Poetry

To a Sinhalese Girl

R Cheran

You have heard
we come from far away,
beyond the horizon
where bullets are sown
in fields
not grain,
where plush houses abound
and terrorists breed;
your surprise
at meeting me
an ordinary man,
will soon fade from you
and your friends.

On the banks of Palaavi
now the colour of muddied sand;
yet another
as the clouds
spread the blanket of shade
on the muddied water;
the canopy of the moon
finely embroidered
to make the water glitter;
seated on the ghat,
I listen
to the melody
of your Sinhala songs
and my heart melts.

Once in the past,
A boy then,
at the Maho station
while waiting with my father
for the train,
walking along the tracks
at midnight
in low tones
a lullaby wafted
across.
The child’s sniffles
and the lilting song
that night
pierced my heart;
I was saddened.

A gentle grief
surrounds me
today.

Till end of July
a gusty wind;
in the blowing wind
the ponnochchi flowers
shed their petals;
the long-feathered peacock
flustered
as its step falters;
from relishing these sights
with a smile,
do our languages
separate us?

To please you,
I cannot even
pluck a feather from
the peacock for you;
in the early evening
on the grassy plain
under a full moon
in spite of your wish
I couldn’t accompany you.

Your eyes will not forget
these mild disappointments;
and I could not forget
your gentle love.
Without strangling nature
we let the flowers bloom
the grass grow,
we left.

You to the south
me going north,
in the dawn
when from the mountains
from above the trees
a gentle breeze
descends;
when brushing your teeth
while meandering
in the midst of your work
seeking to reclaim
the city
you will remember
Our brief encounter.

Tell your people,
here too
the flowers bloom
the grass grows
and birds fly.

from

Wilting Laughter, Three Tamil Poets, R Cheran, VIS Jayapalan, Puthuvai Ratnathurai, edited and translated by Chelva Kanaganayakam, TSAR books, Toronto , 2009.

Advertisements

මහජන සෞඛ්‍යය

අපි කන වස
ආරිය සුබසිංහ

සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි.

එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ.

මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා හෝ අක්බාර් ශාලාවල සිටි කාලයේ අප අත්විඳි සිසිල් සුළඟට වඩා සිසිල්ය, ඊට වඩා තරමක් වියළිය. ගුරුතලාව අයත් වන්නේ කඳුරට වියළි කළාපයටය, ඌව පළාතටය.

එහෙත්, වැඩි වේලාවක් ඒ සුවය විඳිමින් සිටින්නට නොලැබේ. එපා කරපු ගන්දස්සාරයක් හිටි හැටියේ මඳ සුළඟට කළවම් වී එයි. ඒ පහත ඇති අර්තාපල් වගාවට ගසන දිලීර හෝ පළිබෝධනාශක කුයිලයය.

වසවිසෙන් එම වගාව මොනතරම් නහවනවා මා දැක ඇති දැයි කියතොත් අර්තාපල් කෑම මුළුමනින් ම නැවැත්වූයෙමි.

දිනක් දෙකක් වැසි වැස යන්තම් අව් රැල්ලක් වැටෙන ඕනෑම දිනෙක එහි කොයි ගොවියාගේත් කරේ දකින්නට ලැබෙන්නේ වස ඉසින ස්ප්‍රේ යන්ත්‍රයකි. සැප ගන්නට වැලිමඩ, නුවරඑළියේ හෝ බණ්ඩාරවෙල යන ඕනෑම කෙනෙක් ඒ දසුන දකිති. වන්දනාවට හෝ පොළොන්නරු, අනුරාධපුර යන ඕනෑම කෙනෙක් ගොයමට ගසන වස කන්දරාව දකිති. රට පුරා තේ වතු වල ගසන වස කන්දරාව වෙනමම ගණන් බැලිය යුතු වේ. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස ඇති ගොටුකොළ, මුකුණුවැන්න වවන කීර කොටුවල ඉස්නා කරේ බැඳ ගත් අය දිනපතා සිටින හැටි එම මාර්ගයේ යන එන කාටත් පෙනේ.

‘කිසිම කිසි බයක් නැතුව ඇහැ පියාන කන්න පුළුවං ගෙදර අම්ම පේ වෙලා, අන්තිම පිරිසිදුවට හදපු කෑමක් විතරයි. ඔය හෝටල්වල එහෙම කෑම කොච්චර ජරාවටද හදන්නෙ කියල කවුද දන්නෙ?’ යි කවුරුත් කියති. එහෙත්, එය තව දුරටත් වලංගු නොවේ. මේ වනවිට සියල්ල කණපිට හැරී තිබේ. ගෙදර හදන කෑම වේලටත් වස විස රිංගා හමාරය. Continue reading මහජන සෞඛ්‍යය

අධ්‍යාපනය

දෙහිවල සිසුන්ට පහර දී පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමුවා- එස්.බී.
දෙසැ.19- දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ට පහර දී පන්නා දැමු බවත් පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමු බවත් උසස් අධ්‍යපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට පරිසර…

වීඩියෝව මෙහි බලන්න

උපුටා ගැනීම ඊතලය වෙබ් අඩවියෙනි.

අධ්‍යාපනය

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ පුද්ගලයකු බිහි කිරීමයි
ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
තමුන්ගෙ බඩ වියත ගැන විතරක්‌ හිතන වෛද්‍යවරු කොච්චර අපේ රටේ ඉන්නවද? තමුන් ගැන විතරක්‌ හිතන අය ඉන්නෙ දොස්‌තරවරු අතරෙ විතරක්‌ නෙමෙයි. හැම ක්‌ෂේත්‍රයකම ඉන්නවා. ඒ කියන්නෙ මේ පිරිසගෙ බුද්ධි වර්ධනය සිදුවෙලා තියෙන්නෙ පුද්ගලික තලයේ විතරයි. ජීවත්වීමේදී ප්‍රජාවක්‌ හැටියට හෝ සමාජීය වශයෙන් හෝ මේ අයට සිතන්නට පුළුවන්කමක්‌ නෑ. තමන් ළඟාකර ගත් බුද්ධි වර්ධනය අනිත් අය වෙනුවෙනුත් කැප කරන්නට වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් හුරුකරන්නෙ නැහැ. එයට හේතුව වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් පෝෂණය කරන්නේ …….බුද්ධි වර්ධනයේ පුද්ගලික තලය පමණයි. පුද්ගලයකු පරිපූර්ණත්වය කරා ගමන් කරවන ක්‍රියාදාමයක්‌ වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ නැහැ. මේ අධ්‍යාපනය එහෙම පිටින්ම නාභිගතවෙලා තියෙන්නෙ පුද්ගලික තලයේ බුද්ධි වර්ධනය කිරීම සඳහා පමණයි.

දරුවකු පරිපූර්ණ මිනිසකු ලෙස සමාජයට එකතු වන්නට නම් එම දරුවාගේ බුද්ධි වර්ධනය, ශාරීරික වර්ධනය, කලා කටයුතු වර්ධනය, පුද්ගල අන්තර් ක්‍රියා වර්ධනය, ආවේග පාලනයේ වර්ධනය සහ ආධ්‍යාත්මික වර්ධනය ….වර්ධනය විය යුතුයි. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් පුද්ගලික තලයෙන් එහාට දරුවකුගේ ඉහත කොටස්‌වල වර්ධනයක්‌ දකින්නට ලැබෙන්නේ නැහැ.

අපේ රටේ අධ්‍යාපනය අද විශාල ප්‍රවාහයකට හසුවෙලා තිබෙනවා. එම ප්‍රවාහයෙන් අප වේගයෙන් ගසාගෙන යන බව මුලින්ම අවබෝධ කරගන්නට ඕන. වර්තමාන අධ්‍යාපනයේ සියලුම ශක්‌තීන් යොදවා තිබෙන්නේ දරුවකු තුළ පුද්ගලික තලයේ බුද්ධි වර්ධනයට පමණයි. මේ නිසා මේ අධ්‍යාපනයෙන් සමාජයට බිහිවන්නේ අනෙක්‌ සියලු හැකියාවන් අහිමිකරගත් පිරිසක්‌. අද අධ්‍යාපනයය හමාර කරන ශිෂ්‍ය යෙකු තුළ නිසි පරිදි බුද්ධි වර්ධනය, ශාරීරික වර්ධනය, කලා කටයුතු වර්ධනය, පුද්ගල අන්තර් ක්‍රියා වර්ධනය, ආවේග පාලන වර්ධනය සහ ආධ්‍යාත්මික වර්ධනය සිදු වී නැහැ. එම නිසා මේ අධ්‍යාපනයෙන් ශිෂ්‍යයාට වැඩක්‌ නැහැ. ඉහත වර්ධනයන් ඔහු තුළ යම් පමණකට හෝ සිදුවී තිබෙන්නේ පුද්ගලික තලයේ පමණයි. අනෙක්‌ කිසිදු තලයක එම කොටස්‌වල වර්ධනයක්‌ සිදු නොවන නිසා ඔහුගෙන් රටට වැඩක්‌ නැහැ. එම නිසා මේ අධ්‍යාපනය ක්‍රමය වහාම වෙනස්‌ විය යුතුයි.

පළමුවෙන්ම පරිපූර්ණ පුද්ගලයා යනු කවරෙක්‌ද යන්න තේරුම් ගන්නට අවශ්‍යයි. අධ්‍යාපනයය තුළින් එබඳු පුද්ගලයකු බිහිකරගන්නට නම් ලබාදිය යුත්තේ කෙබඳු අධ්‍යාපනයක්‌ද යන්න අධ්‍යාපනය බලධාරීන් තීරණය කළ යුතුයි.

ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සමග කළ සාකච්ඡාවකින් “ අධ්‍යාපනයේ පරිහානියට ජාතික අධ්‍යාපන ආයතනය වගකිව යුතුයි“ යන මැයෙන් පාලිත සේනානායක 2010 දෙසැම්බර් 05 වැනි ඉරිදා දිවයිනට සකස් කළ ලිපියෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

මුල් ලිපිය සඳහා ඉරිදා දිවයින, මෙහි බලන්න