දේශපාලනය

ගෝඩෝ එනකන්?
සංකජය නානායක්කාර

අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ‍ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය.

Continue reading දේශපාලනය

Advertisements

රුවන් වැකි, සාහිත්‍යය

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”
සුචරිත ගම්ලත් මෙලෙස සිංහල සාහිත්‍යය ඇගයීමට ප්‍රමිතීන් තිබිය යුතු යැයි අවධාරණය කරන විට ඔහු ඉන් සාහිත්‍යය, කලාව ගැන ප්‍රකාශ කරන්නේ කුමන අදහසක් ද? ඉන් ඔහු ජනතා විරෝධියෙක් බවට පත් වේද? Continue reading රුවන් වැකි, සාහිත්‍යය

කුමුදු ගේ තීරුව

ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?

“ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු ‍‍වැදගත් ‍කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි.

ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය.

දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන් ක‍්‍රමිකව බිද වැටී යාම හේතුවෙන් ඓතිහාසිකව නිර්මානය වූ තත්වයකි” යන්නයි.

ඉහත අදහස් සාකච්ඡාවට ගැනීමට මුල පිරීමක් ලෙසින් අදහස් කිහිපයක් පහත ඉදිරපත් කරන්නෙමි.

1. ලිපියේ කතුවරුන් ද එකඟ වනු ඇති පරිදි, ජාතිකවාදය සහ ප්‍රබල ආගමික හැඟීම හුදෙක් පූර්ව-ධනේශ්වර සංසිද්ධීන් යැයි කිව නොහැකි යැයි සිතමි.

දියුණු ධනපති රටවල අදද ආගමික හැඟීම් ප්‍රබලය. මූලධාර්මික ඒවාම නොවේ. දලයි ලාමා සහ ටික්නා හාන් අනුගමනය සහ භාවනාව සහ යෝගා යනාදිය පිළිපැදීම කෙරෙහි මිනිසා ඇදී යාම මිනිසාගේ ආගමික හැඟීම ගන්නා විවිධ ස්වරූප නොවේද? එයින් පෙන්නුම් කරන්නේ මිනිසා ජීවිතයේ සොයන අධ්‍යාත්මික පක්ෂයද? නූතනත්වය තුළ සිදුවූ, වේබර් දුටු “වසඟයෙන් මිදීම” තූළ තමාට අහිමිව ගිය දෙයද මිනිසා මේ යළි යළිත් සොයන්නේ? මේ අර්ථයෙන් ගත් කළ ආගමික හැඟ‍ීම මූලධර්මවාදී වීම ඇරඹෙන්නේ කොතැනින්දැයි අප විමසිය යුතුය.

සිංහල ජාතිකවාදය නායකයෙකු විසින් හුදෙක් පොළඹවා ලූ, එහි පැවැත්මට ජීවය දෙන හරයකින් තොර දෙයක්ද? ජාතිකවාදී ව්‍යාපාරයෙහි ලා සහභෘගීවන බහුජන පිරිස ඉන් කරන්නේ හුදෙක් තම සාංකාව පළකිරීමක්ද? එසේ නම්, මෙහිලා අප සමාජ සංසිද්ධියක් ලෙස ජාතිකත්වය පිළිබඳ පළකරන්නේ කුමනාකාර අවබෝධයක් ද? Continue reading කුමුදු ගේ තීරුව

කලාව

“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය”
සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස

-හනා ආරන්ඩ්ට්

“මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය.

ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි මම සිතමි.”

“පානුත්, සර්කසුත් (Panis et circenses – ආහාරයත් විනෝදයත්) දෙකම සත්‍ය වශයෙන් ම එකට විය යුතු ය; දෙක ම ජීවිතයට, එහි සංරක්ෂණය හා ප‍්‍රතිජීවනයට අත්‍යවශ්‍ය ය, ජීවන කි‍්‍රයාදාමයේ මාර්ගයේ දී මේ දෙක ම අහෝසි වී යන්නේය — එනම්, දෙක ම නිරන්තරයෙන් අලුතින් නිපදවා අලුතින් ඉදිරිපත් කළ යුතු ය, නැතොත් මෙම කි‍්‍රයාදාමය සහමුලින් නවතී. දෙකම මිනිය යුතු ප‍්‍රමිතීන් වන්නේ නැවුම් බව හා නවතාවය යි. සංස්කෘතික හා කලාත්මක වස්තූන්, එනම් අප මෙලොව හැර යාමෙන් පසු ව පවා මෙහි තිබිය යුතු යැ යි අදහස් කෙරෙන දෑ පවා, මැනීමට, අද අප මෙම ප‍්‍රමිතීන් පාවිච්චි කරන ප‍්‍රමාණය විනෝදාස්වාදයේ අවශ්‍යතාව සංස්කෘතික ලෝකයට තර්ජනය කිරීමට පටන් ගෙන ඇති තරම පැහැදිලිව දක්වයි.”

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක තෙවැනි කොටසයි.

Continue reading කලාව

පශ්චාත් නූතනවාදය ‍

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්”
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස
අර්ජුන පරාක්‍රම

” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.”

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍අවසන් කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

III

ඉතින් ඒ තුළින් පශ්චාත් නූතනවාදය ගැන ම‍ගේ ප්‍රශ්න සලකා බලමු.

01. එහි එන ප්‍රධාන ධාරාවක් තුළ ‍‍බොහෝ වශ‍යෙන්ම marxism today වගේ තැන්වල ති‍නෙ ධ‍‍නේශ්වර විග්‍රහය මම හිතන්නේ අතිශය අවලංගුයි. මම හිතන්නේ එය අති සරලයි. වැරදියි. new times – “නව කාලයක්” කියලා සංකල්පයක් ඒ අය ‍‍ ‍ගොඩනගලා ති‍‍‍‍‍‍‍‍‍‍ෙයනවා. ඒක ‍බො‍‍‍හොම ජනප්‍රියයි. ඒ නව කාල‍යේ ධ‍‍‍‍‍නේශ්වරය අසංවිධානාත්මක බවයි ඔවුන් දක්වන්නේ. ඔවුන්ට අනුව සංවිධානාත්මක ධ‍‍‍‍‍නේශ්වරයක් කලින් තිබුණා. නමුත් එය දැන් නැහැ. අද ති‍නේ‍නේ අසංවිධානාත්මක ධ‍‍නේශ්වරයක්. එම නිසා අපට අවශ්‍ය ‍දේශපාලන ක්‍රියාවලියත් ‍වෙනස්. මම ඒක කියවන්නම්. ඒක වැදගත් ‍ ‍‍වෙනවා.

“….the new times writers argue variously that capitalism has changed from the organized to the disorganized form, from corporatists to post corporatists, from Fordists to post Fordists, that labour processes become flexibilised. The labour markers are become more segmented and there have been a decline in the degree of the homogeneity of the working class, and working class organizations, that the main focus of the politics has changed from production to consumption culture has changed from modernists to post modernists.

“ “ නව කාල‍යේ” ‍‍ ‍ලේඛකයෝ විවිධ ආකාර‍යෙන් මෙසේ තර්ක කරති. සංවිධාන්තමකව තිබූ ධ‍‍නේ ‍ශ්වරය දැන් අසංවිධානාත්මක ‍ ‍‍‍ෙවලා. විශාල ධ‍‍‍ෙන්ශ්වර ඒකක එනම් විශාල වෙළෙඳ සංවිධාන පශ්චාත් ‍‍වෙළෙද සංවිධාන බවට පත්වෙලා. ෆෝඩ්වාදීන් ‍ගේ සිට පශ්චාත්-ෆෝඩ්වාදීන් බවට පත් ‍වෙලා. කම්කරුවන් නම්‍යයි. ඒ කියන්නේ ශ්‍රම ක්‍රියාවලිය නම්‍ය ‍වෙලා. ශ්‍රම ‍වෙළෙඳ ‍‍පොළ වඩාත් ‍‍කොටස්කාරී ‍‍‍ෙවලා, බදිලා. කම්කරු පංති‍ය හා කම්කරු පංති සංවිධානයන්ගේ ඒකාකාර බව බිඳිලා, අඩු වෙලා, ඒක විෂම වෙලා. දේශපාලනයේ ප්‍රධාන අවධානය නිෂ්පාදනයෙන් පරිභෝජනයට වෙනස් වෙලා.” මේක බොහොම ජනප්‍රිය විකල්පයක්. “ සංස්කෘතිය නූතනවාදයේ සිට පශ්චාත් නූතනවාදයක් බවට පත්වෙලා.” අපට නූතනවාදයක් තිබුණේ නැති නිසා මෙය අපට වලංගු නැහැ. ඇත්ත වශයෙන්ම මේක පල්බොරු. මම දකින්නේ අලුත් විදියේ සංවිධානයක් මිස අසංවිධානාත්මක බවක් ඇතිවී නැහැ. ඇත්ත වශයෙන්ම ඔය වගේ න්‍යායන් යොදා ගන්න පුළුවන් බටහිර විතරයි. මෙහෙ යොදා ගන්න බැහැ, මෙහාට වලංගුත් නැහැ. Continue reading පශ්චාත් නූතනවාදය ‍

සාහිත්‍යය

” සාහිත්‍යය අද හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා”
-මහාචාර්ය සුචරිත ගම්ලත්

“සාහිත්‍ය කියන්නේ සමාජයක තිබෙන බුද්ධිමය සංවාදයක්‌. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක්‌ නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්‌ත්‍රය පිළිබඳ දැනුමක්‌ නැති, බටහිර භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ නොකළ හිස්‌ මිනිසුන් පිරිසක්‌ අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්‌වී තිබෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්‌.”

Continue reading සාහිත්‍යය