විශ්ව විද්‍යාල අධ්‍යාපනය

උගතුන්ගේ සංස්‌කෘතියට එරෙහි තර්ජනය
ආචාර්ය සාලිය කුලරත්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

කාල්මාක්‌ස්‌ විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස්‌ ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ “Reflections of a Youth on Choosing an Occupation”, නමැති රචනාවක්‌ වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ “මාක්‌ස්‌වාදී රචනා” නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක්‌ තැනක මෙසේ කියෑවේ.

“උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත.”

මාක්‌ස්‌ මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක්‌ පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස්‌ එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක්‌ නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක්‌ වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස්‌ දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක්‌ සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

Advertisements

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

පුහුණුව නොලබපු අය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරනොගන්න තීන්දුවක නැහැ.
උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක

“ ප්‍රශ්නය – පුහුණුව නොලබපු අය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්නේ නැද්ද?

පිළිතුර – නෑ… නෑ… එහෙම තීන්දුවක නැහැ. නමුත් ඒක ඒ අයට විශාල පාඩුවක්‌. මේක ඒ අයගේ ජීවිතයේ විශාල පරිවර්තනයක්‌ කරයි. ලබන සැරේ අපි මේක මාස දෙකක පුහුණුවක්‌ බවට පත්කරනවා. “

සකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ

ඉරිදා දිවයින

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

සරසවි ඇදුරු සටන කුමක් ද? කුමකටද?
සංවාදශීලී මහජන සම්මන්ත්‍රණය
ජූනි 01 වැනිදා සවස 4 ට
මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාකාරයේදී

වැඩි විස්තර සඳහා බලන්න මෙහි, uteachers

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

“ බහුතරයේ නිහඬකම නිසා විශ්ව විද්‍යාල පද්ධතියම බිඳ වැටෙනු ඇත“
මහාචාර්ය සාව්ත්‍රි ගුණසේකර

බලන්න, මෙහි uteachers

‍විශ්ව විද්‍යාල සිසු නායකත්ව පුහුණුව

මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි

පබා දේශප්‍රිය

විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍ මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව. මෙම තීරණය පිළිබද පොදු ජනතාව තුළ පැහැදිළි සාකච්ඡාවක් තවමත් ගොඩ නැගී නැහැ.

1.උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් ලබා දෙන්න. මේ පුහුණු ව සිදු වන්නේ හමුදා කඳවුරු තුළ. ඒ වාගේම එය මෙහෙයවන්නේ හමුදාව විසින්. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔබ මේ නායකත්ව පුහුණුව දකින්නේ කුමන ආකාරයටද?
Continue reading ‍විශ්ව විද්‍යාල සිසු නායකත්ව පුහුණුව

ආචාර්ය හා රථාචාර්ය

ආචාර්ය හා රථාචාර්ය
– Gadfly Zone

-එම්බල අමාත්‍ය ! කිමද තා කණස්සලෙන්?

– ස්වාමිනි මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය මා පෙළයි. රාත්‍රියන්හි පවා මාහට නින්දක් නැත. නොයෙක් නපුරු සීන දැක බිය වී ගත දහදියෙන් තෙමී අවදි වෙයි.

– කිමෙක්ද අමාත්‍ය මේ විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය ? එවැන්නක් ඇතැයි මා මෙතෙක් කල් දැන සිටියේ නැහැ නොව.

-( අපොයි තොත්ත බබා ,මුකුත් දන්නේ නැහැ )
රජතුමනි, මම මෙය සුළු ප්‍රශ්නයකි යි සිතුවෙමි. මෙවන් සුළු ප්‍රශ්නයකින් ඔබ තුමන් වෙහෙසීම නොමනා යයි සිතුවෙමි.

– ඊට කම් නැත. ඉදින් දැන් වත් මා දැනුවත් කරනු

– මෙයයි ප්‍රශ්නය උතුමාණනි, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය කුඩාචාර්ය පිරිස් ඔවුනට ලැබෙන වැටුප් මද යැයි පවසති. ඔවුන් මහා ඝෝෂා කරමින් ඔබටද මටද අපහාස කරති.යක්ෂයන් මෙන් මා අනුභව කරන්නටම සැරසෙති.

– ආහ් ,ඇමතිය, ඔවැනි යකුන් පලවා හරින මන්ත්‍රය මතුරා බැලුවේ නැතිද?

-කිමෙක්ද ස්වාමිනි ඒ බලගතු මන්ත්‍රය?

– ආහ් තොප එය දන්නේ නැතිද? තා කෙසේනම් ඇමතිකම් කරයිදැයි මා නොදනිමි . තොප අර මල්වංශ ඇමති ආදර්ශයට ගත යුතුය. ඔහු සෑම විටම ඒ මන්ත්‍රය මතුරමින් සිටි . Continue reading ආචාර්ය හා රථාචාර්ය

“කාලකන්ණි උපාධිධාරීන්“

“කාලකන්ණි උපාධිධාරීන්“

බලන්න

adaderana

අද දෙරණ, රාත්‍රී පුවත්, 14/05/2011

විශ්ව විද්‍යාල අධ්‍යාපනය


කakbimanews

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

සරසවි ඇදුරු අරගලය හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
– බිමල් රත්නායක

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද සමාජයේ අවධානය දිනාගත් අරගලයක්‌ බවට පත්ව තිබේ. එය වැදගත් වන්නේ වෘත්තිය අරගලයක්‌ යන අර්ථයෙන් පමණක්‌ නොවේ. ඊට වඩා සමාජ අවධානයට පාත්‍ර විය යුතු දේශපාලන ගැඹුරක්‌ එහි තිබේ. වත්මන් රාජපක්‌ෂ පාලනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳවත් වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක කරනු ලබමින් සිටින ධනපති ක්‍රමයේ නොහැකියාව පිළිබඳවත් තේරුම්ගත හැකි කරුණු එහි අන්තර්ගතය.

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද ඊයේ හදිසියේ ඇති වූවක්‌ නොවේ. ආණ්‌ඩුව කියනා තාලයට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌ද නොවේ. ඔවුන්ට අවසන් වරට වැටුප් වැඩිවීමක්‌ ලබා දී තිබෙන්නේ 1996 වර්ෂයේදීය. 2006 දී ආණ්‌ඩුව කළේ එතෙක්‌ 30% ක්‌ව තිබූ අධ්‍යයන දීමනාව 25% දක්‌වා අඩු කොට මූලික වැටුපට එකතු කිරීමයි. ඒ හැරෙන්නට ගෙවී ගිය වසර 15 ක කාලය තුළ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි වී නැත. එහෙත් 2001 වසරට සාපේක්‌ෂව මේ වසර වන විට ජීවන වියදම දෙගුණයකටත් වඩා ඉහළ ගොස්‌ තිබේ. ඒ නිසා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර සරසවි ආචාර්යවරුන්ගේ පමණක්‌ නොව සියලුම සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුව තිබේ. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

බාහිර උපාධි අධ්‍යාපනය

“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “, ඔවුන් රටටම බරක්
– එස්.බී.

මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය

‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්…සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ…අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’

හර්ෂි සි. පෙරේරා

බලන්න lankaguardian