විශ්ව විද්‍යාල ස්වාධීනත්වය රකිනු!

විශ්ව විද්‍යාල ස්වාධීනත්වය රකිනු!

වීඩියෝව බලන්න

යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම්
යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

පුරවැසි කුමුදු කුසුම් කුමාර

තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වෙයි. ආයුධ සන්නද්ධ කල්ලි වෑන් රථ වලින් පැමිණ ජනයා පැහැර ගෙන යාමත්, ජනයා අතුරුදහන් වීමත් ඊට වග කිව යුත්තන් අල්ලා ගැනීමකින් හෝ ඔවුනට දඬුවම් දීමකින් හෝ තොරව දිගටම ක්‍රියාත්මක වන බව පළවෙයි. රජයේ හෝ රජයේ බලධාරීන්ගේ අකටයුතු වලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නඟන්නවුන් රාජ්‍ය මර්ධනයේ ඉලක්ක වීමට ඉඩ ඇතැයි පොදු බියක් ද ජන මාධ්‍ය ස්වයං වාරණයකට යටත් වන පරිදි තර්ජනයෙන් තැති ගන්වා ඇතැයි යන හැඟීම ද සමාජයේ පවතී. වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට තිබිය යුතු නිදහස නීතිය යොදවා තමනට අහිමි කරනු ලැබ ඇතැයි සේවකයෝ කියා සිටිති. සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ඇතැයි උතුරු නැගෙනහිර පළාත් වල ජනයා පැමිණිලි කරති. නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම සිවිල් සමාජයේ නිදහසට අනතුරු කරන බවට පොදු මතය ක් තිබේ.

මේවා මෙසේ සිදුවීමේ වගකීම ජනයා අවසානයේදී පවරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ටය. එහෙයින් මෙම තත්වය වෙනස් කොට රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අවම වශයෙන් පහත සඳහන් පියවර ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිමි.

පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නවත්වන්න

‘සුදු වෑන්‘ යනුවෙන් හැඳින්වෙන රථ වලින් පැමිණෙන ආයුධ සන්නද්ධ කල්ලි වලින් කෙරෙන සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නැවැත්වීම සඳහා පහත සඳහන් පියවර ගන්න.

සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන්න. එවැනි පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වැළැක්වීම සඳහා මහජනයා ට ගතහැකි සියලු කියා මාර්ග ඔවුන් විසින් ගත යුතු බව දැනුම් දෙන්න.

නීත්‍යානුකූලව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලය පවරා ඇති බලධාරීන් කවුරුන්ද යන්න මහජනයාට ප්‍රකාශ කරන්න.

පැහැරගෙන යාම් සහ අතුරුදහන්කිරීම් පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ දුරකථන සේවාවක් ජනාධිපති කාර්යාලයේ පිහිටුවා එබඳු පැමිණිලි පිළිබඳ කියා කිරීමට විශේෂ ජනාධිපති ඒකකයක් පිහිටුවන්න.

පලාතේ පොලීසියේ අණසකට පිටතින් කුමන හෝ චෝදනාවක් යටතේ කවුරුන් හෝ අත් අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ පලාතේ පොලීසිය මඟින් අදාළ පාර්ශවයට පොලීසියට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුව බවත් එහිදී පහත සඳහන් ආකාර ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශයට පත් කරන්න. එලෙස, පළාතේ පොලිස් ස්ථානයේදී කාර්ය භාර පොලිස් නිලධාරියා ඉදිරිපිටදී, එසේ අත් අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයාට ඔහුට එරෙහිව ඇති චෝදනා දැනුම් දිය යුතුය. එලෙස අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට තමන් නියෝජනය කිරීමට නීතිඥයෙකුගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව ඇති බව ඔහුට හෝ ඇයට දන්වා එම සේවාව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුය.

අදහස් පළ කිරීමේ නිදහස යළි පිහිටුවන්න

රජයේ බලධාරීන්ගේ කුමන ආකාරයේ හෝ බියගැන්වීමකින් තොරව තොරතුරු වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට මාධ්‍ය වලට පූර්ණ නිදහස ඇති බවත්, නෛතික ක්‍රියාවලියෙන් පිටස්තරව කුමන හෝ රජයේ බලධරයෙකුගේ අණ ට මාධ්‍ය යටත් නොවිය යුතු බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්න.

නීත්‍යානුකූල ලෙස දේශපාලන කටයුතු වල නිරත වන දේශපාලන ක්‍රියාකාරකයන් පොලීසිය මගින් බියවැද්දීම නතර කරන්න.

පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට ජනයාට ඇති නිදහසට බාධා කිරීමෙන් පොලීසිය සහ සන්නද්ධ හමුදා වළක්වන්න.

පත්‍රිකා බෙදීමට සහ පෝස්ටර් සහ බැනර් ප්‍රකාශයට පත් කිරීමට තිබිය යුතු නිදහසට රජයෙන් පනවා ඇති සීමා ඉවත් කරන්න.

පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට තිබිය යුතු නිදහස වැළැක්වීමට රජය නීතිය යොදාගැනීම වළක්වන්න.

වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට සේවකයන්ට තිබිය යුතු නිදහස යළි පිහිටුවන්න

සේවකයන් වැඩ වර්ජනයේ සහ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි යෙදීමෙන් වැළැක්වීමට රජය විසින් අයුතු ලෙස නීතිය යොදවා ගැනීම වළක්වන්න.

සිවිල් සමාජ කටයුතු මිලිටරීකරණය කිරීම නවතන්න

උතුරු නැගෙනහිර පළාත් වල සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ගැනීම නවත්වන්න.

නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම නවත්වන්න.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන පා ගමන සහ රැළිය 2012 අප්‍රේල් 26 කොළඹ දී

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන පා ගමන සහ රැළිය 2012 අප්‍රේල් 26 කොළඹ දී

ජාතික අධ්‍යාපනය උදෙසා රජයේ ආයෝජන වහා වැඩි කරනු!

පාසැල් හා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කරනු!!

රාජ්‍ය විශ්ව විද්‍යාල දේශපාලනීකරණය කිරීම වහා නවතනු!!!

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට දුන් පොරොන්දු මහා ඉටුකරනු!!!!

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන එක් දින සංකේත වැඩ වර්ජනය

පා ගමන 2012 අප්‍රේල් 26 කොළඹ විශ්ව විද්‍යාලයෙන් සවස 2ට ඇරඹෙයි

රැළිය සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී

සැමට ආරාධනා!

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක්
– විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

ශ‍්‍රී ලංකාව සිය ආකර්ෂණීය සමාජ දර්ශක පිළිබඳ නිදහස ලැබූ දා සිටම ලබන ගෞරවය හා අගයකිරීම් ලැබුණේ මූලික ආයතන දෙකක් ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම නිසාය. ඒ මූලික ආයතන දෙක වූකලි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන සේවයයි. මේ අංශ දෙක නිසා කිසිම කෙනෙකුට වෙනස්කම් කිරීමක් නොමැතිව මූලික අයිතිවාසිකම් දෙකක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල්, තමන්ගේ ධනවත්බව කෙසේ වෙතත්, මේ නිදහස් සෞඛය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටියි. ඒ නිසා අප ලබා ඇති මේ විශිෂ්ට ජයග‍්‍රහණය කවර තරමේ මිලක් ගෙවා හෝ ආරක්ෂා කර ගත යුත්තකි.

එහෙත් ඔබතුමාගේ නායකත්වය යටතේ පවතින වර්තමාන ආණ්ඩුව නිදහසින් පසු ලංකා සමාජයේ එක් වැදගත් ස්ථම්භයක් වන නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටින්නේ යැයි පෙනී යන බව අප නිරීක්ෂණය කරන්නේ ඉතා කණගාටුවෙනි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැටියට අපගේ අරමුණ වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතා වැදගත් ආයතනයක් වන විශ්ව විද්‍යාල පද්ධතියට සිදු කරමින් තිබෙන හානිය වෙත ඔබගේ අවධානය යොමු කිරීමයි. මෑතකදී ඉසෙඞ් ලකුණු ආන්දෝලනයෙන් ප‍්‍රකාශයට පත් වූ පරිදි ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනයේ සිදුවී ඇති පරිහාණිය පිළිබඳවද අප ඉමහත් සේ කණගාටු වන නමුත් මේ අවස්ථාවේදී අප අවධානය යොමු කරන්නේ රාජ්‍ය අංශය යටතේ පවත්නා තෘතීය අධ්‍යාපනය පිළිබඳවය.

ඔබේ ආණ්ඩුව හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහයෝගය දැක්වීමේද, විශ්ව විද්‍යාලවල ස්වෛරීභාවය විනාශ කිරීමේද, සෙමින් නමුත් නිසැක ලෙසම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ කාර්යක්ෂම ක‍්‍රියාකාරිත්වය විනාශ කිරීමේද අරමුණින් යුතුව සිටින්නේය යන්න ඉතා පැහැදිලිව ප‍්‍රකාශට පත් කර ඇත. ඒ නිසා අප පහත සඳහන් කරණු නිරීක්ෂණය කරන්නේ දැඩි සැලකිල්ලකින් හා සාංකාවකිනි: Continue reading ‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

කුමුදු කුසුම් කුමාර

පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි ඔහු කියන්නාක් මෙනි. රජයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු සහ ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයෙකුද වන ගෝඨාභය රාජපක්ෂගේ අදහස් බැරෑරුම්ව සළකා සාකච්ඡා කිරීම රටේ යහපත පතන්නන් ගේ වගකීමකි. මෙම ලිපිය එබඳු උත්සාහයකි.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සිදුවූ දිනවලම ඇමති විමල් වීරවංස ඉංග්‍රීසි පුවත් පතකට පවසා තිබුණේ පශ්චාත් යුද සමාජයේ පාලන තන්ත්‍ර යේ වෙනසක් කිරීම සඳහා විදේශීය බලවේගයන්ගේ මැදිහත්වීම පහසු කිරීමට රට තුළ කළබල ඇති කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රියා කරමින් සිටින බවයි. පාලන තන්ත්‍ර යේ වෙනසක් සඳහා විදෙස් බලවේග කෙරෙහි බලාපොරොත්තු තැබීම පිළිබඳ අදහසක් ජනයා අතර පැතිර යන්නේ නම් ඊට ප්‍රධාන හේතුව රට තුළ දේශපාලනයට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවකාශය අහිමි වී ඇති බවට විශ්වාසයක් ජනයා අතර පැතිර යාමයි. රට තුළ නීතියේ පාලනය බිඳ වැටීම සංකේතවත් කරන දිගින් දිගටම වාර්තා වූ සුදු වෑන් වලින් පැහැර ගෙන යාම පිළිබඳ පුවත් ජනයා අතර මෙබඳු හැඟීමක් තර කරන්නට හේතු වී තිබේ.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම ඉමහත් සේ දෙස් විදෙස් අවධානය දිනා ගත්තා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන පිරිස් කුළු ගැන්වීමට ද හේතුවීය. රජය පැත්තෙන් ගත් කළ මෙම සිද්ධියේ ඵල විපාකවල වැදගත්කම ප්‍රකාශයට පත් වූ අවස්ථාවක් වූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයි.ටී.එන් රූපවාහිනි යේ ‘දොරමඬලාව‘ වැඩ සටහනට සහභාගී වීමයි. සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කළේ මේ සඳහා කලින් සැළසුම් කොට තිබූ දොරමඬලාව වැඩ සටහන සජීවී ලෙස විකාශය වන්නට පැය කිහිපයකට පෙර හදිසියේ එය අවලංගු කොට ලේකම් වරුන් දෙදෙනාට ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවයි. දොරමඬලාවට ගෝඨාභය රාජපක්ෂ සහභාගීවීමත් එම සාකච්ඡාවට ලක් වූ කරුණු දොරමඬලාවේ දී ඉදිරිපත් වීමත් යුක්ති යුක්ත බවට හේතු මෙහෙයුම්කරු වැඩ සටහන අතර තුර විටින් විට ප්‍රේක්ෂකයනට කියා සිටියේය. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම අවසානයකට ඒම පිළිබඳ මුල්ම තොරතුර මහජනයාට ප්‍රකාශ වූයේද මෙම වැඩ සටහනෙහි අවසාන භාගයෙහිදී ය. පැය දෙක හමාරක් පමණ දිවෙන මෙම වැඩ සටහනෙහි අවසාන පැය භාගය ආරම්භයේදී මධ්‍යම රාත්‍රියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හෙළිදරව් කළේ කුමාර් ගුණරත්නම් පොලිසියකට භාර වූ බව වැඩ සටහන ආරම්භයට පෙර තමාට දැනගන්නට ලැබුණු බවයි. Continue reading රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලින් තොර නව වසරක් උදා වේවා!

පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලින් තොර නව වසරක් උදා වේවා!
කතිකා

මෙම ප්‍රාර්ථනාවට ඔබේ පැතුමත් එක් කරන්න!

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි
– අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

“ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස්‌ උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.“ යැයි අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ප්‍රවෘත්ති නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරමින් කියා සිටී.

එහි මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ 1970 දශකයේ සිට විවිධ රජයන් හා දේශපාලන පක්‍ෂ මෙන්ම අන්තවාදී ආයුධ හරඹවල යෙදුණු කණ්‌ඩායම් ද තමන්ගේ මති මතාන්තරවලට එකඟ නොවන පුද්ගලයන් පැහැරගෙන යැම හෝ අතුරුදන් කරවීම මෙන්ම ඔවුන්ගේ මළ සිරුරු තැන තැන ප්‍රසිද්ධ ලෙස ප්‍රදර්ශනය කිරීමද සිදු කළ බව අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නොවේ. මෙය 80 හා 90 දශකවල වඩා භයානක ලෙස සිදුවූ දෙයකි. එලෙසම ප්‍රතිවාදී දේශපාලන පක්‍ෂවල හෝ පාතාල කණ්‌ඩායම්වල නායකයින් අතුරුදන් කරවීම හෝ ඝාතනය කිරීමද විවිධ අවස්‌ථා වලදී සිදුවිය. මේ අතරට ද්‍රවිඩ හා සිංහල ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් විසින් සිදු කරන ලද ඝාතන ද ඇතුළත් වේ. එවැනි අතුරුදන් කිරීම් හෝ ඝාතනයන් සම්බන්ධව පොදුවේ පරීක්‍ෂණ පවත්වා නැති බවද සත්‍යයකි. මෙසේ ඝාතනය වූ අය අතර ද්‍රවිඩ සිංහල දේශපාලන නායකයෝද සිටිති. මේ අපරාධවලට නිත්‍යානුකූලව දඬුවම් දීම සිදුවී ඇත්තේ ද අල්ප වශයෙනි. සමාජයට අහිතකර පාතාලයේ පුද්ගලයන් ඉවත් කිරීමද ඇතැම් විට ඒ ඒ කණ්‌ඩායම් අතර ඇති තරගකාරීත්වය හා වෛරය නිසා සිදුවන පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් ගැනද අපට අසන්නට ලැබේ. ප්‍රතිවිරුද්ධ අදහස්‌ දරන දේශපාලන නායකයින් වෙතද මේ තර්ජනය එල්ලවී ඇත. Continue reading ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

රටේ සිදුවන දේවල් ගැන ලාංකිකයකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක

රටේ සිදුවන දේවල් ගැන ලාංකිකයකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක

වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින පැහැරගැනීම් වැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලැජ්ජාවට පත්වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (11) ඉංගිරියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:

“මිනිසෙකුට නිදහසේ පාරේ යන්න බැහැ පැහැර ගෙන යනවා. ධාර්මිෂ්ට රටක, නිදහස් රටක, ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු නොවිය යුතුයි. කවුරු කරනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් රජයේ වගකීමක් තිබෙනවා ඒ කරන අය නීතිය ඉදිරියට ගෙනැල්ලට ඔවුන්ට දඩුවම් දෙන එක. අපි පාරේ යන කොට කවුරු හරි ඇවිල්ලා උස්සන් යනව නම් මොකක්ද අපට තියෙන නිදහස. එවැනි දේවල් සිදුවීම වැළැක්වීම අපි කාගේත් වගකීම.

එනිසා මේ සිදුවන දේවල් පිළිබදව ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ගොඩාක් ලැජ්ජා වෙනවා. මා මේ ප්‍රකාශ කළේ මාගේ අවංක හැඟීමයි.“

lanka views

කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි

‘අපට සුරංගනා කථා කියන්න එපා!‘ කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයින් පිරිසක් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූහ.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස් පහත දැක්වේ.

වීඩියෝව පහත බලන්න.