උතුරු-නැගෙනහිර

මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ.

මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් පණත’’ කි‍්‍රයාත්මක කළ අයුරු, ඉඩම් කොමසාරිස් ගේ චක‍්‍ර ලේඛයක් මගින් පෞද්ගලික ඉඩම් ලියා පදිංචිය අලූතින් කෙරෙන්නේ ය.

එවැනි බොහෝ අකටයුතුකම්, අසාධාරණකම්, අවනීතිය, බලහත්කාරය, ළමා අපචාර, ස්තී‍්‍ර දූෂණ, සිවිල් පාලනයක් නොතැබීම, සිංහලකරණය, හමුදාකරණය, ජීවනෝපායන් අහිමි කිරීම වැනි ශිෂ්ඨ සමාජයක ඇසිය නොයුතු, කතා නොකළ යුතු හැම දෙයක්ම උතුරු-නැගෙනහිර සිදුවන බැව් ලේඛනගත කළ, එම ලේඛනය සිය දෙවන තත්ත්ව වාර්තාව ලෙස පසු ගිය ඔක්තෝම්බර 21 වන දින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ, මේ සිව් වන, නැතිනම් අවසන් කොටස ය.

මේ කොටස පටන් ගැනෙන්නේ පසු ගිය වර අවසන් කෙරුණු ‘‘සමාජ ගැටඵ’’ යන මාතෘකාවේ ඉතිරියෙනි. Continue reading උතුරු-නැගෙනහිර

Advertisements

උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත.

ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය තවමත් ජාතික පක්ෂ ලෙස නොව, සිංහල පක්ෂ ලෙස හිතන පතන, හැසිරෙන දකුණේ දේශපාලනඥයින් ගේ පක්ෂ වන හෙයිනි. එය නොකඩවා පැහැදිලි කෙරෙන ආසන්නම කාරණය වුයේ ව්‍යාපාර පවරා ගැනීමේ පණත ගැන, සිංහල ව්‍යාපාරිකයින් බේරා ගැනීමට ඔවුන් කළ ප‍්‍රකාශ වලිනි.

එය ඊළගට විස්තර කෙරෙන්නේ, උතුරෙහි මේ රාජපක්ෂ පාලනය කෙතරම් සිංහලවාදී ලෙස හැසිරෙන්නේ දැයි මේ වාර්තාවෙන් කරුනු සහිතව පෙන්වා දෙන විටත් විපක්ෂය ඒ හමුවේ නිහඬව සිටින විට ය.

මෙතැන් සිට පහතින් ඇත්තේ උතුරෙහි ඒ සිංහලකරණය ගැන විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත, තෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන ඇමතිට කරුණු ඉදිරිපත් කළ ද, එය මේ වන විට ආරම්භ කර ඇත්තේ 2,500 ක් පමණ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව ගේ ජීවනෝපායට තර්ජනයක් එල්ල කරමින් පමණක් නොව, ප‍්‍රදේශයේ ජනගහන සංයුතිය පවා දෙමළ ජනතාවට අවාසි සහගත ලෙස වෙනස් කරමින් බව සුමන්තිරන් වාර්තාවෙහි සඳහන් වන්නේ ය.

එනමුත් එවැනි කාරණා බොහෝමයක් සම්බන්ධව ධීවර ඇමතිවත් ආර්ථික සංවර්ධන ඇමතිවත් ආණ්ඩුව වත් පාර්ලිමේන්තුවේදී නිල පිළිතුරු ලබා දෙන්නේ නැත.

එවැනි බරපතල ප‍්‍රශ්න විස්තරාත්මකව මතු කරන සුමන්තිරන් වාර්තාවෙහි, මේ දෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර

සංගීතය

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද?
ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න

මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත.

බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි විටෙකත් ඉන්දියානු බුදු දහම යැයි හඳුන්වනු නොලබයි. ලෝකයේ කොයි දෙසින් පැමිණියත් අර්ථවත් දේ අර්ථවත් ය.

ශාස්ත්‍රීය සංගීතය ථාට, මේල, රාග හා තාල යන කරුණු තුළ ගැබ් වී ඇත. තවද ඉන්දියාවෙන් පැමිණි, සංස්කෘත භාෂාව ද පාළි භාෂාව ද අපේම භාෂාවන් ලෙස පිළිගන්නවා නම් ශාස්ත්‍රීය සංගීතය අපේම සංගීතයක් ලෙස පිළි නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. අප රටේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත් සියලු දෙනාම නිර්මාණය කළ ගීත නොනැසී බොහෝ කල් පවත්නා බව අප කවුරුත් දන්නා කරුණකි. එය ගායකයින් ගේ නම් වශයෙන් කිව යුතු නොවේ.

ශාස්ත්‍රීය සංගීතය හැදැරූ එම ශිල්පීන් නිර්මාණය කරන, ගයන ගීත බොහෝ කල් පවතින්නේ ඇයි දැයි අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. එයට ප්‍රධාන හේතුව නම් එක්තරා ශාස්ත්‍රීය මට්ටමෙන් මේ සංගීතවේදියන් ඒවා නිර්මාණය කර ඇති බවය.

උදාහරණයක් වශයෙන් අපි රැල්ලේ සංගීතය කුමක්දැයි වටහා ගනිමු. රැල්ල යනු කුමක් ද? මුහුදෙන් එන ඉතා අලංකාර වූ පෙන පිඬු රැල්ලට ගසාගෙන විත් අපගේ දෑස් සහ පාද පිසදාගෙන යති. එසේම රැල්ලට හදන ගීතත් ශ්‍රවණය කර පා සෝදාගෙන නැත්තට නැතිවී යති. මෙය සත්‍යාවබෝධයෙන් දැනගත යුතු කරුණකි. ගීතයක් නිර්මාණය කරන විට එහි පද මාලාවත් සංගීත රචනයත් ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතු බව පිළිගත් සත්‍ය කරුණකි. මේ අනුව ශාස්ත්‍රීය සංගීත ඥානයෙන් තොර නිර්මාණය කරන ගී එක්විටම ශ්‍රාවකයන්ගෙන් ගිලිහී යන බව අපි දන්නෙමු. Continue reading සංගීතය

ගෝඨාභය මුහුණපාන අභියෝග

ගෝඨාභය මුහුණපාන අභියෝග

සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි.

“යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි. Continue reading ගෝඨාභය මුහුණපාන අභියෝග

“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කොළඹ නගර සභා ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ පසු රූපවාහිනියෙන් කළ කථාව අන් අයෙකු කළේ නම් ජාතිවාදය අවුස්සන අරමුණින් කළ එකක් යැයි විශ්වාස කරන්නට ඉඩ තිබුණි. සන්ධානයට කොළඹ ඡන්දය දිනාගැනීමට නොහැකිවීමට හේතු වශයෙන් කොළඹ ජනගහයෙන් 40% ක් මුස්ලිම් ජනයා බවත් මෙවර මුස්ලිම් නගරාධිපතිවරයෙකු පත් කර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ජනයා අතර ප්‍රචාරයක් ගෙන ගිය බවත්, කොළඹ ජනගහණයෙන් 20% ක් වන දෙමළ ජනයාද සන්ධානයට එරෙහිව ඡන්දය දුන්නේ යැයි ඇමතිවරයා කීය. මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇත්දැයි අපි නොදනිමු. ඒ කෙසේ වුවත්, ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ විගස ජාතික රූපවාහිනියෙන් වගකිවයුතු ඇමතිවරයෙකු එවන් ප්‍රකාශයක් කිරීම කොළඹ මුස්ලිම් සහ දෙමළ ජනයා පිළිබඳ සිංහල ජනයා අතර විරෝධයක් ඇති කරන්නට හේතු වන්නට ඉඩ තිබුණි යන්න ඇමතිවරයාගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙමු. Continue reading “තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

කුමුදු ගේ තීරුව

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත
නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි.

මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන හෙයිනි.

මූලධර්මවාදය
වික්ටර් අයිවන් තම ලිපිය නම් කොට ඇත්තේ ‘නගර සංවර්ධනය හා මූලධර්මවාදය‘ යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ මතවාදී තලය පසුගාමී යැයි පවසන වික්ටර් ඒ කෙරෙහි බලපා තිබෙන මූලධර්මවාදී අදහස් ද ඊට හේතු වී ඇතැ යි කියයි. ඔහු හඳුනා ගන්නා විවිධ මූලධර්ම මූලයන් අතර මානව හිමිකම් දෘෂ්ටිය ද වෙයි. මානව හිමිකම් කෝණය හැම දේකටම ගෙඩි පිටින් ගිල්වන්නට දරන වෑයම විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකියැයි ඔහු කියයි.

ආරම්භයේදීම අවධාරණය කළ යුතු කරුණක් තිබේ. ඒ මම මානව හිමිකම් මූලධර්මවාදියෙකු නොවෙමි යන්නයි. මම කිසිම ආකාරයක මූලධර්මවාදියෙකු නොවෙමි. අද ලංකාවේ අධිපති බවට පත්ව ඇති සංවර්ධන කතිකාව සැබෑ මූලධර්මවාදයක ස්වරූපය ගනිමින් සිටියි. එය අන් සියලු දෙය, අප අගය කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව දයාව ඈ වටිනාකම් පවා ඒ වෙනුවෙන් කැප කරන මෙන් අපට බල කර සිටියි. රටේ දියුණුව වෙනුවෙන් අප අන් සියල්ල කැප කළ යුතු යැයි කියනු අපට නිතර අසන්නට ලැබේ. සංවර්ධන මූලධර්මවාදය නගරයේ දුප්පතුන් ට නගරයේ පුරවැසියන් ලෙස ඔවුනට ලැබිය යුතු අයිතීන් යටපත් කරන්නට උත්සාහ දරයි.

පුරවැසි අයිතීන් ගැන කතා කළ හැකි එකම විධිය මානව අයිතීන් මත පදනම්වීම නොවේ. නූතනයේදී පුරවැසි අයිතීන් සහ මානව අයිතීන් එකිනෙක මත අති පිහිතවීමක් තිබිය හැකි නමුදු පුරවැසි අයිතීන් ස්වාධීනව පැවතිය හැකිය. නගරයක පුරවැසියනට ඔවුන් එහි පුරවැසියන් වීම නිසාම ඇති අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගෙන් නගරයේ සාමුහික ජීවිතයට ඉටු විය යුතු යුතුකම්ද අතීතයේ සිටම හඳුනාගෙන තිබේ. Continue reading කුමුදු ගේ තීරුව

නගර සංවර්ධනය හා මූලධර්මවාදය

නගර සංවර්ධනය හා මූලධර්මවාදය
වික්ටර් අයිවන්
කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්චාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය.

ඉතිරිය සඳහා බලන්න රාවය

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි
තිස් වසරක යුද්ධය අවසන් වී වසර දෙක හමාරක් ගත වී ඇත. හදිසි නීතිය ඉවත් කොට මාස තුනකට ආසන්නය. රටේ නීතිය හා සාමයට අදාළ කරුණු සාමාන්‍ය තත්වයට පත් වී ඇතැයි කියනු ලැබේ. නමුත් පෙර නොවූ විරූ පරිදි රජය, ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණයට ලක් කරමින් පවතින්නේ යැයි බරපතළ විවේචනයක් සමාජයේ ගොඩ නැගෙමින් පවතී.

සාමාන්‍යයෙන් හදිසි නීතිය යටතේ පමණක් මහ මඟ දැකිය හැකි අවි ගත් හමුදා සෙබලුන් හදිසි නීතිය ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුත් දිගටම මහජනයා අතර ගැවසෙන්නට රඳවා තබා ඇත්තේ හදිසි නීතිය ඉවත් කිරීම හුදු නාමමාත්‍ර දෙයක් යැයි ප්‍රකාශ කරන්නට මෙනි. හදිසි නීතිය ඉවත් කරනවාත් සමගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතටත් ඔබ්බට යමින් ඊටත් වඩා බරපතළ වගන්ති ප්‍රකාශයට පත්කොට ඇතැයි චෝදනා නැගෙයි. අධික වියදම් දරා මහජනයා ප්‍රවීක්ෂණය සඳහා නගරය පුරාම රූපවාහිනී කැමරා සවි කෙරෙයි. දියුණු බටහිර රටවල් පවා තම පුරවැසියන් සම්බන්ධයෙන් යොදා නොගන්නා වමිතික ජෛව ප්‍රමිතික හැඳුනුම් පත් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. හමුදාවලට බඳවා ගැනීම තවමත් සිදුවෙයි. යුද්ධය අවසන් වූ පසුත් රාජ්‍ය ආරක්ෂාව සඳහා අය වැයෙන් වෙන් කෙරෙන මුදල රටට දැරිය නෙහැකි තරම් බරකි. Continue reading සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි

කුමුදුගේ තීරුව, නගර සංවර්ධනය, නාගරික සංවර්ධනය

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘
“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම:
ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම්

ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා.
රොබට් මෝසස් ගේ කියුමක්

සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි.
ජේන් ජේකබ්ස්

ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ පොදුවේ නගර සංවර්ධනය පිළිබඳ අපගේ සාකච්ඡාව සරු එකක් බවට පත්කිරීමට නම් අප ඊට පදනම් විය හැකි විග්‍රහයක් නගර සැළසුම්කරණය පිළිබඳ ජාත්‍යන්න්තරව පැවතී ඇති සාකච්ඡාව ඇසුරෙන් සම්පාදනය කරගත යුතුය යන අදහස මම මීට පෙර ඉදිරපත් කළෙමි (බලන්න, “යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි” රාවය, 2011 ඔක්තෝබර් 30). ඒ සඳහා දහනවවැනි සියවසේ අගභාගයේ ඇරඹී විසිවැනි සියවසේ අගභාගය දක්වා ලොව නාගරික සංවර්ධනයේ අධිපති මතවාදයව පැවැති “නාගරික නවීකරණය“ (urban renewal) ට පදනම්වන නවීකාරක සංකල්පීකරණයන් ප්‍රබලව අභියෝගයට ලක්කළ ජේන් ජේකබ්ස් ගේ ජන හිතකාමී නගර සැළසුම්කරණ අදහස් සළකා බැලිය යුතු බව මම යෝජනා කළෙමි. මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ එම කටයුත්තට මුල පුරන්නටය.

නමුත් ඊට පෙරවදනක් ලෙස “දකුණු ආසියානු නගර වාසයට සුදුසු බවට පත්කිරීම: අතීතයෙන් පර්යාලෝකයක්” යන මැයෙන් රාමචන්ද්‍ර ගුහා මෑතදී කොළඹ දී පැවැත්වූ නීලන් තිරුචෙල්වම් අනුස්මරණ දේශනයෙහිදී, පළ කළ මූලික අදහස් කිහිපයක් මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමි.

පැට්රික් ගෙඩෙස් ගේ නගර සැළසුම් දර්ශනය
එම මාතෘකාවට ගුහා ප්‍රවිෂ්ඨ වූයේ මෙසේය: “දකුණු ආසියාවේ වෙනත් බොහෝ නගර මෙන් කොළඹ නගරයද මෑත කාලයේදී අත්දුටු ‍කඩිනම් වර්ධනය එහි සමාජීය සහ පරිසරමය නිර්මිතය මත බර පටවා ඇත. මෙම වර්ධනය පුරවැසියන් සහ සැළසුම්කරුවන් යන දෙපිරිසම හමුවේ මතුකරන ප්‍රශ්න ගණනාවකි. ඒ සියල්ලේ හරය වන්නේ නගර වැසියන්ගේ ජීවිත වචනයේ සියලු අර්ථයෙන් වාසයට සුදුසු බවට පත් කරන්නේ කෙසේද? යන්නයි.“ මෙයට පිළිතුරු සොයන්නට ගුහා ඉන්දියාවේ නගර සැළසුම් කෙරෙහි මහත් බලපෑමක් කළ ස්කොට් ජාතික නගර සැළසුම් ශිල්පී පැට්රික් ගෙඩෙස් අනුදත් මූලධර්ම පිළිබඳ සාකච්ඡාවකට යොමුවෙයි. 1921 දී කොළඹ නගරය සඳහා පළමු සැළැස්ම සකස් කළේ ද ගෙඩෙස් බවත් ඔහුගේ අරමුණ වූයේ කොළඹ “පෙරදිග උද්‍යාන නගරය” බවට පත්කිරීම බවත් සඳහන් ය. ගුහා සඳහන් කළ පරිදි ගෙඩෙස් සම්ප්‍රදායට ගරුකළ නමුදු අතීතයට යොමුවූ ප්‍රතිගාමියෙකු නොවීය. එමෙන්ම ඔහු කාන්සාවෙන් යුතු රොමෑන්ටික්වාදියෙක් හෝ උග්‍ර නවීකාරකයෙකුවත් නොවීය.

ගෙඩෙස්

ගුහා දැක්වූ පරිදි, ගෙඩෙස්ගේ නගර සැළසුම් තුළින් දිවෙන කේන්ද්‍රීය තේමා තුනක් වීය. ඒවා නම් සොබා දහමට ඇති ගරුත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ගරුත්වය සහ සම්ප්‍රදායට ඇති ගරුත්වයයි. ප්‍රජාතන්ත්‍රවාදයට වාදයට ගරු කිරීමෙහි ලා ගෙඩෙස් අවධාරණය කළ කරුණක් වූයේ නගර වර්ධනයෙහි ලා පුරවැසි සහභාගීත්වය තිබීමේ අවශ්‍යතාවයි. ප්‍රජාතන්ත්‍රවාදී නගර සැළසුම්කරුවා අවවරප්‍රසාදිත කණ්ඩායම්වල අවශ්යවතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ගෙඩෙස්ගේ ප්‍රජාතන්ත්‍රීය ඉවෙහි තව පැත්තක් වූයේ නගරය ‘වැඩි දියුණු‘ කිරීම සඳහා හෝ මෝටර්රිය පදවාගෙන යා හැකිවනු වස් මහා මාර්ග ඉදිකිරීම සඳහා ගොඩනැගිලි අමනෝඥ ලෙස විනාශ කිරීමට ඔහු තුළ වූ විරුද්ධතාව යි. පැට්රික් ගෙඩෙස් ගේ ඉහත අදහස් නගර සංවර්ධනය පිළිබඳ අපගේ වත්මන් අදහස් යලි සිතා බැලීමට අපට කැඩපතක් සපයයි. Continue reading කුමුදුගේ තීරුව, නගර සංවර්ධනය, නාගරික සංවර්ධනය