කලාව

” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ
සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස

-හනා ආරන්ඩ්ට්

“සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට අහිමි විය.”

” බිත්තියේ හිලක් වැසීමට චිත‍්‍රයක් යෙදීම ප‍්‍රයෝජනවත් හා සුජාත වන්නා සේම, යම් කිසි කාල පරිච්ඡෙදයක් පිළිබඳ යමෙකුගේ දැනුම පරිපූර්ණ කර ගැන්ම සඳහා චිත‍්‍රයක් දෙස බැලීම ද ප‍්‍රයෝජනවත් හා සුජාත විය හැකිය. අවස්ථා දෙකෙහි දී ම කලා කෘතිය භාවිත කෙරුණේ යටි අරමුණු සඳහා ය. මෙම භාවිත, සුජාත වූයේ හෝ නොවූයේ හෝ, කලාව සමග නියම සංවාසය ඇති කිරීමක් නොවන බව, යමෙකු දැන සිටින තාක් සියල්ල යහපත් ය. උගත් අවරසිකයා සම්භාව්‍ය කෘති කියවන්නේ ය, නමුත් ඔහු එසේ කළේ ඔහුම දැනුවත් කෙරෙන්නේ කෙසේද යන්නට වඩා වැදගත් දේ ෂේක්ස්පියර් හෝ ප්ලේටෝ ඔහුට කීමට ඉඩ තිබුණේය යන කරුණ කොහෙත්ම නොදැන සිටීමෙන් ස්වයං පරිපූර්ණත්වය අත්කර ගැනීමේ යටි අරමුණ මගින් මෙහෙය වනු ලැබීමෙන්ය යන්න උගත් අවරසිකයා හා සම්බන්ධ අර්බූදය නොවේ.”

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක දෙවැනි කොටසයි.

Continue reading කලාව

පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතන කියන්නේ මොකක්ද?
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? 2 වැනි ‍කොටස
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍දෙවෙනි කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

II
දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ අත්දැකීම්වලට අයිති ද කියන එක සලකා බලන්න. මේ නම්වත් මං දන්නේ නෑ. What then is the post modern? පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? What place does or does it nor occupying the vertiginous work of the questions hurled at the rules of imaginnaration මොන ස්ථානයක් ද මේක? මෙම පද්ධතියේ දක්වන (මේක බොහෝම දළ පරිවර්තනයක්) it is undoubtedly a part of the modern ඒක අනිවාර්යයෙන්ම නූතනයේ අංගයක්. All that have been received even yesterday ඊයේ පවා අපට ලැබුණු දේවල් must be suspected සැක කළ යුතුයි. What place does Sojan challenged සොජාන් මොන ස්ථානය ද අභියෝග කරන්නේ? The impressionist ……….what objectives do Picasso and Brack attack? පිකාසෝ හා බ්‍රාක් තර්ජනය කරන්නේ කාටද? මටද, සොජාන්ට. දැන් සොජාන්වත්, බ්‍රාක්වත්, පිකාසෝවත්, ඉම්ප්‍රෙෂනිස්ට්ලවත් ඇත්තෙන්ම අපේ ලෝකයට ආවේ යම් කිසි වෙන විකාශනයක් තුළ. ඒ නිසා ඒක වලංගු විය යුත්තේ වෙන කතන්දරයකට, වෙන ආඛ්‍යානයකට, මේ නම් ටික තව තියෙනවා. බියුරන්, බෝෂම්, මේවා මම දන්නේවත් නැහැ. අඩුගානේ පිකාසෝ, සොජාන් මම අහලවත් තියෙනවා. Continue reading පශ්චාත් නූතනවාදය

කලාව

සංස්කෘතියේ අර්බුදය:
එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම
-හනා ආරන්ඩ්ට්

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි.

සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ ම, කෙටි ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් සාධකය වන්නේ, වසර කිහිපයකට ඉහත දී පවා – බහුජන සමාජය වූ කලි දූෂිත සමාජ ස්වරූපයකැයි හා බහුජන සංස්කෘතිය වූ කලි පදවල ප‍්‍රතිවිරෝධතාවයක් යැයි අඟවමින් – ඒවා භාවිත කෙරුණේ ශාප කිරීමේ ප‍්‍රබල හැඟීමකින් යුතු ව වන අතර, ඒවා දැන් ගරු කටයුතු බවට, එනම් හැරල්ඞ් රොසෙන්බර්ග් පෙන්වා දුන් පරිදි, ‘කිච’ (kitsch) නැතහොත් බාල ව්‍යාපෘතීන්ගේ දේ ට බුද්ධිමය මානයක් එක් කිරීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ වූ අසංඛ්‍ය අධ්‍යයන හා පර්යේෂණ ව්‍යාපෘති බවට, පත්ව ඇත යන්නයි. නොවැදගත් දෙයෙහි බුද්ධීමයකරණය සාධාරණිකරණය කරනු ලබන්නේ අප කැමති වූවත් නැතත්, බහුජන සමාජය පෙනෙන තෙක් මානයේ අනාගතය දක්වා අප සමග පවතිනු ඇත යන පදනම මතය. එහෙයින්, එහි ”සංස්කෘතිය”, ”ජනපි‍්‍රය සංස්කෘතිය බහු ජනතාවටම භාර කළ නොහැකිය.”1 කෙසේ වෙතත්, ප‍්‍රශ්නය වන්නේ බහුජන සමාජය සම්බන්ධයෙන් සත්‍ය වන දේ බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන්ද සත්‍ය වන්නේ ද යන්න හෝ, වෙනත් අයුරකින් කියතොත්, බහුජන සමාජය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව අවශ්‍ය ලෙස වෙනස් කොට කියන්නේ නම් ඊට පෙර පැවති සමාජය සංස්කෘතිය කෙරෙහි දැක්වූ සම්බන්ධතාවට සමානවනු ඇත්ද, යන්න ය. Continue reading කලාව

පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

I
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි. Continue reading පශ්චාත් නූතනවාදය

පුවත්

” ජනාධිපති පිළිබඳ අන්තර්ජාලයේ අදහස් ලියූ තරුණ‍යා අත්අඩංගුවට ගනී

එම්.ඩබ්.සෝමරත්න විසිනි

ජනාධිපති සහ රාජ්‍ය ආරක්ෂක ලේකම් පිළිබඳ අන්තරජාලයේ ප්‍රහාරාත්මක (offensive) අදහස් පළ කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. සැකකරු අලව්වේ පදිංචිකරුවෙකි.”

Daily Mirror වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.