‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

මානව මන‍සේ මහා අභිරහස්

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය

ජෙෆ්රි මුසෙයින් ‍ මැසොන්
පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්

Globe and Mail අප්‍රේල් 12, 2008

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ ‍‍දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු.

0412dreams18811990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය කෘතිය පළ වන තුරු සිහින එක්කෝ ගූඪවාදයට හෝ අද්භූත විශ්වාස පිළිබඳ පරිමණ්ඩලයට අයත් යැයි සැළකිණි. නැත්නම් පාඨකයාට සිහිනයේ අර්ථය පහදා දෙන අවිද්‍යාත්මක “සිහින පොත්”වල විෂය විය. ‍‍ ෆ්‍රොයිඩ් ගේ ‍ වැදගත්ම කෘතිය ‍ලෙස සැළකිය යුතු ඉහත ‍පොත පළ වී‍මෙන් අනතුරුව විචික්සනයේ දී සිහින බැරෑරුම් ‍ෙලස සැලකිල්ලට භාජන විය. අදවන විට කවර චිකිත්සා ගුරුකුලයක් වුව ද සිහිනවලට යම් වැදගත්කමක් හිමිකර ‍ෙනාදීම දුර්ලභ ‍දෙයක් වනු ඇත. ඒ වනාහි සිහින අවිඥානයට ඇති රාජකීය මාවත වශයෙන් හදුනාගත් ෆ්‍රොයිඩ්ගේ වෑයමේ ප්‍රතිඵලයකි.

සවිස්තර කරුණු කාලය‍ාගේ පරික්ෂණයට ඔරොත්තු දී නැති නමුදු (එවැනි සත්ත්වයෙකු නොමැති යැයි ‍පෙනී යන හෙයින් ‍ ෆ්‍රොයිඩ් ” විශ්වීය ” සංකේතවාදය යොදා ගත් ආකාරය එවිට ප්‍රශ්නකාරි වූ අතර දැන් ඊටත් වඩා ප්‍රශ්නකාරීය.) එය කියවීමෙන් නැණවත් බවින් වැඩෙනු නොහැකිව සිහින පිලිබඳ අර්ථකථනය කෘතිය කියවිය නොහැකිය. මා එය තෙවරක් කියවා ඇත්තෙමි. ඒ හැම වරම එම අත්දැකීම මා සුපෝෂණය කළේය. අදත් භාවිතයට ගැනෙන අයුරින් මනෝ විශ්ලේෂණය බෙ‍ාහෝ සේ සිහින මත යැපෙයි, තව ද රෝගියෙකු ගේ සිහින අර්ථ විවරණයෙහි ලා විශ්ලේෂකයා සතු හැකියාව ” සුවය ” ක් සඳහා ඇති හැකිකම මූලික පදනමක් ලෙස සැලකේ. (මා වැනි) අයෙකු එකී හැකියාව පිළිබඳ සැක කළ හැකි වුව ද මනෝ විශ්ලේෂණ වෘත්තියේදී එය නොකෙලෙසිය යුතු පිළිවෙතකි.

සවිඥානික මනසට දැකගත නොහැකි වීමට ඉඩ ඇති සිතුවිලි හා හැඟීම් වෙත ළඟා වීමෙහි ලා මඟ සිහින අපට සපයා දෙන්නේය යන්න බැරෑරුම් ලෙස පළමුව සාකච්ජා කෙරෙන්නේ ෆ්‍රොයිඩ් ගේ මෙම පොතෙහි ය. මෙයට විරුද්ධ වනු ඇත්තේ ස්වල්ප දෙනෙකි. තමන් දුටු සිහිනයක් තමා හා සෙනෙ‍ෙහන් බැඳුනෙකුට විස්තර කිරීම පිළිබඳ අද කවරකුවත් සරදමට ලක් නොවන්නේ නම් අප ඊට ‍ ෆ්‍රොයිඩ්ට ස්තුතිවන්ත විය යුතුය.

‍ෆ්‍රොයිඩ් ස්වකීය අභ්‍යන්තර ජීවිතයෙන් බොහො‍මයක් හෙළි කරනු අටියෙන් මෙම පොත භාවිත කළේය. ඊට ධෛර්යයක් අවශ්‍ය වූ අතරම ඒ එකම මඟ ගැනීමට අන් අය ද‍ ධෛර්යවත් කරවීය. තමන්ගේම සිහින පිළිබඳව ‍ ෆ්‍රොයිඩ්‍‍ගේ අර්ථකථන අප ප්‍රතික්ෂේප කරන්නේ වුව ද, නැතහොත් ඒවා විද්‍යාත්මක උග්‍ර භාවයකින් තොර වී යැයි දකින්නේ වුව ද, අපට ඒවා අපුර්ව සාහිත්‍යමය ජයග්‍රහණ සේ නොසළකා ප්‍රශංසා මුඛයෙන් සැළකීමෙන් වැළකී සිටිය නොහැක. සමහර විට, කිසිම කතුවරයෙකු කවරදාවත්, මෙසේ නිර්දය ලෙස තමාගේම සිහින විමර්ශනයට ලක් කොට නොමැත. වාසනාවට, ‍ ෆ්‍රොයිඩ් ‍ සෑම විටම තමන්ගේම මූලධර්ම මත පිහිටා කටයුතු නොකරයි: සියලු සිහින බිළිඳු අපෙක්ෂාවකට ලඝු කළ හැකි බව ඔහු කියා සිටියි. නමුත් ඔහු ගෙනහැර දක්වන සායනික උදාහරණ මෙම න්‍යායිකව සීමාකළ ප්‍රකාශයට බොහෝවිට ප්‍රතිවිරුද්ධව යන්නේ ඔහුගේ විශ්ලේෂණයට වාසි වන අයුරිනි.‍

සියලු සිහින හුදෙක් අභිමතාර්ථ සාධනයයි යන ඔහුගේ අති දැඩි කියාසිටීම, ඔහු අවංකව වාර්තා කරන, විශේෂයෙන්ම පූර්ව ක්ෂතිමය, දැඩි කැළඹිලිකාරි සහ බියගන්වන සුළු සිහින පවා, සුවිශේෂයෙන්ම මුල් කාලීන ක්ෂතිය පිළිබද සිහින, සැළකිල්ලට ගැනිමෙහි ලා අපොහොසත් වෙයි.

එකී කෘතිවල වැදගත්කම ලඝු කොට සැලකීමට උත්සාහ නොකිරීම ඔහුගේ කීර්තිනාමයට හේතුවන අතර ඒවා සිහිනවල දි නැවත අත්දකින්නේය යන කරුණ න්‍යායන්ට ගැටලුකාරී වූවා විය හැකි නමුත් පාඨකයාට බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකිය, තවද පසුකාලීන මනෝවිද්‍යාඥයන්ට සරු සම්පත් ආකාරයක් සැපයීය. එසේම සැම සිහිනයක්ම සරල “ප්‍රකාශමාන” අන්තර්ගතයකින් සහ වඩා දැඩිව වෙස්වලාගත් විශ්ලේෂණය පමණක් මගින් කරුණු අනාවරණය කළ හැකි “නිලීන” අර්ථවලින් සමන්විතය යන ඔහුගේ කියාසිටීම ද ප්‍රශ්නකාරි නමුත් එය අතිශයින් අවුස්සන සුළුය, එමෙන්ම මනෝචිකිත්සාවට වාසියක් ‍ෙගන දෙන බව ඔප්පු කොට තිබේ.

යම්කිසි හේතුවක් හෝ වෙනකක් නිසා සවිඥානිකව වර නැඟිය නොහැකි ප්‍රාර්ථනා පිටකිරිමේ මඟක් ලෙස ක්‍රියා කරමින් “පිටකිරීමේ” කෘත්‍යයක් ලෙස සිහිනය සේවය කරන බව සියලු විද්‍යාඥයින් පිළිනොගත්ත ද, මිනිසුන්ට ශ්‍රීඝ්‍ර අක්ෂි චලන නිද්‍රාව (Rapid Eye Movement – REM ) – එහෙයින් සැළකිය යුතු සිහින කාලය – අහිමි කරනු ලැබු විට ඔවුන් බැරෑරුම් මානසික බලපෑම් වලට ගොදුරු වන බවට සාක්ෂ්‍ය තිබේ. කෙසේ වුවද ඇතැම් විද්‍යාඥයෝ මෙය කල් ඉකුත් වු මතියක් සේ සළකති. සිහින වනාහි හුදෙක් මොළයේ කපාටයේ සිට බාහිකයට ඇතුළුවන අහඹු ප්‍රබෝධන ප්‍රධාන ස්නායුමය අපද්‍රව්‍ය ලෙස ඇතැම් පර්යේෂකයන් සලකන අතර බෙහෝ දෙ‍නෙකු ‍ ෆ්‍රොයිඩ් නිවැරදි යැයි ද, එමෙන්ම සාමාන්‍යයෙන් සිහින මානසික සංතෘෂ්ටිය – මනස් සෘෂ්ටි හා සිතීම තරම්ම වැදගත් වන බව ද සළකති.

ෆ්‍රොයිඩ් මානව මනසේ අතිමහත් අභිරහස්වලින් එකක් ස්පර්ශ කළේය: දෛනික ජීවිතයේදී අප අත්නොවිඳින හැඟීම් සිහිනයකදී අත්විඳිය හැක්කේ මන්ද? ඒ අනුව කිසිදා ලිංගික මාත්සර්යයෙන් පෙළී නැතැයි කියා සිටින මිනිසෙකු, තම සිහින වලදී එය අතිශය සංවේදී ව විස්තර සහිතව අත් විඳිය හැකිය. “මිනිසෙකු තමන්ගේ සිහිනවලට වගකිවයුත්තා ‍‍ලෙස සැලකිය හැකිද?” වරක් ‍ ෆ්‍රොයිඩ්ගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණි. ඔහුගේ විශිෂ්ට හාස්‍ය පිළිතුර වූයේ “වෙන කවුරු වගකිව යුතු ලෙස සැලකිය හැකි ද?” යන්නයි.

කෙනෙකුගේ සිහින වෙනුවෙන් වගකීම භාර ගැනීම සමහරවිට කවරකුට වුවද ඉගෙන ගත හැකි ගැඹුරුම පාඩම වනු ඇත. ‍ ෆ්‍රොයිඩ් නොමැතිවන්නට අපට ඒ ගැන සළකා බැලීමට පවා කවරදාකවත් නොහැකිවනු ඇතිව තිබුණි.

ජෙෆ්රි මුසායෙෆ් මැසොන් Freud’s Letters to Fliess සංස්කරණය කළේය. ඔහුගේ ඉදිරියේ දී පළවන පොත “The Interpretation of Dreams: The Illustrated Edition for Sterling Publishing” යි.

ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් කොළඹ විශ්ව විද්‍යාල‍යයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි.

Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Rachel Carson, Silent Spring
David Hume, An Enquiry Concerning Human Understanding
Anton Chekhov, Stories
Mary Wollstonecraft, A Vindication of the Rights of Woman

Advertisements

2 thoughts on “‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

  1. මෙවන් සටහනක් පලකළාට ස්තූතියි!
    ඇත්ටම ශ්‍රේෂ්ඨ ග්‍රන්තයක්. මිනුසා උඩින් කොතරම් වෙනස් වෙන්න හැදුවත් නියම මිනිසා(අව්‍යාජ මිනිසා) ගැන යම් අවබෝධයක් ෆ්‍රොයිඩ් පැහදිලිකිරීම් හරහා මා ලබාගත්තා.

  2. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලොව පතල මානසික විශේෂඥයෙක් ලෙස සලකණු ලැබුවද, ඔහුගේ තර්ක හා විතර්ක පිළිබඳව නවීන මනෝ විද්‍යාඥයෝ ප්‍රශ්න කරති. ඒ ෆ්‍රොයිඩ්ට ලෝකයා විසින් දොහොත් මුදුන් දී මුල්පුටුව පිරිනැමීම නිසාය. ඔහු ලත් ප්‍රසිද්ධිය නිසාය. මගේ අදහසේ හැටියට සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා මෙය විසඳා ගැනීමට පුලුවන. ෆ්‍රොයිඩ් බොහෝ විට ඔහුගේ අත් දැකීම් සාධක කොට ගෙන නිගමන වලට බැස ඇත. ඔහුගේ ලිංගික දෑ පිලිබඳ මතාන්තර ඔහුගේ අත්දැකීම් වුව හැක. පවුලක වැඩිමහල් පුතාගේත්, මවත් අතර ඇති බැඳීම එක්තරා ලිංගික සබැඳියාවක් බව වරක් ෆ්‍රොයිඩ් පවසා ඇත. මෙසේ බලන කල ඔහු කිසිම සාර ධර්මයක් නැති අනාථයෙක් බව අනුමාන කල හැකිය. වේදනාවන් ඈතටත් සතුට දෙසටත් මිනිසා සංක්‍රමණය වන බව ඔහුගේ නිගමනයයි. සත්‍යයකි!. ජීවිතයේ සථාර්තයක් නොමැති මිනිසා එසේ සංක්‍රමණය බව අපි දනිමු. ලොවට බිහිවන සෑම වෙළඳ භාණ්ඩයක් අපි බඳා ගන්නේ එහි තුළ ගැබ්ව ඇති සංතෝසය නිසාය. මනස මිනිසාට අවශ්‍ය පරිදි පුරුදු පුහුණු කල හැකිය. ව්‍යායාම කිරීමෙන් මාංශ පේශි වර්ධනය වන්නා සේ මනසද පුරුදු පුහුණු කිරීමෙන් වැඩෙනු ඇත. ෆ්‍රොයිඩ් තම මතවාද ඉදිරිපත් කර ඇත්තේ පුහුණු නොකල මනස පිළිබඳවය. මනෝ විද්‍යාව බිහිවී ඇත්තේ ෆ්‍රොයිඩ්ගේ මතවාද අනුවය. අවාසනාවකට මනෝ විද්‍යාඥයින්ගේ මතවල යල් පැනපු භාවයක් දක්නට ඇත. ඔවුන් කියන්නේ මරණින් පසු සියල්ල නැතිවන බවය. මතක (memory) රඳා ඇත්තේ මොලයේ ඉදිරිපස කොටසේ බවය. පෙර ජීවිත ගැන මතක,(extra sensory perception, clairvoyance, life after death) ආදී තව නොයෙක් දෑ ඔවුනට විස්තර කල නොහැක. මනැස මැනීමට මිනුම් දණ්ඩක්ද නොමැත. මනැස මැනීමට ඔවුන් යොදන ක්‍රම සාමාන්‍ය මිනිසාගේ හැසිරීමේ රටාව උපයෝගී කොට ගෙන අනාවැකි ප්‍රකාශ කිරීමය. භාවනා ක්‍රම පුහුණු කරන කෙනෙකුට දක්නට ලැබෙන “නිමිත්ත” සිහින විස්තර කරන ආකාරයෙන් විස්තර කිරීමට ගොස් මනෝ විද්‍යාඥයෝ අමාරුවේ වැටුන අවස්ථා සටහන් වී ඇත. කවුරු කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියන්නා සේ, අපිත් විචාරාත්මක ඇසකින් බැලිය යුතුය. මනැසට දිගක් පලලක් හා ගැඹුරකුත් ඇත. ෆ්‍රොයිඩ් දුටුවේ දිග හා පලල පමණය. සිහින පිළිබඳවද අපි අපෙන්ම ප්‍රශ්න කලයුතුය. එවිට සිහින එකම එක කරුණක් නිසා සිදු නොවන බවත් අපටම පෙනී යනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )