පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතන කියන්නේ මොකක්ද?
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? 2 වැනි ‍කොටස
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍දෙවෙනි කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

II
දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ අත්දැකීම්වලට අයිති ද කියන එක සලකා බලන්න. මේ නම්වත් මං දන්නේ නෑ. What then is the post modern? පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? What place does or does it nor occupying the vertiginous work of the questions hurled at the rules of imaginnaration මොන ස්ථානයක් ද මේක? මෙම පද්ධතියේ දක්වන (මේක බොහෝම දළ පරිවර්තනයක්) it is undoubtedly a part of the modern ඒක අනිවාර්යයෙන්ම නූතනයේ අංගයක්. All that have been received even yesterday ඊයේ පවා අපට ලැබුණු දේවල් must be suspected සැක කළ යුතුයි. What place does Sojan challenged සොජාන් මොන ස්ථානය ද අභියෝග කරන්නේ? The impressionist ……….what objectives do Picasso and Brack attack? පිකාසෝ හා බ්‍රාක් තර්ජනය කරන්නේ කාටද? මටද, සොජාන්ට. දැන් සොජාන්වත්, බ්‍රාක්වත්, පිකාසෝවත්, ඉම්ප්‍රෙෂනිස්ට්ලවත් ඇත්තෙන්ම අපේ ලෝකයට ආවේ යම් කිසි වෙන විකාශනයක් තුළ. ඒ නිසා ඒක වලංගු විය යුත්තේ වෙන කතන්දරයකට, වෙන ආඛ්‍යානයකට, මේ නම් ටික තව තියෙනවා. බියුරන්, බෝෂම්, මේවා මම දන්නේවත් නැහැ. අඩුගානේ පිකාසෝ, සොජාන් මම අහලවත් තියෙනවා.

මේ මා පෙන්වන්න ‍හදන්නේ අපි එක්තරා විදියකට වන්දනාමාන කරන්නට හදන මේ පශ්චාත් නූතනවාදය ‍ බොහෝම සියුම් විදියකින් අර බටහිර ආධිපත්‍යයන් ගෙන දෙන නව ප්‍රාචීණ වාදයක් හැටියටයි. නූතනවාදය හා පශ්චාත් නූතනවාදය මුලින් භාවිතා වූයේ ගෘහ නිර්මාණ ශිල්පයයේයි. බටහිර ඇමෙරිකාවේ විශේෂයෙන්ම මිශ්‍රිත බරපතල නැති විහිළුවක් මෙන් කරන ලද (playful) ගොඩනැගිලි විලායන් හැටියට. ඒ කියන්නේ ඒ නම් ටිකවත් අපි දන්නේ නැහැ. එහි ආභාෂය අපි දන්නෙවත් නැහැ. ඒ නම් ටික විතරක් මම කියවන්නම්. මේ පශ්චාත් නූතන විලාය, විකාශනය. style………..මැලමොන්, මීස්……..ආදී වශයෙන් අන්න ඒ ගෘහ නිර්මාණ ශිල්ප ආකෘතියක් තුළ ඇති වෙච්ච පශ්චාත් නූතනවාදය. ඒ වගේම පශ්චාත් නූතනවාදය ගැන පෙඩ්රික් ජෙම්සන් කියන දේ අපට හුගක් වැදගත්. ලියොතාද් එක් පැත්තකින් පශ්චාත් නූතනවාදයේ ප්‍රධාන හඬක් නම්, ඊටත් වඩා ප්‍රබල හඬක් වෙනව ජෙම්සන්, ජෙම්සන් මොනවද කියන්නේ…………. පශ්චාත් නූතන අවකාශය ගැනයි. ඔහු කතා කරන්නේ. (the post modernist space) This new space involves the suppression of distance මේ අලුත් අවකාශය වලංගු වන්නේ මෙම දුරස්ථ භාවය මැඩ පැවැත්වීමටයි. එයට එරෙහි වීමෙන් and the relentless saturation of any remaining voices of empty spaces හැම හිඩසැක්ම අනිවාර්යයෙන්ම කිසිම අනුකම්පාවකින් තොරව පිරවීමෙන් whether wondering through a post modern hotel පශ්චාත් නූතනවාදී හෝඩලයක ඇවිදිමින් හෝ locked in to a rock sound by means of head phones හෙඩ් පෝන්ස් දාගෙන රොක් සංගීතය අසද්දී හෝ (මේක වැදගත්) undergoing a multiple shock and bombardments of Vietnam war (වෙන එකක් නොවේ වියට්නාම් යුද්ධයේ දී) ඇති වූ බෝම්බ විඳීමේ දී එක සන්දර්භයක්, එක අදහසක්, එක පශ්චාත් නූතනවාදී අවකාශයක් ඇති වෙනවා කියලයි කියන්නේ. මට ඇත්තෙන්ම ඒක තේරෙන්නේ නැහැ. මොකද මේවා බොහොම විවිධයි. මේවා අතර පරණ යල් පැනපු වැඩක් නැතැයි කියන පංති, ජාති, ලිංග විග්‍රහයන් වලින් අපි වෙනස් කරන්න පුලුවන්. මේ post modern space හෙවත් පශ්චාත් නූතන අවකාශය කියන එකත් class, race, gender යන ආකාරයට විභේදනය වෙනවා. පංති තුළ, ලිංගිකත්වය තුළ විභේදනය වෙනවා. ජාතීන් තුළින් විභේදනය වෙනවා. ඇත්තවශයෙන්ම අර අපි කියපු වියට්නාමයේ බෝම්බ ගැන (ජෙම්සන්) එය කථා කරපු එක (එනම්) බෝම්බයක් වදිද්දී ඒක විඳින්නා හා බෝම්බය දාන්නා අතර මම හිතන්නේ පුදුම විදි‍යේ් වෙනසක් තිබෙනවා. බෝම්බ ගැන කථා කරන කොට කොළඹ පවතින බෝම්බත් අහම්බෙන් හමුවෙන බෝම්බ අතරත්, නිරන්තරයෙන් උතුරේ අහස්යානා වලින් දමන බෝම්බත් අතර වෙනසක් තිබෙනවා. එතැන තිබෙන අවකාශය හුගක් වෙනස්. ඉතින් මම පෙන්වන්න අදහස් කළේ මේ පශ්චාත් නූතනවාදය කියන එක අර මුලින් කරපු අර්ථ නිරූපනය, නිර්වචනය පසු කර ගෙන ඒකේ ඉතිහාසය , ඒකේ විශේෂ බව, බටහිර ආභාසය, බටහිර විකාශනය, අමතක කිරීමෙන් එය ඇත්තටම කෝකටත් තෛලය වගේ යොදා ගෙන තිබෙන බවයි. (මම තව උදාහරණයක් කියන්නම්) ඇත්ත වශයෙන්ම පශ්චාත් නූතනවාදය හා පශ්චාත් ව්‍යුහවාදය වැනි න්‍යායන් අතර ලිස්සා යෑමක් තිබෙනවා. අපි පශ්චාත් නූතනවාදය කියල හැම කෙහෙල්මලකටම කියනවා. ඇත් වශයෙන්ම පශ්චාත් නූතනවාදය කියන්නේ යම්කිසි නූතනවාදයකට එරෙහි වීමක් හා ඒ තුළ ක්‍රියා කිරීමකටයි. ඒකෙන් මං පෙන්වන්න අදහස් කරන්නේ ඒකේ ඉතිහාසයක් තිබනවා. විකාශනයක් තිබෙනවා කියලා. ඒකෙන් තොර අපි ස්ථාන මාරුවක් කරනවා මෙතන, නිරන්තරයෙන්ම, ඒකට උදාහරණ කිහිපයක් තියෙනවා. මම එකක් දෙකක් පැහැදිලිව පෙන්වන්නම්. දැන් ඇත් වශයෙන්ම පශ්චාත් ව්‍යුහවාදය කියන එක අපිට බොහෝම පැහැදිලිව නිර්වචනය කරන්න පුළුවන් දෙයක්. ඒක ගුරුකුලයක් වෙන්න පුළුවන්. මේක බොහෝම සීමිතයි. මේක මහා පුළුල්, මහා විශ්වීය දෙයක් නොවේ. ඒක අත්‍යවශයෙන් අර structuralist Marxism කියනව වගේ යම් කිසි දෙයක් හදුන්වන්න පුලුවන් ඒකෙන්. කවුද මොනවද කරන්නේ? මොන විදියේ ආකල්ප ද ඒවායේ තියෙන්නේ කියන එක අපිට හොයන්න පුළුවන්. ඒ නිසා ඒකේ තියෙන විශ්වීය බව අඩුයි. දැන් බට්ලර් එක්ක මම ගවේෂණයක් කරනවා. මූලික ප්‍රශ්න වගයක් අහන්න. තාම අපට පැහැදිලි නැහැ. පශ්චාත් නූතනවාදය කියන්නේ මොකක් ද? එය ඉතිහාසය මත පදනම් වූ විස්තර කිරීමක් ද? න්‍යායික ස්ථාවරයක් ද? කියන එක. පශ්චාත් නූතනවාදය සෞන්දර්යමය ක්‍රියාවලියක් විස්තර කරපු පදයක්. මම ‍පෙන්නුව‍‍නෙ. එය සෙ‍ෟන්දර්ය විද්‍යාවේ විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය පදනම් කර ගත්තක් බව. සෞන්දර්ය ක්‍රියාවලියක් විස්තර කරපු පදයක් කොහොද මේ පොදුවේ සමාජ න්‍යායක් හැටියටත් විශේෂයෙන්ම ස්ත්‍රීවාදය වැනි දේපාලන න්‍යායන්ටත් අදාළ වෙන්නේ? ඇත්ත වශයෙන්ම පශ්චාත් නූතනවාදයට අදාළව නොයෙක් ස්ථාවරයන් ඉදිරපත් වෙනවා. මම ඒවා කෙටියෙන් හදඳුන්වලා දෙන්නම්. මේ මල්ලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඇත්ත වශයෙන්ම මෙම ලක්ෂණ පශ්චාත් නූතනවාදයට හෝ පශ්චාත් ව්‍යුහවාදය එක්ක සබ්බන්ධ වෙනවා. මෙහි ලිපි කීපයක් තියෙනවා. ලංකාවේ පමණක් නොවෙයි, බටහිර ඒවත් තියෙනවා.

මේ කියන්නේ සමස්ථ ක්‍රියාවලියක් විදියට. මුල් වාක්‍ය කියන්නේ පශ්චාත් නූතනවාදී. ඊට පස්සේ පහ්චාත් ව්‍යුහවාදී. හරියට සමානයි වගේ. මේක ඊලඟට කියනවා විසංයෝගතාවාදය, හරියට ඒකත් මේ හා අංගසමයි වගේ. එකිනෙකට සමාන කරනවා. ඒ කියන්නේ පශ්චාත් නූතනවාදයයි පශ්චාත් ව්‍යුහවාදයයි සමහර වේලාවට විසංයෝගතාවාදයට සමාන කරනවා. සමහරවිට තෝරා බේරා ගැනීමකින් තොරව මේවා ප්‍රංශ ස්ත්‍රීවාදයට සම කරනවා. ඒ වගේම විසංයෝගතාවාදය ලකානීය මනෝ විශ්ලේෂණයට ද ෆූකෝගේ විශ්ලේෂණවලට, රෝටිගේ සාකච්ඡා වාදයට නම් දානවා. ප්‍රවාද සගරාව මේවා දානවා. ඇත් වශයෙන්ම ෆූකෝ, ලියොතාද්, රෝටි වැනි අය මේ ගණයට දැමීම අපේ වමේ ව්‍යාපාරයට ගාමිණී ජයසූරිය දැම්ම වගේ. රෝටි ඒ වගේ මනුෂ්‍යයෙක්. අතිශය ප්‍රතිගාමීයි. හැබැයි ඒක දානවා. එතකොට අර සංස්කෘතික අධ්‍යයනය, ප්‍රංශ ස්ත්‍රීවාදය, විසංයෝගතාවාදය, ලංකානීය මනෝ විශලේෂණය, ෆුකෝගේ විශ්ලේෂණය, රෝටිගේ සාකච්ඡාවාදය ඒ වගේම උම්බර්ටෝ ඊකෝගේ semiotics ඒ හැම‍‍‍‍දෙයක්ම ‍‍මේකට රිංගනවා. මම ඒ ‍ ‍කෝකටත් ‍ ‍‍‍‍‍ෛතලය ගැන ‍‍පොඩි කරුණු ‍ ‍‍දෙක තුනක් කියන්න ඕනෑ. පිළිගන්න ‍ ‍හෝ ප්‍රතික්ෂේප කරන දෙපිලන්ම මේක කෝක ටත් තෛලයක් හෝ මහා විශ්වීය ‍ දෙයක් ‍‍ ‍‍ලෙස සලකනවා. ‍ ‍‍‍මෙහි සංකීර්ණ බව ‍ ‍‍‍ෙපන්වන්න මම කරුණු කිහිපයක් කියන්නම්.

පශ්චාත් නූතනවාදයේ එක් පැත්තකින් ලියොතාද්, ඩෙරිඩා, ෆූකෝ ඒ කට්ටිය ඉන්න මේ තැනේදී කරුණු කීපයක් දත්ත හැටියට සලකන්න පුළුවන්. ප්‍රශ්න කරන්නත් පුළුවන්. ලකානීය මනෝවිශ්ලේෂණය ප්‍රංශයේ පශ්චාත් ව්‍යුහවාදයට පැහැදිළිවම විරුද්ධයි. ඔවුන් පැහැදිළිවම ප්‍රකාශ කරනවා ඒකට අපි විරද්ධයි කියලා. ප්‍රංශයේ පශ්චාත් ව්‍යුහවාදයට ලකානීය මනෝ විශ්ලේෂණය පැහැදිලිවම විරුද්ධයි එක ගණයට දැම්මට. ජූලියා ක්‍රිස්තෝවා පශ්චාත් නූතනවාදය පැහැදිලිවම හෙලා දකිනවා. මා හිතන්නේ එයා දැන් කතෝලික ආගමික, මූල ධර්මවාදය ගෙනයනවා. හැබැයි ඒ කෘති ලංකාවේ නැති නිසා අපි ක්‍රිස්තෝවාව වන්දනාමාන කරනවා. ක්‍රිස්තෝවාම පැහැදිලිව කියනව පැහැදිලිව පශ්චාත් නූතනවාදය වැඩක් නැහැ කියා හැබැයි මේ ඔක්කොම ඒ එක හවුලේ. කවුද මේවා දාන්නේ එකට? ෆූකෝවාදීන් ඩෙරිඩාවාදීන්ට බොහෝවිට එරෙහි වෙනවා. සික්සු හා ඉරිගරායි ප්‍රතිවිරුද්ධයි, කතා කරන්නෙවත් නැහැ මං හිතන්නේ ඒ ගොල්ලන්ගේ පුද්ගලික දේවල් ගැන නොවෙයි. ඒ ගොල්ල කියන ලියන දේවල් විශ්වාස කරන දේවල් පරස්පරයි කියන එකයි. ප්‍රංශ ස්ත්‍රීවාදයට හා විසංයෝගතාවාදයට ඉතා සුළු ඈත සම්බන්ධයක් ඇත්තේ සික්සු හා ඩෙරිඩා අතර පමණයි. ප්‍රංශ ස්ත්‍රීවාදය විදග්ධ නූතනවාදයේ කල්ලි කරුවෙක්. කොටස් කරුවෙක්, විදග්ධ නූතනවාදයේ ගුණ කියනවා. ඒ වගේම අර සාහිත්‍ය පුරෝගාවීන්ට හිස නමනවා. ලියෝතාද් හා ඩෙරීඩා අතර පැහැදිලි ප්‍රතිවිරෝධ තිබෙනවා. මම එක අදහසක් පමණක් කියන්නම්. අපි “ත්‍රිලට” වගේ කියනව “The subject is dead” කියලා. ඒ කියන්නේ කතෘ මැරිලා කියලා. කතෘ මැරිලා තියෙන්නේ අසනීපයක්‍ වෙලා නොවෙයි. මූලධර්මයක් හැටියට නැතිනම් ප්‍රතිපත්තියක් හැටියට. පශ්චාත් ව්‍යුහවාදී න්‍යායන් තුළ කතෘට හිමි වෙලා තියෙන්නේ ප්‍රධාන තැනක්. ඒ කතෘගේ අයිතිය ඒ සංකල්පය පවා ප්‍රශ්න කිරීමට අවකාශයක් ඇති වෙනවා. කතෘ අංග සම්පූර්ණ ස්වයං අගයක් ඇති පුද්ගලයෙක් නොවෙයි. එය හැමවිටම එහෙමයි කියලා පශ්චාත් ව්‍යුහවාදයේ දී කියන්නේ. ඒත් ඒක වහන්න අපි කතිකාව තුළ කතෘලා නිර්මාණය කරනවා. එනම් අපි නිර්මාණය කරනවා යම් කිසි විදියකින් පශ්චාත් නූතනවාදයේ බොහෝ දෙනෙක් කියන්නේ “ “ඔව් ඇත්ත! ” මේ වකවානුවේ මේ කාලයේ කතෘ නැහැ. හැබැයි කලින් නම් කතෘ කෙනෙක් හිටියා. එයා නියම කතෘ කෙනෙක්. ඒ කතෘගේ අනන්‍යතාවය දැන් ප්‍රශ්නයක් වෙලා.” එකක් පැහැදිලිව පෙනෙනවනේ එහි වෙනස? සංකල්පීය මට්ටමින් ඒ අය කියන්නේ මේ කාලයේ දී කතෘට ඒකාකාර අනන්‍යතාවයක් නැහැ. නමුත් මීට පෙර කාලයේ දී එවැන්නක් තිබුණා. ඒත් පශ්චාත් ව්‍යුහවාදය කියන්නේ එවැනි අනන්‍යතාවයක් කවදාවත් තිබුණේ නැහැ කියලයි. නමුත් මම කියන්නේ මෙතනදී අපට දකින්න පුලුවන් නොයෙක් උදාහරණ තියෙනවා. ජෙම්සන්ගෙත් තියෙනවා. ජෙම්සන් post modernism, post structuralism සදහා එක වාක්‍යයයි භාවිතා කරන්‍‍ෙන්‍‍‍. post structuralism කියන්නේ post modernism අතර පැහැදිලි ගනු ‍‍‍‍‍දෙනුවක්. එතන ති‍යන ‍ ‍‍ ‍මේ කර්තව්‍යය කුමක්ද? අපිට කර්තව්‍යයන් ඕනෑ මම එය පසුව විස්තර කරන්නම්.

අර නැති‍‍‍‍වෙච්ච මහා පරිමාණ ආඛ්‍යානයක්, එනම් සමස්තය විස්තර කරන්න පුළුවන් මාක්ස්වාදී ආඛ්‍යානය ව‍ගේ ‍ ‍ඒවා ‍‍ෙවනුවට ‍ ‍‍‍‍‍‍‍‍ෙමන්න අපි තවත් ආඛ්‍යානයක් ‍ ‍‍‍යොදනවා ‍ ‍‍‍ෙමන්න පශ්චාත් නූතනවාදය කියන එක ‍‍මේ මහා පරිමාන ආඛ්‍යානයක් හැටියට ‍යොදාගන්න හදනව. ඒ කාර්යයෙහි තමයි ‍‍ ‍‍‍‍‍‍ජෙම්සන් නිරත ‍‍ ‍වෙලා ඉන්නේ.

මීළඟ කොටස: පශ්චාත් නූතනවාදය ගැන ප්‍රශ්න සළකා බැලීම

.

Advertisements

One thought on “පශ්චාත් නූතනවාදය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )