“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50,” කැනේඩියානු පර්යාලෝකයකින්

කැනඩාවේ පැරණිතම සහ වඩාත් පිළිගැනීමක් ඇති ජාතික පුවත්පත වන Globe and Mail බලන්න (කැනඩාවේ ඇත්තේ ජාතික පුවත්පත් දෙකකි) ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නම් කරමින්, ඒ පිළිබඳ ලිපි මාලාවක් සතිපතා පළකිරීම 2008 ජනවාරියේදී ආරම්භ කළේය. මේ වනවිට ඉන් පොත් 25 ක් පිළිබඳ ලිපි පළවී තිබේ. මෙය එම පුවත්පතේ කලා (Art) අංශයේ සංස්කාරක මාර්ටින් ලෙවින් (Martin Levin) ගේ සංස්කාරකත්වයෙන් පළකෙරෙන විශේෂාංගයකි.

2008 ජනවාරි 05 වැනිදා මාර්ටින් ලෙවින් මෙම විශේෂාංගය හදුන්වා දෙමින් ඒ පිළිබඳ අදහස් දක්වන්නට පාඨකයන්ට ඇරයුම් කළවිට ඒ කටයුත්තට පාඨකයෝ සිය ගණනින් උත්සුකව දායක වූහ, විවිධ මත පළකළහ. යෝජිත පොත්පත් එම ලැයිස්තුවට ඇතුළත් විය යුතුද? නැත්ද? යන්න පිළිබඳ වාද-විවාද කළහ. එකිනෙකාගේ ආකල්ප විවේචනය කළහ. ඇතැමුන් Globe and Mail පුවත්පත මෙවැනි කටයුත්තකට මුල පිරීමේ අභිප්‍රාය පිළිබඳ සැක පහළ කරමින් එසේ ප්‍රශ්ණ කළහ. සතිපතා එක් එක් පොතක් පිළිබඳ ලිපිය පළවන විට ඒ පිළිබඳ තම අදහස් පළ කරන්නට පාඨකයෝ ඉදිරිපත් වූහ. පොත-පත කියැවීම, සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ වෙබ් අඩවි මෙම විශේෂාංගයට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූහ.

අප රටේද, සාහිත්‍ය සහ පොත-පත කියැවීම පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් සිටින බව පෙනෙන හෙයින්, Globe and Mail පුවත්පතේ එම විශේෂාංගය අපට හැකි පමණින් සිංහල පාඨකයාට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු. මෙය එතරම් පහසු කාර්යයක් නොවන්නේ, Globe and Mail පුවත්පත තෝරාගත් ජූරි සභාවක් විසින් තෝරාගෙනගනු ලැබ සතිපතා නම් කෙරෙන මෙම පොත් පිළිබඳ, අදාළ ක්ෂේත්‍රයේ මනා සුදුසුකම් ඇතැයි පිළිගැණෙන විද්වතුන් සහ ලේඛකයන් විසින් සතිපතා ලියැවෙන ලිපිය එහි මුල් අදහස එපරිද්දෙන්ම රැකෙන පරිදි සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීම ඇතැම් විට අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇති හෙයිනි. මේ සදහා අපට දක්ෂ භාෂා පරිවර්තකයන්ගේ පිහිට පැතීමට සිදුවෙයි. මේ සදහා අපට උදව් කරන්නට ඔබ කැමති නම් ඒ සදහා ඉදිරිපත් වන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේ කටයුත්තට හවුල් වීමට ඔබ ‘කතිකා’ අධ්‍යයන කවයට බැඳීම හෝ එහි අදහස් පිළිගැනීම අවශ්‍ය වන්නේ නැත. පරිවර්තනයෙන් ඔබට දායක විය හැකි අතර එම පරිවර්තනයේ අයිතියද ඔබ සතුව තබා ගත හැකිය. ඊට හවුල් වීමට ඔබ කැමති නම්, අපට ලියන්න අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට kathika@gmail.com ඔබේ දුරකථන අංකය අපට එවුවහොත් අපට ඔබට කතා කළ හැකිය. නැතහොත්, අපේ දුරකථන අංකය ඔබට අවශ්‍ය නම් ඒ බව ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට දන්වන්න.

මෙම “ශ්‍රේෂ්ඨතම පොත් 50” අතර දැනට ප්‍රකාශයට පත්වී ඇති පොත් සහ ඒවායේ කර්තෘන් මෙසේය.

මේ පොත් ලැයිස්තුව පිළිබඳ, එහි එන පොත් පිළිබඳ ඔබේ අදහස් ‘කතිකා’වට ඔබ කැමති බසකින් ලියන්න.

ග්‍රන්ථ නාම පරිවරිතනයේදී ඇතිවිය හැකි ගැටළු සළකා දැනට සියළු නම් ඉංග්‍රීසියෙන් පළ කරමු. මෙම පොත් වල ඔබ දන්නා පරිවර්තන වල සිංහල නම් අපට ලියන්න.

Mark Twain, The Adventures of Huckleberry Finn
Marcel Proust, In Search of Lost Time
Charles Darwin, On the Origin of Species
Dante, The Divine Comedy
Plato, The Republic
Miguel de Cervantes, Don Quixote
James Joyce, Ulysses
Karl Marx, Das Kapital
St. Augustine, The Confessions of St. Augustine
Niccolo Machiavelli, The Prince
F. Scott Fitzgerald, The Great Gatsby
George Eliot, Middle March
Adam Smith, The Wealth of Nations
Sigmund Freud, The Interpretation of Dreams
Jonathan Swift, Gulliver’s Travels
Gabriel Garcia Marquez, One Hundred Years of Solitude
Shakespeare, King Lear
Emmanuel Kant, The Critique of Pure Reason
Jane Austin, Pride and Prejudice
Homer, The Iliad and The Odyssey
Fyodor Dostoyesky, The Brothers Karamzov
T.S. Elliot, Collected Poems, 1909-1962
Vladimir Nabokov, Lolita, Unsweet and LO
The Koran, the words beyond worth
Charles Dickens, Our Mutual Friend
Jorge Luis Borges, Ficcions

ඔබ දන්නා පරිදි, මේ අතුරින් කුමන ඒවා සිංහලට පරිවර්තනය වී ඇත්දැයි, එම සිංහල පරිවර්තනයේ පරිවර්තක, ප්‍රකාශක, මිල, වර්ෂය, මෙම පොත දැනට වෙළෙඳ පොළෙන් ලබාගත හැකිද? යනාදී සියළු විස්තර සමගින් අපට ලියන්න. අපි ඒවා පළකරන්නෙමු.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )