ජනවාර්ගික සබඳතා

” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ”

” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. ”

දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න

ශාස්තාලීය

භාෂාමය සංඥාවේ ස්වභාවය
1916
ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ
සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ‘කතිකා’ අධ්‍යයන කවය

මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් “භාෂාමය සංඥාවේ ස්වභාවය” නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලයීය අධ්‍යයන ක‍ටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

මූලකෘති

ආචාර ධර්මය
ඇරිස්ටෝ‍ටල්
දෙවැනි පොත

ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි.
අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා වැනසෙයි. අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරයි. සදාචාරාත්මක සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යි. සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය, තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයකි. එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති, අපට සාපේක්ෂ, මධ්‍යයනය පිළිපැදීමෙහි ය. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

සමාජ විචාර

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ:
කේමදාස පශ්චාත් නූතනවාදියෙකු නොවීය!

සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

සංවාද

“නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර සටන”
‘නව-ලිබරල් ජාතිකවාදයක්!’

2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.

මෙම සටන ලාංකේය සමාජයේ දේශපාලන ධ්‍රැවීකරණයකට හේතුවන බවත්, එනිසා අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, නව-ලිබරල්වාදයේ අධිකාරවාදයට දක්වන තම ප්‍රතිරෝධය තුළ ජාතික චින්තනය අධිකාරවාදී ශක්‍යතාවක් ඇති ප්‍රවණතාවක් තමන්ම පෙන්නුම් කරන බවත් සඳහන් කළෙමු. අපගේ අදහස වූයේ මෙම දේශපාලන ධ්‍රැවීකරණය හමුවේ ලාංකේය සමාජය මුහුණ දෙන අභියෝගය නව පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පරිකල්පනය කිරීම බවයි.

ඉංග්‍රීසියෙන් The Island පුවත්පතේ සහ සිංහලෙන් අත්පත්‍රිකාවක් ලෙසත් පළවූ අපගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය නලින් ද සිල්වා The Island පුවත්පතට කොටස් තුනකින් පළවූ දීර්ඝ ලිපියක් ලිවීය. එකළ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපියේ එන අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අපට අවස්ථාවක් නොවීය. එයින් අවුරුදු හතරකට පමණ පසු අප මේ සටහන ලියන්නේ මෙතරම් ප්‍රමාද වී මහාචාර්ය නලින්ද සිල්වාට ප්‍රතිචාර දක්වන්නට නොවේ.

“කතිකා” වෙබ් අඩවිය පළමුවරට වාර සංග්‍රහයක් ලෙස පළකරන මෙම අවස්ථාවේ, අප එකළ පළ කළ අපගේ ප්‍රකා‍ශයේ එන අදහස්, වෙනස් වී ඇති නව සමාජ-දේශපාලන තත්ත්වයන් හමුවේ යළි විමසුමට ලක්කිරීම අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු. නමුත්, ඒ සමගින්ම මහාචාර්ය නලින්ද සිල්වා අපට ප්‍රතිචාර දක්වමින් ලියූ ලිපියේ එන මූලික අදහස්ද යම් තාක් දුරකට සාකච්ඡා කරන්නට අදහස් කරමු.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

අර්ථ විවරණ

ගාන්ධි පසුපස ගාන්ධි පසුපස ගාන්ධි
අෂිස් නන්දි

අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර දෙනෙක් ජීවමාන බවට පත් කරන දේශපාලන අපේක්ෂාවන් ගැන අර්ථ විවරණයක් ඉදිරිපත් කරයි. අෂීස් නන්දි ගේ ගාන්ධි ලා හතර දෙනා අතර ඔබ ප්‍රිය කරන ගාන්ධි සිටීදැයි බලන්න.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

පොත-පත

විශ්ව විද්‍යාලයට ශිෂ්‍ය ප්‍රති ප්‍රහාරයක්!
Counter Punch
Editor: Haresh Samarasinghe

June 2008 – පළමු සැසිවාරය
නොබැඳි ශිෂ්‍ය සංවිධානයේ ප්‍රකාශනයකි
කොළඔ විශ්ව විද්‍යාලය
පිටු 25
දෙවැනි සැසිවාරය – 2009 ජනවාරි – පෙබරවාරි
විකල්ප ශිෂ්‍ය සංවිධානයේ ප්‍රකාශනයකි
පිටු 50
_____________________________________________________________
“සියල්ලන්ටම ප්‍රාදුර්භූත වන්නේ කුමක්ද, අපි එයට සත්තාව යැයි කියමු.”
– ඇරිස්ටෝටල්, නිකෝමකියානු ආචාර ධර්මය, 1172 b36ff
1
ඉංග්‍රීසියෙන් සිරස්තලය සහ සංස්කාරක නාමය යොදා තිබුණද, ලිපි සියල්ල සිංහලෙන් ලියැවුනු සඟරාවකි.
Counter Punch යන්න සිංහලෙන් ‘ප්‍රති මුෂ්ටි ප්‍රහාරය’ යැයි කිවහැකිය. මෙම සඟරා කලාප දෙකෙහි අත් මිටි පහර විශ්ව විද්‍යාලයටය, වැඩිමනත්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයටය, ඊට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට, ගුරුන්ට සහ සිසුන්ටය.
“කවුන්ටර් පන්ච්” 89ට පෙර සහ පසු වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බෙදා එහි ස්වර්ණමය යුගය 89ට පෙර අවධිය ලෙස සැළකෙයි. ස්වර්ණමය යුගයේ හරය ඇත්තේ එකළ තිබූ ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතයට පර්යායකුත්, ශිෂ්‍යයන්ට අද මෙන් ස්වාර්ථ සාධනය නොව පොදු යහපත තම ජීවිතයේ හරය ලෙස පිළිගැනීමට මග පෙන්වීම‍ත් ලැබුණි යන්න තූළය. වෙනත් අයුරකින් කියන්නේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍ය‍යාට යහපත් ඌරුවක් ලබා දීමේ කටයුත්ත කළේ ශිෂ්‍ය ව්‍යාපාරයය‍, යන්නයි.
ශිෂ්‍ය ජීවිතයට නීතිය, පර්යාය, පාලනය, බල තුලනය, විනය ගෙන ආවේ ශිෂ්‍ය ව්‍යාපාරයය‍ යන්නේ අදහස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍ය ජීවිතයට විනය ගෙන එන්න‍ට අසමත් වූ බවයි. ආචාර්යවරුන් සිසු ජීවිතයට විනය ගෙන එන්නේ අධ්‍යාපනය තුළින්ම සිසු මනසට ශික්ෂණ‍ය ඇතුළු කිරීමෙන් මිස භාහිරව පනවන නීති රීති මගින් නොවේ. අධ්‍යාපනය සිසු ජීවිත වලට විනය ගෙන ආවේ නැත යන්නේ අර්ථය සිසුනට නිසි අධ්‍යාපනයක් දීමට ආචාර්යවරුන් අසමත් වීය යන්නයි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.

කාලීන

‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’
– මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල

සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි” යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි.

මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉත‍ා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනි.

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න

අනන්‍යතාව


යුද්ධය අවසන් ය. නමුත් අනන්‍යතාව පිළිබඳ කතාබහ නූතනත්වය තුළ දිගටම පවතිනු ඇත.
කැනඩාව ප්‍රංශ සහ ඉංග්‍රීසි කතා කරන වශයෙන් වෙන්ව හඳුනා ගැනෙන ප්‍රධාන ජනකොටස් දෙකකින් සැදුණු ලෙස සළකමින් මෙම ජන දෙකොටස අතර සබඳතා ත්, කැනඩාවට හැම අතින්ම ඉමහත් බලපෑම් කරන බලවත් අමෙරිකාව කැනඩාවේ අසල්වැසියා වීමත් මතුකරන දේශපාලන ගැටළු හමුවේ කැනේඩියානු අනන්‍යතාව රැකගැනීම පිළිබඳ නිමානොවන විවාදයක් කැනේඩියානු සම‍ාජයේ පැවත විත් ඇත.

පහත පරිවර්තනයෙන් පළවන ලිපිය ලියන රෝයි ‍ටර්නර් ගේ මතය සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ කරුණ වටහා ගන්න‍ට නම් අප නූතනත්වය තේරුම් ගත යුතු බවයි.

නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:
“සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ?

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න

සිනමාව

‘(පශ්චාත්) නූතන’ දෘෂ්ටියෙන් ‘සම්ප්‍රදායික සිංහල ගම’ බැලීම

– සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය.

මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර ‘මේ මගේ සඳයි’ මුල් කරගෙන ඉරිපත් කර ඇත්තෙමු.

මෙම ලිපියේ අරමුණ මෙම නව පරපුරේ අධ්‍යක්ෂකවරුන් තම මුල් චිත්‍රපටි සඳහා සිංහල ගම මුල් කරගන්නේ මන්ද යන්න පිළිබඳ කියැවීමක් ඉදිරිපත් කිරීමයි.

ඉතිරිය සඳහා බලන්න kathika.lk