දේශපාලනය

2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය
– විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි

හෙට 2010 ජනාධිපතිවරණය පැවැත්වෙයි. මීට මාස 8 කට පමණ පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග තරඟ කිරීමට සිතීම පවා කෙනෙකු කරන්නේ කෙසේදැයි ඇසූ සමාජයක් වෙනදා පුරුදු ඡුන්දයකදී මෙන්ම දෙපිලකට බෙදී සිටින්නේ එකී මහින්ද රාජපක්‍ෂ එහි අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදීමය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස යුධ ජයග‍්‍රහණයේදී ඔහු සමඟ සිටි ඔහුගේ යුධ හමුදාපතිවරයා ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වයම යුධ ජයග‍්‍රහණයේ සුජාත අයිතිය තමන්ට හිමිවිය යුතු බව කියා සිටිති. මෙවන් සන්දර්භයක් තුල වර්තමාන නිමේෂයෙහි කිසියම් මූල බීජයක් යුධ ජයග‍්‍රහණයේ නිමේෂය හා බැඳී පවතින්නේ යැයි සිතිය හැක. එබැවින් වර්තමාන මෙහොත පිලනිබඳ උදහසක් දැක්වීමට ප‍්‍රවේශයක් ලෙස 2009. 05. 19 වන දින එනම් යුධ ජයග‍්‍රහණයෙන් ප‍්‍රභාකරන්ගේ මරණයෙන් දිනකට හෝ දෙකකට පසු මවිසින් ලියන ලද ලිවීමක කොටසක් උපුටා දක්වමින් ආරම්භ කිරීම උචිත යැයි සිතමි.

“ප‍්‍රභාකරන් අවසන්ය. මේ රතිඤ්ඤා හඬේ, අසීමිත පී‍්‍රතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු කි‍්‍රයාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත‍්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප‍්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නිම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇතිතෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලූ ප‍්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ..”

යුධ ජයග‍්‍රහණයේ දිනය වනතුරු දකුණේ සමාජයට අවිවාදාත්මකව එකඟතාවයකට පත්විය හැකි දුෂ්ඨ නපුරු අයහපත් බලවේගයක් විය. ඒ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ සංවිධානයයි. ඒ අනුව සියලූ දුෂ්ඨකම්වල, නපුරුකම්වල උල්පත, ඒවායේ නියෝජිතයා, කොන්ත‍්‍රාත්කරුවා හා සහචරයා එය විය. එනම් ශී‍්‍ර ලංකාව දෙකඩ කිරීමේ වුවමනාව, සිංහල ජාතිය විනාශ කිරීමේ කෲර චේතනාව, අතාර්කික හෝ උන්මත්තක යැයි අප පරිකල්පනය කරන ලේ පිපාසය, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්, කි‍්‍රස්තියානි මිෂනාරි කුමන්ත‍්‍රණ, ඒකාධිපතිවාදී පාලනය, අවනීතිය, ම්ලේච්ඡත්වය සහ සාමාන්‍ය ජනතාවගේ ධනය සූරාකමින් නායකයින් සුර සැප විඳීම, මානසික රෝගී හැසිරීම් සහිත නායකයින් යනාදී සියල්ල කරපින්නාගෙන සිටියේ ඒ අසහාය දුෂ්ඨත්වය දරාසිටි ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය යන භෞතිකය විසිනි (මේ සියල්ල පිලිබඳ අඩු වැඩි චෝදනා හා මැසිවිලි වෙනත් අය වෙතද මේ කාළය තුල එල්ලව තිබිය හැකි වුවද මා කියා සිටින්නේ මහජන කතාකිව තුල මේ සියල්ලේ පරම වගඋත්තරකරුකොට තිබුණේ ප‍්‍රභාකරන් වන බවයි. නොඑසේනම් අනෙක්වා ප‍්‍රභාකරන්ගේ දුෂ්ඨත්වය ඉදිරියේ නොතකාහැර සිටියහැකි තරමේ ඒවා විය.)ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය යන භෞතික ශරීරයන් විනාශකොට දැමුනු පසුව මේ අසීමිත (පරිකල්පනය කළහැකි නරකම) දුෂ්ඨත්වය දරා සිටීමට තනි ශරීරයක් අහිමිව යන ලදී.

අනතුරුව සිදුවූයේ අප කිසිසේත් නොසිතූවිරූ දෙයකි. යුධ ජයග‍්‍රහනය සමරමින් කිරිබත් කෑ අපි කිරිබත් මතෙන් නිදාගෙන නැගිටින විට තත්වයන් වෙනස්ව තිබුණි. ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානයේ මියගිය සිරුරුවලින් නික්මුනු ඒ අදිසි දුෂ්ඨ බලවේගයෝ ඒ දුප්පත් සිරුරු හැරදා තටු සලා ඉගිලගොස් සමස්ථ ලාංකීය සමාජයේ සෑම අස්සක් මුල්ලක් කරාම පියඹාගොස් ලාංකීය මිනිස් ආත්මභාවයන් තුලද කිඳාබැස ඒවායෙහි වැදී සැඟව ගත්හ. දැන් එලැඹ ඇත්තේ ප‍්‍රභාකරන්නේ මෘත ශරීරය මතින් නැඟීසිටි ඒ දුෂ්ඨ බලවේගයන් ලාංකීය මිනිස් සන්තානයන් පත්ලෙන් ඉවතට ඇද විනාශකොට දැමීමේ නිමා නොවන අරගලයයි. මේ ජනාධිපතිවරණ සටන යන සංවාද තලය තුල එකී අරගලය පරමත්වයට නැංවීමක් වෙයි.

අප මේ සෑම දෙනෙක් දෙසටම ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන දුෂ්ඨත්වය පිලිබඳ සංවාදය අප තේරුම් ගන්නේ කෙසේද ? එය කිසියම් ලෙසකින් සූත‍්‍රගත කරන්නේ, අරුත් ගන්වා ගන්නේ කෙසේද යන්නට පිලිතුරක් සෙවීම මෙම ලිවීමෙහි අපේක්‍ෂාවයි. අවසානාත්මකව මෙම දුෂ්ඨ බලවේගයන්ගේ වංගකරියෙන් ඔබ්බෙහි වන අනාගතවාදී කි‍්‍රයාවක් කෙරෙහි වන අපේක්‍ෂාවක්ද මෙහි ගැබ්ව ඇත. ඒ අනුව මෙය මේ නිමේෂය තුල එතරම් ජනපි‍්‍රයවාදී නොවන නමුත් මාගේ සිතීමේ හැටියට මඟහැර යා නොහැකි කටයුත්තක් වෙයි. Continue reading දේශපාලනය

Advertisements

දේශපාලනය

2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
– ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි

Get PDF ‍ PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here

2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි.

මෙම ජනාධිපතිවරණය පැහැදිලිව පෙන්වන කරුණක් නම්, එල්ටීටියේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මෙරට අධිපති මතවාදය ලෙස ජාතිකවාදය ස්ථාපිත විනැයි ජාතිකවාදීන් තුළ විශ්වාසයක් ඇතිවී නම්, ඊට බරපතළ අභියෝගයක් එල්ලකිරීමට සමත් ලෙසින් ලිබරල්වාදය ලංකාවේ ස්ථාපිත වීඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළෙන් කුමන පිළක් ජයග්‍රහණය කළද, එම පිළ බලය යොදා තම මතවාදී අධිපතිභාවය පසමිතුරු පාර්ශවය මත පිහිටුවීමට යොමුවිය හැකිය. එසේ කළහොත් ඉදිරි කාලයේදී මෙම ගැටුම තවත් උග්‍රවී ලාංකේය සමාජය තුළ දිගු කල් පවත්නා විසංවාදයක් ඇති කිරීමට ඉඩ ඇත. එයින් අප සමාජයේ පවත්නා අධිකාරවාදී ප්‍රවණතා තවත් ශක්තිමත් කිරීමෙන්, එහි ස්ථායීභාවයට බලවත් තර්ජනයක් එල්ල කිරීමේ අනතුරකට අප මුහුණ පෑමට ඉඩ ඇති බව අවධාරණය කරන්නට අප කැමැත්තෙමු.

මේ මොහොතේ ලාංකේය සමාජයේ යහපත පතන්නන්ගේ වගකීම වන්නේ, මෙම අවදානම මගහැරීම සදහා අපගේ සමාජීය පරිකල්පනාව, වත්මන් ජනාධිපතිවරණයේදී තමන් පක්ෂපාතී පිළ දිනවීමට කටයුතු කිරීමෙන් ඔබ්බට යොමු කිරීම බව අපගේ විශ්වාසයයි. පහත, අප ඉදිරිපත් කරන විග්‍රහය ඒ අරමුණින් කෙරෙන්නකි. Continue reading දේශපාලනය

ජනාධිපතිවරණය

ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න
නිර්මාල් රංජිත් දේවසිරි විසිනි

අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි.

Continue reading ජනාධිපතිවරණය