සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත
– කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන් කළේය. එපමණක් නොව මෙම රැළිය පශ්චාත් යුද ලංකා සමාජයේ වැදගත් දේශපාලන කඩඉමක් ද සළකුණු කරන්නේ යැයි සිතමි.

එය යුද සමයේ මර්ධනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි අත්පත් කර ගැනීමෙහි ලා ලාංකේය ජනතාව තැබූ තීරණාත්මක මුල් පියවරක්ද වන්නේය. පශ්චාත් යුද සමයේ පළමු වරට දේශපාලන පක්ෂයක් නොවන සංවිධානයක් වන වෘත්තීය සමිතියක් මහජන සහභාගිත්වයෙන් කොළඹ නගරයේ පිට්ටනියක සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන විශ්ලේෂකයන් නිරීක්ෂණය කොට තිබුණි. කොළඹ වීදි පුරා සාමකාමී ලෙස පෙළපාලි ගිය සරසවි ඇදුරන් සහ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සාමාජිකයන් හයිඩ් පාක් එකට ඇතුලු වූ පසු අවට පාරවල් සියල්ල වාහන ගමනාගමනය නොහැකි වන සේ පැය කිහිපයක් වසා තැබීමේ ප්‍රථිපලය වූයේ මහජනයාට මෙම රැළිය දැක බලා ගැනීමට අවස්ථාව අහිමි කිරීම යි. අරමුණ එය වී නම් එය රජය තමනට එරෙහිව නැගෙන ජන මතය ගැන සත්‍යය ජනතාව දැන ගන්නවාට බිය බව පෙන්නුම් කරයි.

මෙම රටේ බුද්ධිමය ප්‍රජාව වූ පිරිස සමග සංවාදයකට යනවා වෙනුවට සරසවි ඇදුරු වෘත්තීය ක්‍රියා මාර්ග ඇරඹුණු පසුගිය වසරේ සිටම, ඔවුන් සතුරන් ලෙස සළකා කටයුතු කරන්නට රජය පෙළඹීමෙන් පෙන්නුම් කෙරුණේ මෙම ප්‍රජාව පිළිබඳ නිසි තක්සේරුවක් රජයට නොමැති වූ බවයි. රජයට සමාජයේ පවත්නා යථාර්ථය පිළිබඳ නිවැරදි අදහසක් හෝ නිසි උපදෙස් දීමට සමත් බුද්ධි මණ්ඩලයක් හෝ නොමැති බවයි. රජය උසස් අධ්‍යාපන ඇමති ලෙස එස්.බී. දිසානායක පත් කිරීම පෙන්නුම් කළේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ මූල්‍ය වගකීමෙන් රජය නිදහස් වන අතර එම අංශය ඉදිරියේදී පිහිටුවෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයට යටත් කෙරෙන මට්ටමකට ගෙන ඒමේ රජයේ පිළිවෙතයි. රාජ්‍ය අංශයේ සරසවි පද්ධතියත් පාසැල් අධ්‍යාපනයත් වෙළඳ පොල තර්කණයට යට කිරීමට රාජපක්ෂ රෙජීමය ගෙන ඇති තීරණය පෙන්නුම් කරන්නේ එය ස්ථිරසාරව නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බවයි. මේ පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, මිලින්ද මොරගොඩ පිහිටුවූ පාත් ෆයින්ඩර් වැනි රාජ්‍ය නොවන ආයතනත් අධ්‍යාපන වෙළඳාමට බැස සිටින පෞද්ගලික අංශයත් එසේ බැසීමට බලාපොරොත්තුවන දේශපාලනඥයනුත් සිටිති. මේ සියල්ලම පෙන්නුම් කළ එක් ප්‍රධාන දෙයක් නම් මහින්ද චින්තනයේ සහ මහින්ද රාජපක්ෂ රජයේ බුද්ධි විරෝධී පිළිවෙත යි. Continue reading සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

Advertisements

නිදහස් අධ්‍යාපනය සඳහා වන පාද යාත්‍රාව

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය
මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල අණතුරු ඇඟවීම්වලින් පසුව වෙනත් විකල්පයක් නොමැති තැනට ඔවුන්ව පත් කල නිසා ය.

ආචාර්ය සංගම් නව වැටුප් ක‍්‍රමයක් පිළිබඳතම ඉල්ලීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය ඉහල නැංවීමට අවශ්‍යවන මානව සම්පත ගොඩ නැගීම ඉලක්ක කර ගෙන තිබෙන බව ඉතා පැහැදිලිව ගතවූ වසරක කාලය තුල බලධාරීන්ට පෙන්වා දෙන ලදි. මේ සාකච්ඡාවල දී ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍යවන පුලුල් ප‍්‍රතිපත්ති පරිසරය ඉලක්ක කර ගත් කාරණා හඳුනා ගැනීම සිදුවු අතර මෙවර තම ඉල්ලීම් පිළියෙල කරනවිට ඒවා එම පුලුල් ප‍්‍රතිපත්ති රාමුව සමඟ බද්ධ කිරීමට ආචාර්ය සංගමය විසින් පියවර ගන්නා ලදි. මේ නිසා මෙවර ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පෙර වර්ෂය සමඟ සසඳන විට ඒවාට වඩා විශාල ගූණාත්මක වෙනසක් පෙන්නුම් කරයි.

මෙහිදී ඉතා ඉහළින් කැපී පෙනෙන්නේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ය. නිදහස් අධ්‍යාපනය සඳහා රාජ්‍යය විසින් සිදුකරන ආයෝජනය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට සැලැස්මක් අවශ්‍ය බව ආචාර්යවරු ඉල්ලා සිටිති. ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති සම්මුතියවන දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 6 කට සමානවන ප‍්‍රමාණයක් අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් වෙන් කල යුතු බව ඔව්හු ඉල්ලා සිටිති. අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය වැඩි දියණු කරන ඉලක්ක සහිතව ක‍්‍ර‍්‍රමයෙන් ක‍්‍රමයෙන් එය ඉහල නැංවීමට පොරොන්දුවන පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය වෙයි. මේ සඳහා අවබෝධතා ගිවිසුමක් ඔව්හු ඉල්ලා සිටිති.

ආන්ඩුව මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂ ද මේ සඳහා දැනටමත් මූල ධර්මීය වශයෙන් එකඟතාවයක් පෙන්නුම් කර තිබීමෙන් පෙනෙන්නේ මේ ප‍්‍රශ්ණය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගන්නා මට්ටම වෙතට එම ඉල්ලීම ගමන් කර ඇති ආකාරයයි. මෙම ඉල්ලීම තම සටනට හුදු අලංකාරයක් ඇති කිරීමට ඉදිරිපත් කර තිබෙන්නක් යයි සමහර අංශවලින් එල්ල වූ චෝදනාව ප‍්‍රතික්ෂේපවීම එයින්ම පෙන්නුම් කර ඇත. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධානණ, ජන මාධ්‍ය, දෙමාපියන් සහ බහූ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සරසවි ආචාර්ය සංගම් විසින් බොහෝ දේ සිදුකර ඇති අතර ඔවුන් අතරින් වඩා දුර යන සංවාදයක් දැන් දැන් ඇරඹෙමින් තිබේ. රාජ්‍ය අධ්‍යාපනයේ ගූණාත්මක තතත්‍වය ඉහළ නංවන අයුරින් ආන්ඩුව අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කල යුතු යයි ඉල්ලන අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීම සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් ආචාර්ය සංගම් විසින් රට පුරා දියත් තර ඇත.

සෑම දරුවකුටම ලබා දෙන අනිවාර්ය අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් බවට එදා පත් වූයේ අධ්‍යාපනයේ පරමාර්ථය පුද්ගලයා නිදහස් මනසක් සහිතව ගොඩ නගන්නට මූලික අඩිතාලම දමන නිසා ය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ පුද්ගලයා වහල්, වැඩවසම්, වෙළඳපල යනාදී කිසිදු ආර්ථික විය ගසක දාසයකු කිරීම හෝ දේශපාලන හෝ වෙනත් කිසිදු බලධාරී පාලන දහරාවකට යටත් මානසිකත්වයට පත් කිරීම නොවේ. ඔහු හෝ ඇයව එබඳු බලපෑම් ඉදිරියේ අදීනව සිටින නිදහස් මිනිසකු බවට පත් කිරිම ය. අධ්‍යාපනයේ දී වැදගත් වන මෙම විමුක්තිදායක අධ්‍යාපනය (Emancipatory Education), ලබා දීමේ වගකීම රාජ්‍යය විසින් භාර ගැනීම නිදහස් අධ්‍යාපනය යනුවෙන් එදා අදහස් කරන ලදි. Continue reading අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්
රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි

2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු.

එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය සුනුවිසුණු කිරීම පිළිබඳ ව ලියන ලද කෘතියෙනි. ශ්‍රී ලංකාවේ දශක තුනකට අධික කාලයක් සියලු ජන කොටස් පීඩනයට ලක්වූ කුරිරු යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව එහි ඓතිහාසික පසුබිම විවරණය කිරීමට ගත් උත්සාහයක් ලෙස එම කෘතිය පෙන්නුම් කරන නමුදු, යුද්ධය වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කළ බොහෝ පාර්ශවයන් අමතක කොට එහි ගෞරවය එක් පාර්ශවයකට හිමිකර දීමට චන්ද්‍රප්‍රේම මහතා ට තිබූ අවශ්‍යතාව කෙබඳු එකක් ද යන්න එම කෘතිය “ගෝඨාගේ යුද්ධය” ලෙස නම් කොට තිබීමෙන් ම ප්‍රකට වෙයි. එනිසා ම පේමචන්ද්‍ර මහතා වම් ඉවුරට ලියූ “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?” යන ලිපිය ද වරදාන අපේක්ෂාවෙන් එක් පාර්ශවයක් සතුටු කිරීමට ගත් උත්සාහයක් බව පොදු පාඨකයාට හැඟී යනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා සිය ලිපිය ආරම්භ කරන්නේ මෙතරම් කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක යෙදුන අවස්ථාවක් ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වත් මතක නැති බව පවසමිනි. සත්‍ය වශයෙන්ම දශක හතකට ආසන්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක ට එලඹි ප්‍රථම අවස්ථාව මෙය යි. එනිසා චන්ද්‍රප්‍රේම මහතාට තබා කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට එබඳු වැඩ වර්ජනයක මතකයක් තිබීමට හේතුවක් නැත. එසේ ම වෘත්තීය සටන් ඉතිහාසය තුළ සිය වැටුප 5% කින් කප්පාදු කරද්දීත් වැඩ වර්ජනයකට අවතීර්ණ නොවූ එකම වෘත්තීය කණ්ඩායම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බව චන්ද්‍රප්‍රේම මහතා ට මතක්කර දීමට කැමැත්තෙමු. Continue reading වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

ඉතින් කියව මහරජ බිහිරි ද හඬට

සිත් සිත් නදන සිත් කළ

නෙත් නෙත් පහන් නෙත් කළ

අත් අත් එකට එක් කළ

ලත් යුත් සද් මිනිස් කැළ

පවුරක්ව නැගෙන නොබිඳෙන

ගඟුලක්ව නැගෙන නොසිඳෙන

වැස්සක්ව නිවන සරතැස

සුළඟක්ව හමන සිව්දෙස

රුදුරු මුසා බස් බිඳලූ ජන ගඟය

සියලු සතුරු කඳවුරු ඇස ඉඳිකටුය

රටට හිතැති ජන ඇස ලෑ අඳුන’රුය

මෙබඳු සොඳුරු සටනට නැති අය වඳය

ඇදුරු, දෙගුරු, සිසු, කම්කරු එක පෙළට

උතුම් සඟන සෙත්සිරි ලැබ පෙළහරට

නැගෙන අයුරු බල සිදු රළ ලෙස යසට

ඉතින් කියව මහරජ බිහිරි ද හඬට

http://sieruwensitin.blogspot.in/2012/08/blog-post_23.html

කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න ! අගෝස්තු 23 වෙනිදා මහජන රැළියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනයෙන් ආරාධනා

කාලෙකට පස්සෙ හයිඩ්පාක් එන්න !

අගෝස්තු 23 වෙනිදා ප්‍රසිද්ධ මහජන රැළියට ආරාධනා
රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කරනු !
අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කරනු !!

ඔබ දන්නා පරිදි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිසම්මේලනය දින පනහක පමණ කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටියි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙසත්, මෙම ව්‍යාපාරය පළල් පදනමක් ඇති ජාතික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අප සමිති සම්මේලනය ගන්නා උත්සාහයට සහාය දැක්වීමක් ලෙසත් අගෝස්තු 23 වෙනිදා අප සංවිධානය කරන මහා රැලියට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

හයිඞ් පාර්ක් පිටියේදී හවස 4ට ඇරඹෙන මහජන රැලිය හවස 6 දක්වා පැවැත්වෙනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන් සේම අනෙකුත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල නියෝජිතයන්ද මහජනයා අමතනු ඇත. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක පැවැත්වෙන අවස්ථාවේදී පැවැත්වෙන මෙම වැදගත් රැලියට සහභාගි වන මෙන් ඔබට ගෞරවයෙන් ආයාචනා කරමු.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

The biggest rally ever, pertaining to free
education in Sri Lanka is happening at Hyde Park on the 23rd of
August, 2012.This will involve, all stakeholders of
education such as teachers, students, administrators, and all
proponents of free education.

There will be three processions starting at 2.30 pm from three
separate locations, that will converge on the Hyde Park for the rally.
The rally will ensue from 4.00-6.00 pm

Refer http://futa-sl.org/events/event/public-rally-on-the-23rd-of-august-2012-hyde-park/
for more details.

Nirmal Ranjith Devasiri
AFTA-CU

UK police getting ready to storm into Ecuadore embassy in UK to take Wikileaks guy Julian Assange into custody

UK police getting ready to storm into Ecuadore embassy in UK to take Wikileaks guy Julian Assange into custody

http://www.ustream.tv/channel/occupynewsnetwork

The Role of Education in Taking Care of the World : The Value of the Liberal Arts and Humanities

The Role of Education in Taking Care of the World
: The Value of the Liberal Arts and Humanities

by Kumudu Kusum Kumara

History has come to a stage when the moral man, the complete man, is more and more giving way, almost without knowing it, to make room for the …commercial man, the man of limited purpose. This process, aided by the wonderful progress in science, is assuming gigantic proportion and power, causing the upset of man’s moral balance, obscuring his human side under the shadow of soul-less organization.

Rabindranath Tagore, Natioanlism 1917, cited in Martha Nussbaum, 2010

…….for the true humanist, neither the verities of the scientist nor the truth of the philosopher nor the beauty of the artist can be absolutes.

Hannah Arendt, “Crisis in culture” in Between Past and Present

1. Introduction

(January 06, Colombo, Sri Lanka Guardian) In the post-war era of Sri Lanka, the desire for rapid economic growth and ‘development’ has resulted in a strong focus on the discourse of the knowledge economy. Making Sri Lanka the miracle of Asia by doubling its per capita income in half a decade is now a shared vision in our society, and one of the main means to this end is said to be the development of a knowledge economy via, among other things, a rapid increase of student intake to universities.

The Sri Lankan discourse on ‘education for economic growth’ is derived from a contemporary global discourse within which knowledge is taken to be the engine of growth in the current era. It is believed that the knowledge economy will propel us along the path of ‘development’. Naturally, education is taken to be the means of developing a knowledge economy. The university is expected to play a major role in a global system that is increasingly based on information and its speedy exchange worldwide.

The prevailing discourse on the knowledge economy and ‘development’ in Sri Lanka requires us to address issues such as the specific characteristics of ‘development’ and how they would affect the well-being of different segments of the populace, how the prevailing avenues of income generation in the country would fit into the idea of a global knowledge economy, to what extent our universities are equipped to offer opportunities for students to become innovative so that they can contribute to a knowledge economy, and what measures should be taken to retain innovative knowledge workers within the local economy.

The object of this essay is to explore the consequences of tying education to economic growth in the manner proposed by the knowledge economy discourse that is prevalent today. Specifically, it focuses on the possible ramifications that adopting a policy of education for economic growth will have on the future of arts and humanities education and its impact on the human society. This study will trace the place of arts education in Sri Lanka, and will delineate how the perceived non-innovativeness of the liberal arts education is now being questioned and how such an education is once again being considered valuable by the business sector itself.

This paper also argues that preserving arts and humanities education is valuable to the nation for several reasons. Firstly, it helps develop capacities of citizens which are central to the sustenance of democracy, which in turn maintains the stability of our society, especially given its diverse character. Secondly, the university was traditionally the place set apart for the study of things which are central to human existence. There is a need to preserve a space for basic research focused on arts and sciences, the value of which cannot be measured by mere relevance to contemporary needs. Finally, education, as opposed to professional or vocational training, is how civilisations traditionally introduced the world to the young in a manner that would preserve both the world and the civilisation. Continue reading The Role of Education in Taking Care of the World : The Value of the Liberal Arts and Humanities

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස
කුමුදු කුසුම් කුමාර
අනුවර්තනය – චමත්කා දේවසිරි
මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය..


4. ලිබරල් කලාවන් : ආවශ්‍යක අගය

ප්‍රජාතන්ත්‍රය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය

මෙම ලිපියේ මූලික තර්කය නම් ලිබරල් කලා අධ්‍යාපනයේ වැදගත්කම රඳා පවතින්නේ, නවෝත්පාදන කිරීම සඳහා හෝ ව්‍යවසායකත්වයට හෝ කළමණාකරණයේ ආචාධර්මය තීරණ ගැනීමේ දී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට හෝ එහි ඇති හැකියාවට එහා ගිය, වඩා වැදගත් හේතු තුළ බව යි. මීළඟ කොටසේ දී, නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය යනුවෙන් මාර්තා නුස්‌බවුම් සඳහන් කරන, ලංකාවට ද අදාළ කර ගත හැකි, කරුණන් පටන් ගෙන, මෙම හේතු පිළිබඳ අධීක්‌ෂණයක යෙදෙමු.

නුස්‌බවුම්ට අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී දායකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රයන් රැකගැනීම සඳහා පුරවැසියන් සූදානම් කිරීම ය. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් හිතකර තත්ත්වයක පවත්වා ගැනීමට කේන්ද්‍රීය වන ශක්‍යතාවන් තුනක්‌ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය මඟින් මිනිසුන් තුළ අත්‍යාවශ්‍යයෙන් වර්ධනය කෙරෙන බව නුස්‌බවුම් තර්ක කරයි( ඒවා නම්, තමා පිළිබඳව සහ තම සම්ප්‍රදායන් පිළිබඳව විචාරාත්මකව අධීක්‌ෂණය කිරීමේ හැකියාව, තමා ගෝලීය මානව ප්‍රජාවක පුරවැසියකු වශයෙන් දැකීමේ හැකියාව සහ ඒ තුළින් විවිධත්වයෙන් අනූන ලෝකයක්‌ තුළ අන් අයගේ පර්යාලෝකයන් තුළින් යමක්‌ දැකීමේ හැකියාව යි. වෙළඳපොළ ආර්ථීකයේ නියෝග යටතේ ලිබරල් කලාවන් නොසලකා හැරීම මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රයන් අවදානමකට ලක්‌ කරන ක්‍රියාවකි. මෙම ප්‍රවණතාව තව දුරටත් පැවතියහොත්, පරිපූර්ණ පුරවැසියන්ගෙන් යුත් පරම්පරාවන් බිහි කරනු වෙනුවට අප ප්‍රයෝජනවත් යන්ත්‍ර බිහි කරනු ඇත.

අප සමාජය තුළ ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයට සවිමත් ස්‌ථානයක්‌ ආරක්‌ෂා කර නුදුන්නොත් අපගේ ප්‍රජාතන්ත්‍රයන් පරිහානියට පත් වනු ඇතැයි නුස්‌බවුම්ගේ බිය සාධාරණ බව අපගේ ප්‍රජාතන්ත්‍රයන් පැරණි ඇතැන්ස්‌ නුවරට සමාන කරමින් ඇය ඉදිරිපත් කරන තර්කයට සවන් දීමේ දී හැඟේ. අපගේ ප්‍රජාතන්ත්‍රයන්, පැරණි ඇතැන්ස්‌ නුවරෙහි මෙන්, හදිස්‌සි සහ පිළිවෙළක්‌ නැති තර්කනයන්ගෙන් පිරී ඇත, එමෙන්ම මේවා සැබෑ විචාරණය සඳහා විවේචනය වෙනුවට ආදේශනයකි. පුවත්පත්වල පසුබැසීමත්, ශරීද කෑලිවලින් යුත් කථන-ගුවන් විදුලි සංස්‌කෘතියේ බලපෑම් වැඩි වීමත් සමඟ, අපගේ දේශපාලන සංස්‌කෘතියට සොක්‍රටීස්‌ගේ අවශ්‍යතාවය අන් කිසි කලෙකටත් වඩා තදින් දැනේ. විචාරාත්මකව වාද කිරීම මිනිසුන්ට වගකීම් සහගත වීමට ක්‍රමයක්‌ සලසයි( දේශපාලනඥයින් සරල වාගලංකරණයන් ගෙන හැර දක්‌වන විට, යම් මතවාදීමය පක්‌ෂපාතීත්වයක්‌ පදනම් කරගෙන ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම හෝ නොකර, ඔවුන් ඔවුන් වෙනුවෙන්ම සිතමින්, විමසමින්, තර්ක කරමින්, තමන් විසින්ම ඒවා අවබෝධ කරගනු ඇත. පක්‌ෂග්‍රාහී හැඟීම් වෙනුවට වාදය මූලිකත්වය ගන්නා විට මිනිසුන්ට එකිනෙකා සමඟ වඩා සාධාරණ ආකාරයකින් අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවත් ලැබේ. දේශපාලනික විවාද යනු තමන්ගේ පක්‌ෂයට වාසි ලැබිය හැකි අවස්‌ථාවක්‌ සේ දකිනු වෙනුවට, ඔවුන් විභාග කරනු ඇත, විමර්ශනය කරනු ඇත. අනෙකාගේ තර්කයට සහ තමාගේ තර්කයට පොදු වන දේ හඳුනා ගනු ඇත මේ සියල්ල අනෙකාට ගරු කිරීමටත්, අනෙකා තේරුම් ගැනීමටත් හේතුපාදක වනු ඇත. Continue reading ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස

දේශද්‍රෝහියෙකුගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි

රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය
– නිර්මාල් රංජිත් දේවසිරි
පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය යන මාක්ස්වාදී ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරනවා ද යන්නයි. එම ප‍්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් සැපයීම සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වන අතර මෙහිදී ඒ සඳහා අවස්ථවක් ඇත්තේ නැත. Continue reading දේශද්‍රෝහියෙකුගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි