්‍ය දේ හරියටම එය සතුව නොපවතින නිසාය.

ජීවන විලාශවාදියාට කැපවුනු ජීවිතයක් පිළිබඳ අපෝහකයේ අවදානම ගත නොහැකිය. මන්ද, කුමන ප්‍රතිපලයක් උදාවනු ඇතිද යන්න හෝ එහෙයින්, ඔහු දෘෂ්‍යමාන වනු ඇති ආකාරය ගැන කල් තබා කීමක් නැති නිසාය.

ඉතිිය සඳහා බලන්න kathika.lk

August 15, 2009

අනන්‍යතාව

Filed under: Uncategorized — kathika @ 6:56 am
පරිකල්පනාත්මක වීමට නූතනත්වයේ ඇති මැළිකම
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ? – 2 වැනි කොටස

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

නූතනත්වයට අනුව, කලාව සහ පරිකල්පනයේ ඇති වරද වන්නේ ප්‍රමිතිය වශයෙන් ඒවා ආනුභවික සහ විස්තරාත්මක දෙයින් වෙනස්ව ක්‍රියාකිරීම සහ එහෙයින් ආකස්මිකවීමේ අවධානම දැරීමය. එහෙයින් ඒවා සියල්ලන්ටම දෘෂ්‍යමාන වන එදිනෙදා ලෝකයේ කරුණු තුළ පදනම්වී හෝ ඒවා මගින් පාලනය කරනු ලබන්නේ හෝ නොමැත්තේය යන හේතුවෙන්, සාමාහිතික නොවන බැවින් ඒවා තමන්ම වගකීම් සහගත නොවන බව පෙන්නුම් කරයි.

ඉතිිය සඳහා බලන්න kathika.lk

June 27, 2009

ශාස්තාලීය

Filed under: Uncategorized — kathika @ 6:06 am
භාෂාමය සංඥාවේ ස්වභාවය
1916
ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ
සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ‘කතිකා’ අධ්‍යයන කවය

මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් “භාෂාමය සංඥාවේ ස්වභාවය” නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලයීය අධ්‍යයන ක‍ටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

June 23, 2009

මූලකෘති

Filed under: Uncategorized — kathika @ 12:46 pm
ආචාර ධර්මය
ඇරිස්ටෝ‍ටල්
දෙවැනි පොත

ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි.
අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා වැනසෙයි. අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරයි. සදාචාරාත්මක සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යි. සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය, තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයකි. එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති, අපට සාපේක්ෂ, මධ්‍යයනය පිළිපැදීමෙහි ය. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

June 21, 2009

සමාජ විචාර

Filed under: Uncategorized — kathika @ 7:30 am
ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ:
කේමදාස පශ්චාත් නූතනවාදියෙකු නොවීය!

සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

June 20, 2009

සංවාද

Filed under: Uncategorized — kathika @ 5:51 pm
“නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර සටන”
‘නව-ලිබරල් ජාතිකවාදයක්!’

2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.

මෙම සටන ලාංකේය සමාජයේ දේශපාලන ධ්‍රැවීකරණයකට හේතුවන බවත්, එනිසා අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, නව-ලිබරල්වාදයේ අධිකාරවාදයට දක්වන තම ප්‍රතිරෝධය තුළ ජාතික චින්තනය අධිකාරවාදී ශක්‍යතාවක් ඇති ප්‍රවණතාවක් තමන්ම පෙන්නුම් කරන බවත් සඳහන් කළෙමු. අපගේ අදහස වූයේ මෙම දේශපාලන ධ්‍රැවීකරණය හමුවේ ලාංකේය සමාජය මුහුණ දෙන අභියෝගය නව පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පරිකල්පනය කිරීම බවයි.

ඉංග්‍රීසියෙන් The Island පුවත්පතේ සහ සිංහලෙන් අත්පත්‍රිකාවක් ලෙසත් පළවූ අපගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය නලින් ද සිල්වා The Island පුවත්පතට කොටස් තුනකින් පළවූ දීර්ඝ ලිපියක් ලිවීය. එකළ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපියේ එන අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අපට අවස්ථාවක් නොවීය. එයින් අවුරුදු හතරකට පමණ පසු අප මේ සටහන ලියන්නේ මෙතරම් ප්‍රමාද වී මහාචාර්ය නලින්ද සිල්වාට ප්‍රතිචාර දක්වන්නට නොවේ.

“කතිකා” වෙබ් අඩවිය පළමුවරට වාර සංග්‍රහයක් ලෙස පළකරන මෙම අවස්ථාවේ, අප එකළ පළ කළ අපගේ ප්‍රකා‍ශයේ එන අදහස්, වෙනස් වී ඇති නව සමාජ-දේශපාලන තත්ත්වයන් හමුවේ යළි විමසුමට ලක්කිරීම අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු. නමුත්, ඒ සමගින්ම මහාචාර්ය නලින්ද සිල්වා අපට ප්‍රතිචාර දක්වමින් ලියූ ලිපියේ එන මූලික අදහස්ද යම් තාක් දුරකට සාකච්ඡා කරන්නට අදහස් කරමු.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

Next Page »

Blog at WordPress.com.