‘සහෝදරත්වයේ දෑත’

‘සහෝදරත්වයේ දෑත’
– : ලඞකා අක්‍ෂය පුස්තකාල ව්‍යාපෘතිය – යාපනය

යාපනය දිස්ති‍්‍රක්කයේ චාවකච්චේරිහි St Liguori’s පල්ලිය ආශි‍්‍රත ප‍්‍රධාන කොටම ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ප‍්‍රජාවගේ දරුවන් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීමට ලඞකා අක්‍ෂය අදහස් කරයි. ඒ සඳහා පහත පොත්පත අවශ්‍යව ඇත.

* 5 වසර සිට අපොස සා/පෙ දක්වා වන අතිරේක කියවීම් සහ ප‍්‍රශ්ණ පත‍්‍ර පොත් (දෙමළ මාධ්‍ය)
* දෙමළ භාෂාවෙන් පළවූ ළමා හා යොවුන් නවකථා, කෙටිකථා, කවි පොත්
* සරළ ඉංගී‍්‍රසි පොත පත

චාවකච්චේරිහි St Liguori’s පල්ලිය පරිශ‍්‍රයේ පුස්තකාලය ස්ථාපිත කෙරෙනු ඇති අතර එහි පරිපාලන කටයුතු එම්. එල්. ත්‍යාහරන් දේවගැති තුමන් විසින් සිදු කරනු ඇත.

මෙම කාර්යයේදී පොතපත (අලුත් හා භාවිතා කරන ලද නමුත් හොඳ තත්වයේ ඇති) හා ඔබගේ මුදල් පරිත්‍යාග අපි අපේක්‍ෂා කරමු.

පොත්පත්, මුදල් පරිත්‍යාග භාරදීම සඳහා සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

උපුල් 0718107396, විදුර 0755591810

උපුල් වික්‍රමසිංහ – ව්‍යාපෘති සම්බන්ධීකාරක
ලඞකා අක්‍ෂය

CEYLON AXIS LIBRARY PROJECT – JAFFNA

Ceylon Axis has decided to establish a library for the children of the fishing community in Chavacachcheri, Jaffna.
We are in need of following books.

* Extra reading materials and ‘past-papers’ books for year 5 to year 11 students (Tamil medium)
* Novels, Short story books and poetry collections suitable for Children and Teenagers (Tamil medium).
* Children’s books written in simple English.

Library will be established at St Liguori’s church premises, Cavacachcheri.

Please join hands with us by donating books (new and used) and subscriptions in this effort.

Contact: Upul 0718107396/ Vidura: 0755591810

කාව්‍ය 

කාව්‍ය හේතු
– සුචරිත ගම්ලත්

කාව්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය.

කාව්‍යය, සාහිත්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. එයට හැකියාව තිබෙන්නේ ඇතැම් විශේෂ පුද්ගලයන්ට ය.

කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස
නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස

කියා අලගියවන්නයන් කියු කීම සැබැවින් ම සත්‍යයකි.
පුරාණ ඉන්දියාවේ මෙවැනි සුභාෂිතයක් (ප්‍රඥාවන්ත කියමනක්) විය.

ශාතේෂු ජා‍යතේ ශූර :
සහස්‍රේෂු චපණ්ඩිත :
චක්තා ශතසහස්‍රේෂු :
කවිස්තත්‍ර සුදුර්ලභ :

(ශූරයෙකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයෙකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයෙකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියෙකුගේ ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය). කිසියම් පුද්ගලයෙකු හදිසියේ උපන් ප්‍රබල හැ‍ඟීමක් ප්‍රකාශ කිරීම් වසයෙන් ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ කියු කීමක් කාව්‍යක් නො විය හැකි ය යි මම නො කියමි. බොහෝ ජනකවි පහළ වී තිබෙන්නේ එලෙස ය.

මැදවත්තේ සෙල්ලම් පාරකි යන්ට
මල් පිපිලා සුවඳේ බැරුවා යන්ට

යන ඉහත ද උපුටා දැක්වූ ජනකවි දෙපදය පහළ වූයේ එලෙස ය. වන රොදෙහි මල් පිපී හමන සුවඳින් වශීකෘත වූ ගැමියෙකුගේ මුවින් නිරායාසයෙන් මෙන් එය ගලා ආවේ ය. එය ඉතා හොඳ කවියකි.

එහෙත් අද දින අප කාව්‍යය හෝ සාහිත්‍යය කියා කියන්නේ මෙබඳු ගැමි රචනාවලට ම නො ව දැන උගත්, පුහුණු වූ නිර්මාණකරුවන් සිතා මතා කරන නිර්මාණවලට ය.

ඉතිරිය කියවන්න, බලන්න, 2010 අගෝස්තු 15, ඉරුදින පුවත් පතේ රසාංජලී යේ සති සංචිත්තා ලිපි මාලාවේ සාහිත්‍ය දර්පණ ii, “කාව්‍ය හේතු“ ලිපිය.

අධ්‍යාපනය

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය
– ආනන්ද කේ. කුමාරස්‌වාමි

ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි 1911 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ පවත්වන ලද වාර්ෂික ලංකා රාත්‍රි භෝජන සංග්රනහයේදී “ලංකාවේ අධ්‍යාපනය” යනුවෙන් කළ දේශනයේ මෙසේ සඳහන් කළේය.

“මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.”

“අන් බාහිර කිසිවක්‌ කෙරෙහි නොසැලී තමන් උගන්වන දෑ ගැනම පමණක්‌ සැලකිලිමත් වන ගුරවරුන්ගෙන්ද දැනීම සඳහා ඇති ආසාව නිසාම ඉගෙන ගන්නවුන්ගෙන් ද යුත් පෙර අපර දෙදිගම විද්‍යාර්ථීන් මහත් උද්යෝගයෙන් එක්‌රැස්‌ වන ස්‌ථානයක සංකේතයක්‌ සේ ලංකා විශ්වවිද්‍යාලය සංවිධානය විය යුතු යෑයි මම යෝජනා කරමි.”

(1965 ඔක්‌තෝබර් – දෙසැම්බර් “සංස්‌කෘතික” සඟරාවේ පළවුණු පරිවර්තනයකින් උපුටා ගන්නා ලදී.)

අධ්‍යාපනයත් රටත් බේරාගනිමු යන මැයෙන් එච්. ඒ. සෙනෙවිරත්න 2010 නොවැම්බර් 17 දින දිවයින පුවත් පතට ලියූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.

කලාව

නාට්‍ය කලාව හා කථා කලාව
– එදිරිවීර සරච්චන්ද්‍ර

පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

අද අපේ සැලකිල්ලට භාජනය වන්නේ භාෂාව කෙරෙහි නිසා, භාෂාව සතු වූ කාර්යය දෙකක් තිබෙන බව කිව යුතුයි. එකක් නම්, පඤ්චේන්ද්‍රියන්ට ගොදුරුවන යමක් ඉඳුරා ම කියා පෑම. මීට වාච්‍යාර්ථයයි කියනවා. විද්‍යාවෙහි භාෂාව යොදන්නේ මේ කාර්යය සඳහායි. වෛද්‍ය විද්‍යාවේ ලෙඩ දුක් ගැන, විෂ බීජ ගැන, ඖෂධ ගැන තතු කියා පානව. භාෂාවේ අනිත් කාර්යය මනසට නොවේ හදවතට කතා කිරීමයි. ‘මේ මල් කහ පාටයි’ කියා අපි කීවොත්, නැත්නම් ‘මේ මල් සිනිඳුයි’ යි කියා කීවොත්, එය ඇසට, ස්පර්ශයට ගොදුරුවන ලක්ෂණයක් ගැනයි අපි කියන්නේ. ඒත්, ‘මේ මල් ලස්සනයි’ කීවොත් එය හදවතට ගොදුරු වන දෙයක් ගැනයි අපි කියන්නෙ. කාව්‍යයේ භාෂාව යොදන්නේ මේ දෙ වෙනියට සඳහන් කළ කාර්යය සඳහායි. මේ කරුණ පැරණි කවියෙක් ඉතා පැහැදිලි ලෙස පවසන පද්‍යාර්ථයක් මම කැමතියි උපුටා දක්වන්න.

එනම්:
ගතො සතමර්තො භාතීන්දුර් යාන්නි වාසාය පක්ෂිණ:
ඉත්‍යෙවමාදි කිං කාව්‍යං? වාර්තාමෙනාම් ප‍්‍රචක්ෂතෙ –

ඉර බැස ගියේය, හඳ පායයි, සියොත් කැල වාසය සොයා යති- ඉදින් මෙවැනි දේ කවර කාව්‍යය ද? ඒවා වාර්තා කියා හඳුන්වමු.

හැබැයි මෙවැනි කියමන් රසාත්මක වාක්‍ය වශයෙන් ගිණිය හැකි අවස්ථා තියෙනවා – එනම් කිසියම් අවස්ථාවක රසිකයා තුළ වින්දනයක් දැනවීමට යොදා තිබෙනවා නම් මේ කරුණු අපේ ප‍්‍රස්තුතයෙන් පිට නිසා ඒ ගැන යමක් සවිස්තර ව සාකච්ඡා කිරීමට මම අදහස් කරන්නේ නෑ. Continue reading කලාව