ලොව ශ්‍රේෂ්ඨ පොත් 50

යුලිසීස්

මයිකල් ග්‍රෝඩෙන්

Globe and Mail
පෙබරවාරි 23, 2008

0223ulysses188යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී.

වීරචාරිකාව (The Odyssey), හැම්ලට්, Don Giovanni, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ කතෝලික දේවධර්මය පිළිබඳ කෙරෙන සවිස්තර සමුද්දේශ; ලතින්, ඉතාලි සහ හීබ්‍රෑ අපර්වර්තිත පාඨ; පුවත් පත් කාර්යාලයක සකස් කෙරුණු කොටසක් තනන තද කළු, ලොකු අකුරින් වූ සිරස්තල පුවත්පතකට සමාන ය; පෙනෙන පරිදි කෙළවරක් නැති උපහාසය දනවන ලැයිස්තු (“පැට්රික් ඩබ්ලිවු. ෂේක්ස්පියර්” සහ “බ්‍රයන් කොන්ෆියුෂියස්” සහ “පුරාතනයේ අයර්ලන්ත ජාතික වීරයන් සහ වීරවරියන්”) සහ කාව්‍යමය ලේඛනය සහ කර්කශ නව යොවුන් හාස්‍යය, පඩ විහිළු පවා අතර දඩබ්බර පැද්දීම් යුලිසීස්හි අඩංගු වෙයි.

ඉතිරිය සඳහා බලන්න kathika.lk

ජනවාර්ගික සබඳතා

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”

රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී.

ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද?

ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන් වෙලා නැහැ. ඒ නිසා කුඩා කඳවුරු කරා මේ අය අරගෙන යෑමේ අවශ්‍යතාව දැන් පිළිගැනෙමින් තිබෙනවා. අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්. අපිට අවශ්‍ය කඳවුරු අවසන් කිරීම සහ මිනිසුන් නිදහස් කිරීමයි. කඳවුරු තත්ත්වය අවසන් කෙරෙන තුරු අපි කාගෙවත් තත්ත්වෙ හොඳ වෙන්නෙ නැහැ. පහසුකම්වල, සැපයුම්වල වැඩි දියුණු කිරීමෙන් පවතින ඛේදවාචකය හොඳ අතට හරවන්න බැහැ.

රජය ඉක්මනින් කඳවුරු ඉවත් කිරීමට උනන්දුවක් දක්වන බව පේනවාද?

ඔව්. කඳවුරු ප්‍රදේශ සිවිල් පාලනයකට හරවමින් තිබෙනවා. විශේෂයෙන්ම කාර්ය සාධන බලකායේ එක් වගකීමක් ඒක. මහලු අය නිදහස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් තිබෙනවා. නමුත් හුඟාක්ම මගේ හිත කකියන කාරණයක් තිබෙනවා. ඒ තමයි අවුරුදු 10ට අඩු ළමයින් 50,000ක් මෙතැන ගාල්වී සිටීම. ඔවුන්ට මොන වගකීමක්ද තියෙන්නෙ මේ කාලකණ්ණි යුද්ධයට. 10ට අඩු ළමයින්ට මේ ගැන කිසිම තේරුමක් නැහැ. නමුත් ඔවුන් මේ නිසා වැඩිපුරම විඳවන පිරිස් බවට පත්ව සිටිනවා. ඔවුන් ජීවත්වන්නෙ හැදෙන්නෙ වැඩෙන්නෙ මොන පරිසරයකද, මොන නරක අත්දැකීම්වලටද ඔවුන් පාත්‍රව සිටින්නෙ. ඒ ළදරු මනස්වලට මොකද වෙන්නෙ. ඒකයි මට වැඩිපුරම හිතේ අමාරු. ඊළඟට ගැබිණි මව්වරුන්, රෝගීන් ගැන හැමදාම එතැන පාලකයන් හා දොස්තරවරුන් එකිනෙකාට චෝදනා කරගන්නවා. ”

ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි.

“ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්, රෝගීන්, ගැබිනියන්, දරුවන් ඇතුළු සාමාන්‍ය දෙමළ පිරිසක්ද මරණයට ගොදුරු විය. මෙම සිද්ධි දාමය විමසා බැලූ විට නිරාවරණය වන්නේ යුද්ධයේ ඇති මිලේච්ඡ ස්වරූපයම පමණි. මුළු මිනිස් ඉතිහාසය පුරා සියළු මහා දාර්ශනිකයන් චින්තකයන්, කළා කරුවන්, සාහිත්‍යධරයන්, ප්‍රාඥයන්, ශාස්තෘවරුන් හා අශෝක මහරජු වැනි යුධ ශූරයන් එරෙහිවුනේ එනිසාම විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයෙන් පරාජයට යමින් පසු බසිද්දී තම ගැලවීමේ හා රජයේ ප්‍රහාර ප්‍රමාද කිරීමේ උපායක් ලෙස යොදා ගත්තේද සාමාන්‍ය අහංසක වැසියන් බව අද අවිවාදිතය. පලා යාමට තැත්කළ වැසියන්ට, දරුවන්ට හා මහල්ලන්ට පවා එල්.ටී.ටී.ඊ. ය වෙඩි තබා මරා දැමුවේ නැවතත් යුද්ධයේ මිලේච්ඡත්වය දක්වමින්ය. මෙයින් පෙනෙන්නේ සාධාරණත්වය හෝ මානව හැඟීම් පිළිබඳව යුද්ධයේ ඇති අන්ධ බවයි. අනික් අතට එල්.ටී.ටී.ඊ. ය මෙසේ අමානුෂික ලෙස අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඔවුන් අතර සැඟවෙමින් හමුදාවට පහර දෙන විට එල්.ටී.ටී.ඊ. ය අවසන් පරාජයකට ගෙන යාම සඳහා ඔවුන් අතර සිටි වැසියන් ගැන නොතකා වුවද ගුවන් ප්‍රහාර හා බරඅවි ප්‍රහාර එල්ල කිරීමෙහි රජය නිරතවූ කල්හිද නැවත නිරාවරණය වූයේ යුද්ධයේ මිලේච්ඡත්වයමය. යුද්ධයක් තුළ මානව හැඟීම් හා සාධාරණත්වය මිය යන බවය.

දැන් යුද්ධය අවසන් වී ඇතත් සාමාන්‍ය දෙමළ වැසියන් තුන් ලක්ෂයක් පමණ සීමිත භූමි ප්‍රදේශයක් තුළ සිටිති. ලක්ෂ සංඛ්‍යාත ජනයාට තමන් කැමති ස්ථානයකට යාමට ඊමට හෝ කඳවුරට නැවත පැමිණීමට නිදහස නොදෙන්නේ 9000ක් පමණ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ඔවුන් අතර ඇති නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම පිණිස බව කියැවේ. 9000ක් දෙනා සොයා ගැනීම සඳහා ලක්ෂ ගණනක් රඳවා තැබීම මනුෂ්‍යත්වයට හා නීතියටද පටහැනි වරදකි. ලක්ෂ ගණනක්වූ මොවුන් අතර සිටින අහංසක කුඩා දරුවන්ට, ගැබිනි මාතාවන්ට, දුබල මහලු පුද්ගලයන්ට, නිදහසේ යාමට ඊමට ඇති අයිතිය අහිමි කර තිබෙන්නේ කුමන ලෝක නීතියක් හෝ සාධාරණයක් අනුවද ………..? යුද්ධ සමයේ නොවැලැක්විය හැකි තත්ත්වයක් යටතේ හිංසාවට හා පීඩනයට ලක් වූ අහිංසක පුරවැසියන්, පශ්චාත් යුධ සමයේද සිරකරුවන් බවට පත්වීම දෛවයේ සරදමකි. මෙම යුද්ධය දෙමළ වැසියන්ට එරෙහිව කළ යුද්ධයක් නොවන බවට රජය කළ ප්‍රකාශයේ අවංකභාවය මේ අනුව ප්‍රශ්නයට බඳුන්වී ඇතුවා පමණක් නොව බරපතල ලෙස ජනතාව නොමඟ යැවීමක් බව තහවුරු වී ඇත. ඊට අමතරව මෙම කඳවුරෙන් තැනින් තැනට රැගෙන යන පුද්ගලයන් කොපමණද? ඔවුන් කවුරුන්ද? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? යනාදී විස්තර නොදන්නා පවුල් හැඬු කඳුලින් හා බියෙන් ද ඒ ගැන කරකියා ගත හැකි දෙයක් නොමැතිව අසරණව සිටිති. යුද්ධයේ ජයග්‍රහණයෙන් අපගේ රජය හා නායකත්වය ලබා ගත් කීර්ති ප්‍රසංශාවන්ට මෙය කැළලකි.”

අනන්‍යතාව

ජීවිතය සහ ජීවන විලාශය
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ? – 3 වැනි කොටස

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

ශක්තිමත් සහ එක්සත් ජාතියක් ජීවන විලාශයක් ලෙසින් තෝරාගත නොහැකි බව දැන් පැහැදිලිය, මක් නිසාද ජීවන විලාශය නම් අදහසට අත්‍යවශ්‍ය දේ හරියටම එය සතුව නොපවතින නිසාය.

ජීවන විලාශවාදියාට කැපවුනු ජීවිතයක් පිළිබඳ අපෝහකයේ අවදානම ගත නොහැකිය. මන්ද, කුමන ප්‍රතිපලයක් උදාවනු ඇතිද යන්න හෝ එහෙයින්, ඔහු දෘෂ්‍යමාන වනු ඇති ආකාරය ගැන කල් තබා කීමක් නැති නිසාය.

ඉතිිය සඳහා බලන්න kathika.lk

භාෂාව

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා”
රත්න ශ්‍රී විඡේසිංහ

බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රත්න ශ්‍රී විඡේසිංහ මහතා

සාහිත්‍යය යනු කලාවක්‌. මිනිසුන්ගේ හැඟීම් අවදිමත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මිනිසුන්ට ලබා දෙන කලා කෘතිය උත්තම හෝ අධම වන්නේ එහි ඇති මානව ගුණ දහම මතයි. යහපත් ගුණ ගරුක මිනිසුන් ජීවත් කරවීම බිහිකිරීම මෙහි අරමුණ වෙනවා. පිරිපුන් මිනිසකු බිහිවීම තුළ රට ලොව ගොඩ නැගිය හැකියි. රටේ සංවර්ධනය සඳහා ද සාහිත්‍ය කලාව ද යොදා ගැනීම කළ යුතුයි. එහිදී මානව සංවර්ධනය රටේ ජනතාව තුළ ඇති කිරීම තුළ අපට එකී බලා පොරොත්තුව ඉටු කළ හැකියි. සිංහල භාෂාව තරම් සුන්දර භාෂාවක්‌ ලෝකයේ නෑ. මේ නිසා අප අපගේ භාෂාව රැක ගැනීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා කීය.

2009 අගෝස්තු 17, දිවයින පුවත් පතෙනි

ජනවාර්ගික සබඳතා

page-1

මඩෙහි එරී, කවදා වෙනතෙක්ද?
ඊයේ ගත් මෙම ඡායාරූපය මැණික් ෆාම් කඳවුර වැසි ජලය‍ට ය‍ටවී එහි කූඩාරම් බොහෝ දුරට වාසයට නුසුදුසු බවට පත්කොට ඇති අයුරු පෙන්නුම් කරයි. අභ්‍යන්තරව අවතැන් වූවන් 1000 ක් පමණ “විකල්ප වාසස්ථාන” කරා ගෙන ගිය නමුදු සෙසු ජනයාට වගුරු බිමෙහි මඩ ගොහොරුවෙහි තව දුරටත්රැඳී සිටින්නට සිදුවීය.
2009 අ‌ගෝස්තු මස 16 වැනිදා Lakbima News පුවත් පතේ මුල් පිටුවෙනි.
වැඩි විස්තර සඳහා මෙහි බලන්න.
තවත් ඡායාරූප transcurrents වෙබ් අඩවියෙන්

Image010

Image023

Image056

Image075

Image077

Image083

අනන්‍යතාව

පරිකල්පනාත්මක වීමට නූතනත්වයේ ඇති මැළිකම
නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව
සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයට විකල්පයක් තිබේ ද ? – 2 වැනි කොටස

රෝයි ටර්නර්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

නූතනත්වයට අනුව, කලාව සහ පරිකල්පනයේ ඇති වරද වන්නේ ප්‍රමිතිය වශයෙන් ඒවා ආනුභවික සහ විස්තරාත්මක දෙයින් වෙනස්ව ක්‍රියාකිරීම සහ එහෙයින් ආකස්මිකවීමේ අවධානම දැරීමය. එහෙයින් ඒවා සියල්ලන්ටම දෘෂ්‍යමාන වන එදිනෙදා ලෝකයේ කරුණු තුළ පදනම්වී හෝ ඒවා මගින් පාලනය කරනු ලබන්නේ හෝ නොමැත්තේය යන හේතුවෙන්, සාමාහිතික නොවන බැවින් ඒවා තමන්ම වගකීම් සහගත නොවන බව පෙන්නුම් කරයි.

ඉතිිය සඳහා බලන්න kathika.lk

සංස්කෘතිය

ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි.

සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු ලැබේ. මේ අනුව ජීවිතය ගැන බුද්ධ ධර්මය දරන දෘෂ්ටිය පෞද්ගලිකත්වය වටා ගෙතුණු අතරම වඩා ප්‍රඥාගෝචර ද වෙයි. වෙනස් කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වන කර්මඵල නියමයක් ගැන එහි අවධාරණයෙන් කියවේ.

මේ කර්මඵල නියමය කෙරෙහි එකම ස්වාමියා මිනිසාය. ලෝකෝත්තර බලවේගයන් ගෙන් කිසි පිහිටක් නොලැබේ. දේව භක්තිය මත පදනම් වූ ආගමකට වඩා බුද්ධ ධර්මය වෙනස් ය. දේව භක්තිය මත ගොඩනැංවුණු ආගමක දී දෙවියන් හා මිනිසුන් අතර පැවැත්වෙන සම්බන්ධකම් විවිධ ක්‍රම ගන්නා අතර, ඒවා එම සමාජයෙහි සංස්කෘතියේම අංශ බවට පත් වේ. මේ නිසා බුද්ධ ධර්මය ඉහත කී විධියේ ලෞකික සංස්කෘතියකට අවශ්‍ය සම්පූර්ණ අංගෝපාංග එය අනුගමනය කරන සමාජයට නොදෙයි. ගම්බද සිංහල ජනයාගේ අවශ්‍යතාවනට සරිලන ලෙස සකස් වීම සඳහා, බුද්ධ ධර්මයට ජන ඇදහීම් හා හින්දු විශ්වාසයන් සමඟ සංකලනය වීමට සිදු විය. Continue reading සංස්කෘතිය

ජනවාර්ගික සබඳතා

“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අ‌ගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය.

05.07.09

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි,

අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය.

මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර කාණ්ඩ වලට අයත් අවතැන් වූවන් වහාම නිදහස් කිරීමටත් ඉතිරි අයගේ ගැටළුව ඉක්මණින් විමර්ශනය කිරීමටත් නියෝග කිරීමට ඔබ ගන්නා තීරණය මතයි. දැනට ඔවුන් රඳවා ගෙන ඇත්තේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව නොයෙකුත් සීමාවන් යටතේ සුභ සාධන මධ්‍යස්ථානයක නොව එලිමහන් සිරකඳවුරක බලහත්කාරයෙන් මෙනි. මා මෙය ලියන්නේ අවතැන් කඳවුරු වල සිදුවන බොහෝ දේ ඔබට දැන ගැනීමට නොලැඛෙන්නේය යන සිතුවිල්ල අනුවය. ඇසින් දකින දේ අපට විශ්වාස කළ හැක. එමනිසා අවතැන් වූවන්ගේ කඳවුරකට (මැණික් ෆාම් වලට පමණක් නොවේ) යෑම අත්‍යාවශ්‍යය. ඔබ රාජ්‍ය නායකයා වශයෙන් සිටින අපේ රටේ මෙවැනි දේ සිදු විය නොහැක. සිදු විය යුතුද නොවේ. ඔබගේ තීරණය, තමන්ගේ වරදක් නැතිව සරණාගත කඳවුරුවල දුක් විඳින 300,000 ක පමණ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කළ හැකියැයි සිතන සමහරුන් ගේ ඇස් අරවනු ඇත. අප, තමන්ගේ සාක්කු වල ඇති මුදලින් මරණයට කැප වූ ගවයන් නිදහස් කර ගන්නා කුඩා ළමයින් සිටින ආඩම්බර ජාතියකි. මට අද මෙය ලියන්නට සිත් වූයේ පුල්මුඩෙයි අවතැන් කඳවුරේ සිටින වයස අවුරුදු එකක ළමයෙක් වයස 61 ක් වන තම ආච්චි සමග නිදහස් කිරීමට අධිකාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. තම වම් කකුළ කපා දමනු ලැබු මෙම ළමයාගේ පියා, ආච්චිගේ පුතා, දැන් පුල්මුඩේ හි සිටී. දකුණු පාදය කපා දමා ඇති ඔහුගේ බිරිඳ වම් පාදයේ බරපතළ කැඩුම් බිදුම් සහිතව වවුනියාවේ සිටී. මෙවැනි දේ ලොව අන් කිසි තැනක සිදු වන්නේ නැත. මෙවැනි සිද්ධීන් ගැන ඔබ දන්නේයැයි මොහොතකටවත් මම නොසිතමි. මෙවැනි සිදුවීම් 300,000 ක් පමණ වන අවතැන් වුවන් සිටින ඕනෑම කඳවුරක අපමණ ඇත. Continue reading ජනවාර්ගික සබඳතා