විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ වෘත්තීය සටන

විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ අර්බුදය
ටිල්වින් සිල්වා

විශ්වවද්‍යාල ආචාර්යවරුන් තමන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තිඛෙනවා. අපි දකින ආකාරයට මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතාම සාධාරණයි. ඒ නිසා අපි ඊට අපේ පූර්ණ සහාය පළ කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, වහාම ඔවුන්ගේ ගැටලූව විසඳන්න කියලා.

ආණ්ඩුව විවිධ ජන කණ්ඩායම් රවටමින් ප්‍රශ්න මග හැර යාමේ ක්‍රියාවලියක් අනුගමනය කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙනුත් ඔවුන් අනුගමනය කළේ එවැනිම ක්‍රියාමාර්ගයක්.

මුලින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලූවේ 2007 අවුරුද්දේදී. නමුත් ආණ්ඩුව එය නොසලකා හැරියා. ඊට පසුව 2008 ජනවාරි 31 වැනිදා, පළාත් සභා මැතිවරණය අතරතුරදී ජනාධිපතිවරයා විශ්වවිද්‍ය ාල ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට කැඳවලා ඔවුන් සමග සාකච්ඡා කළා. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව පිළිගත් ජනාධිපතිවරයා මාස තුනක් තුළ වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් ලබා දෙන්න පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉටු කළේ නැහැ.

ඊට පස්සේ 2009 මාර්තු 24 වැනිදා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් ලියුමක් එවමින් සඳහන් කර තිඛෙනවා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය විසඳන්න ප්‍රමාද වුණා. නමුත් මාසයක් තුළ ඔවුන්ට ගැලපෙන වැටුප් ව්‍යූහයක් සකස් කොට ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දී වැටුප් වැඩි කරන බවට. නමුත් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව දුන්නු ඒ පොරොන්දුවත් කඩ කළා.

ඉන් පසුව 2009 දෙසැම්බර් මාසේ 09 වැනිදා බැසිල් රාජපක්ෂ මහත්මයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ක සාකච්ඡාවක් පවත්වා වැටුප් වැඩිවීමක් ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ විතරක් නොවෙයි, ඒ වැටුප් වැඩිවීම 2009 දෙසැම්බර් පළමු වැනිදා සිට ලබා දෙන්නත් ඒ වගේම ඔවුන්ගේ අධ්‍යයන දීමනාව දෙගුණයක් දක්වා එනම් 25% සිට 50% දක්වා වැඩි කරන්නත් පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කිරීමත් මග හැරියා.
ඒ අනුවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ.

2010 ජූලි මාසයේ 20 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක සහෝදරයා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙන ගියා. එහිදී එස් බී දිසානායක, උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ උත්තරය වුණේ, දැනට රුපියල් 20,750ක අවම වැටුපක් ලබන ආධුනික කථීකාචාර්යවරයකුගේ වැටුප රුපියල් 72,000ක් දක්වාත් ඒ වගේම දැනට රුපියල් 57,755ක වැටුපක් ලබන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් ලක්ෂ දෙකක් දක්වාත් වැඩි කළ යුතුයි, ඒ සඳහා වැඩ කරමින් ඉන්නවා කියලායි. නමුත් ඒ කිසිවක් ඉටු කළේ නැහැ.

මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්වේච්ඡා තනතුරුවලින් ඉවත් වෙන්නත් උසස් පෙළ විභග ප්‍රශ්න පත්‍ර ඇගැයීම්වලින් ඉවත් වෙන්නත් තීරණය කර තිඛෙනවා. මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගත වෙමින් තිඛෙනවා.

දැන් ආණ්ඩුව උත්සාහ කරනවා එක පැත්තකින් මේ වෘත්තිය ක්‍රියාමාර්ගය මර්දනය කරන්න, ඒ වගේම අනෙක් පැත්තෙන් විවිධ සදාචාර ප්‍රශ්න මතු කරන්න. ඇත්තටම ගත්තොත් සදාචාර විරෝධී ලෙස කටයුතු කර තිඛෙන්නේ ආණ්ඩුවයි.

ආසියානු කලාපය අරගෙන බැලූවොත් අපේ රටේ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඩුම වැටුපක් ලබන්නේ. අපටත් වඩා දුප්පත් රටක් වුණු බංගලාදේශයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයකුගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 64,915ක්. පාකිස්ථානයේ එය ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 2,37,272ක්. ඉන්දියාවේ 1,17,682ක්.
ආණ්ඩුව කියන ආර්ථීක වර්ධනය තිඛෙනවා නම් මේ වැටුප් වැඩිවීම ලබා දෙන එක අමාරු දෙයක් නොවෙයි. මොකද විශ්වවිද ්‍යාල ආචාර්යවරුන් ඉන්නේ ඉතාම සීමිත පිරිසක්.
මේ වැටුප් අර්බුදය නිසා මේ වන විට ඉතා බරපතළ ගැටලූ ගණනාවක් මතු වී තිඛෙනවා. එකක් තමයි, ආණ්ඩුවම කියන විදියට පසුගිය වසර දෙක තුන තුළ විවිධ හේතු සඳහා නිවාඩු ලබා ගෙන විදේශ ගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 550ක් නැවත දිවයිනට පැමිණ නැහැ. මේක බුද්ධිගලනය පිළිබඳ ප්‍රශ්නයක්. මහින්ද චින්තනයේ කියලා තිඛෙන්නේ මොකක්ද? ප්‍රතිබුද්ධිගලනය සඳහා ක්‍රියාමාර්ග හඳුන්වා දෙනවා කියලායි. ඒක කරන්න නම් ඔවුන්ට ගැලපෙන වැටුප් හා පහසුකම් දිය යුතුයි.
ඒ වගේම විශ්වවිද්‍යාලවල සේවයට එන ප්‍රමාණය අඩු වෙලා තිඛෙනවා. මොකද, ආධුනික කථීකාචාර්යවරයකුට ලැඛෙන වැටුප රුපියල් 20750ක් වෙද්දී ඒ සුදුසුකමම තිඛෙන මහබැංකු සේවකයකුට ඒ වගේ දෙගුණයක වැටුපක් ලැඛෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩිවීමක් ලබා දී තිඛෙන්නේ 1996 අවුරුද්දේදී. ඉන් පසුව වැටුප් වැඩිවීමක් දී නැහැ. ආණ්ඩුව 2006දී එතෙක් 30%ක් වූ අධ්‍යයන දීමනාව 25% දක්වා අඩු කරලා මූලික වැටුපට එකතු කළා. ඒ නිසා ඇත්තටම සිද්ධ වෙලා තිඛෙන්නේ ඔවුන්ට ලැඛෙමින් තිබුණු 5%ක් ආණ්ඩුව විසින් කොල්ලකෑම.

2011 අය වැයෙන් අතුරු අධ්‍යයන දීමනාවක් ලෙස 25%ක් ලබා දෙන බව සඳහන් කර තිඛෙනවා. නමුත් ඒක ලබා ගන්න නම් ඔවුන් පර්යේෂණ නිබන්ධනයක් කළ යුතුයි. ඒකත් ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන එකක් වෙන්න ඕන, ඒ වගේම කිසියම් මණ්ඩලයකින් අනුමත වෙන්නත් ඕන, නිත්‍ය රාජකාරිවලට බාධා කර නොගනිමින් පර්යේෂණය කරන්නත් ඕන. යථාර්ථය වෙන්නේ එවැනි එකක් නිවාඩු ලබන්නේ නැතිව කරන්න බැහැ. ඒ නිසා මේ තිඛෙන්නේ හිතාමතාම මගහැර යාමක්.

ඒ වගේම ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිඛෙනවා, විශ්වවිද්‍යාල පද්ධතියට, නිදහස් අධ්‍යාපනයට ස්වාභාවික මරණයක් අත්කර දෙන්න. ඒ නිසායි මේ ආකාරයට කටයුතු කරන්නේ. නමුත් මේක අනියම් ආකාරයකින් සිදු කරන මිනී මැරුමක්.

මේ නිසා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ඉතාම සාධාරණයි. ආණ්ඩුව එම ඉල්ලීම් ලබා දීමට වහාම පියවර ගත යුතුයි. මේ අරගලයට අපි අපේ පූර්ණ සහාය පළ කරනවා.

Lankatruth.com

http://www.lankatruth.com/sin/index.php/news/local-news/10881-2011-05-08-06-38-11

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )