ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
– නිර්මාල් රංජිත් දේවසිරි
ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

මගේ තර්කය වුනේ අදාල සම්මන්ත‍්‍රණය පැවැත්වුනු දිනවලම රඟ දැක්වුනු ‘ජූලම්පිටියේ අමරේ’ නාටකය මගින් සංකේතවත් වන්නේ පියදාස නමැති ගමනක අග නවකතාවේ චරිතයේ දේශපාලනයේ සිහිනය හරහා අමරසේකර අපට දෙන බලාපොරොත්තුව සුනුවිසුනු කරමින් තිබීම බවයි. වැඩි දුරටත් මා තර්ක කරන්නේ මේ බලාපොරොත්තුව සුනුවිසුනු කරන්නේ දෙමළ ජාතිවාදය හෝ බටහිර අධිරාජ්‍යවාදය වැනි ජාතික චින්තනය විසින් සිංහල ජාතියේ සතුරන් ලෙස හඳුනා ගැනෙන බාහිර කාරක විසින් නොව අමරසෙකරද ඇතුළු ජාතික චින්තනයට ලැදි බලවේග වල පූර්ණ හා කි‍්‍රයාකාරී සහයෝගය යටතේ බලයට පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සංධානය තුළම ක‍්‍රියාත්මක ගතිකයන් මගින් බවයි. Continue reading ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

Advertisements

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය
– කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ රජයේ කැපවීම ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීම මෙම මාතෘකාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගෙන එන්නට හේතු වී තිබේ. ඔවුන් ගේ ඉල්ලීම් අතර වන රජය අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් වෙන් කරන ප්‍රතිශතය අවම වශයෙන් සියයට 6 ක් දක්වා ඉහළ දමනු ඇතැයි ඇතැයි සාර්ක් රටවලට සහ ජාත්‍යන්තර ආයතන වලට දී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුය යන්න සහ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය යන්න ජාතික අවධානය දිනාගනිමින් තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම ඉල්ලීම් ජනතාව අතරට ගෙන යමින් ඉදිරිපත් කරන පෙත්සමට අත්සන් කිරීමට මහජනයා බෙහෙවින් උද්යෝගීමත්ව සහභාගී වන බව වාර්තා වෙයි. අනෙක් අතට මේ පිළිබඳ ජාතික තලයේ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. ජනතා විමුකති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම වර්ජනය විසඳීමට රජය ක්‍රියාකළයුතු යැයි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා ද මෙරට දළ ජාතික නිශ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වැය කෙරෙන ප්‍රතිශතය පිළිබඳ තම අදහස් දක්වා ඇත. අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස ප්‍රකාශ කරනු වස් පණතක් ගෙන එන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් වත්මන් රජය ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටින බව අධ්‍යාපනය සඳහා රජය වැය කරන මුදල් අඩුවී තිබීමෙන් පෙනී යන බව කියා සිටියේය.

උසස් අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදේශ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව දීමට විරුද්ධවන අතර තම දරුවන් එක් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි කළ සඳහනෙන් ඇඟවූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තම දරුවන් වෙනුවෙන් අයුතු ඉල්ලීමක් කර ඇතැයි යන්නයි. මෙය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉල්ලීම් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා කර ඇති වෙනත් බොහෝ ප්‍රකාශ මෙන්ම ජනයා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. මේ සම්බන්ධයෙන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කොට ඇත්තේ මෙරට උපාධි අපේක්ෂකයන් සඳහා රජයේ වියදම් ප්‍රතිශතය අඩු කරමින් සිටින අතර තුර විදේශ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම අගතිගාමී පියවරක් බවයි. ඔවුන් තම දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන මෙන් කිසිදු ඉල්ලීමක් කොට නැත. Continue reading අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය

වැඩ වරන-වැඩකරන ඇදුරන්ට–

Sudesh Mantillake

වැඩ වරන-වැඩකරන ඇදුරන්ට …
– පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයකු විසින් ලියනලද බිත්ති පුවත්පතක ඇති සටහනක් මෙසේය

අපි පහුගිය 30 වෙනි සිකුරාදා : 2012-06-30 ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගමයෙ ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කළ උසස් අධ්‍යාපනයේ අර්බුදය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනට කලාගාරයට එකතු වුණා. විශේෂයෙන්ම ශාස්ත‍්‍ර පීඨයේ ආචාර්යවරු සහ සිසුන්. ඔවුන් කිව්ව විදිහටම මේක ඓතිහාසික මොහොතක් සටහන් කළා. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එකට අත්වැල් අල්ලා ගැනීමේ ප‍්‍රීතිමත් මොහොත. කුමන අර්ථයකින් ගත්තත් මේ සංවාදය පිළිබ`දව අපට තියෙන්නෙ සාධනීය ආකල්පයක්. ඒ ආචාර්යවරු සහ ශිෂ්‍යයො පවතින අධිකාරී රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිදහස් අධ්‍යාපනය මත පතුරුවන අත්තනෝමතිකත්වය සහ එම ඛේදය වෙනුවෙන් තම තමන්ගෙ හදවත් වල ගැහෙන හදගැස්ම කලාගාරය ඇතුළෙදි එකම මොහොතක එකට කවලම් කරගත්තු නිමේශෙදි අපි තුළ ඇති උනේ තරුණ හිත් තුළ අද වගෙ දවසක කලාතුරකින් ඇති වෙන හයියක්. නැම්මක් එක්ක ඇති උන ගැම්මක්.

ආණ්ඩුවේ අධිපතිත්වය විසින් සියලූම දෘශ්ටිවාදී බලයන් පාවිච්චි කරල නිදහස් අධ්‍යාපනය අරබයා නටන විගඩමට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ අයිතීන් රැුකගන්නට-ඉල්ලන්නට ආචාර්ය-ශිෂ්‍ය-දෙමාපිය සංධානගත වීමේ ඓතිහාසිකත්වය හෝ එහි ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද අනාවැකි පළ කිරීම හෝ විශ්ලේෂණය කිරීම මේ ලේඛනයේ අරමුණ නෙමෙයි. ”ඇහැරෙන්නට ටිකක් පරක්කු උනත් – නිදාගන්නත් හදිසියක් නැති”ආචාර්යවරුන්ට අපේ හදවතින් නැගෙන සහයෝගය මුසු සුබ පැතුම් එකතු කරන්නයි මේ වචන ටික. ඒ ඔබ කෙරෙහි අප තබන විශ්වාසය ගිලිහෙන්නට ඉඩ නොතබනු ඇතිය යන උපකල්පනයේ දැඩිව පිහිටමින්.

මේ ඓතිහාසික මොහොතේ අපේ සිත් තුළ කැකෑරෙන අරගලකාරී හැ`ගීම් – ඉලක්ක – බලාපොරොත්තු මතින් යන ගමන ”සංකල්පීය තලයේ දකුණු අධිවේගී මාර්ගය” තරම් කම්ෆටබල් නොවන අපි හො`දින්ම දන්නව. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ඔහුගේ පවුලට ආරම්භයටත් කලින් තර්ජන එල්ලවීම එහි බරපතලකම කියාපාන්නක්. පවුල් ව්‍යුහය වෙත ආණ්ඩුවේ අශික්ෂිත බලපෑම් කිරීමේ හිරිකිත ප‍්‍රතිපත්තිය වෙනුවට රාජ්‍ය දෘශ්ටිවාදී උපකරණ අතර ප‍්‍රාථමික සහ කේන්ද්‍රීය උපකරණමය කාරකත්වයක් උසුලන ”පවුල” වෙත දැනුවත් කිරීමේ අරමුණින් ආචාර්යවරුන් ගමින් ගමට යාමට ගත් තීරණය වැදගත්ම පියවරයි.

අල්තූසරියානු අර්ථයෙන් පවතින සමාජ ක‍්‍රමය ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ කාර්යය නෛසර්ගිකවම වගේ රාජ්‍යයේ දෘශ්ටිවාදී උපකරණ වල කාර්යයක්. මේ මොහොතෙත්
අපේ රටේ ආණ්ඩුව කරන්නෙ මේ උපකරණ ටික තමන්ගේ ලාභය වෙනුවෙන් ඉතාම සූක්ෂම විදිහට මෙහෙයවන එක. දේශපාලන පක්ෂ, රාජ්‍ය ආයතන පද්ධතිය, කලාව,ආගම, අධ්‍යාපන ආයතන කියන උපකරණ බරපතල ලෙස මේ මොහොතෙදි පාවිච්චි වෙනවා ජනමාධ්‍යය කේන්ද්‍රීය උපකරණය කරගෙන. ඒ ඔස්සේ මේ සිදු වන සියල්ල පවතින ව්‍යුහයේම අනිවාර්ය අංග බවටත් – ඒවා ඉතාම සාධාරණ හා අත්‍යවශ්‍ය උවමනාවන් බවටත් සාමාන්‍ය ජන ජීවිතය තුළට අන්තරීයකරණය කරමින් ඉන්න අතරෙම අර කලින් කියපු ව්‍යුහය තුළම ඉන්න විකල්ප දෘශ්ටීන් ඇති අය බුද්ධිමය හා විප්ලවීය ප‍්‍රවේශයන් ඔස්සේ එම ව්‍යුහය මතම ඇති කරනු ලබන තෙරපුමට-අභියෝග වලට එරෙහිව තමා සතු මර්ධනීය උපකරණ (පොලීසිය, හමුදාව, උසාවි. මේ ස`දහා ලියාපදිංචි කළ යුතු අලූත් නිර්-නෛතික උපකරණ හා කමිටු ගණනාවක් වර්තමාන ආණ්ඩුව සතුය. මේ හොර-මැර කල්ලිද ඇතුලූව) අතිශය නිර්-ලජ්ජී ලෙස මුණගැස්සීමේ ඛේදයට අපටද මුහුණ දෙන්නට සිදුවීම ගැන ශාස්ත‍්‍රාලීය විද්‍යාර්ථීන් හැටිය අපි බෙහෙවින්ම සවිඥානිකයි.

පවතින බල ව්‍යුහය තුළ ශිෂ්‍ය අපට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ස්ථරයක සිටින ආචාර්යවරුන්ගේ අරගලය අවශේෂ විකල්ප සමාජ කණ්ඩායම් වෙතින් මෙතෙක් මතු වූ අරගලයන්ට සාපේක්ෂව ජයග‍්‍රණය කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගන්නට ඇත්තටම හිත දෙනව. නිදහස් අධ්‍යාපනයේ උන්නතිකාමීන් වන අපට ඔබ හා අත්වැල් බැ`දගන්නට හිත බල කරනව.

තම වෘත්තීය අයිතීින් හා සමානව නිදහස් අධ්‍යාපනයේ අව්‍යාජ හිතෛශීන්-උන්නතිකාමීන් වන අපේ ආචාර්යවරුන්ට ලාංකීය වෘත්තීය අරගලයේ විජයග‍්‍රාහී අලූත් පරිච්ඡේදයක් ලියන්නට අපි උණුසුම් හදවතින් සුබ පතනව. ඒ අරගලයේම දරුවන් වන අපේ දෑස් ඒ දෙස දල්වගෙන ඉන්නට නොව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිදිමරන්නට අපිත් එනව.

පුනරුක්ති දෝෂ සහිතව උනත් මෙහෙම කියන්න හිතෙනව. ඇත්තටම, අපිත් හරි කැමතියි ඇහැරගෙන ඉන්න..

ttps://www.facebook.com/groups/futasl/permalink/501290706554017/

FUTA – Government Talks:Should We Sacrifice Education For ‘Development’?

FUTA – Government Talks:Should We Sacrifice Education For ‘Development’?

By Kumudu Kusum Kumara –

The second round of discussions between the Federation of University Teachers’ Associations (FUTA) and the government took place on the evening of 12th July. At the conclusion the FUTA issued a terse one sentence statement which said it all: “The only consensus of the meeting was that there is merit in discussing the proposal.” This isummed up the mood of the general membership of the FUTA to emerge during the next few days. It was one of utter disappointment. Addressing a meeting of teachers of Colombo University president of the FUTA Nirmal Ranjith Devasiri reported that “no really significant breakthrough or outcome” occurred at the meeting. The Secretary to the President Lalith Weeratunga had been “very friendly and accommodating” and had agreed that the FUTA proposals were very serious and that they ought to be addressed as such.

The government having taken one week to ‘study’ the FUTA demands for education reforms has come up with a general proposal of setting up a Presidential commission to investigate ‘complex issues’ involved in higher education. No one would deny the value of an independent Presidential commission to collectively examine the ills ravaging higher education in the country to develop a white paper for public discussion which could be the basis for a higher education reforms bill and a new University Act. However, membership of the FUTA believes that setting up of a commission cannot resolve the specific issues raised by the FUTA.

In fact they believe that the suggestion of a commission is a red herring, or a tactic to delay providing solutions to the FUTA demands. This lack of faith shared by the general public is based on a widespread mistrust of the motives of appointing such commissions given their findings are never taken seriously and implemented by the government. For example, the Udalagama Commission of Inquiry, the Youth Commission report, and Commissions of inquiry on disappearances etc. are cited by the public. A senior academic commented that a book can be produced on the topic. This is to say that the general membership of the FUTA will be totally opposed to the idea of a commission at this point merely because it is perceived as a delay tactic. Continue reading FUTA – Government Talks:Should We Sacrifice Education For ‘Development’?

ෆූටා – ජනාධිපති ලේකම් හමුව දෙවැනි වටය

ෆූටා සභාපති කරුණු පැහැදිලි කරයි

President’s Secretary meets FUTA: Will the government risk losing the University Teachers’ Community?

President’s Secretary meets FUTA:
Will the government risk losing the University Teachers’ Community?

Kumudu Kusum Kumara

University lecturers of the entire state sector university system in Sri Lanka except the universities of Kelaniya and Uva Wellasa have been on a continuous strike since 4th July under the leadership of the Federation of University Teachers’ Associations (FUTA). At Kelaniya while the overwhelming majority of the teachers’ union membership had been demanding to join the strike it is reported that some members of the union leadership had got themselves entangled in the elections to the post of Vice Chancellor and thereby wanted to prevent a strike at Kelaniya to please the authorities. However members of the union have been clamouring for a change of the decision of the union leaders and most likely that they will join the strike any time soon. (In fact while this article was being finalised the news reached us that the teacher’s union at Kelaniya decided to join the FUTA strike with immediate effect from 11th July.) It is reported that at Uva Wellasa which the government promotes as the model university of the future knowledge hub that Sri Lanka is expected to become, university teachers are prevented from forming a trade union. The point is that the overwhelming majority of University lecturers island wide support the strike except a handful of pro government lecturers.

The government had been given ample notice of the strike and cannot claim it is unaware of the demands of university teachers. Early January, 2012 the FUTA informed the Minster of Higher Education that the government had reneged on the commitments it made to university academics at the end of the FUTA trade union action took place in 2011. The FUTA informed the minister that it would “resort to a trade union action to urge the government and the higher educational authorities to uphold the commitments made” none other than by the President Mahinda Rajapaksa himself to university academic community at that time. The FUTA pointed out that the “authorities consistently failed to keep the commitments made to the university academics.” The FUTA wrote to the President in the same vein in April 2012. On June 13, 2012 the FUTA informed the Minister of Higher Education of its decision to launch a continuous strike on the 4th July. After this decision the Minister invited the FUTA for a meeting on the 20th June the outcome of which was described by the FUTA as having “failed to resolve contentious issues.” The FUTA president Dr. Nirmal Ranjith Devasiri has further mentioned that “President Mahinda Rajapaska himself had broken the earlier promise to grant them redress through the budget 2012.” Immediately following the meeting with the FUTA the ministry of higher education (MoHE) and the University Grants Commission (UGC) declared a media blitzkrieg on the FUTA. The Committee of Vice Chancellors and Directors (CVCD) and pro-government university teachers were brought in as reinforcements. The Minister S.B. Dissanayaka himself lead the struggle from front. The strategy was to portray to the public the demands as unethical perhaps with a plan to crush the FUTA initiative having won over public opinion in government’s favour. While the state media both electronic and print was mobilised for this purpose the FUTA feels that even the non-kept media came under pressure to black out the FUTA perspective not however with complete success. The island carried in its Midweek Review on the July 4th the complete FUTA response to the UGC and CVCD. It is non-traditional media on the internet that helped the FUTA to put across its perspective to the public in a however limited manner. It is inevitable that today when mainstream media suppresses the news and views of the public web based media will take its place. It is that government action that would decide whether people would turn to face book and other web based social media as tools in their legitimate political struggles. Self fulfilling prophecies are made of such stuff.

Who really represents the university teachers’ community?

While the FUTA had announced its strike decision media reported that Sri Lanka University Teachers’ Union met with the President Mahinda Rajapaksa on the 1st of July and “made a request from the President to grant them a meeting with him to discuss their problems and issues. Accordingly the President has set up a meeting for the university academics on July 03 under the patronage of Secretary to the President Lalith Weeratunga.” And secretary to the President Lalith Weeratunga invited the FUTA for a meeting on the 3rd on the eve of the strike and two leaders of the Sri Lanka University Teachers’ Union sat on the back benches on the side the government delegation occupied at the discussion. Continue reading President’s Secretary meets FUTA: Will the government risk losing the University Teachers’ Community?

ෆූටා වැඩවර්ජනය – ආචාර්ය ප්‍රභාත් ජයසිංහ විවේචකයන්ට පිළිතුරු දෙයි

ෆූටා වැඩවර්ජනය – ආචාර්ය ප්‍රභාත් ජයසිංහ විවේචකයන්ට පිළිතුරු දෙයි

වීඩියෝ මෙහි බලන්න

අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීමට මෙහි යන්න

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල බේරාගනිමු!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

සංවිධානය කරන අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීමට

මෙහි යන්න

Petition Save Sri Lankan Schools and Universities!

ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ!

ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න
“ස්‌ට්‍රයික්‌” නොකර බෑ!
– විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩ වර්ජනය නිසා සෑම විශ්වවිද්‍යාලයක්‌ම පාහේ අකර්මන්‍ය වී තිබේ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නොවිසඳුනු වැටුප් ප්‍රශ්නයට පමණක්‌ නොව අපේ රටේ උසස්‌ අධ්‍යාපනය අද මුහුණදී ඇති අර්බුද ගණනාවකටත් විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය ඇරඹූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

දිවයින ඉරිදා සංග්‍රහය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හදන්නෙ ආණ්‌ඩුව පෙරළන්න කියල චෝදනාවක්‌ තියෙනව?

ඕක ආණ්‌ඩුව අපහසුතාවට පත්වෙන ඕනෑම ක්‍රියාදාමයකට එල්ල වෙන සාමාන්‍ය චෝදනාවක්‌. මේක ආණ්‌ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්‌. විදේශ කුමන්ත්‍රණයක්‌ එන්. ජී. ඕ. කුමන්ත්‍රණයක්‌ විපක්‍ෂයේ කුමන්ත්‍රණයක්‌ වගේ ඕනම දෙයක්‌ කියන්න පුළුවන්. අද ආණ්‌ඩුවට රිදෙන ඕනැම දේකට ඔය චෝදනාව කරල ඒකෙ වලංගුතාවයත් දැන් නැතිවෙලා.

ඔබේ මේ ප්‍රශ්නෙට මට පුළුවන් නෑ මේක එහෙම එක්‌ක නෙමෙයි කියල කෙටි උත්තරයක්‌ දෙන්ඩ. ඊට වඩා මම කැමතියි මේ ප්‍රශ්නෙ තව කෙනෙකුට හිතල බලන්ඩ පුළුවන් විදිහට විග්‍රහ කරන්ඩ.

මේකෙ ඉන්න කුමන්ත්‍රණකාරයො දෙන්න කියල කියන්නෙ මටයි දඹර අමිල හාමුදුරුවන්ටයි. මේ අය කියන්නෙ මම පෙරටුගාමී පක්‍ෂයේ දඹර අමිල හාමුදුරුවො ඡේ. වී. පී. එකේ කියල නෙ. ටිකක්‌ කල්පනා කරල බැලුවොත් අපේ රටේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියෙම ඉන්න ආචාර්යවරු අපි දෙන්නගෙ දේශපාලන ව්‍යාපෘතියට නම්මගන්න පුළුවන් නම් එතනම ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවනෙ. අද කැලණි විශ්වවිද්‍යාලෙ හැර අනෙක්‌ හැම විශ්වවිද්‍යාලයකම අපේ ක්‍රියාදාමය සාර්ථකයි. ඒක හැමෝම දන්නව. ඒ නිසා අපේ දේශපාලන පසුබිම ගැන කතා කරන අය ඒ ගැන හොයල බලනවට වඩා අපි වගේ කීපදෙනකුට මේ තරම් පිරිසක්‌ එකතු වුණේ ඇයි කියන කාරණය හොයල බලනව නම් මට හිතෙන්නෙ වඩා වැදගත් ඒකයි.

ඔබේ සංගමය මේ ආරම්භ කරල තියෙන ක්‍රියාදාමයේ ඇත්ත අරමුණ කුමක්‌ද?

මම හිතන්නෙ කවුරුත් විමසිය යුත්තේ මෙන්න මේකයි. අපි ජනාධිපති ලේකම්තුමා හමුවුණා. පැය තුනක්‌ එතුමා සමග මේ කාරණය සාකච්ඡා කළා. අන්තමේදි එතුමා කිව්වෙ ඕනම සාකච්ඡාවක්‌ පැය තුන හතරක්‌ කරන කොට එපාවෙනව. නමුත් මේ සාකච්ඡාව බොහොම සජීවීව උෙද්‍යාaගිමත්ව කෙරුණා. කිසිම අලස බවක්‌ එතුමට දැනුණෙ නෑ කියල එතුම කිව්ව. අපි ඉදිරිපත් කළ කාරණා ඉතාමත් බැරෑරුම් බවත් එතුමා පිළිගත්ත. Continue reading ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ!

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල බේරාගනිමු!

ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල බේරාගනිමු!
– විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

අධ්‍යාපනය යනු අද වන විට සියලූ මානව සමාජවල මූලික අංගයකි. එය අපේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මිනිස් අයිතියක්ද මූලික අංගයක්ද වේ. සෑම දෙනාටම අධ්‍යාපනයට හා

අධ්‍යාපනය වෙත ප‍්‍රවේශවීමට අයිතිය තිබේ(26 වෙනි වගන්තිය- විශ්ව මානව හිමිකම්

ප‍්‍රකාශනය 1948). අධ්‍යාපනය යනු කුලය, වර්ගය, ස්ත‍්‍රී-පුරුෂභාවය, භාෂාව හා ආගම කුමක්

වුවත් කාටත් නොමිලේ දෙන නිදහස් සේවයක් ලෙස 1945 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එය

මේ රටේ සම්පූර්ණ යැයි කිවහැකි තරම් සමාජ විප්ලවයක් ඇති කළේය. නිදහස් අධ්‍යාපනය

රටේ විවිධ පලාත්වල සාමාන්‍ය මනුෂ්‍යයන්ට සමාජ චලතාව හෙවත් සමාජයේ ඉහළට යාමේ

හැකියාව ලබා දුන්නේය. ඒ නිසා අප කාගේත් දරුවන් සඳහා ගුණාත්මක බවින් ඉහළ පාසැල්

අවශ්‍ය වේ. විශ්වවිද්‍යාලය යනු අපේ දරුවන් බොහෝ දෙනෙකු ප‍්‍රවේශවීමට අපේක්ෂා කරන

තැනය. විශ්වවිද්‍යාලය අප රට ජනතාව තුළ එකිනෙකා අතර බැඳීමක් ඇති කරමින් කලාත්මක

පුනරුදයක් ඇති කළේය. මේ විශ්වවිද්‍යාල පද්ධතිය කලාකරුවන්, ලේඛකයන්, ගුරුවරුන්, දන්ත

වෛද්‍යවරුන්, පශූ වෛද්‍යවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කෘෂිවිද්‍යාඥයන්, ව්‍යාපාරිකයන්,

නීතිඥයන්, ගණකාධිකාරිවරුන් හා තවත් බොහෝ වෘත්තිකයන්ගේ බිහිවීමට ආධාර කර ඇත.

රටෙහි අනෙක් සියලූ වෘත්තීන් හා නිලධාරි සේවාවන්ට ආධාර කරමින් අධ්‍යාපනය රටේ

සමස්ත යහපැවැත්මට දායක වී ඇත. Continue reading ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල බේරාගනිමු!