ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ………………

ලංකාවේ මිනිසුන් ලෙඩ කරවන TV, Radio සහ Cellphone කුළුණු ………………

ඔබ ලංකාවේ කොහේ ගියත් TV,Radio සහ Cellphone කුළුණු දැක ඇතිවාට සැක නැත,බහුලව කුළුණු සවිකර ඇති තැන මෙසේය
කදු මුදුනුවල
මහල් නිවාස වල ඉහලම මහලේ
මහල් වියාපාර ආයතන වල ඉහලම මහලේ;
තට්ටු නිවාස වල මහලේ
තරු හෝටල් වල ඉහලම මහලේ
ඉහත සදහන් ස්ථානවල බහුලව කිසිම ප්‍රමතියකින් හෝ පාරසරික සහ සමාජීය නියමයන්ට පටහැනිව සහ මිනිස් ජීවිත සතුන් මෙන් සලකා, බහුජාතික සමාගම් ලංකාවේ ඉදිකර ඇති ඉහත කුළුණු නිසා අහිමිවන ජීවිත ගණන ඔබ දන්නවද ?????????, ලොව විවිද රටවල් සහ ලංකාවේ පරේෂණ කණ්ඩායම් වල සොයාගැනීම්වලට අනුව TV,Radio සහ Cellphone කුළුණු ආශ්‍රිත ජීවත්වන ජනතාවට පහත දැක්වෙන ලෙඩ වැළදෙන බවට සාක්ෂි සහ තොරතුරු ලැබී ඇත, මෙම ලෙඩ වැළදීම, කුලුනේ සිට එම ජනතාවගේ නිවාස පිහිට ඇති දුර ප්‍රමාණය අනුව වෙනස් වන බව සොයාගෙන ඇත.

ලොව පිළිගත් නිය්‍යය සහ පාරසරික නියමයන්ට අනුව TV, Radio සහ Cellphone කුළුණු ඉදිකර යුත්තේ ජනශුන්‍ය ප්‍රදේශවලය තවද, සෑම කුළුනක සිටම ගමකට හෝ නගරයකට අවම වශයෙන් 4KM වත් තිබිය යුතුය…….. අපේ රටේ ????????? සෑම නගරයකම සහ ගමකම ජනගහනයට වඩා TV, Radio සහ Cellphone කුළුණු ගොඩනැගිලි වල ඇත. මෙහිදී ජාත්‍යන්තර electronic medical record (EMR) වාර්තාවලට අනුව වඩාත්ම භයානක කිරන (Radiation ) නිකුත් කරනු ලබන්නේ Cellphone /Mobile කුළුණු වලින් බවට වාර්තා වනවා….ලංකාවේ නිවෙස් වල, මහල් නිවාස වල, මහල් වියාපාර ආයතන වල, තට්ටු නිවාස වල, තරු හෝටල් වල Cellphone /Mobile කුළුණු කියක් තිබෙනවද???????????????.

අපේ රටේ ජනතාවට දරාගැනීමට අපහසුවන පරිදි TV, Radio(FM), Mobile, බලපත්‍ර වර්තමාන රජය විසින් ලබාදී ඇත. මෙයින් රජයේ TV, Radio(FM), Mobile ආයතන හැර අනෙකුත් ආයතන, තමන්ගේ මුදල් ගැන මිස ජනතාව ගැන සිතා කටුතු කර තිබේද ????? පිළිතුර නැත. සියලුදෙනාම තමනට අවැසි ඕනෑම තැනක කුළුණු සදා ඇත, මෙනිසා කීදෙනෙක් රෝගී තත්වයට පත් උනාද???????, කීදෙනෙක් ගේ ජීවිත නැති උනාද ??????, නමුත් අහිංසක ජනතාව මේ කිසිවක් දන්නේ නැත. බොහෝ මිනිසුන් මුදල් සෙවීමට ගොස් තමන්ගේ නිවාස සහ ආයතන වල මහල්, කුළුණු වලට දීමෙන් තමනුත් තමන්ගේ අසල්වැසියාවත් මරාදමා අහෝ රෝගී තත්වයට පත් කර ඇත.

වර්තමානයේ UNITED NATIONS WORLD HEALTH ORGANIZATION (WHO) ආයතනය electronic medical record (EMR) වාර්තා අනුව පරිසරය නසන අහිංසක ජනතාව ලෙඩ කරන රටවල් වලට නීති රීති පනවා ඇත, නමුත් අප වැනි දුපතක් ගැන (WHO) ට වැඩක් නැත. මන්දය යත් ලොවම තරහ කරගෙන සිටින මෝඩ ජන නායකයකු සිටින, අප රට ගැන කිසිවකු අවදානය යොමු කරනේ නැත.

අප TV,Radio සහ Cellphone කුළුණු අසල හෝ අවට KM 4 ක වපසරියක් තුල වාසය කරන්නේ නම් පහත සදහන් ලෙඩ රෝග සෑදෙනු ඇත. මෙය කුලුන සවිකර ඇති සහ නිවසට හෝ ව්‍යාපාරයට ඇති දුර මත වෙනස් වන බව electronic medical record (EMR) වාර්තා පෙන්වා දී ඇත .

Cell sites radio/TV towers and radars are risk factors for:
• Cancer across all body organs, especially brain tum our,breast cancer and leukemia,
• Cardiac arrhythmia, heart attack and heart disease,
• Neurological effects, including sleep disturbance, learning difficulties, senility, depression and suicide.
• Miscarriage, congenital malformation, Sudden Infant Death syndrome, early childhood cancer, especially Acute Lymphoblastic Leukaemia (ALL).

ජනතාවනි දැන් වත් අවදිවන්න ……නොපමාව කටුතු කරන්න ……..අනාරක්ෂිත සහ ජනතාව ලෙඩ කරන කුළුණු වලට එරහි වන්න….තමන්ගේ දරුවන් වෙනුවෙන් වත් තම යුතු කම ඉටුකරන්න ………

lanka leaks

Advertisements

මොන්ට්‍රියොල් හී දින 100 ක ශිෂ්‍ය සටනට හට්ටි මුට්ටි හැඬවීමෙන් ජනයා සහයෝගය දක්වති

වීඩියෝව මෙහි බලන්න.

vimeo ඔබා විශාල ප්‍රමාණයෙන් නරඹන්න

තවත් ඡායාරූප මෙහි බලන්න.

bbc

huffingtonpost

සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – 2
සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය
මහාචාර්ය ගාමිණී කීරවැල්ල

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන බලය පැවරෙන්නේ 1948 වුවද සංස්‌කෘතික විජිතහරණ ක්‍රියාදාමයේ නව නැම්මක්‌ සලකුණු වන්නේ 1950 දශකයේ මැද භාගයේය. එය එකවර හදිසියේ වූ සිදුවීමක්‌ නොව කාලයක්‌ තිස්‌සේ හිමිහිට වැඩුණු ඓතිහාසික බලවේගයන් මුහුකුරායැමේ ප්‍රතිඵලයකි. 1956 මහජන එක්‌සත් පෙරමුණ බලයට පත්වීම මෙම ක්‍රියාවලියේ එක්‌ සිදු වීමක්‌ පමණි. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක නායකත්වය දුන් මහජන එක්‌සත් පෙරමුණ මේ වන තෙක්‌ පාලක පක්‍ෂය ලෙස සිටි එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කොට මහජන රජයක්‌ ඇති කිරීම සමග මෙතෙක්‌ දේශපාලන බලයේ අද්දර සිටි නමුත් බලය හසුරුවන තීරණ ගැනීම සිදුවන බලයේ ආලින්දයට ගොඩවීමට නොහැකිව සිටි සමාජ ස්‌ථරයන්ට බලයට ළඟාවීමට හැකිවීමක්‌ ලැබිණි. මාර්ටින් වික්‍රමසිංහයන් 1956 ආණ්‌ඩු පෙරළියෙන් පසුව බමුණු කුලය බිඳවැටීම යනුවෙන් සඳහන් කළේ මෙම සංසිද්ධියයි. බමුණු කුලය බිඳවැටීම සමඟ දේශපාලන බලය හැසිරවීම තම අතට ගත් බමුණු කුලයට අයත් නොවන සමාජ ස්‌ථරයන්ගේ ස්‌වරූපය තේරුම් ගැනීමට එහි ඓතිහාසික පෙකණිවැල තේරුම්ගත යුතුය. Continue reading සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය
– නිර්මාල් රංජිත් දේවසිරි

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි.

බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ සඳහා මාරුවී යාමට ඉඩ දීම හේතුකරගෙන ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. ඔහු මෙහිදී කොළඹ ප‍්‍රසිද්ධ ජාතික පාසැල් වල සාමාන්‍ය පෙළ සඳහා උසස් ප‍්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඊට වඩා ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීම තම තර්කය සාධාරණීකරණය කිරීම සඳහා උපයෝගී කරගනී. ඔහුගේ තර්කය වන්නේ මේ තත්වය නිසා උසස් ප‍්‍රතිඵල ලබාගෙන ප‍්‍රධාන පෙළේ ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීමට අපේක්ෂාවෙන් සිටින ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. මෙය පහසුවෙන් බිඳහෙලිය හැකි තර්කයක් නොවන අතරම ඇමතිවරයාගේ උත්සාහය මගින් මෙම ගැටලූවට විසඳුමක් ලැබෙන්නේනම් අප එයට එකහෙළාම සහය දැක්විය යුතුය.

ඇත්ත වශයෙන්ම මෙම තීරණය ඇමතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කල වහාම එක්තරා ගුවන්විදුලි නාලිකාවක් මගෙන් මේ පිළිබඳ අදහස් විමසා සිටියේ ය. එහිදී මා මගේ ක්ෂණික ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රකාශ කළේ මෙම පියවර නරක එකක් නොවන බවයි. මගේ අදහස අදාල නාලිකාවෙන් ප‍්‍රචාරය කලාදැයි මම නොදනිමි. කෙසේ වෙතත් මේ සම්බන්ධව ඇතිවූ මහජන සාකච්ඡුාව තුළ මතුවූ කරුණු ඔස්සේ වැඩිදුර සිතා බැලීමේ දී මට ඒත්තු ගියේ ඇමතිවරයාගේ ක‍්‍රියා මාර්ගය ගැටලූ සහගත බවයි. Continue reading බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ
– කුමුදු කුසුම් කුමාර

දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි.

“පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන් තබා ගත නොහැකි වනු ඇත; අප එක් එක් මිනිසාගේ හුදෙකලා හදවතේ අඳුරුබව තුළ, අසරණව සහ යන දිශාව පිළිබඳ හැඟීමකින් තොරව, ඉබාගාතේ යාමේ තීන්දුවට යටත් කෙරෙනු ඇතැ“ යි ආරන්ඩ්ට් තම The Human Condition නමැති කෘතියේ ලියුවාය.

හිටපු හමුදාපති සහ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කෙරෙන ආරංචිය විශ්වසනීය බවෙන් වැඩෙමින් පැතිර යත්ම ජන සමාජය තුළ ඒ පිළිබඳ පැතිරුණු උනන්දුවට එක් හේතුවකි, ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම පිළිබඳ අපේක්ෂාව. අනෙක් අතට සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳ සතුට ප්‍රකාශ කරන මහජනයා පළමු කොටම ඔහු එල්ටීටීයට එරෙහි යුද්ධයට දුන් නායකත්වය අගයන පිරිසක් බව පෙනෙයි. මේ පිරිස යුද ජයග්‍රහණය අගයන නමුත් එහි ගෞරවය තනිකරම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට හිමි වනවාට අකමැති විපක්ෂ සාමාජිකයන්ගෙන් මූලිකවම සැදුම් ගත්තේ යැයි සිතමි. සරත් ෆොන්සේකා පිළිබඳ අප සමාජය දක්වන ඉමහත් උනන්දුවේ හරය ඇත්තේ ඉහත දෙකරුණ අතර ඇති ප්‍රතිවිරෝධය තුළ ය.

යුද සමය තුළ මෙරට සිංහල ජන කොටස් ජෙනරාල් ෆොන්සේකාට ඇලුම් කළේ “ලංකාව සිංහලයන්ගේ ජාතිය“ යැයි ලොවට හඬගා කී හමුදාපතිවරයා ලෙසිනි. යුද්ධය වෙනුවෙන් තම ජීවිතය අහිමි වීමේ තර්ජනයට මුහුණ දුන් ෆොන්සේකා යුද්ධයෙන් පසු පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ඉතිහාසයේ සරදමක් වන්නේ යුද්ධයේදී තිරසාරව සිංහල ජාතිකවාදයේ පස ගත් ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව යුද්ධය පිළිබඳ ජාතිකවාදී නොවන ස්ථාවරයක් ගත් එජාපය ද, යුද්ධයේදී ආණුඩුවට ප්‍රතිවිරුද්ධ පස ගත් දෙමළ ජාතික සන්ධානයත්, විදෙස් ගත ලාංකේය දෙමළ ප්‍රජාව නොහොත් ඩයස්පෝරාවත් රාජපක්ෂ රජයට අභියෝග කිරීමේ මඟ ලෙස ෆොන්සේකා පිළිගැනීම නිසාය. මෙම සියලු පිරිස් සමගින් සිංහල ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන ස්වාධීන ලිබරල් මතධාරී මැද පංතික විද්වත් වෘත්තිකයන් සහ කලාකරුවන් වැනි පිරිස් වල ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ෆොන්සේකා පිළි ගැනීමට ලක්වීම රාජපක්ෂ රෙජීමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ කඩ ඇහිරී යාමේ තරම පෙන්නුම් කළේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව ලෙස ඉමහත් බලාපොරොත්තු දනවමින් ජනාධිපති තරඟයට පිළිපන් ෆොන්සේකා මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ සැනින්ම පාහේ තම අදහස් වල දැඩි ඒකාධිකාරී ස්වභාවයකුත් උග්‍ර මමත්වයකුත් ප්‍රකාශ කරන්නට පටන් ගැනීමෙන් මැද පංතිකයෝ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයෙන් වහා ඈත් වූහ. ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ සහ ජෙනරාල් ෆොන්සේකා දෙපුද්ගලයන් අතර මෙන්ම ඔවුන් නියෝජනය කළ දෙපිල අතරද උග්‍ර සටනක් බවට පත්වීය. සටනින් මහින්ද රාජපක්ෂ පරදිනු ඇතැයි දැඩි බියක් පාලක තන්ත්‍රය ඇතුළතම පැතිර ගිය බව වාර්තා වීය. නමුත් යුද්ධය දිනීමෙන් ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවීමේ කුමන්ත්‍රණයක් ෆොන්සේකා ගේ ජනාධිපති අපේක්ෂකත්වය පිටුපස ඇතැයි රජය කියා සිටීම, පාලක රෙජීමයමත් බලාපොරොත්තු නොවූ ලෙස ග්‍රාමීය ඡන්දදායකයන් අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ වටා එක් කරන්නට සමත්වීමෙන්, ෆොන්සේකා ඡන්ද මිලියන හතරක් ඉක්මවා ලබා ගත්තද පරාජයට පත්වීය. මැතිවරණය අවසන් වීමත් සමඟම ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමත් විවිධ චෝදනා යටතේ ඔහුට නඩු මාලාවක් පැවරීමත් ඔහුට සිර දඬුවම් දීමත් ලොව දුටුවේ දේශපාලන පලිගැනීමක් ලෙසිනි.

දැන් ජෙනරාල් ෆොන්සේකාට නිදහස ලැබී තිබේ. මෙය ලැබීමට හේතු වූ කරුණු පිළිබඳ විවාදයක් පවතී. මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ චෝදනා මුල් කොට ගෙන ජිනීවා හි දී ලංකාව ලද පරාජයත් සමග මතුපිටට ආ ඇමෙරිකානු බලපෑම ප්‍රධානකොටම මෙයට හේතුවීය යන්න එක් අදහසකි. මෙය පාලක රෙජීමය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. ෆොන්සේකා ‘ද හින්දූ‘ පුවත් පතට කියා ඇත්තේ ජනතාව දිගින් දිගට කළ බලපෑම තමා නිදහස් කිරීමට ජනාධිපතිවරයා යොමු කළ බවයි. රොයිටර් පුවත් සේවා වාර්තාවක් කියා සිටියේ ජන අවධානය ආර්ථික දුෂ්කරතාවන්ගෙන් වෙනතකට යොමු කරන්නටත් විපක්ෂය අවුලට පත් කරන්නටත් ජනාධිපති රාජපක්ෂ ෆොන්සේකා නිදහස් කළ බවයි. රජය පැත්තෙන් කියැවෙනු ඇත්තේ මෙය ජනාධිපතිවරයා හොඳ හිතින් කළ සමාව දීමකි යන්නයි. නමුත් හොඳ හිතින් කළ සමාව දීමක් නම් ඡන්දය ඉල්ලීමේ එනම් පාර්ලිමේන්තු දේශපාලනය කිරීමේ ප්‍රධාන මාර්ගයක් අහුරා ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කිරීමට ජනාධිපති රාජපක්ෂ පෙළඹුනේ මන්දැයි ප්‍රශ්නයක් පැණ නැඟී තිබේ.

හනා ආරන්ඩ්ට්: ‘සමාව දීම‘ සහ ‘පොරොන්දුවීම‘

දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි. සමාවදීම, ක්‍රියාකරන්නා තම ක්‍රියාවන්හි අනපේක්ෂිත ඵල විපාකයන්ගේ වගකීමෙන් මුදවාලමින්, කළ දේ ආපසු හැරවිය නොහැකිවීමේ බරපතළ බව සැහැල්ලු කරයි. පොරොන්දුදීම, ක්‍රියාකාරකයන් කිසියම් ක්‍රියා මාර්ගයන්ට බැඳලීමෙන්, අනාගතය කල් තබා කිව නොහැකිකමට කිසියම් සීමාවක් පැනවීමෙන්, ක්‍රියාවේ ප්‍රථිඵලයෙහි ඇති අවිනිශ්චිතභාවය අඩු කරයි. කිසිවෙකුටත් තමාටම සමාව දී ගත නොහැකියැයි හනා ආරන්ඩ්ට් කියයි. ඇය දකින පරිදි සමාව දීම යනු අප කළදෙයෙහි පළවිපාකයන්ගෙන් අප නිදහස් කිරීම යි.

නොදැන කළ වරදකට සමාව නොලැබෙන්නේ නම් යමෙකුට තව දුරටත් ක්‍රියාවන්හි, එනම් දේශපාලනයේ නිරත විය නොහැකි වෙයි. අනෙක් අතට පොරොන්දු දීම අනාගතය අනිශ්චිත වීම සහ කල්තබා කිව නොහැකිවීමට යම් සීමා පැනවීමෙන් අපට අනාගතයට මුහුණ දීමට ඉඩ හැකියාව ලබා දෙයි. “පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන් තබා ගත නොහැකි වනු ඇත; අප එක් එක් මිනිසාගේ හුදෙකලා හදවතේ අඳුරුබව තුළ, අසරණව සහ යන දිශාව පිළිබඳ හැඟීමකින් තොරව, ඉබාගාතේ යාමේ තීන්දුවට යටත් කෙරෙනු ඇතැ“ යි ආරන්ඩ්ට් තම The Human Condition නමැති කෘතියේ ලියුවාය. ආරන්ඩ්ට් දුටු පරිදි, මිනිසුන්ට සමාව දිය නොහැක්කේ දඬුවම් කළ නොහැකි ආකාරයේ වරදකට ය. එහෙයින්, සමාව දිය නොහැකි දෙයට දඬුවම් දීමද කළ නොහැකි ය. සමහර වැරදි ප්‍රමාණවත් ලෙස දඬුවම් කළ නොහැකි මෙන්ම සමාව දිය නොහැකි ඒවා වෙයි.

ජනාධිපති රාජපක්ෂ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටු කළ ආකාරය දැන් මතභේදයට තුඩු දී තිබේ. ජෙනරාල් ෆොන්සේකාට සමාව දුන්නේ කුමන කරුණක් අරභයාද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුව පොරොන්දුව හරියාකාරව ඉටු කළේද යන්නට පිළිතුරක් ලැබෙනු ඇත.

යුද්ධය සම්බන්ධයෙන් ෆොන්සේකා ගේ ක්‍රියා කලාපය සමාව දිය නොහැකි ආකාරයේ එකක් නොවන්නේ යැයි ජනාධිපතිවරණයේදී ඔහු වටා එකතු වූ සියලු දෙන තීරණය කළ බව පෙනෙයි. අදත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ පවා ෆොන්සේකා නිදහස් වීම පිළිබඳ සතුට පළ කොට තිබීමෙන් මේ බව පෙනෙයි. නමුත් ඔහුට සමාව දී ඇති ආකාරයෙන් පෙනී යන්නේ ෆොන්සේකා පූර්ණ සමාවක් දිය නොහැකි ආකාරයේ වරදක් කළ බවට හැඟීමක් පාලක තන්ත්‍රය තුළ පවතින බවයි.

මේ පිළිබඳ ජෙනරාල් ෆොන්සේකා දරා සිටින ස්ථාවරය බව පෙනෙන්නේ සමාව ඉල්ලීමට තමා වරදක් කොට නැත යන්නයි. තමාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කොට තිබේ. එසේ තිබියදීත් ජනාධිපති රාජපක්ෂ ජෙනරාල් ෆොන්සේකාට සමාවක් ප්‍රකාශ කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ මහාත්මභාවය යැයි යන මතය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඉඩක් ෆොන්සේකාට පූර්ණ නිදහස ලබා නොදීමෙන් ඇතිවෙයි.

ෆොන්සේකා නිදහස් කිරීම සහ ‘විදෙස් කුමන්ත්‍රණ‘

බීබීසී යේ චාර්ල්ස් හැවිලන්ඩ් කී පරිදි ජෙනරාල් ෆොන්සේකා විවාදාපන්න සහ සමාජය උග්‍ර මත වලට සමාජය බෙදීමට සමත් තැනැත්තෙකි. ඔහු බොහෝ ලාංකිකයන්ගේ පරිකල්පනාව ග්‍රහණයට ගෙන ඇතැයි ද හැවිලන්ඩ් කීය. එසේ වීමට හේතුව වත්මන් පාලන තන්ත්‍රයට නිර්භයව අභියෝග කළ හැකි පුද්ගලයෙකු ලාංකිකයන් ෆොන්සේකා තුළ දැකීම බව මගේ අදහසයි. වත්මන් පාලන තන්ත්‍රය මේ පිළිබඳ වටහා ගත යුතු කරුණ වන්නේ ෆොන්සේකා කෙරෙහි ජනතාව ආකර්ෂණය වන්නේ ඔහු ගේ ආගමනය අවම වශයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරනු ඇත යන අපේක්ෂාවෙන් බවයි.

අද රටේ හදිසි අවශ්‍යතාව වී ඇත්තේ එජයට එරෙහි එක්සත් විපක්ෂයක් ගොඩ නැඟීම බවට සරත් ෆොන්සේකා කර ඇති ප්‍රකාශය විපක්ෂයේ චිත්ත ධෛර්යය නංවා ලීමට හේතු විය හැකිය. එහි ප්‍රා යෝගික වලංගුභාවය දකිනු හැකි වනු ඇත්තේ ක්‍රියාව තුළම ය. තම අරමුණ ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවට අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් සමඟ එක්ව කථා බස් කරමින් කටයුතු කිරීම යැයි යන ෆොන්සේකා ප්‍රකාශ කොට ඇති අරමුණ යහපත් ය යන්න පිළිබඳ විවාදයක් තිබිය නොහැක. මෙහිලා ද අභියෝගය වන්නේ මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම යි. ජනතාවට කථා කරමින් තම දේශපාලනයේ යෙදීමට ඔහු ගෙන ඇති තීරණය යුද්ධය ජයගත් හමුදා නායක ජෙනරාල්වරයා ගේ භූමිකාවේ සිට ජාතික මට්ටමේ දේශපාලන නායකයෙකු ගේ භූමිකාවට ප්‍රවිශ්ඨ වන්නට ඔහුට පිහිට විය හැකිය. ජනතාවට උගන්වන්නට යාමේදී ජනතාවගෙන් ඉගෙන ගැනීමට දේ ඇති බවද දක්ෂ දේශපාලනඥයෝ උගනිති.

‘දි අයිලන්ඩ්‘ පුවත් පතේ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ගෙන් විමසා ලියූ පුවතක යෝජනා කෙරෙන පරිදි ෆොන්සේකා නිදහස් කිරීම මෙරට පාලන තන්ත්‍ර යේ වෙනසක් ඇති කිරීමේ විදේශීය කුමන්ත්‍රණයකට අනුබල දීමක් බවට පරිවර්තනය වීමේ අනතුරක් ඇත්නම් පාලන තන්ත්‍රය මේ බව නොදැන ෆොන්සේකා නිදහස් කළේදැයි ගැටළුවක් මතුවෙයි. ෆොන්සේකා නිදහස් කරන ලෙස වඩාත්ම බල කර සිටියේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යැයි ජනාධිපති රාජපක්ෂ කියා තිබීමෙන් පෙනී යන්නේ එවැනි තර්ජනයක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස නොකරන බව නොවේද? නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ගේ ප්‍රකාශයෙන් උපුටා ‘දි අයිලන්ඩ්‘ පුවත් පත අවධාරණය කළ කරුණක් ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමා දේශපාලනයට පිවිසෙන්නේ යැයි ෆොන්සේකා කළ ප්‍රකාශය සමග ගැලපෙයි. එය නම් රටේ පාලනයේ පිරිහීම පිළිබඳ මැද පංතියේ සැළකිල්ලට ලක් වී ඇති – නීතිය සහ පාලනය සීඝ්‍රයෙන් කඩා වැටීම, රජයේ දේශපාලනඳයන්ගේ අවිචාරී හැසිරීම, නාස්තිය, දූෂණය සහ අක්‍රමිකතා යන – කරුණු කෙරෙහි ආණ්ඩුවේ අවධානය වහා ලක් විය යුතු බවයි.

හමුදා, සිවිල් සහ දේශපාලන කටයුතු වලට ඇඟිලි ගැසීම

අප මෙයට අදහසක් එකතු කරන්නේ නම් යුද්ධය අවසන් වී අවුරුදු තුනක් සපුරා ඇති මෙම අවස්ථාවේ දකුණේත් උතුර සහ නැගෙනහිරත් ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්තාවාදී අභිලාෂයන් පූර්ණ වශයෙන් සපුරාලීම හදිසි අවශ්‍යතාවක් වී තිබේ. මෙයට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ආරක්ෂක හමුදාවන් සිවිල් සහ දේශපාලන කටයුතු වලට දිගින් දිගට මැදිහත් වන බවට කෙරෙන වාර්තා වීම් ය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ආරක්ෂක හමුදාවන්හි කොටස් දිගින් දිගටම බාධා කරන බවට පුවත් ජන මාධ්‍යයන්හි වාර්තා වෙයි. සමාජවාදී තරුණ සංගමයේ පෝස්ටර් අලවමින් සිටි තරුණයන් දෙදෙනෙකු හමුදාවන්ට අයිති යැයි කියන පිරිසක් විසින් වෑන් රියකින් පැහැර ගෙන ගොස් පහර දී පසුව මහ මඟ දමා යාමේ සිද්ධියකුත්, මීගමුවේදී පෝස්ටර් අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසකට හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ තර්ජනය කර පෝස්ටර් ඉරා දමා, ඉතිරිව තිබූ පෝස්ටර් පැහැර ගෙන ගොස් ඇතැයි කියැවෙන් අවස්ථාවකුත් පසුගිය දින කිහිපය තුළ වාර්තා වීය. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂ නන්දන්ට බරපතල තුවාල සිදු කරමින් කළ පහර දීමක් යාපනයෙන් වාර්තා විය. ඔහු රැස්වීමකදී උතුරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් කතාවක් පැවැත්වීමට නියමිතව සිටියදී මෙලෙස පහරදීමට ලක් වූ බව පැවසේ. මෙම පහර දීම කළේ කවුරුන්දැයි වාර්තා වී නැත. නමුත් මෙවැනි ක්‍රියා පිළිබඳ වහාම පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට පැමිණවීම පොලීසියේ සහ උතුර නැගෙනහිර නම් හමුදාවේත් වගකීම වන්නේය.

හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කිරීම ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීමට හේතුවන බව අපගේ අදහසයි.නමුත් ඔහුගේ ප්‍රජා නිදහසට සීමා පනවා ඔහු සිරයෙන් නිදහස් කිරීමෙන් පමණක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවේ. අද ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙහි ලා මූලික සාධකය වන්නේ ආරක්ෂක හමුදා උතුරේ සහ නැගෙනහිරත් දකුණේත් සිවිල් කටයුතු සහ දේශපාලන කටයුතු වලට මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම යි. මේ පිළිබඳ වත්මන් පාලන තන්ත්‍රය ක්‍රියාකරන ආකාරය එහි අනාගත පැවැත්මට තීරණාත්මක ලෙස බලපානු ඇති බව මගේ අදහසයි.

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය
– මහාචාර්ය ගාමිණී කීරවැල්ල

මා සිංහබාහු නාටකය මුලින්ම නැරඹූයේ පේරාදෙණිය සරසවියේ නවක සිසුවකු ලෙස 1968 දීය. ඉන්පසුව දිවයිනේ නොසිටි කාලපරිච්ඡේද හැර වසරකට හෝ දෙවරකට වරක්‌වත් නැවත නැවත මා සිංහබාහු නාටකය පේරාදෙණිය සරසවියේ එළිමහන් රඟහලේදී නරඹා ඇත. එම ඉතිහාසය දෙස නැවත හැරී බලා නූතන ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික – දේශපාලන වපසරියේ දැවැන්තයකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ කෙරෙන සංකථනයට එකතුවක්‌ කිරීමට දරන ප්‍රයත්නයකි, මෙය.

ප්‍රථම වරට මා සිංහබාහු නාටකය නැරඹූ කාලය වූකලී ඒ සරච්චන්ද්‍රයන්ගේ කීර්ති කදම්භය සරසවි බිම සිසාරා දිදුළමින් පැවති අවධියයි. ඒ වන විට එදිරිවීර සරච්චන්ද්‍රයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා විය. ඔහු පළමු වසර සිංහල විෂය හදාරන සිසුන්ට කලා රසාස්‌වාදය පිළිබඳ දේශන මාලාව පැවැත්වීය. එය එම විෂය හදාරන සිසුන් අතර පමණක්‌ නොව පොදුවේ සියලුම සිසුන් අතර ඉමහත් ජනප්‍රිය දේශන මාලාවක්‌ විය. එයට සවන්දීම සඳහා අන් පීඨයන්ගෙන් පවා සිසුන් පැමිණි අතර අසුනක්‌ ලබා ගැනීමට පවා අපහසු වන අයුරින් කලාගාරය එම දේශනවලදී සිසුන්ගෙන් පිරී ඉතිරී තිබිණි. පාසලෙන් සරසවියට පා තබා මසකට පමණ පසු එළිමහන් රඟහලේ රඟ දැක්‌වූ සිංහබාහු නාටකය මට එතෙක්‌ අත් නොවිඳි අපූර්ව අත්දැකීමක්‌ ලබා දුන්නේය. එක හුයක ඇමිණි මුතු ඇට පෙළක්‌ සේ ඉදිරියට ඇදී යන නාටෙHdaචිත අවස්‌ථා මෙන්ම ඒ හා බැඳුණු මධුර ගීත, සුගම එහෙත් ව්‍යක්‌ත භාෂාව අප සැම මොහොතකට වෙනම ලෝකයකට ගෙනයැමට සමත් විය. ඒ සමඟම අප වෙනත් සංස්‌කෘතික තලයකට ගොඩවූයේය යන හැඟීමක්‌ මෙන්ම මෙය අපේ උරුමය යෑයි එක්‌තරා ආඩම්බරයක්‌ද හිතට ඇතුළු විය. Continue reading සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය
– නිර්මාල් රංජිත් දේවසිරි
පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි.

බැලූ බැල්මටම පැහැදිළි වන්නාවූ දෙයක් නම් මෙම සිදුවීම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව බරලතල ගැටලූවක් මතුකරන බවයි. එය සාමාන්‍ය තතත්වයට වඩා බරපතල තත්වයක් වන්නේ විශ්වවිද්‍යාල සම්බන්ධව ගත්කල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කොහොමත්ම මූලික තැනක් ගන්නා බැවිනි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ක‍්‍රියාත්මක වශයෙන් පවතින්නේ නොමැතිව විශ්වවිද්‍යාලයක් පැවතීමට පවා නොහැකිය. ඒ අර්ථයෙන් ගත්කල කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ මෙම කි‍්‍රයාව කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්මේ පදනමටම එල්ල කරන ලද මරු පහරකි.

මෙම සිදුවීමට අදාලව මා කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා වලදී මතුවූ කරුණු කීපයක් පාඨක අවධානයට යොමු කරවීම මෙහිදී අතිශයින්ම වැදගත්ය. බලධාරීන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම අවහිර කරන ලද්දේ මීට වසර කීපයකට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයක් උපයෝගී කරගනිමිනි. එම චක‍්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුලට මාධ්‍ය කැඳවීම සඳහා විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. ඇත්ත වශයෙන්ම මෙම චක‍්‍රලේඛය මගින් අපේක්ෂා කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන කටයුතු සීමා කිරීම බව පෙනේ. මක්නිසාද යත් එවකට විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර බලධාරීන්ගේ කෝපයට හේතුවන ක‍්‍රියාකාරකම් එතරම් දක්නට නොලැබුනු බැවිනි. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම තත්වය වෙනස් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන්කාමී වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම්වලට අවතීර්ණ වීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කටයුතුද බලධාරීන්ට හිසරදයක් බවට පත්වීම දක්නට ලැබේ. Continue reading විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ

බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ
– නිර්මාල් රංජිත් දේවසිරි

පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම (Damage control) සඳහා කරන ලද ප්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හි අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම පුහුල් හොරාගේ කරේ අලූ ගෑවී ඇතැයි කියූ වහාම තමන්ගේ කර අතගා බැලූ මෝඩ ගැමියාගේ හැසිරීම වැනි එකකි.

මේ ප‍්‍රකාශය ද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම පිළිබඳ සිද්ධියේ දී ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට භාරවුනා හා භාර වූ වහාම ඔහුගේ ඉල්ලීමට සවන් දී ඔහු ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබුවා යයි කීම වැනි සුරංගනා කතා වර්ගයේ ප‍්‍රබන්ධයකි.

ප‍්‍රශ්නය වන්නේ සැඟවීමට බොහෝ දේ ඇති බලධාරීන් මෙවැනි ප‍්‍රකාශ කිරීම ම නොවේ මහජනයා ඉදිරිපිට එවැනි ප‍්‍රකාශ කොට ගැලවී සිටීමට ඔවුනට හැකියාව ලැබීමයි. බලධාරීන්ගේ උදහසට ලක්වී ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තුළ පොලිස්පතිගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්න ගනනාවක් මතු කරනු ලැබ තිබුනි. ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් කෙනෙකුට ඉතා සාධාරණ පදනමක් මත දැඩි විවේචන ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුන ද එහි මේ ප‍්‍රකාශය සම්බන්ධව මතුකරනු ලැබ ඇති ප‍්‍රශ්න බෙහෙවින්ම අදාල ඒවාය.

මා මේ සම්බන්ධව මෙහි දී මතු කිරිමට අපේක්ෂා කරන ගැටලූව වන්නේ මේ ප‍්‍රකාශය සම්බන්ධව මේ තරම් බරපතල ප‍්‍රශ්න මතුකර තිබුනේ වී නමුදු පොලිස්පති වරයාට මෙන්ම සෙසු බලධාරීන්ට ද එම ප‍්‍රශ්න වලට මුහුන නොදී සිටීමට හැකියාව ලැබී ඇත්තේ මන් ද යන්නයි. මගේ අදහසේ හැටියට නම් ඊට ප‍්‍රධානම හේතුව වන්නේ බැරෑරුම් සමාජ දේශපාලන සංවාදයක් රට තුළ නොමැති වීමයි. මේ නිසා බැරෑරුම් සමාජ දේශපාලන සංවාදයක් ගොඩවැංවීම පිළිබඳව කතාකිරීමේ දී වැදගත් විය හැකි කරුණු කීපයක් මතු කිරීමට මෙහි දී මම කැමැත්තෙමි. Continue reading බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය
– නිර්මාල් රංජිත් දේවසිරි

නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති වෙනස පිළිබඳ සංවේදී තාවය නොමැති වී යාමයි. සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් අර්ථකතනය කරමින් මනෝවිශ්ලේෂනයේ විප්ලවීය වර්ධනයක් ඇති කල ෂක් ලකොන් නමැති ප‍්‍රංශ මනෝ විශ්ලේෂකයා කැඩපත් අවධිය පිළිබඳ සිය විග‍්‍රහය ආශ‍්‍රයෙන් අනන්‍යතාවයේ මෙම පාර්ශවය තව දුරටත් වර්ධනය කලේය.

මේ පිළිබඳව වැඩි දුරට කතා කිරීමට මෙහිදී අවකාශ නැති නමුදු මා මෙහිදී උත්සාහ කරන්නේ මේ ආශ‍්‍රයෙන් ලංකාවේ වත්මන් දේශපාලනය පිළිබඳ නිරීක්ශන කීපයක් ඉදිරිපත් කිරීමටයි.

මා මෙහිදී ආරම්භක වශයෙන් යෝජනා කිරීමට කැමැත්තේ ලංකාවේ වත්මන් අධිපති දේශපාලන සංවාදය නාසිස්සම ආකාරයක් ගන්නා බවයි. මෙයින් මා අදහස් කරන්නේ අධිපති දේශපාලන සංවාදය තුළ සිය දේශපාලන විෂය (මා මෙහිදී දේශපාලන විෂය යන පදය යොදන්නේ political subjectivity යන ඉංග‍්‍රීසි අරුත දීම සඳහාය) සකස් කරගන්නා පුද්ගලයා බෙහෙවින්ම ස්ව්‍යං කේන්ද්‍රිය පුද්ගලයෙක් වන බවයි. වර්තමාන ලාංකීකයාගේ, නිශචිතවම කියනවානම් සිංහල බෞද්ධයාගේ, දේශපාලන අනන්‍යතාවයේ මූලික ස්වභාවය මෙයයි. Continue reading දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය
– නිර්මාල් රංජිත් දේවසිරි

ප්‍රෙමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළුය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමටයි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද යුතුව සිනාසුනු බව ඒ මාධ්‍ය සාකච්ඡාව රූපවාහිනියෙන් දුටු අය මා සමඟ පැවැසීය. මෙම අදහස ම අතිශය රළු ආකාරයකින් ප‍්‍රකාශ කරනු ලැබුවේ එවැනි රළු ප‍්‍රකාශ වලට ප‍්‍රසිද්ධියක් උසුලන එස්. බී. දිසානායක ඇමතිතුමා විසිනි. එතුමා ඊට තවත් දෙයක් එකතු කිරීමටද අමතක නො කළේය. එ නම් පැහැර ගැනීමක් සිද්ධ වූවානම් එය ජ.වි.පෙ. වැඩක් විය යුතු බවයි. Continue reading අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය