උතුරු-නැගෙනහිර

මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ.

මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් පණත’’ කි‍්‍රයාත්මක කළ අයුරු, ඉඩම් කොමසාරිස් ගේ චක‍්‍ර ලේඛයක් මගින් පෞද්ගලික ඉඩම් ලියා පදිංචිය අලූතින් කෙරෙන්නේ ය.

එවැනි බොහෝ අකටයුතුකම්, අසාධාරණකම්, අවනීතිය, බලහත්කාරය, ළමා අපචාර, ස්තී‍්‍ර දූෂණ, සිවිල් පාලනයක් නොතැබීම, සිංහලකරණය, හමුදාකරණය, ජීවනෝපායන් අහිමි කිරීම වැනි ශිෂ්ඨ සමාජයක ඇසිය නොයුතු, කතා නොකළ යුතු හැම දෙයක්ම උතුරු-නැගෙනහිර සිදුවන බැව් ලේඛනගත කළ, එම ලේඛනය සිය දෙවන තත්ත්ව වාර්තාව ලෙස පසු ගිය ඔක්තෝම්බර 21 වන දින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ, මේ සිව් වන, නැතිනම් අවසන් කොටස ය.

මේ කොටස පටන් ගැනෙන්නේ පසු ගිය වර අවසන් කෙරුණු ‘‘සමාජ ගැටඵ’’ යන මාතෘකාවේ ඉතිරියෙනි.

කුසල් පෙරේරා

මරණ සහතික නැති, නීතිය හමුදාව අතැති,

අධිකරණයට අපහාස කළ හැකි අමුතු රටක්

උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක් –
සිවුවන කොටස
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්
සිංහල පරිවර්තනය, කුසල් පෙරේරා

8.6 දරුවන් ආයතනගත කිරීම – වසර 2011 පුරාම, උතුරු-නැගෙනහිර පළාත් හි දරුවන් අත හැර දැමීම සහ ඔවුනට එරෙහිව සිදු කෙරෙන අපචාර හා අපරාධ වාර්තා විය. මෙම වාර්තා කිරීම් සමග, ‘‘දරුවන්ට සහ මව් වරුන්ට උපකාර කිරීමට’’ යැයි ආණ්ඩුව, අලූත් වැඩ සටහනක් දියත් කළේ ය. කෙසේ නමුත්, සිංහල මාධ්‍යයන්හි වාර්තා වූ අයුරු, මෙම වැඩ සටහන මගින් උතුරු-නැගෙනහිර යුද්ධය හේතුවෙන් වැන්දඹු මව්වරුන් බවට පත් වූවන් ගෙන් සහ අවිවාහක මව්වරුන් ගෙන් දරුවන් ඉවත් කිරීමක් සිදු වන්නේ ය. මෙම වැඩ සටහනෙහි ඇත්ත ස්වරූපය හා එහි අන්තර්ගතය ගැන ආණ්ඩුව මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නැත. දරුවන් ආයතනගත කිරීමෙහි බරපතතල අනතුරු හා ඇඟවුම් ඇති බව, පොදුවේ පිළිගත්තකි. යුද වැන්දඹුවන් ගෙන් හා අවිවාහක මව් වරුන් ගෙන් දරුවන් ඉවත් කර, ඔවුන් ආයතනගත කිරීමේ කිසියම් අප‍්‍රකාශිත අරමුණක් මෙම වැඩ සටහනෙහි ඇති නම්, එය සමාජයේ හෘදය සාක්ෂියට විරුද්ධ සහ ළමා ආරක්ෂාව පිළිබඳ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන්නේ ය.

8.7 තැතිගත් මානසිකත්වය – ඉහතින් සඳහන් කෙරුනු ප‍්‍රජා කණ්ඩායම් මුහුණ දෙන්නා වූ ගැටළු විසින් අසල්වැසි දෙමළ ප‍්‍රජාවන් අතර සැළකිය යුතු අප‍්‍රසන්න නුරුස්නාවක් ඇති කරනවාට අමතරව, දැඩි බියක් ද ඇති කරන්නේ ය. නිදසුනක් වශයෙන්, හමුදා සුභ සාධන වෙළඳ සැල් වල අලෙවි කරන භාණ්ඩ වල ප‍්‍රජනන ශක්තිය හීන කරන ෙඖෂධ කලවම් කර ඇතැයි විශ්වාසයක් පැතිර ඇත. එය, යුද්ධය අවසන් වූ ආසන්න කාලයේ, මණික් ෆාම් කඳවුරු වල අවතැන් වූ කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම් වලට බඳුන් කරන්නේ යැයි පැතිර ගිය භීතිය සිහිපත් කරවන්නකි. සමාජයක එවැනි භීතිකාවන් පැතිර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ එම සමාජයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ සියලූ අයිතින් ක‍්‍රමානුකූලව සිරකර දමා ඇති බව ය. එවැනි භීතීන් හා තැති ගැනීම් විසින් සැබෑ ගැටළු යටපත් කෙරෙන්නේය. එය ඉතා ප‍්‍රචණ්ඩ පුපුරා යෑම් වලට ද හේතු විය හැක.

09. නෛතික ගැටළු

9.1 පුද්ගලයින් ලියා පදිංචිය – යාපනය හා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයන්හි පදිංචි පුද්ගලයින් බලහත්කාරයෙන් ලියා පදිංචි කිරීම නවතන මෙන් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් මීට ඉහතින් දිනෙක, යාපනය දිස්ති‍්‍රක්කයේ ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහ. 2011 පෙබරවාරියේ වූ මෙම පෙත්සම් විභාගයේ දී ආරක්ෂක හමුදා සහ ග‍්‍රාම සේවා නිලධාරීන් විසින් කරනු ලබන බලහත්කාර ලියා පදිංචි කිරීම් නතර කරන බවට, නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය. එය එසේ වූවත් 2011 මාර්තු 14 තරම් ආසන්නයේ සිටම, උසාවියට අපහාස කෙරෙමින් මෙම පදිංචිකරුවන් ලියා පදංචිය කෙරෙන්නේ ය. තම නිවෙස් වල ඉන්නා පුද්ගලයින් ගේ තොරතුරු සපයන ලෙස ගෘහ මූලිකයින්ට දන්වමින් යාපනයේ පොලීසි විසින් පෝරම බෙදා හරින බවට පැමිණිලි ඇත. එම කාර්ය දැන් පොලිස් ආඥා පණත යටතේ සාධාරණය කෙරෙන්නේ ය. එම පෝරම නිවැසියන්ට බෙදා හැර, නොපමාව එකතු කර ගන්නා ලෙස ග‍්‍රාම සේවා නිලධාරීන්ට දන්වා ඇත.

මෙයට අමතරව, යාපනය කළපුවෙහි ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ද අලූතින් ලියා පදංචි කිරීමේ හා ඔවුන්ට හැඳුනුම්පත් ලබා දීමේ කි‍්‍රයාවලියක් අරඹා ඇත. සියලූ ධීවර පවුල් සාමාජිකයින් ඔවුන් ගේ ඡුායා රූපයක් සමග පෞද්ගලික විස්තර, යුධ සහ නාවික හමුදාවන්ට බාර දිය යුතු ය.

9.2 ඉඩම් චක‍්‍ර ලේඛය – ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් 2011 ජූූලි 22 වන දින අලූත් චක‍්‍ර ලේඛයක් නිකුත් කරනු ලැබිණ. එය උතුරු නැගෙනහිර ඉඩම් සඳහා සුවිශේෂි වූවකි. ජාතික ආරක්ෂාවට හෝ සුවිශේෂි සංවර්ධන කාර්යන් සඳහා සහ රාජ්‍ය ඉඩම් සම්බන්ධ ආරවුල් නිරවුල් කිරීමට නොවන කිසිදු කාර්යක් සඳහා උතුරු නැගෙනහිර ඉඩම් බෙදීම එමගින් අත් හිටුවා ඇත. වඩාත් වැදගත් වන්නේ, පෞද්ගලික ඉඩම් හිමියන් ඇතුලූ උතුරු නැගෙනහිර සියලූම පුද්ගලයින්, තම ඉඩම් පිලිබඳ සියලූ තොරතුරු ඇතුළත් ‘‘හිමිකම් ඉල්ලූම් පතක්’’ ඉදිරිපත් කළ යුතුය යනන්නයි.

මෙම චක‍්‍ර ලේඛයට අනුව, පෞද්ගලික ඉඩම් හිමියන් ඇතුලූ උතුරු නැගෙනහිර සියලූම පුද්ගලයින් ඉඩම් සඳහා හිමි කම් කීමට අවශ්‍ය ලිපි ලේඛන නොමැත්තේ නම්, අදාල තොරතුරු ග‍්‍රාම සේවා නිලධාරි මගින් දෙමසක් ඇතුළත ප‍්‍රාදේශීය ලේකම්ට දැනුම් දිය යුතු ය. එසේ නොකළහොත් එහි ඇති බලපෑම හෝ ඊළඟ කි‍්‍රයාපටි පාටිය ගැන කිසිදු සඳහනක් නැත.

එබැවින් දෙමසක් ඇතුළත තොරතුරු ලබා නොදුනහොත් උතුරු නැගෙනහිර පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් සඳහා වන හිමිකම් අහෝසි වීමට ඉඩ ඇත.

දැනටත් ගැටළු සහිත වන ඉඩම් ලියා පදිංචි කිරීමේ 1998 අංක 21 දරණ ඉඩම් හිමිකම් ලියා පදංචි කිරීමේ පණතක් ඇත. එනමුත් ඉඩම් අයිතීන් සළකා බැලීමේ දී මායිම් සටහන් කෙරෙන මැනීම් හෝ උතුරු පළාතේ නෙකෙරුනු තත්ත්වයක් හමුවේ, මෙම චක‍්‍ර ලේඛය කි‍්‍රයාත්මක කරනු ලබන්නේ එම පණතේ විධි විධාන පවා මග හැරෙන අයුරින් ය.

ඊට අමතරව, උතුරු නැගෙනහිර රාජ්‍ය ඉඩම් සම්බන්ධ ආරවුල් පරීක්ෂණ කමිටු දෙකක් හා සමථ මණ්ඩල මගින් විසඳනු ඇත. ඉහතින් දක්වා තිබූ පරිදි, මෙම පරීක්ෂණ කමිටු සාමාජිකයින් ලෙස හමුදා නිලධාරීන් ද පත් කර ඇත. ආරවුල් නිරවුල් කිරීමේ මෙම කි‍්‍රයාවලිය, අධිකරණය වෙත සුවිශේෂි පැවරුමක් වන ජනතාව සතු අධිකරණ බලය මග හැරීමෙන් පැහැදිලි ලෙසම, ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නකි.

එම කි‍්‍රයාවලිය පිලිබඳව ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා නොදීමත් බරපතල කාරණයකි. අවසන් දිනය 2011 නොවැම්බර ලෙස සඳහන් ව තිබීමත් උතුරු නැගෙනහිර ජනතාව අතර, කලබලයක් හා අවුලක් හැදීමට හේතු වී ඇත.

9.3 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත – ත‍්‍රස්තවාදය රටින් තුරන් කර ඇතැයි, 2011 අගෝස්තු 25 වන දින, අති ගරු ජනාධිපති විසින් හදිසි නීතිය අවලංගු කරන බවට පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී. නීතිය සියතට ගනිමින් සාමය හා ස්ථාවරත්වයට අවහිර කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට රටේ සාමාන්‍ය නීතිය ප‍්‍රමාණවත් බවත් ජනාධිපති තුමා එහි දී සඳහන් කරන්නට විය. මෙම අදහස් ම, 2011 සැප්තැම්බර 23 වන දින, එක්සත් ජාතීන් ගේ මහ සමුළුවෙහි ද ප‍්‍රකාශ කෙරින.

එසේ වූවත්, 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක් වීමේ (තාවකාලික) පණත යටතේ ආරක්ෂක ඇමති විසින් නව රෙගුලාසි 05 ක් පණවන ලදී. එල්.ටී.ටී.ඊය තහනම් කිරීම, දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO) තහනම් කිරීම, ඇතැම් හදිසි නීති රෙගුලාසි දීර්ග කිරීම, රඳවා තබා ගැනීම් හා අත් අඩංගුවට ගැනීම් සහ බාර වූවන් ගේ රැුකවරණය හා පුනරුත්ථාපනය ඊට අදාල වන්නේ ය. මෙම රෙගුලාසි, පුරවැසියන් ගේ මූලික අයිතිවාසිකම් සහමුලින් යටපත් කිරීම නිසාවෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ ය. එමගින් ත‍්‍රස්තවාදය වළැක් වීමේ පණතෙහි බල සීමාවට පිටතින් බලය යෙදීමක් ලෙස, එම පණත ද උල්ලංඝණය කරන්නේ ය. එමගින් වඩාත් හිංසනයට පත් වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ය. එබැවින් විශේෂයෙන්ම අවසාන රෙගුලාසි තුන අභියෝග කරමින් මාවෙයි සේනාධිරාජා ගරු මන්ත‍්‍රී විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එහෙත් හේතු දැක්වීමකින් තොරව, පෙත්සම ඉවත දමනු ලැබිණ. 1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පණත යටතේ පනවනු ලබන හදිසි නීති රෙගුලාසි මගින් මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15(7) වගන්තියෙන් සහතික කරනු ලබන මූලික අයිතීන් කිසිවක් ත‍්‍රස්තවාදය වැළැක් වීමේ පනත යටතේ සීමා නොකළ හැකි යැයි මීට ඉහතින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

එල්.ටී.ටී.ඊය හා දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කෙරෙන 2011 අංක 01 සහ 02 රෙගුලාසි විසින් ඉතා පුළුල් වරද වල් අර්ථ ගැන් වෙන්නේ ය. එකී රෙගුලාසි විසින් ‘‘යම් පමණකට සැක කෙරෙන සංවිධානයක් සමග සම්බන්ධ වීම හෝ ගනු දෙනු කිරීම’’ නීති විරෝධි කටයුතු වන්නේ යැයි සැළකීම නිසාවෙන් නීති සේවාව පවා අපරාධයක් විය හැක. එම රෙගුලාසි මගින් පුද්ගලයෙකු සතු ඉඩම් හා වත්කම් පවරා ගැනීමේඅනිසි බලයක් ජනාධිපති වෙත ලබා දෙන්නේ ය. පරීක්ෂණයක් පැවැත් විය හැක්කේ ජනාධිපති එවැන්නක් අවශ්‍ය යැයි සිතුවහොත් පමණි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත මගින් හෝ එවැනි බලයක් ලබා නොදෙන්නේ ය. එහි 04 වන වගන්තියේ සඳහන් අයුරු වත්කම් පවරා ගත හැක්කේ අධිකරණ තීන්දුවක් අනුව පමණි.

පළාත් පාලන ආයතන 22 ක වගකීම් හා කාර්යන් ඉටු කිරීමේ හා කි‍්‍රයාවට නැගීමේ බලය ඇති පුද්ගලයින් පත් කිරීම ද ඇතුලූ රෙගුලාසි 02 ක් සමගින් පූර්වයේ කි‍්‍රයාත්මක වූ හදිසි නීති රෙගුලාසි 03 ක් 2011 අංක 03 දරණ රෙගුලාසිය මගින් තව දුරටත් බලාත්මක කෙරෙන්නේ ය. එවැනි කිසිදු බලයක් ත‍්‍රස්තවාදය වැළැක් වීමේ පණතෙහි සීමාවට අයත් නොවන්නේ ය. එය ජනතාවගේ නිදහස් ඡන්ද බලය ද උල්ලංඝණය කරන්නකි.

රැඳවියන් හා අත් අඩංංගුවේ පසු වන්නන් සම්බන්ධව, 2011 අංක 04 දරණ රෙගුලාසිය පණවා ඇත. එමගින් සැකකරුවන් සඳහා ඇප ලබා දීමේ මහේස්ත‍්‍රාත් බලය අහෝසි කර ඇති අතර, හදිසි නීතිය යටතේ රඳවා තැබූ සියල්ලන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා තැබෙන ලෙස අර්ථ ගන් වන්නේ ය. එයද ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. මතු ආරක්ෂාව සඳහා යැයි දෙමළ පුද්ගලයින් අනවසරයෙන් රඳවා ගැනීමටත් අත් අඩංගුවට ගැනීමටත් එමගින් අවස්ථාවක් ලබා දෙන අතර, එවැනි බලයක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතින් ලබා දී නැත.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතට මුළුමනින් පිටස්තර කාරණයක් වන අත් අඩංගුවට ගත් සහ බාර වූවන් ගේ රැුකවරණය හා පුනරුත්ථාපනය, 2011 අංක 05 දරණ රෙගුලාසියෙහි අඩංගුව ඇත. විවිධ හේතුන් නිසාවෙන් ආරක්ෂක සේවාවන් වෙත බාර වූ සැළකිය යුතු දෙමළ පුද්ගලයින් ගේ අයිතිවාසිකම් වෙත එම රෙගුලාසිය බලපාන්නේ ය. විමතියට හේතු වන්නේ, ත‍්‍රස්කවාදී කි‍්‍රයා වලට බියෙන් බාර වූවන් ද මේ මගින් දෙවසරක් පරීක්ෂණයකින් තොරව අත් අඩංගුවේ තබා ගැනීමට යටත් කිරීම ය. බාර වූ ළමුන් පවා, කිසියම් සන්නද්ධ කි‍්‍රයාකාරකමෙක නිරතව සිටියේ යැයි සැක කෙරෙන්නේ නම්, එම ළමුන් ‘‘ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට’’ බාර දිය යුතු යැයි එම රෙගුලාසිය යටතේ මහේස්ත‍්‍රාත් වරයාට බල කෙරෙන්නේ ය. එවැනි අවකාශයන් ව්‍යවස්ථාවට පටහැනි වන අතරම, ශී‍්‍ර ලංකාව බැඳී ඇති ජාත්‍යන්තර වගකීම් වලට ද පටහැනි ය.

9.4 පාර්ලිමේන්තු ආසන සීමා කිරීම – පාර්ලිමේන්තු ආසන අඩු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය එය ඉතා හදිසි වැදගත් ජනතා අවශ්‍යතාවක් ලෙස සිය කණස්සල්ල හා විරෝධය ඉස්මතු කළේ ය. පවත්නා යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයෙන් ආසනයට එක් පුද්ගලයා බැගින් පත් කෙරුනු 1977 මහ මැතිවරණයේ දී 11 කු තේරී පත් වූහ. එනමුත් පසු ගිය මැතිවරණයේ දී අනුපාත ඡුන්ද ක‍්‍රමයට, යාපනය මැතිවරණ දිස්ති‍්‍රක්කයට පත් කරනු ලැබූයේ 09 කු පමණි. දැන් පෙනෙන අයුරු, එම සංඛ්‍යාව 06 කු දක්වා නැවතත් අඩු කෙරෙන්නේ ය. එය විස්තර කෙරෙන්නේ වත්මන් ඡුන්ද ලේඛනයන් හි යාපනය දිස්ති‍්‍රක්කයේ ලියා පදිංචි ඡුන්ද සංඛ්‍යාව අඩු වී ඇත යන්නෙනි. පාර්ලිමේන්තුවෙහි එම කාරණය ගැන සඳහන් කළ සම්බන්දන් මන්තී‍්‍ර වරයා පෙන්වා දුන්නේ, එය ස්වේච්ඡාවෙන් සිදු වූ අඩුවීමක් නොවන බව ය. එය පැවති යුද්ධය හේතුවෙන් යාපනය මැතිවරණ දිස්ති‍්‍රක්කයේ නිර්මාණය කෙරුනු ප‍්‍රචණ්ඩ හා කෘතිම තත්ත්වයන් විසින් ඇති කළ අඩු වීමක් බව ය. දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙහි දී පෙන්වා දුන්නේ යාපනයේ ඡුන්දදායකයින් අති බහුතරය දෙමළ වන හෙයින්ම, ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය සීමා කිරීම, ඔවුන් ගේ සර්ව ජන ඡුන්දය අහිමි කිරීමක් පමණක් නොව, එය ඔවුන් ගේ ස්වාධිපත්‍යය ද අහෝසි කිරීමක් වන බව ය.

9.5 ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තබා ගැනීම – සමාජ සේවා අමාත්‍යාංශය යටතේ සහ පසුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය, 2010 මැද වන විට, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත. රාජ්‍ය නොවන සංවිධාන විසින් සිය මුදල් වාර්තා, විගණන වාර්තා සහ කි‍්‍රයාකාරකම් සැළසුම්, නිති පරිදි ලේකම් කාර්යාලයට බාර දිය යුතු ය. සිවිල් කාර්යක් එළෙස ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ඇත්තෙන්ම මර්දනීය කි‍්‍රයාවකි. මෙය පැහැදිලි වන්නේ, ඇතැම් විශේෂ කි‍්‍රයාකාාරකම් සහ ක්ෂේත‍්‍ර වලට සීමා වන සංවිධාන වෙත පනවා ඇති සීමාවන් ගෙනි. එය වඩාත් බරපතල වන්නේ විශේෂයෙන් උතුරු නැගෙනහිර මානව හිමිකම්, මානුෂික සේවා වැනි කි‍්‍රයාකාරකම් ඉතා තියුණු විපරමකට බඳුන් කිරීමෙන් ඔවුන් ගේ කාර්යන් මත ස්වයං වාරණයක් පනවා ගැනීමට එමගින් බල කිරීමෙනි. එබැවින් අර්ථවත් මැදිහත් වීමකට ඉන් ඉඩ ලැබෙන්නේ නැත.

9.6 මරණ සහතික – යුද්ධය හේතුවෙන් සිය ආසන්න ඥාතීන් අහිමි වූ අභ්‍යන්තර අවතැන් වූවන් වෙත අදාල මරණ සහතික නිකුත් නොකිරීම, බරපතල ප‍්‍රශ්නයකි. මෙය ඉතා බරපතල ලෙස ඉඩම් ඔප්පු සකසා ගැනීමේ දී සහ අනෙක් පරිපාලන කටයුතු වල දී බලපාන්නකි. එබැවින් යුද්ධයේ දී මිය ගිය සිය ඥාතීන් දමා පැමිණීමට සිදු වූ අවතැන් වූවනට, එම මානසික වේදනාවට අමතරව, සිය ඉඩම් ඔප්පු හදා ගැනීමේ දී පැන නැග ඇති ගැට`ඵ ද බරපතල වී ඇත. මෙම යුද්ධයෙන් විපතට පත් වූවන් ඔවුන් ගේ මිය ගිය ඥාතීන් වෙනුවෙන් ද වගකීම් බාර ගත යුතුව ඇත. මරණ සහතික නිකුත් කිරීම පහසු කිරීම, 2010 මරණ ලියා පදිංචි කිරීමේ (තාවකාලික) පණත සම්මත කිරීමෙන් බලාපොරොත්තු විය. සිවිල් ගැටුමක් හෝ ත‍්‍රස්ත හෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් ගේ මරණ ලියා පදිංචි කිරීම එහි අරමුණු වලට අයත් විය. එවැනි සාධක පුද්ගලයෙකු ගේ අතුරුදහන්වීමට හේතු වන්නේ නම්, වසරක කාලයකට පසු එම පුද්ගලයාගේ මරණය ලියා පදිංචි කිරීමට එම පණත විසින් ඉඩ ලබා දෙන්නේ ය. එනමුත් එකී පණත කි‍්‍රයාත්මක කරන්නේ දැයි නොදනිමු. කි‍්‍රයාත්මක නොකරන්නේ නම් ඊට හේතු කාරණා ද පැහැදිලි නැත.

(නිමාව)

‘රාවය‘ 2011 නොවැම්බර් 20

‘රාවය‘ ට අපගේ කෘතඥතාව.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )