පශ්චාත් නූතනවාදය ‍

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්”
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස
අර්ජුන පරාක්‍රම

” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.”

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍අවසන් කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

III

ඉතින් ඒ තුළින් පශ්චාත් නූතනවාදය ගැන ම‍ගේ ප්‍රශ්න සලකා බලමු.

01. එහි එන ප්‍රධාන ධාරාවක් තුළ ‍‍බොහෝ වශ‍යෙන්ම marxism today වගේ තැන්වල ති‍නෙ ධ‍‍නේශ්වර විග්‍රහය මම හිතන්නේ අතිශය අවලංගුයි. මම හිතන්නේ එය අති සරලයි. වැරදියි. new times – “නව කාලයක්” කියලා සංකල්පයක් ඒ අය ‍‍ ‍ගොඩනගලා ති‍‍‍‍‍‍‍‍‍‍ෙයනවා. ඒක ‍බො‍‍‍හොම ජනප්‍රියයි. ඒ නව කාල‍යේ ධ‍‍‍‍‍නේශ්වරය අසංවිධානාත්මක බවයි ඔවුන් දක්වන්නේ. ඔවුන්ට අනුව සංවිධානාත්මක ධ‍‍‍‍‍නේශ්වරයක් කලින් තිබුණා. නමුත් එය දැන් නැහැ. අද ති‍නේ‍නේ අසංවිධානාත්මක ධ‍‍නේශ්වරයක්. එම නිසා අපට අවශ්‍ය ‍දේශපාලන ක්‍රියාවලියත් ‍වෙනස්. මම ඒක කියවන්නම්. ඒක වැදගත් ‍ ‍‍වෙනවා.

“….the new times writers argue variously that capitalism has changed from the organized to the disorganized form, from corporatists to post corporatists, from Fordists to post Fordists, that labour processes become flexibilised. The labour markers are become more segmented and there have been a decline in the degree of the homogeneity of the working class, and working class organizations, that the main focus of the politics has changed from production to consumption culture has changed from modernists to post modernists.

“ “ නව කාල‍යේ” ‍‍ ‍ලේඛකයෝ විවිධ ආකාර‍යෙන් මෙසේ තර්ක කරති. සංවිධාන්තමකව තිබූ ධ‍‍නේ ‍ශ්වරය දැන් අසංවිධානාත්මක ‍ ‍‍‍ෙවලා. විශාල ධ‍‍‍ෙන්ශ්වර ඒකක එනම් විශාල වෙළෙඳ සංවිධාන පශ්චාත් ‍‍වෙළෙද සංවිධාන බවට පත්වෙලා. ෆෝඩ්වාදීන් ‍ගේ සිට පශ්චාත්-ෆෝඩ්වාදීන් බවට පත් ‍වෙලා. කම්කරුවන් නම්‍යයි. ඒ කියන්නේ ශ්‍රම ක්‍රියාවලිය නම්‍ය ‍වෙලා. ශ්‍රම ‍වෙළෙඳ ‍‍පොළ වඩාත් ‍‍කොටස්කාරී ‍‍‍ෙවලා, බදිලා. කම්කරු පංති‍ය හා කම්කරු පංති සංවිධානයන්ගේ ඒකාකාර බව බිඳිලා, අඩු වෙලා, ඒක විෂම වෙලා. දේශපාලනයේ ප්‍රධාන අවධානය නිෂ්පාදනයෙන් පරිභෝජනයට වෙනස් වෙලා.” මේක බොහොම ජනප්‍රිය විකල්පයක්. “ සංස්කෘතිය නූතනවාදයේ සිට පශ්චාත් නූතනවාදයක් බවට පත්වෙලා.” අපට නූතනවාදයක් තිබුණේ නැති නිසා මෙය අපට වලංගු නැහැ. ඇත්ත වශයෙන්ම මේක පල්බොරු. මම දකින්නේ අලුත් විදියේ සංවිධානයක් මිස අසංවිධානාත්මක බවක් ඇතිවී නැහැ. ඇත්ත වශයෙන්ම ඔය වගේ න්‍යායන් යොදා ගන්න පුළුවන් බටහිර විතරයි. මෙහෙ යොදා ගන්න බැහැ, මෙහාට වලංගුත් නැහැ.

අද විශේෂයෙන්ම ජාත්‍යන්තර ශ්‍රම විභජනය දිහා බැලුවම කම්කරු පන්තිය ඉතා විශේෂ ලෙස, ඇත්ත වශයෙන්ම ඒකේ ලිංගික පදනමකුත් තියෙනවා. ඒ කියන්නේ තුන්වන ලෝකයේ ස්ත්‍රිය පැහැදිලි විදියට ඔය නිදහස් වෙළද කලාප වගේ දේවල් තුළින් මුළු ලෝකයේම කම්කරුවෝ හැටියට ක්‍රියා කරනවා. ඉතිං මම හිතන්නේ අසංවිධානාත්මක යයි කියන්න පුළුවන් ඒ නිව් යෝක් නගරයේ දෘෂ්ටියෙන් හරි මොකෙන් හරි. ඇත්ත වශයෙන්ම එහෙත් කම්කරුවෝ ඉන්නව. ඒ කම්කරුවොයි මෙහෙ කට්ටියයි සංසන්දනය කළොත් මේ විදියේ පටු ආකාරයකින් මිසක් උපරිමව උනත් තිබෙන්නේ අර්ධ සත්‍යයන් පමණයි. මම හිතන්නේ “ New times “ මේක අලුත් කාලයක් යයි කියන විග්‍රහයන් වලට ලිංගිකත්වය, ජාතික වැනි වි‍ශ්ලේෂණයන් අඩංගු නැති නිසා තමයි අපට පටු විදියට කියන්න පුළුවන් වෙන්නේ, මේවා අසංවිධානාත්මකයි කියලා. සංවිධානය වෙනස් වෙලා. එපමණක් නොව ජාත්‍යන්තර ශ්‍රම විභජනය තුළින්, ජාතිය, ස්ත්‍රී භාවය තුළින් මේ පීඩනය පැහැදිලිවම පවතිනවා.

ඇත්ත වශයෙන්ම ඊට පස්සේ ඒ ගොල්ලො කියනවා. පසුකාලීන ධනේශ්වර සමාජවල ජේම්සන් මැන්ඩෙල්ගෙන් ගත් ඒ වාක්‍යය කියනවා අපට තියෙන්නේ පශ්චාත් කාර්මික සමාජයක් ( post-industrial society) කියලා. අපි පැහැදිලිවම දන්නව ඒක බොරුවව ඒක අපට වලංගු නැහැ. අපට තියෙන්නේ පශ්චාත් කාර්මික සමාජයක් වෙනුවට හැම අංශයක්ම කාර්මික කරණය වුණු වැඩි වැඩියෙන් කාර්මිකරණය වන සමාජයක්. අපට මේ කරුණ පෙන්නුම් කරන්න පුළුවන්. මම හිතන්නේ පෙරී ඇන්ඩර්සන් කිව්ව කතාවක් මෙතැනට වලංගුයි. අපි බොහොම කැමතියි අර අනෙක් පැත්තෙනුත් කියන්න මෙම ධනේශ්වර ක්‍රමය බොහොම අර්බුදයක ඉන්නේ, එය අද හෙටම නැතිවෙනවා. ඒක දැන් මලානික වෙලා, මැරිලා කියලා. පෙරී ඇන්ඩර්සන් කියනවා, ධනේශ්වර ක්‍රමය දැන් ඉතාම පැහැදිලි ජවයක් ඇති පැහැදිලි ගතික බවක් ඇති හා බොහෝම ස්ථාපිත ආර්ථික බල වේගයක් හැටියට පවතිනවා කියලා. (capitalism today remains both an immensely dynamic and stable economic force) ඒත් එක්කම ඔහු කියනවා ධනේශ්වර ක්‍රමය ආර්ථික පදනමක් හැටියට පැවතුනාට එහි දේශපාලනමය බලය තුළ නිර්මාණශිලී බව හෝ නැවුම්බව බංකොලොත් වෙලා කියලා. ඒක මතක තියාගන්න. මම හිතන්නේ පශ්චාත් නූතනවාදයේ එක් ප්‍රධාන ධාරාවක එක් ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේක. ඒක පළමුවන එක. මේක අළුත් නූතන වාදයක්. නූතනවාදය අපට පසු කරන්න වෙන්නේ අළුත් සමාජයක් බිහි වෙලයි. මේ සමාජය සාම්ප්‍රදායික ධනේශ්වර සමාජයට වෙනස්.

02. මේකෙන් පන්ති විග්‍රහය විකෘති වෙනවා. සමාජ පංති තුළින් කෙරෙන ඒ සමාජ විග්‍රහය පැහැදිලිවම පටලව ගන්නවා. ඒ එක් එක් ප්‍රායෝගික අවස්ථාවල කම්කරුවන්ගේ පංතිවල අයගේ හැඟීම් හා බලපෑම් අනුවයි. දැනට ඉන්න කම්කරු පංතියේ හැඟීම් අර සම්ප්‍රදායික රාමුවට ෆිට් වෙන්නේ නැති නිසා අපිට සමාජ විග්‍රහයක් හෝ පංති විග්‍රහයක් අවලංගු කරන්න බැහැ. ඒකත් එක න්‍යායාත්මක විග්‍රහයක්. අනෙක දැනට පවතින තත්වයේ දී කම්කරුවෝ හෝ අන් සමාජ පංතියක් තමා ගැන හිතන ආකාරය තුළින් සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය. ඒ තුළින් අර මම කිව් පරිදි ලිස්සා යෑමක් සිදුවෙනවා. ඒකත් ප්‍රායෝගික දත්තයක්. අනෙක විග්‍රහයක්. මම හිත්නනේ මාක්ස්වාදී විග්‍රහය තාම රඳා පවතින්නේ අර සංකීර්ණ හෝ වේවා අති සරළ කිරීම මත නොවේ. පන්ති විග්‍රහයක් තුළයි. ඒක අනිවාර්යයි. අත්‍යඅවශ්‍යයි. ඒ තුළට අපි එකතු කරනවා ස්ත්‍රීවාදී විග්‍රහයකුත්, ජාතික පදනමින් ඇති විග්‍රහයකුත්, අනික් විග්‍රහයනුත් අපි එකතු කරනවා. ඉතිං ප්‍රායෝගික අත්දැකීමක් මේ අය යොදා ගන්නවා, අර පංති විග්‍රහයක් කියන එක අවලංගු කරන්න. බොහෝ පශ්චාත් නූතනවාදී ලියවිලි වල තියෙන්නේ ඒකයි. පංති විග්‍රහයක් වලංගු නැහැ. ඒකට තියන දත්තය, සාක්ෂිය ප්‍රායෝගික දෙයක්. න්‍යායාත්මක දෙයට ප්‍රායෝගික දෙයක්.

තමන්ගේ ඒ බටහිර පටු යථාර්ථයන් පොදුවේ හැම දෙනාටම වලංගු වෙන විදිහට තීරණ හා සංකල්ප ඉදිරිපත් කිරීම මම කලින් කිව්ව වගේ කෝකටත් තෛලයක් හැටියට පෙන්නුම් කිරීමක්. ඇත්තෙන්ම මේ හැම වෙලාවෙම පරමාදර්ශී මාදිලිය වෙන්නේ බටහිර මතය. පශ්චාත් නූතනවාදී ආකෘතිය හැමවිටම ඇත්තේ එතන. …… මොකක්ද පරමාදර්ශය? මොකක්ද විග්‍රහයේ යොමුව? ඒ බටහිර සමාජයයි. ඒක සෑම සමාජයකටම පටවනවා. ඇත්ත වශයෙන්ම එතන මම හිතන්නේ අර ලියොතාද්ගේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජයන්ගෙන් ගන්නා ඒ න්‍යායයන් හැමෝටම එක සමානව පටවනවා. හැබැයි ලියොතාද් කියනවා මේවා හැමතැනටම එකසේ අදාළ නැහැයි කියලා. මේවා අනෙක් තැන්වල වෙනස් වෙනවයි කියලා. හැබැයි මේ සංකල්පය යැවීමේ දී එක ඒකාකාරී (homogenous) කරනවා.

මම එක උදාහරණයක් දෙන්නම්, එය කිරීමේදී ඇති වන දේශපාලන ගැටලුව පිළිබඳ. අපි දන්නවා මුණිදාස කුමාරතුංග ලියල තියෙනවා, මේ රටේ ඉන්නෙ සිංහල අය පමණයි කියලා. අප සමහර අය සිංහල, දෙමළ සමහර අය සිංහල මුස්ලිම්, තවත් අය සිංහල බර්ගර්. සිංහල සිංහල කියන්නේ නැහැ. ඒ නිසා මේ හැමෝම සිංහල. දැන් එතන අර පරමාදර්ශය වෙන්නේ ආධිපත්‍යමය ධාරාව. ඒ කියන්නේ බලය වැඩිය ඇති බහුතරයේ බලය. තව උදාහණයක් දෙන්න පුළුවන්. අර විශ්වීය දේ ගැන කථා කරන්නේ ආධිපත්‍ය හිමි බහුතරයයි. වරක් මැන්දිස් රෝහණධීරත් සමග මම ගුවන්විදුලි සාකච්ඡාවකට ගියා. දෙමළ පක්ෂ ජාතිවාදියි කියල ඔහු කියනවා. ඔහු කියනව, “බොහෝ දෙමළ පක්ෂවල දෙමළ කියන වචන ඇතුළත් වෙලා තියෙනවා කියල Tamil United Liberation Front ඒකේ දෙමළ කියලා දාලා තියෙනවා. LTTE එකෙත් එහෙමයි. සිංහල පක්ෂවල එහෙම නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, වැනි පක්ෂවල පුළුල් ජාතික දැක්මක් තියෙනවා. මේ නිසා දෙමළ පක්ෂ පටු දෘෂ්ඨියක ඉන්නවයි කියලා ඔහු කියනවා.” ඇත්ත වශයෙන්ම නැහැ. අර පුළුල් බව අපට ගන්න පුළුවන් වෙන්නේ ආධිපත්‍යය අපට හිමිවුනාම පමණයි. මේ සිංහල කියන වචනය නොදා සිංහල නියෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ වගේම දෙමළ පක්ෂයක් දෙමළ කියන වචනය දැම්මේ නැත්නම් එකෙන්ම අවලංගු වෙනවා. “කොහෙමද දෙමළ මිනිස්සු මේ රට ගැන කථා කරන්නේ?” යන ප්‍රශ්නය මතු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ විශ්වීය දේ පෙන්වන්න පුළුවන්. බටහිර ලෝකයේ ආධිපත්‍යය දරණ අය පරමාදර්ශය හැටියට ගන්නේ තමන්. එසේ අරගෙන ඒ තුළින් අනෙක් හැමෝම ඒකාකර කිරීමක් කරනවා. ඒ සමාජයේ යම්කිසි සුවිශේෂ බවක් තියෙනවා නම් ඒක හැමෝටම පටවනවා පශ්චාත් නූතනය නමින්. ඒකට ෆිට්වෙන්නේ නැති දේවල් තියෙනව නං ඒවත් ඔක්කොම මල්ලට දාගන්නවා. එතකොට අර විශ්වීය මල්ලේ හැම දෙයක්ම තියෙනවා. මේ නිසා ඒ වගේ ක්‍රියාවලියක් අපි සැක කරන්න ඕනෙ.

එ වගේ අතිසරල කිරීම් සිදු වෙනවා මේ නිසා. පශ්චාත් නූතනවාදී දැනුම් සම්භාරය නව යටත් විජිතවාදයේ එකක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අපි ඒක එහෙන් ගන්නේ, ඒ මාදිලිය, ඒ ආකෘතිය.

03. අධිවිධග්දභාවයේ නිදහසට කරුණු (Alibi) – පශ්චාත් නූතනවාදය මම දකින්නේ විශේෂයෙන්ම ලංකාවේ අධිවිධග්ධවාදයේ කල්ලිවාදයක් හැටියටයි. එනම් “බුද්ධිමය තග” වගේයම් ප්‍රතිරූපයක් මෙහි දී දක්නට පුළුවන්. මේක හැබැයි ප්‍රගතිශීලීන්ගේ නාමයෙනුයි කෙරෙන්නේ.

04. මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්. ඒත් පශ්චාත් නූතවාදීන් දියත් කරන්නේ ආඛ්‍යාන නෑ කියන එකයි. මේ අය දැන් අපට ප්‍රධාන ආඛ්‍යාන, මූලික ආඛ්‍යාන එනම් බයිබලයක් වගේ ඒවා නැහැ කියලා. මෙන්න තවත් බයිබලයක් පෙන්නුම් කරනවා. මේකෙ පැසිස්ට්වාදී පීඩාකාරී ලක්ෂණත් තියෙනවා. ඇත්ත වශයෙන්ම යථාර්ථයක් තමා හැමෝටම වලංගුවන ආඛ්‍යාන (meta narratives) තියෙනවා කියන එක. මේ සදහා උදාහරණයක් ලෝක බැංකු වාර්තාවකින් ලැබෙනවා. මෙහි සදහන් වෙනවා “නිල භාවිතය සදහා පමණයි, රහසිගතයි” යනුවෙන්, ඒ කියන්නේ මේක කාටවත් පෙන්වන්න බැහැ, කියලයි. කොහොම උනත් මේ බලන්න මෙහි කියන ඒවා. ලංකාව ගැන තියන සංක්ෂිප්තයෙහි කියනවා “වෙළඳ පොල හරියාකාරව ක්‍රියාකරනවා” කාටද? “ශ්‍රී ලංකාවේ වෙළදපොල සම්පූර්ණයෙන්ම තරගකාරීයි.” මේක මම ඉන්න ලංකාවේ නම් නැහැ. මේවා ප්‍රධාන ආඛ්‍යාන නොවේද? ලෝක බැංකු ආධිපත්‍ය හිමි මේ ප්‍රධාන ආඛ්‍යානයේ කියන්නේ “ඔව් අපි මෙච්චර කල් කරපු දේ සම්පූර්ණයෙන් හරි. ලංකාවේ දැන් වෙළඳපොල සාධාරණ තරගකාරිත්වයකින් යුතුයි.” මං හිතන්නේ මේක ප්‍රධාන ආඛ්‍යානයක අනු ආධ්‍යානයක්. මේ සදහා දත්ත ගන්නත් ඇත්තේ ඒකට හරියන දත්ත වෙන්න ඕනෑ. මං කියන්ඩ හදන්නේ ඒක බොරුවක් බවයි. ප්‍රධාන, මූලික ආඛ්‍යාන නැහැ කියන එක බොරුවක්. අනෙක ඒ මුවාවෙන් තව වෙන ආඛ්‍යානයක් ඉදිරිපත් වෙනවා.

පශ්චාත් නූතනවාදයේ තියන සාධනීය පැත්ත මා හිතන හැටියට මෙසේයි. ලියොතාද් කිව්ව වගේ “අපි සමස්තයට විරුද්ධව සටන් කරමු.” ඒ සටන් පාඨය හොදයි. මාක්ස්වාදී සමස්තය අර පරණ යල් පැනපු එක. “අපි වෙනස්කම් පෙන්නුම් කරමු” මේ ඒ අයගේ සටන් පාඨය.

ව්‍යුහය දෙසට තිබූ අතිශය අවධාරණය කතිකාවන් වෙතට යොමු කරලා තියෙනවා. ව්‍යුහයන් පමණක් නොවෙයි, ඒ ව්‍යුහයන් විකාශනය වන කතිකාවන් තියෙනවා. කතිකාවන්ට යම්කිසි සාපේක්ෂ නිදහසක් තියෙනවා. මම මෙතනදී කියන්නේ මේකයි. අර අන්තවාදීන් කියන විදියට කතිකාවන් පමණයි තියෙන්නේ, ව්‍යුහයන් නැහැ කියන එක නොවෙයි. මන්ද ඒකත් බොරුවක්. අපි දැන් තේරුම් ගන්න ඕනෑ, අර පරණ විධියේ ව්‍යුහවලට සීමා කිරීමේ අපේ විග්‍රහය මදි බව. ව්‍යුහය තුළින් ජනනය වන හා කතිකා තුළින් ජනනය වන ව්‍යුහ හා කතිකා අතර තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඒක හැදෑරීම අපේ යුතු කමක්.

ඒ වගේම මම හිතන්නේ මේ තුළින් නිර්-ප්‍රභූ කොටස් වලටත්, වෙනත් පැතිවලින් කොන් වූ කොටස්වලටත් (marginalized) හඩක් ශක්තියක් ඇති කරන්න පුළුවන් වෙනවා පශ්චාත් නූතනවාදය උපක්‍රමිකව පාවිච්චි කලා නම්. ඒ සංකල්පය තුළ ඒක ගැබ්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක හුඟදෙනෙක් දකිනවා. මට කීපයක් පමනක් කියලා දෙන්න පුළුවන්. මේ සදහා පශ්චාත් නූතනවාදය කියන අර මහා මල්ලේ සමහර දේවල් තුළින් යම් යම් දේ ලබා ගතහැකි ක්‍රමවේදයක් අපට ලැබෙනවා. ඒ වගේම යල් පැනපු, ප්‍රයෝජනවත් නොවන න්‍යායන් හා ගුරුකුල වන්දනා කිරීම මෙයින් නවත්තන්න පුලුවන්. එම යල් පැනපු න්‍යායන් පිළිබඳ මේ තුළින් නැවුම් දැක්මක් ලබා ගන්න පුල්වන්. හැබැයි අපි මෙය උපක්‍රමශීලීව පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේම නූතනවාදයේ අඩංගු අර ප්‍රාවීනවාදයේ ලක්ෂණ පොඩ්ඩක් බිඳින්න පුලුවන්. ඒ සඳහා පර්තා වැටර්ජි කියවන්න. වැටර්ජි නූතනවාදය, නවීකරණය යන මේවා තුල අඩංගු වෙලා තියන ප්‍රාචීනවාදී අදහස් වලට එක විදිහේ ප්‍රතික්‍රියාවක් එල්ල කරලා තියෙනවා.

මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?

නිමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )