මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

එජාප නායකත්ව සටන:
මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

එජාප නායකත්ව සටන මූලිකවම පෙන්නුම් කළේ දිගින් දිගටම විපක්ෂයේ සිටීම පිළිබඳ එජාපයේ කොටස් තුළ ඇති බලවත් අප්‍රසාදය යැයි සිතමි.

එජාපයේ වත්මන් නායකත්වය වෙනස් වී නම් එජාපයට තමන්ටම හිමි අනන්‍යතාවක් ඇති පක්ෂයක් වශයෙන් තවදුරටත් පැවැතීමට ඇති හැකියාව නැතිවන්නට ඉඩ තිබුණු බව මගේ අදහසයි. මන්ද යත්, එබඳු වෙනසක් ඇති වීම මෙතෙක් කල් එජාප නායකත්වයෙන් නියෝජනය කළ සමාජ ස්ථරයට තම පාරම්පරික දේශපාලන සංවිධානය අහිමි කරනු ඇතිව තිබුණු හෙයිනි. යටත් විජිත සමයේ ලංකාවේ බිහිවූ බටහිරට විවෘත වූ මනසක් සහිත ධනහිමි ගතානුගතික සමාජ පංතියේ නායකත්වය ලද එජාපයේ පහළ සාමාජිකත්වය සැදුනේ නාගරික මැද පංතියෙන් සහ මැද පංතික ගොවි ස්ථරයන්ගෙනි. අදවන විටත් එජාපයේ නායකත්වය සැදී ඇත්තේ මූලිකවම එහි මුල් නායකත්වය ලත් පරපුරේම අද වනවිට නාගරික ධනහිමි ගතානුගතික සමාජ පංතිය බවට පරිණාමය වී ඇති සමාජ ස්ථරයකිනි. මෙම සමාජ ස්ථරයට වෙනස් සමාජ ස්ථරයකින් එජාපයේ ඉහළ නායකත්වයට දේශපාලනය තුළින් පත් වූ එකම නායකයා අගනගරයේ පොදු ජන සමාජ ස්ථරයකින් ආ ආර්. ප්‍රේමදාස වෙයි. Continue reading මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

Advertisements

‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“

“තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය කරනවා. ඒවා අපේ වගේ බස් නෙමෙයි. කෝච්චි වගේ දිග බස් ධාවන ක‍්‍රමයක්. පාරවල් පළල් කරන්න හෝ පුළුල් පාරවල් දෙන්න ඕන නැහැ. දකුණු ඇමෙරිකාවේ බොහෝ නගර හා චීනයේ නගර 30ක් මේ ක‍්‍රමය තමයි පාවිච්චි කරන්නේ. අපි තාම යන්නේ ගිය ශතවර්ෂයේ භාවිත වුණු ගොඩනැගිලි කඩලා පාරවල් හදන ක‍්‍රමයකට.“

Continue reading ‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘