දේශපාලනය

2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
– ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි

Get PDF ‍ PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here

2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි.

මෙම ජනාධිපතිවරණය පැහැදිලිව පෙන්වන කරුණක් නම්, එල්ටීටියේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මෙරට අධිපති මතවාදය ලෙස ජාතිකවාදය ස්ථාපිත විනැයි ජාතිකවාදීන් තුළ විශ්වාසයක් ඇතිවී නම්, ඊට බරපතළ අභියෝගයක් එල්ලකිරීමට සමත් ලෙසින් ලිබරල්වාදය ලංකාවේ ස්ථාපිත වීඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළෙන් කුමන පිළක් ජයග්‍රහණය කළද, එම පිළ බලය යොදා තම මතවාදී අධිපතිභාවය පසමිතුරු පාර්ශවය මත පිහිටුවීමට යොමුවිය හැකිය. එසේ කළහොත් ඉදිරි කාලයේදී මෙම ගැටුම තවත් උග්‍රවී ලාංකේය සමාජය තුළ දිගු කල් පවත්නා විසංවාදයක් ඇති කිරීමට ඉඩ ඇත. එයින් අප සමාජයේ පවත්නා අධිකාරවාදී ප්‍රවණතා තවත් ශක්තිමත් කිරීමෙන්, එහි ස්ථායීභාවයට බලවත් තර්ජනයක් එල්ල කිරීමේ අනතුරකට අප මුහුණ පෑමට ඉඩ ඇති බව අවධාරණය කරන්නට අප කැමැත්තෙමු.

මේ මොහොතේ ලාංකේය සමාජයේ යහපත පතන්නන්ගේ වගකීම වන්නේ, මෙම අවදානම මගහැරීම සදහා අපගේ සමාජීය පරිකල්පනාව, වත්මන් ජනාධිපතිවරණයේදී තමන් පක්ෂපාතී පිළ දිනවීමට කටයුතු කිරීමෙන් ඔබ්බට යොමු කිරීම බව අපගේ විශ්වාසයයි. පහත, අප ඉදිරිපත් කරන විග්‍රහය ඒ අරමුණින් කෙරෙන්නකි.

ලිබරල්වාදය ස්ථාපිතවෙයි
ජනාධිපතිවරණයේදී, ලිබරල්වාදය, සිංහල ජාතිකවාදයට බරපතළ අභියෝගයක් එල්ලකරන්නට සමත්වීමෙන් පෙනී යන්නේ ලිබරල්වාදී චින්තනය මෙරට සමාජයේ මුල් බැසගෙන ඇති බවයි. ලාංකේය සමාජයට ප්‍රබල බලපෑමක් කරන්නට සමත්, ලිබරල් ජීවන ක්‍රමය පිළිගත්, නව සමාජ පංතියක් ලංකාවේ ස්ථාපිත වී ඇති බවයි.

යටත්විජිතවාදය යටතේ මෙරට ස්ථාපිත වූ ධනවාදී ආර්ථිකය සහ ධනේෂ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය පදනම් කොට ගෙන බිහිවුණු ධනේෂ්වර, ප්‍රභූ පැළැන්තියටත් ඔවුනට දේශපාලන පදනම සැපයූ ගතානුගතික සමාජ ස්ථරයන්ටත් නවජීවනයක් ලබා දෙන්නට සමත් වී ඇත්තේ මෙම නව නාගරික මැද පංතියයි.

මෙම නව පංතිය, වෙළදපොළ තුළ තම ආර්ථිකය සහ සමාජීය තත්ත්වය ගොඩනංවා ගැනීම සදහා අවශ්‍ය නිදහස පතන, එය අගය කරන පිරිසකි. මෙම සමාජ පංතියේ පැනැ නැගීමට ආසන්නතම හේතු ඇත්තේ, 1977න් පසු ජේ. ආර්. ජයවර්ධනගේ පාලන තන්ත්‍රය විසින් මෙරට සියලු ප්‍රජාතන්ත්‍රීය ආයතනික ව්‍යුහයන් අඩපණ කරමින්, ඒකාධිකාරී ව්‍යවස්ථාවක් ගොඩනගමින් ඇති කළ, ආර්ථික සහ සමාජීය විපර්යාසයන්හි ය. ආර්ථිකයේ රාජ්‍ය අංශයට එතෙක් හිමිව තිබූ තැන, පෞද්ගලික අංශයට ලබාදීමත්, නිර්බාධිත ආර්ථිකයක් සහ වෙළඳ පොළක් බිහිකිරීමත්, රාජ්‍ය නොවන සංවිධාන අංශයේ වර්ධනයට අනුබල දීමත් මේ විපර්යාසයන්ට අත්තිවාරමක් සැපයුවේය.

නිර්බාධිත ආර්ථිකයක් මත බිහිවූ, නාගරික සහ අර්ධ-නාගරික, මැද පංතියේ දූදරුවන් චන්ද්‍රිකා තා‍ක්ෂණයේ පිහිටෙන් ගෝලීයකරණය වූ ජනප්‍රිය සංස්කෘතිය නමැති ගරු නාමයෙන් හැන්වෙන විනෝදාස්වාද කර්මාන්තය වැළඳ ගෙන, එකළ ලිබරල් මානවවාදයට එරෙහි ශුන්‍යතාවාදයක් ඉදිරිපත් කළ “පශ්චාත්නූතනවාදය” ක් තම න්‍යාය බවට පත් කර ගත් නමුත්, ඔවුහු මේ වන විට පොදුවේ ගත් කළ යළිත් ලිබරල්වාදයට පසු බැස සි‍ටිති.

ජාතිකවාදය, ධනවාදය හමුවේ කාංසාවන් ප්‍රකාශයට පත් වීමක්ද?
ධනවාදය සමාජයට මුදාහරින පරිභෝජනවාදය සහ ලාභය අරමුණු කරගත් සමාජ සංවිධානය තර්ජනය එල්ල කරන්නේ සාමූහිකයක් වශයෙන් මානව සමාජයේ මූලික පදනමටය. ජාතිකවාදය වත්මන් යුගයේ තම දේශපාලනයට යොදා ගන්නේ තම සාමූහික පැවැත්මට එරෙහිව එල්ලවන තර්ජනයට ප්‍රතිරෝධය දක්වන්නට ජනයාට ඇති අවශ්‍යතාවය යි. එහෙයින්, ජාතිකවාදය ඊට අනුබලය සපයන ජනයාගේ අභිලාෂයන් ගත් කළ, හුදෙක් ධනවාදය විසින් මුදාහැර ඇති තත්ත්වයන් හමුවේ උපන් කාංසාවන් ප්‍රකාශයට පත්වීමක් නොව, සාමූහිකත්වය, ප්‍රජාවක් පිළිබඳ හැඟීමක් නියෝජනය කරන බව අපගේ අදහසයි. තම සාමූහික ජීවිතයේ සංස්කෘතික පදනමට තර්ජනයක් එල්ලවූ විට ධනවාදයේ වෙළඳ පොළ තර්කනය කලාව ඇතුළු සියලු සමාජීය දේ, එහි ග්‍රහණයට ගන්නට පටන් ගත් විට, ඊට ප්‍රතිරෝධය දක්වන්නට ජනයා තුළ ඇති අභිලාෂය ජාතිකවාදය තම දේශපාලනයට යොදා ගනියි.

සිංහල ජාතිකවාදය මෑත සමයේ පුනර්ජීවනයක් ලැබූවේ, 1977න් පසු උදා වූ පාලන තත්ත්‍රය යටතේ ගෝලීය ධනවාදයටත්, ඒ කැටුව ආ පරිභෝජනවාදයටත් පෙර නොවූ විරූ පරිද්දෙන් ලංකාවේ දොරටු විවර වීමත් සමගිනි. යුද්ධයත් සමග, ජාතිකවාදය, බඩ-කට වෙනුවට, රට නොහොත් පොදු යහපත ගැන සිතීමේ අදහස අපගේ දේශපාලනයට ඉදිරිපත් කළේය.

2005 ජනාධිපතිවරණයෙන් පසු සිංහල ජාතිකවාදයේ සියලු උත්සාහයන් යොමු වූයේ එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගනු පිණිස රජයට සහය වීමටය. යුද්ධය තුළ ජාතිකවාදය ලාංකික දේශපාලනය මත තම මතවාදී අධිපතිභාවය පිහිටුවීය. එහෙත් සිංහල ජාතිකවාදයට යුද්ධය ජයග්‍රහණය සඳහා කැපවීමෙන් ඔබ්බට ලාංකේය සමාජයට ඉදිරි දැක්මක් සම්පාදනය කොට තහවුරු කිරීමේ හැකියාවක් නොවීය. යුද්ධයෙන් පසු යලිත් බඩ-කට ගැනම පමණක් නොසිතා රටට ප්‍රමුඛතාවය දෙන්නට වැදගත් හේතු ජාතිකවාදයෙන් ජනතාවට ඉදිරිපත් නොකෙරුණි.

සිංහල ජාතිකවාදයේ පදනම සපයන ග්‍රාමීය ස්ථරයන් අතර අද ධනවාදය කැටුව එන පරිභෝජනවාදය මුල් බැස ගෙන තිබීමෙන් පෙනීයන්නේ, සිංහල ජාතිකවාදය ධනවාදයට හෝ පරිභෝජනවාදයට සැබෑ විකල්පයක් සම්පාදනය කරන්නට අපොහොසත් වී ඇති බවයි. ඔවුන්ගේ විකල්පයවී ඇත්තේ ධනේශ්වර ආර්ථික සංවර්ධනයක් මත ජාතිය ගොඩනැංවීමේ අදහස බව පෙනී යයි.

ලිබරල්වාදයට විකල්පයක් ලෙස රජය ශක්තිමත් කිරීම කෙරෙහි ජාතිකවාදය විශ්වාසය තබා ඇතිබව ද රාජ්‍ය කේන්ද්‍රීය මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පොදු ආර්ථික අභිවෘද්ධිය ගෙන දෙනු ඇත යන විශ්වාසය මත පිහිටා ජාතිකවාදය කටයුතු කරනබවද පෙනෙයි. ජාතිකවාදය රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා වර්ධනය කිරීම, පවුල රැකීම මුල් කොට ගෙන මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, සහ දරු පරපුරේ අනාගත අභිවෘද්ධිය වැනි දෑ අවධාරණය කරන්නේ ඒවා ලිබරල්වාදයට අභියෝගකරන්නට සමත් වනුඇත, එයින් ජාතිකවාදය ශක්තිමත් වනු ඇත යන මතයේ පිහිටා බව පෙනෙයි.

ජාතිකවාදීන් ඉදිරිපත් කරන ජාතික ආර්ථිකයක් පිළිබඳ අදහස, ආර්ථිකය සමාජයේ පදනම ලෙස ගන්නා, නූතනවාදී න්‍යායන්ගේ එල්බ ගැනීමකි. ලිබරල්වාදයට විකල්පයක් වශයෙන් බුරුමය හෝ වෙනත් කිසියම් රටක් මොඩලයක් වශයෙන් ගැනීම, සිංගප්පූරුව හෝ මැලේසියාව තම ආකෘතිය වශයෙන් ගන්නා ලිබරල්වාදීන්ගේ නූතනවාදී චින්තනය හා සමාන සිතීමකි.

අප පතන පොදු යහපත: පුද්ගල නිදහස ද? සාමූහික දිවි පෙවෙත ද?
ලිබරල්වාදයත් ජාතිකවාදයත් ඒවායේ හරයෙන් ප්‍රකාශ කරන්නේ අපගේ සාමූහික ජීවිතය සංවිධානය කරගැනීමේ ආකාර දෙකකි. ලිබරල්වාදය පුද්ගලයා මුල් කොට ගන්නා සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරන අතර, ජාතිකවාදයට අනුබල දෙන ජන අභිලාෂයන් හි හරයෙහි ඇත්තේ සාමූහිකය මුල්කොටගත් සමාජ සංවිධානයක් පිළිබඳ අදහසකි.

අප ගේ සාමූහික දිවි පැවැත්ම සඳහා අප පතන පොදු යහපත පුද්ගලයා මුල් කොට ගත්තක්ද, සාමූහිකය මුල්කොට ගත්තක්ද යන්න අප විසින් ඇසිය යුතුව තිබේ. ප්‍රධාන කොටම අප සාමූහික එකඟතාවට පත් විය යුතු කරුණ මෙය මිස, අප කුමන ආර්ථික සහ සාමාජීය ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද යන්න නොවේ. දෙවැනිව කී ප්‍රතිපත්ති, අප ගොඩනඟා ගත යුත්තේ පොදු යහපත පිළිබඳ අප එළඹෙන එකඟතාව මතය.
ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අප මුහුණපාන ගැටලු ගැට ගැසී ඇත්තේ නූතනත්වයේ ප්‍රකාශණයක් ලෙස අප වැළඳගෙන ඇති ධනේශ්වර, ලිබරල්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සමගිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලොව දේශපාලනයේ ‍ඓතිහාසික විකාශනයක අවසානය ලෙස ගත යුතු නොවේ. ඉතිහාසය අපේ පැවැත්ම තීරණය නොකරයි. අපේ පැවැත්ම තීරණය කරන්නේ අපි විසිනි. අපට අප ජීවත්වන ලෝකය වෙනස් ආකාරයකට සංවිධානය කරගත හැකිය.

රාජ්‍යය පිළිබඳ නූතනත්වයේ ගැටලුව වන්නේ, ජාතික රාජ්‍යය සම්ප්‍රදායික ආර්ථික කළමණාකාරීත්වයේ මෙවලම බවට පත්වීමයි. එහෙයින් ලිබරල්වාදයේ දේශපාලනය රාජ්‍ය සීමා කිරීමේ දේශපාලනය යි. ‘රාජ්‍යය යනු පුරවැසියන්ගේ සංගමයයි’ යන අර්ථයෙන් ගතහොත්, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ පුරවැසියන් අතර පොදු යහපත පිළිබඳ දේශපාලන සංවාදය සඳහා අවකාශය සංවිධානය කිරීමයි.

“සමාජ ගැටලු” පිළිබඳ නූතනවාදී කතිකාව
ලිබරල්වාදී දේශපාලන වේදිකාවේ, ජනප්‍රිය සටන් පාඨය බවට පත්ව ඇති දූෂණය, වංචාව, නාස්තිය සහ විනය පිරිහීම ට එරෙහි වීම යටින් ඇත්තේ නීතියේ පාලනය පදනම් කොටගත් පුද්ගල නිදහස රාජ්‍යය විසින් තම ග්‍රහණයට ගෙන ඇතැයි යන අදහසයි. රජයේ දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් මහජන මුදල් වංචා සහ නාස්ති කිරීමට එරෙහිව, රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට එරෙහිව දැඩි නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම, නීතියේ පාලනය මත පදනම් වූ පුද්ගල නිදහස තහවුරු කිරීමට අවශ්‍ය දෙයකි.

දූෂණය, වංචාව සහ නාස්තිය සහ විනය පිරිහීම හුදු කළමණාකරණ ප්‍රශ්නයක් ලෙස ගතහොත් ඒවා විසඳීම සඳහා අවශ්‍ය වන්නේ ඉහළින් අපමත බලපවත්වන දැඩි පාලනයකි. එසේ නැතිව ඒවා සමාජ සංසිද්ධි ලෙස සැළකුවහොත් අප සිතිය යුතු වන්නේ, සමාජයක් වශයෙන් අපටම විනයගරුක, නීතිගරුක, අවංක පුද්ගයන් බවට පත්විය හැක්කේ කෙසේද? යන්නයි.

මිනිසා යහපත් මිනිසෙකු කිරීම අධිකාරවාදී පාලකයෙකු විසින් ඉහළ සිට පැනවෙන අධිකාරයකින් සිදු කිරීමට යොමුවීම, පුරවැසිභාවය මත පදනම් වූ දේශපාලන සංවාදයක් සමාජයේ නොතිබීමේ ප්‍රතිඵලයකි. අපගේම ක්‍රියාකලාපයන් පිළිබඳ සාමුහික ආචාර ධර්මීය විනිශ්චයට ඇති හැකියාව වගාකර ගැනීමට අසමත් වූ සමාජයක ප්‍රතිඵලයකි. සමාජ සංසිද්ධීන් කළමණාකරණයෙන් විසඳිය හැකි ගැටලු ලෙස දකින ලිබරල්වාදී න්‍යාය පත්‍රය මග හරින දෙය නම්, මෙම ආචාර ධර්මීය කරුණයි. ජාතිකවාදය, තම රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධන ආකෘතිය තුළ ඇමතීමට අසමත්වන කරුණ ද මෙයය.

ලිබරල්වාදය රාජ්‍යය සීමා කිරීමේ තම ව්‍යාපෘතිය තුළ, නිවැරදි ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, නීතියේ පාලනය යටතේ යහ පාලනය ස්ථාපිත කිරීම සහ ඒ පදනමෙහි මූලික අයිතිවාසිකම් හා නිදහස රැකීම දේශපාලනයේ හරය කොට සළකයි. එහෙයින්, මහජනයා පදනම් කොටගත් පුරවැසි දේශපාලනයක් කෙරෙහි විශ්වාසයක් මූලිකවම නොතබයි. ලිබරල්වාදයට මහජනයා අවශ්‍ය වන්නේ ඡන්දය ලබා ගැනීමටය.

යුද්ධය අවසන්වූ පසු විනය පිළිබඳ කතිකාව පළමුව මතුව ආවේ ජාතිකවාදී රාජ්‍යය දිශාවෙනි. සංවර්ධනය සඳහා දැඩි විනය අවශ්‍ය‍ බව කියැවිණි. ප්‍රමුඛතාව දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට නොව විනයට බව කියන්නට විශේෂඥයෝ ඉදිරිපත් වූහ. ඉන් පසුව,මෑතදී, ජනාධිපතිවරණයේදී මෙම කතිකාව ප්‍රතිපක්ෂ පිළේ ප්‍රධාන සටන් පාඨය සම්පාදනය කළේය.

අපගේ සාමූහික ජීවිතයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අප අපොහොසත්වීම තුළ අපේ ගැටලු වලින් අප ගලවාගන්නට ඒකාධිපති නායකයෙකු වුව හොඳයැයි කියන තැනට අප කලක සිට පත්වී තිබෙන්නේ මන්දැයි අප සිතිය යුතුය. ආර්ථික සංවර්ධනය උදාකළ ඒකාධිපති නායකයන්ගේ පාලනයන් යටතේ සිදුවූ සියලු ආකාරයේ දේශපාලන නිදහස මර්ධනය කිරීම් නොසළකා හැර ඔවුන් වර්ණනා කරන්නට පෙළඹීමෙන් අප පෙන්නුම් කරන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දේශපාලන නිදහස කැප කරන්නට අප සූදානම් බවද?

අපගේ සියලු “සමාජ ගැටලු” වලින් අපව මුදවාලන සංවර්ධන වැඩපිළිවෙලක් හෝ නායකයෙක් පිළිබඳ අපේක්ෂාව පැන නඟින්නේ “සමාජ ගැටලු” වලට සරල, කෙටි විසඳුම් ඇත යන නූතන විශ්වාසයෙනි. සමාජීය සංසිද්ධීන් “සමාජ ගැටලු” ලෙස දකින නූතන සමාජ විද්‍යාත්මක කතිකාවෙනි.

ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
තම ජීවිතයට අර්ථයක් සපයන, තමාට පිටස්තර වඩා උසස් දෙයක එනම්, සාමූහිකයක, ප්‍රජාවක සාමාජිකයෙකු ලෙස තම අද්විතීය පුද්ගලභාවය විශිෂ්ඨත්වයට ගෙන ඒම මානව පැවැත්මේ අවශ්‍යතාවකි. මෙම අවශ්‍යතාව ලිබරල්වාදයෙන් වත්, ජාතිකවාදයෙන් වත් නූතන මිනිසාට සපුරාගත නොහැකිය.

ලිබරල්වාදය විසින් මුදාහරින නමුත්, එය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත්වන සමාජ සංසිද්ධිය නම් සමාජයෙන්, ලෝකයෙන් විගලිත වූ, හුදෙකලා වූ පුද්ගලයා ය. ලිබරල්වාදය, පුද්ගලයාට පිටස්තර වඩා උසස් දේ ලොව ඇතැයි යන්න ගැන දක්වන්නේ උදාසීන ගතියකි. ජාතිකවාදය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත්වන සමාජ සංසිද්ධිය නම් ලොව වෙනස් වූ තත්ත්වයන් යටතේ, පුද්ගල නිදහස, සමාජීය බහුත්වය සහ විවිධත්වය ප්‍රජාවේ අංගයන් විය යුතු බවය. ලිබරල්වාදයත්, ජාතිකවාදයත් දෙකම ධනවාදය විසින් මානව ලෝකයට මුදාහරිනු ලැබ ඇති සමාජ ව්‍යසනයන් ගැඹුරින් ආමන්ත්‍රණය කරන්නේ නැත.

මෙහිදී, ජාතිකවාදයත්, ලිබරල්වාදයත්, පසමිතුරු නොව ඌණ පූරක හරයන් නියෝජනය කරන ලෙස සළකා එම දෙ-මතවාදයන්ට එකිනෙකින් පෝෂණය වන්නට අවකාශ සැළැස්වීමෙන්, මෙම විසංවාදය සමනය කිරීමේ මගක් පරිකල්පනය කළ හැකි බව අපගේ විශ්වාසයයි.

ලිබරල්වාදයේ පරමාදර්ශය වන නිදහස් පුද්ගලයා පිළිබඳ අදහස, සමාජයෙන් සහමුලින්ම නිදහස් වු, ස්වාර්ථකාමී පුද්ගලයෙකු පිළිබඳ කරුණකට ලඝු නොකොට, නිදහස් පුද්ගලයා යනු, තම අද්විතීයභාවය ප්‍රකාශ කිරීමට ඇති නිදහස තුළ, සාමූහිකය තුළ විශිෂ්ඨත්වයක් අත්පත් කරගන්න‍ට උත්සාහ දරන්නා, එනම්, සක්‍රීය පුරවැසියා ලෙසත්, ඒ සඳහා අවකාශ සලසන නිදහස මහජන අවකාශය, ප්‍රජාව ලෙසත් සැළකීමෙන් අපට ලිබරල්වාදයත්, ජාතිකවාදයත් මුහුණදෙන ද්වි-විධ සංසිද්ධීන් ආමන්ත්‍රණය කරන පරිකල්පනාවක් වර්ධනය කරගත හැකිය. පුද්ගලයා සාමූහිකය සමඟ බැඳීමක් නැති, ඉන් ස්වායත්ත කෙනෙකු වීමෙන් ඔහු/ඇය සාමූහිකය සමඟ ඇති සබඳතාව හුදු වානිජ ගනුදෙනුවක් බවට පත්වීමෙන්, සාමූහිකය අනතුරේ හෙළයි.

ජාතිකවාදයෙන් නියෝජනය වන ප්‍රජාව පිළිබඳ අදහසට අනාගතයක් ඇත්තේ ‘සංවර්ධනය’ පිළිබඳ අදහස තුළ නොව පුරවැසිභාවය පිළිබඳ අදහස තුළය. ප්‍රජාව යන පදයට ඇතමුන් විරුද්ධවන්නේ ප්‍රජාව අත්‍යන්තයෙන්ම සමජාතීකරණයක් අපේක්ෂා කරන්නේය, යන අදහස මත පිහිටා විය යුතුය. ජාතිකවාදය එවැනි සමජාතීකරණයක් අපේක්ෂා කරයි. නමුත්, බහුත්වය, විවිධත්වය රැකගතහැකි ප්‍රජාවක් ද වෙයි. ඒ පුරවැසි ප්‍රජාවයි. වෙනස් වී ඇති ලෝක තත්ත්වයන් යටතේ පුද්ගල නිදහස පදනම් වන ජනවාර්ගික, ආගමික ඈ බහුත්වය සහ විවිධත්වය පිළිබඳ අදහස ජාතිකවාදය විසින් යටපත් කරන්නේ නම්, එම ජාතිකවාදය ජනයාගෙන් ප්‍රතික්ෂේපවනු ඇත.

(මෙම ලිපියේ සිරස්තලය අප සකසා ගත්තේ ස්ලාවොජ් ජීසෙක් ගේ අදහසක් ණයට ගැනීමෙනි.)

Advertisements

“දේශපාලනය” වෙත සිතුවිලි 8ක්

  1. Even though the article has tried to conceptualize Nationalism and Liberalism as binary opposites in a broader way which have already been articulated in the academia,it fails to address some real issues in contemporary Sri Lankan politics,specially in this presidential election.I would like to raise some of them for further discussion.

    Could we assume that there is a apparent demarcation between to political forces, competing for the presidency.In my view, both forces focus on to promote nationalist ideology in two different way.In short, the fight is between two nationalist agents,one of them is a retired army commander and the other one is president of war winners.Major driving forces behind them also consist of nationalist trends in both parties, who act the major role in this election.A pure nation and a secured country is the slogan bared by both.

    On the other hand both have the similar perception on development,that is partly nationalist and partly liberal.Although, MR has been forced to concentrate on estate centric economy by the global economic crisis he still rely on emerging Eastern world powers which are no longer nationalist.Even though SF’s economic policy is not apparent it could also be predicted to be a National-liberal economy when his major supporters are JVP and UNP. Even among MR’s supporters,the colors are the same.

    Finally,I see this election as a fight between hybrid self.A nation-liberal MR is on a one side and his mirror image SF in the other side.Audience celebrate not Vanni Meheyuma but Kolamba Meheyuma.The burning interest on presidential election is no more than the thrill they enjoy.

    1. ක්‍රිෂාන්ත,

      මේ, ඔබ ප්‍රශ්න මතුකරන අපේ ලිපියේ එන අදහස් පිළිබඳ අපගේ එලඹුම පැහැදිලි කිරීමකි.

      අපගේ උත්සාහය වූයේ ව්‍යවහාරයේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන් ලෙස ගැනිය හැකි ජාතිකවාදය සහ ලිබරල්වාදය ඒවා වැළඳ ගන්නා මිනිසුන්ගේ පර්යාලෝකයෙන් ගත් කල ඒවායේ හරයන් වන දෑ පසමිතුරු නොව අන්‍යෝන්‍යව වඩා ස‍ඵල කරන දේ ලෙසින් අර්ථ විවරණය කළ හැකි බවයි.

      ජනාධිපතිවරණයේ දෙපිළ පිළිබඳ අපගේ විග්‍රහය ට අප පදනම් කර ගත්තේ එවා තමන් එකිනෙකාගෙන් පැහැදිළිව වෙන් කොට හඳුන්වා ගැනීමටත්, මහජනයා තමන් වෙත ආකර්ෂණය කරගැනීමටත් යොදාගන්නා ප්‍රතිපත්ති යෝජනා ය. එක පිළක් තමන් පැහැදිළිවම ජාතිය ගොඩනැංවීම පිළිබඳ සංකල්පගත කිරීමක් මත ඡන්ද සටන මෙහෙයවන අතර අනෙක් පිළ තම ඡන්ද ව්‍යාපාරය සංකල්ප ගත කළේ “ නිවැරදි ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, නීතියේ පාලනය යටතේ යහ පාලනය ස්ථාපිත කිරීම සහ ඒ පදනමෙහි මූලික අයිතිවාසිකම් හා නිදහස රැකීම” මතය. දෙවැනි එළඹුම සහමුලින්ම ජාතිකවාදී නොවේ යැයි අපි නොකියමු. එය ජාතිකවාදී වෙතොත් එසේ විය හැක්කේ පළමු පිළ ජාතිකවාදීවන අර්ථයට වඩා අතිශයින් වෙනස් අර්ථයකින බව අපගේ අදහසයි. අප මෙහිදී සැළකිල්ලට ගත්තේ එක් එක් පිළේ දේශපාලන අදහස් මිස පුද්ගල ප්‍රතිරූප නොවේ.

      වෙළඳ පොළ සම්බන්ධයෙන් ගත් කළ මේ වන විට ලංකාවේ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ එය නිර්බාධිතව පවත්වාගෙන යාම පිළිබඳ මූලික එකඟතාවකට පැමිණ සිටිති. අප මීට පෙර වතාවක, වත්මන් පාලන තන්ත්‍රය “නව ලිබරල් ජාතිකවාදයක්” නියෝජනය කරන්නේ යැයි යෝජනා කළේ මෙම තත්ත්වය ද සිහිපත් කරමිනි. වත්මන් රජය රාජ්‍ය කේන්ද්‍රීය මහා පරිමාණ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති අරඹා ඇත්තේ විදේශ ණය මත පදනම්වය. මෙම ව්‍යාපෘති ජාතික ධනේශ්වර පංතියක් සමුච්ඡායනය කරන ධනය මත පදනම්ව ගොඩ නැ‍ංවෙන ඒවා නොවේ. අනෙක් පිලේ ප්‍රතිපත්ති ප්‍රකාශය එය සැදුම් ගන්නා විවිධ‍ාකාර පක්ෂ වල මතවාද තාවකාලිකව අත් හිටුවා තනාගත් අවම වැඩපිළිවෙලක් මත පදනම්ව ඇති හෙයින් මෙම පිලේ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ නිගමන වලට එළඹීමට තවම වේලාසන වැඩි යැයි අපි සිතමු.

      දෙමුහුන් අස්මිතාවක් (hybrid self) යනුවෙන් ඔබ ඉදිරිපත් කරන අදහසෙන් අප තේරුම් ගන්නේ කුමක්දැයි අප වෙනම විමසිය යුතුය.

      අපගේ යෝජනාව වත්මන් පාලන තන්ත්‍රය එයට අන් බලපෑමකින් තම ස්ථාවර‍ය වෙනස් කර ගන්නට බල කෙරුණොත් මිසක තම ලිබරල් කියාපෑම් මේ මැතිවරණයේ පටන් බොහෝ දුරට අත්හරිනු ඇති බවයි. ජනාධිපතිවරණය දැවැන්ත මාධ්‍ය ප්‍රෙක්ෂාවක් බවට පත්වී තිබීමෙන් ම ජනයා එය හුදු විනෝදාස්වාද අවස්ථාවක් ලෙස පමණක් සලකන්නේ යැයි අපට කිව නොහැකි යැයි සිතමු. හැමවිටම ගැඹුරින් නොවූවද, හැම තැනම සිදුවන දේශපාලන සාකච්ඡා එයට නිදසුන් යැයි සිතමු. ජනයා තමන් පෙනී සිටින ආස්ථානයන් පිළිබඳ බරපතල උනන්දුවක් දක්වන බව අපගේ නිරීක්ෂණය යි. ඒ සමගින් ඔවුන් විනෝදයක් ලැබීමද නරක දෙයක් නොවේ යැයි සිතමු.

      ‘කතිකා’

  2. Dear Kathika Friends,
    Let me first conclude your key points in your reply and secondly, I will bring my observations upon them.
    1. You are likely to assume that this election is not just a competition between two people. Political leaders and their supporters are highly concerned with the political stand points they support for, liberalism or the nationalism instead.(At the same time you seem to hypothesis that nationalism has been defeated by the liberalism after the assigned duty ,winning the war.-This is well illustrated not in the reply but in the first article when you say, මෙම ජනාධිපතිවරණය පැහැදිලිව පෙන්වන කරුණක් නම්, එල්ටීටියේ ත්රsස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මෙරට අධිපති මතවාදය ලෙස ජාතිකවාදය ස්ථාපිත විනැයි ජාතිකවාදීන් තුළ විශ්වාසයක් ඇතිවී නම්, ඊට බරපතළ අභියෝගයක් එල්ලකිරීමට සමත් ලෙසින් ලිබරල්වාදය ලංකාවේ ස්ථාපිත වීඇති බවයි.).

    2. Two political forces have fore grounded their presidential election campaign in two deferent political view points, nationalism and liberalism.

    3.Enthusiasm of this election amongst public is not due to mere a mega media spectacle that is because they are highly concerned about their political stand points.

    First, I believe neither the politicians nor the supporters are highly concerned with the political stand points especially in this election. Central issue in this election raised by both political parties is the same; who is the real war hero. As a result it has become just a fight between two personalities who contributed to the war victory in different positions hence, whether we like or not, it has become a struggle between two images.
    On one side there is, as they suggest, well experienced both politically and being a leader for three military forces candidate, who is also sensitive, decent and trust worthy hence he will assure the future of the nation. On the other side there is a candidate who himself baptized as impartial (nirpakshika), well disciplined as an army official, who has shown that he can keep promises by winning the war. Further he competes not for himself but for the whole country (mata pera rata). By just looking at the slogans, I suggest that primary concern of the both political parties is to promote the image of their candidate as the guardian of the nation or the country. Policies they suggest are a part of it and also they cannot be estimated by asking the question which is liberal and which is nationalist. This is quite apparent in the two political manifestos of two candidates. If you see MR is manifesto there are both liberal and nationalist policies in it. While he promises for a unitary country the aims of the future lie on a liberal way, when he states of a development and economic prosperity. He says that he will build up a country to become a center for five global centers.(Goliya pancha maha Kendra).On the other hand, SF’s policies are more like to be promises but even he suggests to built up a country to be a democratic without corruption. If you see his manifesto you will realize that constitutional reforms are not the central issue they address as you suggest (එක පිළක් තමන් පැහැදිළිවම ජාතිය ගොඩනැංවීම පිළිබඳ සංකල්පගත කිරීමක් මත ඡන්ද සටන මෙහෙයවන අතර අනෙක් පිළ තම ඡන්ද ව්යාyපාරය සංකල්ප ගත කළේ “ නිවැරදි ව්යiවස්ථාවක් සම්පාදනය කොට, නීතියේ පාලනය යටතේ යහ පාලනය ස්ථාපිත කිරීම සහ ඒ පදනමෙහි මූලික අයිතිවාසිකම් හා නිදහස රැකීම” මතය.)
    Yes, they criticize executive presidency just because it is a threat to democracy and leads towards corruption. As I see them, SF’s main promises are not to change fundamentals which are articulated by MR. But to change the way they are practiced. According to the orators of either JVP or UNP, they are less likely to change the fundamentals of semi nationalist and semi liberal governance. In1994. CBK tried to humanize the liberalism (or the liberal economy as they said) but in 2010 SF’s focus is, as I feel, to humanize nationalism. I do not think that we can just assume that his campaign is going to be pro-liberalist for just one reason that is role of UNP. In ideological terrain JVP acts a major roll. If you analyze their discourses in both print and electronic media it would also be quite apparent.
    If UNP contest this election as a separate party, we could have seen whether nationalism (I would more like to call it media nationalism) has defeated ideologically. I personally believe that when nominations for Presidential election were called MR’s popularity was at its zenith and now part of it has been stolen by his own ideological son Mr SF. That is reason for me to call this is a contest of hybrid self in one sense. Api wenuwen api has changed to be Apita erehiva Api.
    On the part of the supporters or the public, they just also have a simple question. First, who is responsible for the war victory and who will likely to keep the promises. If you are sensitive to the media campaign of both candidates you could see that the slogans, advertisements, criticism of both parties lie in the same ground. Country, Nation, Corruptions, Agreements with minorities and promises are common in both campaigns. Do you see any difference in them to be liberal or nationalist? I see them to be Natio-libaralist slogans. As I suggest in my first comment, cause for the enthusiasm of public is due to a dramatic situation in occassional politics, as prof. Sarachchandra defines a dramatic situation to be a rock on a top of a mountain and no one could predict to which side it will fell in. Yes, I am not opposing to their right to enjoy dramatic situation. But real danger is, even organic or the critical intellectuals are also trapped in this political drama or te dilemma, which is proposed, maintained and consumed by the politicians and the media. I suggest that we will confront the real challenge to enhance the political consciousness among the citizen or open up a discussion of common wellbeing in the public sphere after the presidential election. According to my experience there would no longer be any public who are now in front of the media and in political rallies. Definitely, there will only be a few. Yes, let us keep on discussing politics there too.
    To begin with, we can ask very simple questions as citizens.
    1. What would be the system of governance we should have as a multi religious multi ethnic and multi lingual country.
    2. What would be the economic policy?
    3. What would be the cultural policy?

    (P.s policy should not necessarily be in modernist sense.)

    1. ක්‍රිෂාන්ත,

      අප යෝජනා කලේ ලිබරල්වාදය, ජාතිකවාදයට බරපතල අභියෝගයක් එල්ල කරන්නට සමත් වී ඇති බව මිස, එය ජාතිකවාදය පරාජය කොට ඇති බව නොවේ.

      ඔබේ අදහස ජනාධිපතිවරණයේදී ප්‍රධාන දෙපිල මතුකරන කේන්ද්‍රීය වාද විෂය ‘සැබෑ යුද වීරයා කවුද?’ යන්න බවයි.

      ජනාධිපතිවරණයේ ප්‍රචාරණ සටන එහි පසු අදියරේදී එම වාද විෂය ට මාරු වූ බව සැබෑය.

      නමුත් විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් “නිර්පාක්ෂිකයෙකු” තෝරා ගනිමින් ඔහු ව‍ටා එක්වූ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සහ පුද්ගලයන් සියලු දෙනා පුසිද්ධියේ සහ පෞද්ගලිකව ප්‍රකාශ කළ මූලික අදහස අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රති-ස්ථාපිත කිරීමේ අභිලාශයයි.

      ඔබ කියා සිටින පරිදි ජනාධිපතිවරණය හුදු ප්‍රතිරූප දෙකක් අතර අරගලයක් ලෙස අපට ගත හැක්කේ එය එහි ප්‍රචාරක සටනට ලඝු කරන්නේ නම් පමණි. මෙහිදී ප්‍රචාරක සටන මාධ්‍ය ප්‍රෙක්ෂාවක් වශයෙන් අප ග්‍රහණයට ගන්නට සමත් වී ඇති නමුදු අප අවධාරණය කරන්නට කැමැත්තේ මහජනයා ජනාධිපතිවරණයේ දෙපිල අතර පිල් බෙදීම පිටුපස ඇත්තේ මෙම මැතිවරණයෙන් තීරණය වනු ඇතියැයි තම තමන් විශවාස කරන කරුණු පිළිබඳ, තමන් පෞද්ගලික වශයෙන් තමාට (සහ/හෝ තම ආසන්න ඥාති මිත්‍ර සමූහයට) හෝ පොදුවේ සාමූහිකව හෝ අපේක්ෂා කරන යහපත පිළිබඳ අදහසක් මුල් කර ගත් විශ්වාසයන් බවයි.

      මැතිවරණ ප්‍රකාශනයන් දෙක ප්‍රකාශයට පත්වූයේ ජනාධිපතිවරණ සටනේ අවසාන අදියරේදී ය. ඊට පෙර සකස් කෙරුණු අපගේ ප්‍රකාශය සම්පාදනයේදී සාකච්ඡාවට ගත්තේ එක් එක් පිළ මහජනයා ට තම ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීමේදී අවධාරිත මූලික එළඹුම් මිස ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි එන සුවිශේෂ කරුණු නොවේ. දෙපිළ වටා එක්වන ජන දෙකොටසේ අපේක්ෂා ලිබරල්වාදී සහ ජාතිකවාදී ලෙසින් පුළුල්ව වෙන් කොට ගත හැක්කේ ඒ අනුවය. (උදාහරණයක් දක්වතොත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රථිස්ථාපනය මුල් කොටගත් නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා කෙටුම් පත් සකස් කොට අවසාන බව විපක්ෂ සන්ධානය විසින් ප්‍රකාශ කොට තිබේ. ) එසේ නොමැතිව ලිබරල්වාදී සහ ජාතිකවාදී එළඹුම් අතර චීන මහා ප්‍රාකාරයක් ඇතැයි අප කියා නොසිටිමු. ලංකාවේ ලිබරල්වාදයත් ජාතිකවාදයත් දෙකම ස්ථාපිත වී ඇති හෙයින් කුමන හෝ ආණ්ඩුවක පාලනය මේ දෙමතවාද යන් අතර පරාසයේ දෝලනය වනු ඇත. ජවිපෙ ද මෙම සන්ධානයට එකතු වන්නේ තම දේශපාලන පැවැත්ම මුල් කොඑ ගත් අවම කොන්දේසි මත ය යන්න ඔවුන් ප්‍රකාශ කො‍ට ඇත.

      ඔබ දෙමුහුන් අස්මිතාව යැයි සඳහන් කරන්නේ මෙම දෙපිලේ ප්‍රකාශිත අදහස් වල දක්න‍‍ට ඇතැයි ඔබ පවසන ලිබරල්-ජාතික අදහස් සම්මිශ්‍රණයට නම්, අප විග්‍රහ කරන්නට උත්සාහ කළ පරිදි ලිබරල්වාදයෙන් හුවා දැක්වෙන පුද්ගල නිදහස පිළිබඳ අදහසත්, ජාතිකවාදය වටා එක් වන ජනයාගේ අභිලාශයන් ඒ හා බැඳී ඇතැයි අප යෝජනා කරන සාමුහිකත්වය පිළිබඳ අදහසත් දෙකම, ජීවවිද්‍යාත්මක පැවැත්ම ඉක්මවා යන මිනිස් පැවැත්මේ මූලික අවශ්‍යතාවන් ලෙස දැක්විය හැකි හෙයින්, ඒ අර්ථයෙන් ගතහොත් මිනිසා ‍ට පොදුවේ ඇත්තේ දෙමුහුන් අස්මිතාවක් යැයි කියන්නට ඔබට හැකිවනු ඇත.

      ඔබ දක්වන පරිදි මාධ්‍ය තුළින් ජනාධිපතිවරණ නාටකය නරඹන අපේ විචාරක්ෂියට විද්‍යුත් ගිනිකණ වැටුණහොත් ජනාධිපතිවරණය පිළිබඳ යථාර්ථය ගැබ් වී ඇත්තේ මාධ්‍ය ප්‍රේක්ෂාව තුළ යැයි යන නිගමනයට අප එළඹීමට ඉඩ තිබේ.

      මෙම ජනාධිපතිවරණය ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වනු ඇතැයි අපට හැඟෙන්නේ මෙම දෙපිළ තුලම ලංකාව තමන්ගේ සිතැඟි අනුව වෙනස් කිරීම පිළිබඳ දැඩි සිතැති ප්‍රබල බලවේග ඇතැයි අප නිරීක්ෂණය කරන හෙයිනි. අප විශ්වාස කරන පරිදි එම බලවේග මතවාදී වශයෙන් හරයෙන් ප්‍රකාශ වන්නේ ලිබරල්වාදී සහ ජාතිකවාදී සූත්‍රගත කිරීම් තුළ ය. එම බලවේග කොතරම් දුරට අන්තගාමීවීමට සමත් වනු ඇත්ද යන්න තීරණය වනු ඇත්තේ දේශපාලනය තුළය. සියලු දෙනා දෙපිල බෙදී සිටින අවස්ථාවක මැද භූමියක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීමට අප ඉදිරිපත්වන්නේ එහෙයිනි.

      තවද, මහජනයා ජනාධිපතිවරණය පිළිබඳ දක්වන බලවත් උනන්දුව මාධ්‍ය ප්‍රෙක්ෂාවට ල‍ඝු කිරීම මානව ක්‍රියාවට ඇති ආචාර ධර්මීය පදනම සහ මානව කර්තෘකභාවය නොසළකා හැරීමකි.

      අපේ කරුණු ඉදිරිපත් කිරීම් මාධ්‍ය ප්‍රෙක්ෂාව ඉලක්ක කොට නොගන්නා අතර ඊට ඉඩ ලැබෙතොත් ඒ ප්‍රධාන ධාරාවේ නොවන මාධ්‍ය තුළ ය.

      අප සිතන පරිදි වෙනත් ඕනෑම අවස්ථාවක් මෙන් මෙම ජනාධිපතිවරණයද පොදු යහපත පිළිබඳ සංවාදය ගොඩ නැගීමට ඉතා හොඳ අවස්ථාවකි.

      ‘කතිකා’

      1. An English version of the ‘kathika’ statement on the Presidential election was published on the TranCurrent here and below we publish the comments left on the TransCurrent and our response to it.

        ——————-

        A vice president of Liberal International,and a former presidential candidate Rajiva Wijesinha is Secretary, Ministry of Human Rights and Disaster Management of sri lanka.
        Posted by: Thamilan | January 20, 2010 05:52 PM

        The anonymous authors say: “then the responsibility of the state becomes organizing the space of political discussion for its citizens.” If this is the type of political discussion that we are going to engage in, one wonders what a shallow responsibility that the state is assigned . Also, the authors don’t have the guts to say who they are. They make the usual error of starting from general principles and trying to arrive and specific conclusions – a no no if you are dealing with very complicated systems like societies or markets. Back to the drawing board gentlemen or ladies, and re-do you complex systems theory 101.
        Posted by: Nadesan | January 20, 2010 07:39 PM

        The state has been hijacked by corrupt politicians hence there is no respite for the masses. Nationalism has become a slogan for holding on to power and leading the masses up the garden path. Liberalism too has its evils of mass commercialisation and capitalism.
        Hence a blend of the two is required taking what is best from each system. Nevertheless the system of centralised state control is outdated and no longer feasible.
        Posted by: SriLankan | January 20, 2010 07:49 PM

        A somewhat confusing analysis that takes on economics, politics, philosophy in one go. While the KS Circle identifies our condition as a confrontation between nationalism and liberalism another academic in the same pages is certain we have abandoned democracy and are on the reverse gear towards feudalism. When one looks at the mid-May 2009 events in the North of the Island on the basis of what happened to a third of a million innocents there, the comparison that we have slid back to medievalism appears to be more on target. Arguably, what went here as nationalism in recent times was more racial-religious extremism targeting another sister culture into virtual extinction. As Dwight Eisenhower said “experts only succeed in confusing the people”..By the way 1977 was not an autocratic period. Many would think that was a period when welcome winds of international commerce graced the land and lifted our per capita from a paltry US$300 to over US$1,000 in a decade although, indisputably, “the robber barons” too came along albeit in much reduced number. The PQI of the coountry during the period improved and consumerism brought in hitherto unheard of goods, vehicles etc in large numbers that changed the economic landscape of the country. Comparatively between 1970-77 the country was full of empty showcases and shelves in shops as a consequence of relying on a statist insular economy. The fault of the JRJ Govt was they should have protected our nascent local industries and resisted WB/IMF pressure to completely throw open our doors – as India later established. …As to nationalism we have two strands – Sinhala and Tamil nationalism in confrontation with each other whereas, ideally, they should have been complementary …Globalisation certainly also brought with it the negatives of decadency sometimes referred to as the Las Vegas Steroid culture (young frequenting night-clubs, midnight dancing-musical shows etc in the false belief it is “the mod and done thing” in “advanced” countries) The safeguard to this unwelcome intrusion should have been in strengthening our rich indigenous culture. Bertrand Russel was to observe -particularly in respect to India – “it is only weak cultures that fold up against foreign cultures” By that he meant that in spite of an all-powerful and pervasive British presence in India of over 200 years the composite Indian culture remained unbroken. Sadly here we have contradicting features and bogus campaigns ruining our young – the satellite and technologic negatives, if you like. Take the case of the Mathata Titta promoted by President Rajapakse. Everyone knows the very dregs who hobknob with him and his brothers are actively and openly involved in or in consort with those deep into narcotic running, drug-trafficking, illicit brewing etc.,

        While the prescription contained herein may apply to the more initiated among the elitist and the educated we should endeavour to arm our masses with a more caring, harmonious and accomodative spirit and more importantly, the emphasis to learn to respect the pluralism within our societal structure. The larger majority are not yet ready for Plato, Montesque, Voltaire as yet – if you will forgive me.
        ISS
        Posted by: Ilaya Seran Senguttuvan | January 20, 2010 10:31 PM

        Liberalism? Who or what is the political agency or manifestation of Liberalism in Sri Lanka today? Gen Sarath Fonseka? the UNP of ranil who affiliated the party with the IDU which is the Conservative-Republican international? The JVP which is xenophobic ultraleft? Mahinda Rajapakse with his statist-populist nationalism? the Sinhala hardline JHU and NFF?
        And this is a ” study circle” which uses Zizek as a reference point? Lots more studying to do I’m afraid…starting with studying of basics.
        Posted by: Dayan Jayatilleka | January 21, 2010 12:33 AM

        Thanks to all those who cared to read our statement and leave comments. Below, we present an explanation of our position and clarify some of the issues raised.

        By the term the ‘liberal camp’ in the context of the 2010 Presidential election, we meant the political platform based on what can be read as the aspirations of the public that are rallying around the opposition coalition. It is our reading that what attracts the interest of the sections of the public outside the die hard supporters of the parties making the coalition to the latter’s campaign, is the minimum consensus that emerged between the parties who all hail from vastly different political positions. This common understanding is what they see as the need to re-establish what they believe to be battered basic democratic institutions and the rule of law and good governance.

        What Dayan suggests can be accepted in that in reality none of the people/parties who are in the fray, Gen Sarath Fonseka, the UNP of Ranil, the JVP, Mahinda Rajapakse or the JHU and NFF genuinely represent Liberalism in Sri Lanka today.

        However, whether the individuals and the parties in the opposition coalition are genuine liberals or not the coalition campaign has been able to garner support among the social segments which have come to accept as valuable principles to vote for, what are generally considered the ‘fundamental principles of liberal politics,’: “limited government, the rule of law, multiparty elections, an independent judiciary and civil service, civilian control of the military, individual rights to free association and worship, private property” (P.4) “human rights, constitutional government, representation, class, individualism” (p.16) (Mark Lilla, New French Thought: Political Philosophy, pp. 4,16). The public notices that the opposition campaign has articulated several of the above key concepts in their election platform. Here, we are reminded of an idea the late Dr. Newton Gunasinghe was fond of reminding others, a formulation of Chicago sociologist W.I.Thomas: “ If men defines situations as real, they are real in their consequences.”

        When we referred to Zizek our intention was not to imply that we are theoretical fellow travelers of Zizek’s, but simply to acknowledge that we have emulated in our original title (‘Liberalism or Nationalism?’ Yes, please!’ which Transcurrents.com changed), the well known Marx brothers’ joke given a new lease of life in social theory by Zizek. In short, Zizek was cited simply to show that the title had an element of wordplay in it . However, we can see how our reference can generate the wrong impression. Further, in this article we play on the idea of the ‘refusal of choice’ which Zizek picked up from the joke. But any intended similarities between our ideas and those of Zizek end there.

        When Thamilan says that Rajiva Wijesinhe, a liberal well recognised internationally is a key official of the present Mahinda Rajapakse regime which Dayan identifies as “statist-populist nationalism,” he seems to be pointing to the contradiction that there are liberals in the camp of nationalism as well. However, the relevant question to ask here is whether the presence of Rajiva Wijesinghe makes the nationalist camp liberal judging by the key positions they do or do not articulate in their campaign.

        In response to Nadesan, we agree that our broad sweep of the issues which we admit is a far cry from the discussion of concrete, specific issues related to the election, is more in the nature of imagining alternatives for the future and hence can taken to be idealist. Our intention in this statement is not to offer practical solutions as such to political, social and economic matters, but to generate some discussion on some of the basic premises of our collective life we as moderns seem to take for granted. We would suggest that the very idea of thinking of worldly phenomena themselves as ‘systems’, while perhaps useful as a heuristic device at some level, is a modern concept which we need to examine as to its validity in understanding reality. We would prefer to give priority to human agency in understanding the human world, rather than empower or legitimise the concept of the ‘system.’

        The Kathika Study Circle, consists of a group of students of society operating from Colombo, Sri Lanka. The collective has been publishing a weblog (http:// kathika.wordpress.com) and a web magazine (http://kathika.lk) for sometime now. Unfortunately, most of our work has been almost entirely in Sinhala, except the occasional statement like the this one which is made in English as well due to our desire to reach a wider audience, especially on issues we feel are important on a national level.

        Ilaya Seran presents data to argue that there was economic growth in the post-77 period, believing that economic growth disqualifies our position that it was an autocratic regime. On this point we would like to refer Ilaya Seran to the following book to support our observation: V.P. Vitachchi, Sri Lanka – What Went Wrong: J.R. Jayewardene’s Free & Righteous Society. General modern histories of Sri Lanka such as Nira Wickremasinghe’s Sri Lanka in the modern age: A history of contested identities may also be worth reading.

        ‘Kathika’ Study Circle

      2. I welcome this gracious response of The Circle. That it is an endeavour of young Sinhala-educated youth pleases me immensely.

        My reference to the post-1977 JRJ period was to suggest it was a time of economic resurgence. While there were shades of authoritarianism (the 1982 Referendum) much good happened during the period – although I was to lose my large bungalow and much of my wealth in 1983 – no less the dispersion of my young family – who are since scattered globally.

        The tragedy of that Govt was because there were “several Govts” within a single and they pulled in different directions – post-83 in particular. VP Vittachi – the ex-Customs Chief was a fine man of letters and brother of an immortal Lankan journalist of world-class.

        He was brought into the world of commerce by one of his junior State employees (who remains in the top ladder of banking and commerce in the country upto today) This tycoon owed his success to Anura B particularly during the 1970-77 period and was decidedly anti-JR for a long time.

        I believe he was also taken in by the Police for political action during the 1977 General Elections. This “respected boss-entreprenaurial junior” relationship lasted till the 2000s when it soured – ending in Courts. VPV, feeble and had to be helped along, on that day I met him in my Walk at Victoria Park and when we discussed the matter he roared “I will see the b..g..r” is in jail” VPV was gone after a few days.

        The point here is, he was placed in such wealthy and comfortable circumstances by the younger tycoon, he naturally had to please the man who virtually employed him. So, inter alia, he wrote a book – his forte – hurling darts at their common bête noire.

        But for our purposes here, whether we are of one Party persuasion or the other, the post-1977 period took us away from a time of shortage and starvation (where it was a punishable offence to cook rice in your own home in 2 specified days of the week) The global community began to regain their faith in us as a point of investment.

        I am afraid many Govt workers sacked by the regime in 1980 may not agree with me – but for their own parochial reasons. The reality was JRJ’s period laid the groundwork for much of the economic activity since (Open Economy, Tourism, Industrialisation/FTZ, Garment industry) that saved much of the nation from what would have been abject poverty.

        I hope we will hear more from the Circle in the future generating wholesome debate in matters of interest to the country. I wish you well.

        ISS
        Posted by: Ilaya Seran Senguttuvan | January 24, 2010 06:26 PM

        ——————————————-

        This is only a brief intervention apropos Dayan Jayatilleka’s apparent attempt to monopolise the signifer “Zizek”, in Sri Lanka. For few months now, it’s been noted, Jayatilleka is enjoying a free ride on the back of several activists and commentators in Sri Lanka by using two minor references his work has obtained in relatively significant contexts.

        First, his book “Fidel’s Ethics of Violence: The Moral Dimension of the Political Thought of Fidel Castro” was reviewed by Nathan Coombs, a PhD candidate in Political Philosophy at Royal Holloway, University of London, for the Radical Philosophy magazine. In the review, Coombs has attempted to place Jayatilleka’s book in the context of contemporary theoretical discussions, and, consequently he has referred to the major thinkers, including Badiou and Zizek, whose work marks the horizon of these discussions.

        Second, there are several references to the same work by Jayatilleka, in the essay titled “Christian Communists, Islamic Anarchists” by the same author, Nathan Coombs, first published in “International Journal of Zizek Studies” (available online, in two parts, at http://zizekstudies.org/index.php/ijzs/article/view/153/269 and http://zizekstudies.org/index.php/ijzs/article/view/193/301).

        It is on these two references that Jayatilleka is claiming his whole of fame. As a reader who has struggled for years with Zizek’s mind boggling re-interpretation of German Idealism (mainly the works of Kant, Hegel and Schelling) through Lacanian psychoanalysis AND Badiou’s complete re-commencement of the ontological tradition through his idiosyncratic blend of Mathematics, Psychoanalysis and Marxism, Jayatilleka’s shameless allusion to Badiou and Zizek , has surprised, amused and disgusted me.

        In utter disbelief I decided to contact Nathan Coombs and inform him of this complete misuse of his work in Sri Lankan political debates and in order to orient him towards the discussion I sent him the following remarks made by Jayatilleka:

        “He [Dayapala Thiranagama] accuses me of a “damning” lack of “understanding” of “language …and politics”. I trust he doesn’t mean the English language. As for politics, that is amusing, coming as it does from an autodidact in that subject, to another whose product in political theory has been critically bracketed with those of Zizek and Badiou (in the International Journal of Zizek Studies)” Dayan Jayatilleka – “Redeemable state authoritarianism and irredeemable fascist totalitarianism” (http://transcurrents.com/tc/2009/10/redeemable_state_authoritarian.html)

        Following is the reply I got from Nthan :

        “In regard to Dayan’s piece, far more than a misrepresentation of what I wrote (I think ‘bracketed’ is suitably ambiguous for Jayatilleka to get away with it) is the absurdity of picking up what a PhD student has written in a rather obscure journal as evidence of theoretical prowess. This citation seems to speak volumes to me about the problematic relationship between Western critical theory and how it is received elsewhere in the world. I should think it enough for you to point to the fact that: (1) it was a passing reference (2) his work was framed within a problematic strain of ‘Christian essentialist’ thought by some writers on the Left, and (3) I am no authority for him to be citing as evidence.” (If anyone is interested in contacting Nathan to clarify this matter, please let me know and I will provide him/her with Nathan’s email address, which I am reluctant to publish here.)

        In his response to my friends at the Kathika Study Circle, Jayatilleka has suggested that they should start by studying basics. So, I presume that he would want us to believe that he HAS studied the basics of Badiou and Zizek. I am eagerly awaiting to see the way he put this understanding into practice, both theoretical and political. Unfortunately, his writings so far suggests nothing less than an ABSOLUTE ignorance of key Badiouian positions and only a ‘vague-average understanding’ (in the Heideggerian sense of of these terms) of Zizek. Pardon me, until I am otherwise proven, I cannot but ask the obvious question: Dayan, don’t you have any shame?

        Posted by: Vangeesa Sumanasekara | January 25, 2010 09:39 AM

        —————————–

        Further on the subject of the post-77 regime being autocratic, the official web site of the Liberal Party of Sri Lanka has this to say about J R Jayewardene in his becoming the President in 1977: “Thirty years later he finally achieved his ambition of becoming Prime Minister, and promptly introduced a new Constitution that turned him into an Executive President with sweeping powers. A few years later he masterminded a Referendum that, attended as it was by outrageous electoral malpractices, extended for a second period of 6 years the term of the Parliament elected in 1977. Though he presided over what was ostensibly the more right wing of Sri Lankan political parties, the United National Party, he thus showed himself very much a child of his times in assuming that centralized authoritarianism was necessary for social development. It was no accident that it was he who introduced the term ‘Socialist’ into the official title of the Sri Lankan state.”

        ‘kathika’ study circle
        Posted by: ‘kathika’ study circle | January 25, 2010 11:33 PM

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )