විශ්ව විද්‍යාල අධ්‍යාපනය

අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග
වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හිටුවීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නිවේදනය

2011 මාර්තු 15 වැනිදා එක් දින සංකේත වැඩ වර්ජනයකින් ආරම්භ කර මැයි 9 වැනි ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වී, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට උපකාර වන අන්දමේ ගෞරවනීය වැටුපක් ලබා ලබා දෙන මෙන් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය කි‍්‍රයා මාර්ගය අත්හිටුවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව 2011 ජූලි මස 21 වැනි දින රැුස් වී තීරණය කළේය.

මෙසේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අත්හිටුවීමේ ප‍්‍රධාන හේතුව වූයේ අධ්‍යයන පාඨමාලාවලට දීර්ඝ කාලීන බාධා වීම් නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇති වන අපහසුව මිස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සුජාත ගැටලූ හා දුක්ගැනවිලි විසඳාලීම උදෙසා බලධාරීන් ප‍්‍රමාණවත් ලෙස මැදිහත් වී යැයි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හැඟීයාම නොවේ. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉක්මන් අවධානය හා විසඳුම් අවශ්‍ය වන හදිසි ජාතික කාරණයක් සේ නොසැලකූ අදාළ බලධාරීන්ගේ නිශේධනීය හා ඇල්මැරුණු ප‍්‍රතිචාරය නිසා වෘත්තීය ක‍්‍රියා මාර්ග කාලය අසාමාන්‍ය ලෙස දිග් ගැස්සීම පිළිබඳ අපි කණගාටු වෙමු. කෙසේ වෙතත් අපගේ ඉල්ලීම්වල ඉතිරි කොටස් ඉදිරි මාසවලදී ලබා දීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අපගේ අරගලය නැවත ආරම්භ කිරීමට අප කැපවී සිටින්නේය යන්න මෙසේ මෙම අරගලය තාවකාලිකව අත්හිටුවීමේ අර්ථයයි. එසේම අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය රැකගැනීමට හා දියුණු කිරීමට තීරණාත්මක කාරණයක් වන උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ආයෝජනයන් ලබා ගැනීම හා අධ්‍යාපනික නිදහස වෙනුවෙන් තවදුරටත් කැපවී සිටිමු.

වෘත්තීය ක‍්‍රියාමාර්ග නවතා සති දෙකක් ගත වූ පසුත් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බරපතල ලෙස බාධා එල්ල වූයේද එය අනවශ්‍ය ලෙස සංකීර්ණ වූයේද වෘත්තීය ක‍්‍රියා මාර්ග නිසා ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වූ ආචාර්යවරුන්ට නැවත පත්වීම් ලිපි නිකුත් කිරීම බොහෝ උපකුලපතිවරුන් විසින් ප‍්‍රතික්ශේප කෙරුණු නිසාය. මෙම ප‍්‍රතික්ශේප කිරීමට හේතුව එසේ ඉල්ලා අස්වූ ආචාර්යවරුන්ට නැවත පත්වීම් ලිපි දිය නොහැකි බවත් ඒ තනතුරුවලින් ඔවුන් ඉල්ලා අස් වූ ඒ තනතුරුවල ඔවුන් විසින්ම නැවත වැඩ ආරම්භ කළ යුතු බව උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේදී ගත් තීරණයක්ය. මෙම තීරණය ආචාර්යවරුන්ට තමන් කැමති විටෙක ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වීමට 1978 විශ්ව විද්‍යාල පනතින් සුරක්ෂිත කර ඇති අයිතිය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක් පමණක් නොව මෙම අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂිත අයිතියක් ලෙස පැහැදිලිව හඳුනා ගන්නා උපරිමාධිකරණ තීරණයකටද එරෙහිව යාමකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේ තීරණය කොන්දේසි විරහිතව ප‍්‍රතික්ශේප කරන අතර එම කමිටුවේ අවධානය දැනටත් බෙහෙවින් ප‍්‍රකට උපරිමාධිකරණ විනිශ්චය වෙත නැවත වරක් යොමු කරන්නටද අපේක්ෂා කරයි.

උපකුලපති හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් ගත් මෙම හිතුවක්කාර තීරණය නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එම කමිටුවට මතක් කර දෙන්නට කැමති වන්නේ එම කමිටුව යනු විශ්ව විද්‍යාල පනතින් කිසිම නීතිමය බලයක් හෝ නෛතික පිළිගැනීමක් නොලබන හුදු තත්කාර්ය කමිටුවක් පමණක් නිසා උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ නීතිමය වලංගුතාවක් ඇති තීරණ ගැනීමට එම කමිටුවට බලයක් නැති බවයි. එසේම වෘත්තීය ක‍්‍රියා මාර්ග පැවති කාලය තුළ එම කමිටුව දැක්වූ දැඩි නිහ`ඩතාවත් අපගේ ගැටලූ විසඳීමෙහිලා සාධනීය භූමිකාවක යෙදීමට එම කමිටුව අසමත්වීමත් ගැන අපගේ දැඩි අප‍්‍රසාදය පළ කරමු. පසුගිය ජනාධිපතිවරණයේදී එක්තරා අපේක්ෂකයෙකුට අනුග‍්‍රහය දැක්වීමට මෙම කමිටුව දැක්වූ හදිසි කුලප්පුවද 1978 ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට කළ විවාදාත්මක 18 වැනි සංශෝධනයට සහාය පළ කරමින් මෙම කමිටුව නිකුත් කළ ප‍්‍රකාශද සැලකිල්ලට ගන්නා කල අපගේ වෘත්තීය අරගලයේදී මෙම කමිටුවේ නිශ්ශබ්දතාව තේරුම් ගැනීම තවදුරටත් දුෂ්කර වෙයි. එසේම අපගේ වෘත්තීය ක‍්‍රියා මාර්ගවල උපරිම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාවට චෝදනා කරමින් දීර්ඝ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට උපකුලපති හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවට කාලය සොයා ගත හැකි වුවද ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නයට පිළිතුරක් දීම අනවශ්‍ය ලෙස පමා කරමින් විශ්ව විද්‍යාලවල කටයුතු දීර්ඝ කාලයක් පුරා සම්පූර්ණයෙන් අඩාල කළ රජයේ ප‍්‍රමාදය ගැන ප‍්‍රසිද්ධියේ කිසිවක් කීමට අපොහොසත්වීම අපගේ අවධානයට ලක් විය යුත්තකි. එවන් විද්වත් පන්දම්කාරකම් හා බඩගෝස්තරකම් අදාළ පුද්ගලයන්ට ලජ්ජාවක් පමණක් නොව සමස්ත විශ්ව විද්‍යාල ප‍්‍රජාවම මහජනතාව ඉදිරියේ අපකීර්තියට පත් කිරීමකි. පොදු වැදගත්කමකින් යුතු කාරණාවලදී නායකත්වය පතා මහජනයා බලන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙස බැවිනි. සියලූ බාධක හමුවේ ධෛර්යසම්පන්න ලෙස හා ගෞරවනීය ලෙස ක‍්‍රියා කරමින් අපට ආදර්ශය හා ආනුභාවය සැපයූ උපකුලපතිවරුන් කිහිපදෙනෙකු හැර අනික් උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් තමන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් තමන් හොබවන ගෞරවනීය තනතුරුවල සේවය කිරීම පිණිස තාවකාලිකව පත් වී සිටින බවත් සම්පූර්ණයෙන්ම අමතක කිරීම කණගාටුවට කරුණකි. තමන් බැඳී සිටින කාර්ය වන අධ්‍යාපනික අවශ්‍යතා හා නිදහස ආරක්ෂා කිරීමට ආචාරධාර්මිකවද නීතිමය වශයෙන්ද අසමත් වීම මගින් මෙම උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් අවිඥානකව හෝ සවිඥානකව එක් වී සිටින්නේ නිදහසින් පසු ලංකාවේ අපට ඇති විශිෂ්ටතම උරුමයන්ගෙන් එකක් වන රාජ්‍ය උසස් අධ්‍යාපනය නොසලකා හැරීමට නැත්නම් විනාශ කිරීමට කැස කවන බලවේග සමග අතිනත් ගැනීමටය. තමන්ගේ අවංකභාවය ආරක්ෂා කරගනිමින් විශ්ව විද්‍යාල පනතේ ගැබ්වන මූල ධර්ම ආරක්ෂා කිරීමට හුදෙකලාවම සටනක නිරත වූ උපකුලපතිවරුන්ට අපගේ ආචාරය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

විශ්ව විද්‍යාලවල වර්තමාන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දුෂ්කර තීරණයක් ගත්තේය. ඒ තීරණය වූකලි සෑම විශ්ව විද්‍යාලයකම ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වූ ආචාර්යවරුන්ට ඕනෑම අවස්ථාවක ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ නිදහස ඉහත සඳහන් අයිතිය පිළිබඳ මූල ධර්මයට හානි නොවන සේද වෘත්තීය ක‍්‍රියා මාර්ග පැවති කාලය තුළ අදාළ ස්වේච්ඡුා තනතුරු සම්බන්ධයෙන් වන වගකීම් ඒ ඒ විශ්ව විද්‍යාලවල බලධාරීන් බාරගන්නේ නම් එම තනතුරුවල රාජකාරීන් නැවත බාරගන්නා ලෙස ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින ලෙස සියලූ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ සමිතිවලින් ඉල්ලා සිටීමටය. විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට තමන් දරන ස්වේච්ඡුා තනතුරුවලින් පූර්ව දැනුම් දීමකින් තොරව ඉල්ලා අස්වීමේ නිදහස පිළිබඳ විශ්ව විද්‍යාල පනතින් ආරක්ෂිත මූල ධර්මයට පටහැනිව අනාගතයේදී ඕනෑම බලධාරියෙකු ක‍්‍රියා කළහොත් එවැනි උල්ලංඝනයන්ට වෘත්තීය ක‍්‍රියා මාර්ග මගින් විරෝධය පෑමටත් අධිකරණය මගින් නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කැප වී සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

සමහර උපකුලපතිවරු හා විශ්ව විද්‍යාල බලධාරීහු වෘත්තීය ක‍්‍රියා මාර්ග පිළිබඳ ශිෂ්ට සම්පන්න සම්මතය උල්ලංඝනය කරමින් ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇතැම් ආචාර්යවරුන් නැවත එම තනතුරු සඳහා පත් නොකොට තනි තනි ක‍්‍රියාධරයන්ට කරදර කිරීම හා ගොදුරු කර ගැනීමේ ක‍්‍රියාමාර්ග උනුගමනය කරමින් සිටිති. ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස්වූ සියලු ආචාර්යවරුන් වහා නැවත එම තනතුරු සඳහා පත් කරන ලෙසත් තනි තනි ක‍්‍රියාධරයන්ට කරදර කිරීම හා ගොදුරු කර ගැනීමේ ක‍්‍රියාමාර්ග වහා නවත්වන ලෙසත් එසේ නොකළ හොත් එවැනි උල්ලංඝනයන්ට එරෙහිව වෘත්තීය ක‍්‍රියා මාර්ගයට බැසීමට අප පසුබට නොවන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.

පසුබිම

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ගය දියත් කළේ ප‍්‍රධාන ඉල්ලීම් තුනක් මතය. ඒවා මෙසේය:

1. වැටුප් හා කාඩර කොමිසමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් 2008 වර්ෂයේදී බාර දෙන ලද ජිෆ්රි-මලික් රණසිංහ කමිටුවේ යෝජනා වහා ක‍්‍රියාත්මක කිරීම

2. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂ වෘත්තිකයන් ප‍්‍රභේදයක් ලෙස හඳුනා ගැනීම

3. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වාර්ෂිකව අධ්‍යාපනය සඳහා වෙන් කිරීම

අපගේ ඉල්ලීම්වලට සවන් දීමට බලධාරීහු මාසයක් තරම් කාලයක් පමා වූහ. විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයෙහි සාකච්ඡුාකරුවෝ නිල හා නොනිල මට්ටමින් බොහෝ වාර ගණනක් මුණ ගැසුණහ.

පළමු වැනි නිල සාකච්ඡාව 2011 මැයි 25 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පැවැත්විණ. ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට භාණ්ඩාගාරය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් යොමු කළේය. 2011 ජුනි 01 හා 2011 ජූලි 12 අතර කාලය තූළ බොහෝ සාකච්ඡා පැවැත්වූ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අන්තර් කාලීන යෝජනාවලියක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම ප‍්‍රශ්න විසඳීමට දීර්ඝ වශයෙන් පමා වීම නිසා අධ්‍යයන අංශාධිපතිවරුන් නැති විශ්ව විද්‍යාල සම්පූර්ණයෙන් අඩපණ විය. අවසානයේදී ජනාධිපතිවරයා හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර තීරණාත්මක සාකච්ඡුාවක් 2011 ජූලි 13 වැනිදා පැවැත්විණ.

මෙම ප‍්‍රධාන ඉල්ලීම්වලට අමතරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා තත්ත්වයට අදාළ වන්නා වූද ආචාර්යවරුන් කලින් භුක්ති විඳි වරප‍්‍රසාද නැවත පිහිටුවීම සම්බන්ධ වන්නා වූද පොදුවේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ වන්නා වූද තවත් ඉල්ලීම් ගණනාවක්ද සාකච්ඡුාවලදී ඉදිරිපත් කෙරිණ. එහෙත් වාර්ෂික අයවැයෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම, විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තිය විශේෂ වෘත්තීය ප‍්‍රභේදයක් ලෙස සැලකීම යන ඉල්ලීම් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රසිද්ධ වේදිකාවලදී ප‍්‍රධාන සටන් පාඨයක් වුවද සාකච්ඡාවලදී රජයේ නිලධාරින්ගේ බරපතල අවධානයකට එය ලක් නොවූ බව සඳහන් කළ යුතුය.

ආචාර්යවරුන්ගේ වැටුප් ව්යු හයේ ඉහළම තනතුර වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට රුපියල් 115,000 ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරුණද භාණ්ඩාගාරය මගින් යෝජිත වැටුප් ව්‍යුහයේ අයදුම් කිරීමෙන් පසු පමණක් ගෙවනු ලබන 25%ක පර්යේෂණ හා සංවර්ධන දීමනාවක්ද ඇතුළත් විය. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් අධ්‍යාපන අමාත්‍යංශයට 2011 ජූලි 07 වැනිදා බාරදුන් අන්තර්කාලීන යෝජනාවලියේදී පැහැදිලිව සඳහන් වන පරිදිම අප සම්මේලනය ආරම්භයේ සිටම පැහැදිලිව අවධාරණය කළ දෙයක් නම් වැටුප් වැඩිවීමක් පිළිබඳ වූ අපගේ ප‍්‍රධාන ඉල්ලීම විසඳීම පිණිස ගෙවනු ලබන සියලූ දීමනා කොන්දේසි විරහිතව ලබා දිය යුතුය යන්නයි. මේ අනුව සියයට 25 ක පර්යේෂණ හා සංවර්ධන දීමනාව වැටුප් යෝජනාවලියේ කොටසක් ලෙස සැලකිය හැකි තත්ත්වයක අප නොසිටින නිසා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 101,000 මට්ටමක මිස ජනාධිපතිවරයා පොරොන්දු වූ රුපියල් 115,000 මට්ටමක නොපිහිටයි. මේ වූකලි ආචාර්ය සමිති සම්මේලනයේ මුල් අන්තර්කාලීන යෝජනාවලියේ වූ රුපියල් 132,000ට වඩා බෙහෙවින් අඩු වූ වැටුපකි.

4,500ක් වන ආචාර්යවරුන්ගෙන් මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් සිටින්නේ 40 දෙනෙකු හෙවත් 1%ක් පමණි. ඒ නිසා ජනප‍්‍රිය මතයට ප‍්‍රතිපක්ෂව රුපියල් 101,000ක වැටුපක් පවා ලබන්නේ අතලොස්සක් දෙනෙකි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට රුපියල් 101,000ක් යන වැටුප් සීමාව ප‍්‍රමාණාත්මකව පහළට පරිවර්තනය වන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුට රුපියල් 68ල000ක් ආධුනික කථිකාචාර්යවරයෙකුට රුපියල් 44,000ක් යනාදී වශයෙනි. මෙම වැටුප් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම හා රඳවා ගැනීම පිළිබඳ ගැටලූ විසඳීමට කෙසේවත් ප‍්‍රමාණවත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය තරයේ විශ්වාස කරයි. ඒ නිසා විශ්ව විද්‍යාල දියුණු කිරීමේ පියවරක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් හා සන්සන්දනය කළ හැකි සුදුසුකම් ඇති ආචාර්යවරුන් අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ රඳවා ගනිමින් බුද්ධිගලනය නැවැත්වීමට අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අරමුණු කළද රජය විසින් ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන යෝජනා එය වැලැක්වීම සඳහා කිසිසේත්ම පලදායක නොවේ.

දිනාගත් ඉල්ලීම්

එපමණක් නොව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන යෝජනාවල අඩංගු වූ ඉල්ලීම්වලින් ඉටු කරනු ලැබ ඇත්තේ තුනක් පමණක් වන අතර ඒවාද ඉටු කර ඇත්තේ අර්ධ වශයෙනිx පහත සඳහන් ඉල්ලීම් සාකච්ඡුාවලදී රජයේ කිසිදු සලකා බැලීමකට භාජනය නොවිණ:

1. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂ වෘත්තීය ප‍්‍රභේදයක් ලෙස හඳුනා ගැනීම

2. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම සඳහා එක`ගතාවකට අත්සන් කිරීම

3. සාකචාවලදී එක`ග වූ දීමනා ඒවා සම්බන්ධ කිසිම කොන්දේසියකින් තොරව ගෙවීම

4. අධ්‍යයන දීමනාව ඊපීඑෆ් යූපීඑෆ් හා ඊටීඑෆ් සහ පාරිතෝෂික දීමනාවලට දායකත්වයන් සඳහා ගණනය කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග පැමිණි එක`ගතාව නිෂ්ප‍්‍රභා කරමින් නිකුත් කළ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ 955 චක‍්‍රලේඛය ඉවත් කිරීම

5. උසස් අධ්‍යාපනය සම්බන්ධ සියලූ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලීන්හිදී ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නියෝජනයක් ලබා දීම

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය විසින් මුහුණ දෙනු ලබන ගැටලූවලට කල්පවත්නා විසඳුමක් සඳහා මෙම ඉල්ලීම් තීරණාත්මක වන බව ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකයින්ගේ දැඩි මතයයි.

කෙසේ වෙතත් රජය පහත සඳහන් ඉල්ලීම්වලට එක`ග විය:

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරනු ලබන විවිධ සේවා සඳහා කරන ගෙවීම් අනුපාත නැවත සකස් කිරීම.

අධ්‍යයන අංශාධිපතිවරුන් ඉල්ලා අස්වීමේදී මාස තුනක් කල් දිය යුතුය යන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ චක‍්‍රලේඛ අංක 956 ඉවත් කර ගැනීම.

වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග නැවැත්වීමේ තීරණය ඒකමතික එකක් නොවිණ. තමන් පාවා දෙන ලද්දේය යන හැඟීම ඇතැම් සාමාජිකයන් අතර විය. මීට ප‍්‍රධාන හේතුව කරන ලද ඉල්ලීම්වලට සාපේක්ෂව ලත් ජයග‍්‍රහණවල වන ක්ෂුද්‍ර ස්වභාවයයි. විශේෂයෙන්ම පර්යේෂණ හා සංවර්ධන දීමනාවේ කොන්දේසි ඉවත් නොකිරීම ඊට විශේෂයෙන් හේතු විය. මෙම ඉල්ලීම් සියල්ල දිනාගැනීමට තරම් වන සාමූහික ශක්තියක් සාමාජිකයන් අතර වූ නිසා වෘත්තීය ක‍්‍රියා මාර්ග නැවැත්වීම සාධාරණීකරණය කළ නොහැකි යැයි බොහෝ සාමාජිකයෝ සිතූහ. කෙසේ වෙතත් කෙටිකාලීන ජයග‍්‍රහණ ප‍්‍රමාණවත් නොවුණත් ශිෂ්‍යයන්ට වන හානිය හා සියලූ ඉල්ලීම් දිනා ගැනීමට අඛණ්ඩව සාකච්ඡුා කිරීමේ පදනම මත වෘත්තීය ක‍්‍රියා මාර්ග නැවැත්වීමට ගත් තීරණයට බහුතරයක් දෙනා සහාය පළ කළහ.

සාමාජිකත්වයේ පොදු මතය වන්නේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටවන ලද්දේ පමණක් බවත් සාධාරණ කාලයක් තුළ දී රජය තම තීන්දු ඉටු නොකරන්නේ නම්ද ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට බාර දෙන ලද දිගු කාලීන යෝජනා ක‍්‍රියාත්මක නොකරන්නේ නම්ද වෘත්තීය ක‍්‍රියා මාර්ග යළි ආරම්භ කරන බවත්ය. එසේම විශ්ව විද්‍යාල බලධාරීන් විසින් කරනු ලබන විවිධ ආකාරයේ තර්ජනාත්මක ක‍්‍රියාද උසස් අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ඇමති, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, විභාග කොමසාරිස් ආදීන් විසින් කරන ලබන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් කරනු ලබන අපහාසාත්මක ප‍්‍රකාශද ආචාර්ය සමිති සම්මේලනය පිළිකුළින් හෙළා දකියි. එවන් අපහාසාත්මක ප‍්‍රකාශ සාකච්ඡාවේ යෙදී සිටින පාර්ශ්වයන්ට කෙලෙසකවත් ආධාර නොවූ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත ආචාර්යවරුන්ගේ කැපවීම පිළිබඳ ඔවුන් අතර අතෘප්තිය පැතිරීමටද හේතු විය.

අස්පර්ශනීය ජයග‍්‍රහණ

ඉහත සඳහන් සෘජු ප‍්‍රතිපලවලට අමතරව වෘත්තීය ක‍්‍රියා මාර්ගවල ප‍්‍රතිපල ලෙස තවත් මහ`ගු ජයග‍්‍රහණ ලබා ගත්තේය. නොයෙක් අභියෝග හා තර්ජන ඉදිරියේ තම අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුව හා එක්සත්ව නැගී සිටිය හැකි බලවේගයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙම අරගල ව්‍යාපාරය ඔස්සේ මතු වූහ. ලංකාවේ උසස් අධ්‍යාපන ප‍්‍රජාව සුළුකොට නොතැකිය යුතුය යන පණිඩිඩය රජය වෙත ගෙන යා හැකි සේ අන් කවරදාකවත් නොවූ තරම් සුවිශාල ලෙස සමස්ත විශ්ව විද්‍යාල ප‍්‍රජාවම මෙහෙයවීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හැකි විය. මෙම මාස කීපයක කාලය තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දැවෙන ප‍්‍රශ්න පිළිබඳ ඇති වූ මහජන සාකච්ඡාව පවතින ගැටලූ පිළිබඳ මහජනයා පමණක් නොව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම පවා අවධානවත් කිරීමෙහිලා බෙහෙවින් පලදායක විය. මෙම සාකච්ඡුා තවදුරටත් වර්ධනය වීමේ විභවතාවෙන් යුක්තය.

ද්‍රෝහිත්වයට නැංවීම, සාවද්‍ය තොරතුරු පැතිරවීම මගින් විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ ප‍්‍රතිරූපය කැළල් කීරිම, තර්ජනය, තනි තනි ක‍්‍රියාධරයන්ට කරදර කිරීම හා ගොදුරු කර ගැනීම, රාජ්‍යයට පක්ෂපාත ප‍්‍රතිපත්ති විරහිත පුද්ගලයන් මගින් විශ්ව විද්‍යාල ප‍්‍රජාව භේද කිරීම, විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයන් වැලැක්වීම ආදියෙන් අපගේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය මැඩපැවැත්වීමට ආණ්ඩුව තැත් කළේය. අපේ සාමාජිකයන් මේ තර්ජනයන්ට අධිෂ්ඨානයෙන් මුහුණ දුන් අතර වෘත්තීය ක‍්‍රියා මාර්ගයේ ශක්තිය දිනෙන් දිනම එය අවසන් වූ දින දක්වාම වර්ධනය විය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රජාව රජය විසින් ද්‍රෝහීත්වයට ඇද දමන විට ආචාර්යවරු තම සමිති සම්මේලනය වටා එක් වූ අතර තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් වූහ. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දහස් ගණන් සාමාජිකයෝ තම සමගිය පෙන්වීමටත් වෘත්තීය ක‍්‍රියා මාර්ගයේ සත්‍ය රටට කියා සිටීමටත් පාගමන්වල යෙදුණහ, රැස්වීම්වලට සහභාගි වූහ.

වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හැරීමට ආචාර්යවරුන් පෙළඹවීමේ අදහසින්ද වෘත්තීය ක‍්‍රියා මාර්ගය යටපත් කිරීමටද අධිකරණයේ නඩුපවරන ලදී. මෙම නඩු පැවරීම් කරන ලද්දේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්විය හැකිය යනුවෙන් 1999 දී උපරිමාධිකරණය විසින් දෙන ලද විනිශ්චයක් තිබියදීත්ය. මෙම අභියෝගවලට උසාවියේදී මුහුණදීමේදී විවෘත විශ්ව විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයනාංශවල සහාය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ලැබිණ.

ජනමාධ්‍ය විෂයෙහි විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය විෂයෙහි රජයට වාසිදායක තත්ත්වයක් විය. මුද්‍රිත මාධ්‍ය වෙතින් ආරම්භයෙහි සිටම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට විචාරාත්මක සහායක් ලැබුණ අතර එම මාධ්‍ය ලංකාවෙහි නිදහස් ප‍්‍රකාශන අයිතිය හුවා දක්වන හොඳ මාධ්‍ය භාවිතයක මූලික මූලධර්ම විදහා පෑවේය. සමහර මුද්‍රිත මාධ්‍ය තමන්ගේ පක්ෂපාත වාර්තාකරණය අත් හැරීමෙහිලා මන්දගාමී වෙමින් රජයට ආධාර කරන්නට වුවද වෘත්තීය සටනේ අවසන් අදියර වන විට වඩා සමබර වාර්තාකරණයක් පවත්වා ගත්තේය. මහනුවර, මාතර, කොළඹ, අනුරාධපුර හා යාපනයේ පැවති අපගේ දහස් ගණන් මහජනයා හා ආචාර්යවරුන් සහභාගි වූ අතිසාර්ථක මහජන රැළි හා පා ගමන් විද්‍යුත් මාධ්‍ය විසින් වාර්තා නොකිරීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මවිතයට හේතු විය. මෙම කාරණය රටෙහි මාධ්‍ය නිදහස පිණිස යහපත් වන්නක් නොවන නිසා මාධ්‍ය සංවිධානවල කි‍්‍රයාකාරී වන අය ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

එසේම මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ග විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර නිර්මාණක කුසලතා, තම ප‍්‍රජාව හා සමාජය පිළිබඳ යහපත වෙනුවෙන් කැපවීම යනාදී ගුණයන් මතු කරන්නට සමත් විය. මේ වුකලි සාමූහික මැදිහත්වීම් පිළිබඳ අපේක්ෂා ඇති කරන ගුණයන්ය. මෙම අත්දැකීම්වලින් ඉගෙන ගන්නා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර දැන් දැන් පැමිණෙන ගාස්තු අය කරන උසස් අධ්‍යාපන ආයතනවලට ගාස්තු ගෙවිය නොහැකි ජනතාවට නිදහස් උසස් අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා මෙම උද්යෝගය ඉදිරියට ගෙනයනු ඇත.

අපගේ හෘදයාංගම ස්තුතිය

අවසාන වශයෙන් මෙම වෘත්තීය අරගලයේදී නොයෙක් ආකාරයෙන් උදව් කළ අයට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය ස්තුතිය පුද කරයි. අපට සහාය දැක් වූ විවිධ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, අපගේ වෘත්තීය අරගලය හා ක‍්‍රියාකාරී ලෙස එකමුතුව පළ කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටල මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ගය නිසා අධ්‍යයන කටයුතුවලට වූ බාධා ඉවසීමෙන් දරාගෙන සිටි සියලූ දෙනාට විශේෂයෙන් ස්තුති කරමු.

එසේම අපේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පැතිරී සිටින සියලූ සහෝදර ආචාර්ය සමිතිවල සියලූ සාමාජිකයන්ටත්, කිසිම චකිතයකින් තොරව ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වූ සියලූ සාමාජිකයන්ටත්, මහජන රැුස්වීම් ඇමතීමට පෙරට ආ ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත්, උතුරු නැගෙනහිර පලාත්වල විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත්, විශේෂයෙන්ම අවුරුදු 30 ක යුද්ධයකින් පසුව නැවත ගොඩනැගෙමින් සිටින සේම ඕනෑම ආකාරයක විරෝධතා රැුස්වීමක් ආරක්ෂාව පිළිබඳ සැබෑ ගැටලූ ඇති කරන යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ටත් විශේෂයෙන් ස්තුති කරමු.

එසේම ජනමාධ්‍ය, මහජනතාව, විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විශ්ව විද්‍යාල පරිපාලනයට අයත් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ආධාර කළ සියලූ දෙනාට ස්තුති කරමු. එ මගින් ඔවුන් ප‍්‍රදර්ශනය කර සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ ඔවුන්ගේ ගෞරවය හා රාජ්‍ය උසස් අධ්‍යාපනය දියුණු කිරීමේද රටෙහි පොදු යහපත වර්ධනය කිරීමේද වැදගත් කොටස්කරුවන් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඔවුන් ගේ පිළිගැනීමට ලක්වන බවයි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති- විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
අගොස්තු 25, 2011

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )