මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි ගේ ෆීඩෝ කියැවීම

මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: පොතකින් පිටුවක් – ෆීඩෝ ඉදිරිපත් කිරීම මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි

බී බී සී සන්දේශය වැඩ සටහනේ ‘පොතකින් පිටුවක්’ වැඩ සටහනට ඥානසිරි කොත්තිගොඩ කළ සම්පාදනය chamille zue අන්තර්ජාලයට කළ එකතුවෙන් උපුටා ගන්නා ලදී.

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි
මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි
මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන් ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ සටහන් කොට තබමු.

මහාචාර්ය වීරක්කොඩි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය යේ වැදගත්ම කෘති ගණනාවක් මුල් ග්‍රීක බසින් සිංහලට පරිවර්තනය කොට පළ කළේය. ඒවා අතර ප්ලේටෝ ගේ ෆීඩෝ, සහ ජනරජය ප්‍රධාන තැනක් ගනී.

මහාචාර්ය වීරක්කොඩිගේ ශාස්ත්‍රාලීය සේවාව පිළිබඳ තොරතුරු සඳහා මෙහි බලන්න.

plato_s_-republicජනරජය පරිවර්තනය පළ කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළකළ යුතු අතර එම පළමු මුද්‍රණය මුද්‍රණ දෝශ වලින් ගහණ හෙයින් මහාචාර්ය වීරක්කොඩිට ගේ ශාස්ත්‍රීය මෙහෙවරට කරන ගෞරවයක් ලෙස සළකා ජනරජය කෘතියේ මුද්‍රණ දෝශ නිවැරදි කළ මුද්‍රණයක් එළිදැක්වීමට සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට යෝජනා කරමු.

‘කතිකා‘ අධ්‍යයන කවය

මහාචාර්ය වීරක්කොඩි ගේ ඡායාරූපය: කල්ප රාජපක්ෂ ට කෘතඥතාව.

බලන්න, ජනරජය

Pera’s blind Prof with a broad vision

Opening the eyes of the world, his mission

නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”

අප පහත පළ කිරීම අරඹන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ කොටස් කිහිපයකි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය ගැන ඔබේ ස්වාධීන මතය සම්පාදනය කර ගැනීමට අපි ඔබට ඉඩ හරිමු.

නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”
පළමු කොටස
නූතනත්වය යටතේ ලාංකීය සමාජය මුහුණ පා ඇති අත්දැකීම් වටහාගන්නට අප මෙතෙක් දරා ඇති සියලු උත්සාහයන්, අප සාමූහිකයක් ලෙසින් වර්තමානයේ අත්දකිමින් සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ඔබ්බට අපගේ සාමූහික පරිකල්පනාව අවදි කරවන්නට දුක්මුසු ලෙස අපොහොසත් වී ඇතැයි යන අදහස, අපට නිතර අසන්නට ලැබෙයි. අපගේ වර්තමානය වටහාගත හැකිවන පරිදි අපගේ පරිකල්පනාව පුබුදුවන්නට නම්, අපගේ අර්ථ විවරණයන්‍ට කේන්ද්‍ර කොටගත යුත්තේ, නූතනත්වය යටතේ අපගේ සංකල්පීය රාමුව ගොඩ නැගුණු ආකාරය වටහා ගැනීම බව මගේ ද වැටහීමයි. මෙම ලිපියේ අරමුණ එබඳු උත්සාහයකට දායක වන පරිද්දෙන්, ලාංකීය සමාජ-දේශපාලන කතිකාව නූතනත්වයේ සංකල්පීය පද්ධතිය තුළ සිරවී ඇති ආකාරය මතුකොට ගැනීමට දැරෙන ප්‍රයත්නයකට මුල පිරීමයි.

නූතනත්වය සහ ප්‍රගතිය/පරිහානිය
මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථක වීමට හෝ එය ක්‍රියාත්මක වෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නඟා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද? යන්න පිළිබඳව තමන් දරන ස්ථාවරය අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාණ තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහා ගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීම ද සිදුවෙයි.

“පශ්චාත්-නූතන තත්ත්වවාදය”

තම න්‍යාය ගැන්වීම්වලට මාක්ස්වාදය, ව්‍යූහවාදය සහ පශ්චාත්-ව්‍යූහවාදය වැනි න්‍යාය ධාරාවන් යොදා ගන්නා “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” නවීකරණය පිළිබඳව දරන ස්ථාවරය අතින් ලිබරල්වාදයෙන් හා මාක්ස්වාදයෙන් වෙනස් වන්නේ, ලංකාව තුළ නවීකාරක ව්‍යාපෘතිය මන්දගාමී වී ඇතැයි හෝ එහි අඩුපාඩු ඇතැයි යන්න වෙනුවට, අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය, පවුල හා ලිංගිකත්වය වැනි ප්‍රධාන කලාපයන්හි නවීකාරක ව්‍යාපෘතිය දුක්ඛිත ආකාරයෙන් අසාර්ථක වී ඇති අතර වෙනත් කලාපයන්ට අදාළව එය ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් ඇතැයි, යන ස්ථාවරය ගැනීමෙනි. මේ මතයට අනුව, ලාංකික ජීවිතයේ ඇතැම් කලාපයන්හි නවීකරණය අසාර්ථකවීම, ලංකාව තුළ පැරණි, සාම්ප්‍රදායික ජීවන ආකාරයන් යටින් ඇති නවීකරණයේ බාහිර ආම්පන්න මතුපිටින් දක්නට ලැබුණද, ලංකාව තුළ නවීකරණය ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවීමේ ප්‍රතිඵලයකි.

නමුත් අනෙක් අතට, ජනමාධ්‍ය, තොරතුරු තාක්ෂණය සහ භෞතික දියුණුව වැනි කලාපයන්හි විශේෂයෙන්ම නිදහස් ආර්ථිකය යටතේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළ නවීකරණය පුළුල්ව පැවතීම සහ වේගවත් වීම දකින්නට ඇත. “පශ්චාත්-නූතන-තත්ත්වවාදයට” අනුව මේ තත්ත්වය ලංකාවේ භෞතික අතින් නවීකරණය වූ සහ මානසික වශයෙන් පසුගාමී හින්නෝන්මාද සමාජයක් උදා කොට ඇත. මේ නිසා ලංකාවේ මිනිසුන්ට නූතන ශරීර සහ, නවීන ලෙස භෞතික තත්ත්වයන් තුළ පූර්ව නූතන චින්තනය පවත්නා “වැඩවසම්” ඔළු ද තිබේ. ලංකාව තුළ ධනවාදය සහ නූතන සංස්ථාවන්ගේ ඓන්ද්‍රීය වර්ධනයක් ඇති නොවීමේ හේතුවෙන්, සමස්ථයම විපර්යාස ‍කෙරෙන සම්පූර්ණ නවීකාරක ව්‍යාපෘතියක ලා නායකත්වය ගන්නට දෘෂ්ටිමය වශයෙන් නවීන ධනේශ්වර ශක්තියක් නැත. එහෙයින් පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ට අනුව ලංකාව අද පසුකරමින් සිටින සන්ධිස්ථානයේදී මහජනයා දේශපාලනයෙහි ලා ක්‍රියාකාරීව සහභාගි නොවීම පැහැදිලි කෙරෙන්නේ ඉහත ඔවුන් විග්‍රහ කරන සමස්ත තත්ත්වයන් විසිනි.

තවද, ඔවුනට අනුව, තීරණාත්මක ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉෂ්ට කරන අති දියුණු විද්‍යුත් මාධ්‍ය සහ “ඩිජිටල්” තාක්ෂණය, සියලු ව්‍යූහයන් කඩා බිඳ දමමින් වෙළෙඳපොළ තර්කනය යටතේ මානව සබඳතා විප්ලවීයකරණය කරමින්, මානවයන් සම්ප්‍රදායික අධිකාරවාදී සමාජ චරිතවල පාලනයෙන් සහ ඔවුන් සමාජයේ චිරස්ථායී කරමින් සිටින ව්‍යූහයන්ගෙන් නිදහස් කරමින් සිටිති. දැන් ශිෂ්‍යයන් තවදුරටත් ගුරුවරයන්ගේ අධිකාරවාදය යටතේ පීඩනයට ලක්විය යුතු නැත. ඉන් නිදහස්ව, අන්තර්ජාලයේ පිහිටෙන් වෙබ් අඩවිවලින් පොත්-පත් කියවමින්, අන්තර්ජාලයේ සාකච්ඡාවලට සහභාගී වෙමින් ස්වයං-අධ්‍යාපනය ලැබීමට සිසුනට හැකිය. වෛද්‍ය ක්ෂේත්‍රයේදී, රෝගීන්ට, වෛද්‍යවරුන්ගේ අධිකාරය යටතේ පීඩා නොවිඳ අන්තර්ජාලයෙන් වෛද්‍ය උපදෙස් ලබන්නටත්, ප්‍රතිකාර මෙන්ම බෙහෙත් හේත් ගන්නටත් හැකිය.

දැන් විද්‍යුත්-විප්ලවය නමින් හැඳින්වෙන තාක්ෂණික වර්ධනය පිළිබඳව ඉහත ප්‍රකාශිත අවබෝධය, ප්‍රබුද්ධත්ව සබුද්ධිකභාවය (Enlightenment Reason) බටහිර සමාජය හා මනස මත ඇති කළා යැයි කියනු ලබන බලපෑම පිළිබඳව නූතන අවබෝධය හා සමාන යැයි කිව හැකිය. එම අදහසට අනුව ප්‍රබුද්ධත්වයේ විචාර බුද්ධිය දෙවියන්ගේ හා රාජාධිපත්‍යයේ අධිකාරයෙන් මානවයන් නිදහස් කළ හෙයින් මානවයාට තම පූර්ණ ශක්‍යතාව සාක්ෂාත් කරගන්නට විචාර බුද්ධිය ඉඩ සලසා දෙනු ඇත.

“පශ්චාත්-නූතන-තත්ත්වවාදයේ” තර්කය, අද ලංකාවේ අප අත්දකිමින් සිටින්නාක් බඳු වෙනස්කම් ප්‍රාග්ධනය ගෝලීයකරණය වන මෙම අවධියේ ධනවාදයේ “තුන්වැනි කාර්තුව” යටතේ අනිවාර්ය බවය. ගෝලීයකරණය, සියලු පූර්ව-ධනේශ්වර සබඳතා හා ව්‍යූහයන් විපර්යාස කරන හෙයින් විනාශ කරන හෙයින් හැමදෙයම, බුද්ධිමය, මිනිස් මනස හෝ අදහස්ම සහ මානව සබඳතාම පවා වෙළෙඳ භාණ්ඩ බවට හරවන හෙයින්, එය ප්‍රගතිශීලි සංසිද්ධියකි. නවීකරණය විජයග්‍රාහී ලෙසින් ඉදිරියටම ඇදෙයි. ධනවාදයේ නැගීමත් සමඟ මාක්ස් දුටු දෙයෙහි, ගම්‍යතාව පශ්චාත් නූතන තත්ත්වය යටතේ කිහිප ගුණයකින් වැඩි වී ඇත. “සියලු ඝනීභූත දේ ද්‍රව වී වාශ්ප වී යයි”. මෙපරිද්දෙන් අප ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ පරිපථයන්ට හසු වී ඇති අතර, මානව ජීවිතය වෙළෙඳ පොළ තර්කනයට යට කෙරී ඇත. මෙය සම්ප්‍රදායේ සිට නූතනත්වය දක්වා සමාජ විපර්යාසය ඉදිරියට ගෙන යන හෙයින් එහි ඇත්තේ ධනාත්මක ස්වභාවයකි.

පශ්චාත්-නූතන-තත්ත්වවාදයේ මෙම තර්කනයට අනුව, නවීකරණය මානවයන් පූර්ව-නූතන ව්‍යූහයන්ගේ අධිකාරයෙන් නිදහස් කරමින් වඩා යහපත් මානව ලෝකයක් ගොඩ නගන හෙයින්, අප කුමන තත්ත්වයන් යටතේ වුව නවීකරණය කළ යුතුය. මෙම තර්කනය යටතේ, නවීකරණය අත්‍යන්තයෙන්ම ප්‍රගතිශීලීය, එහෙයින් නවීකරණයට ප්‍රතිරෝධය දක්වන්නෝ ගෝත්‍රික, සම්ප්‍රදායික, පසුගාමී හෝ පූර්ව නූතනයෝ වෙති. එහෙයින්, නව නූතන ආරම්භයකට මුල පුරනු වස් පසුගාමී වන හෙයින් සම්ප්‍රදාය විනාශකල යුතුය. සංස්කෘතිය යනු පරාජයට පත්කල යුතුව ඇති සම්ප්‍රදායයි.

පූර්ව-නූතන අගතීන්ගෙන් මිනිස් මනස නිදහස් කරන්නට විචාර බුද්ධියට හෝ තර්කනයට ඇති හැකියාව පිළිබඳව “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” විශ්වාස කරති. ලංකාවේ නූතන සමාජයක් ඓන්ද්‍රීයව වර්ධනය නොවන්නට හේතුව අප සමාජයේ විචාර බුද්ධිය නොමැති වීමත්, සංස්කෘතිය දිගින් දිගටම පැවැතීමත්ය. සංස්කෘතිය යනු මතවාදයයි, පූර්ව-විචාර බුද්ධි අවස්ථාවයි. සංස්කෘතියත්, මාතවාදයත් විචාර බුද්ධිය මගින් ජයගත් සමෘද්ධිමත්, බටහිර සමාජ හා සසඳන කල ලාංකික සමාජය තවමත් පූර්ව-විචාර බුද්ධි යුගයේ පල් වෙමින් පවතී.

එහෙයින්, නවීකරණයේ සාර්ථකත්වය රඳා පවත්නේ එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මතය. මේ සඳහා කළ යුතුව ඇත්තේ ප්‍රධාන කොටම “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” විසින් නියෝජනය කෙරෙන නවීකරණය වූ සුළු පිරිස් සහ ඔවුන්ගේ චින්තනය සදහා සමපාත වන පිරිස් එකතු වී සමාජය මත තම දෘෂ්ටිවාදිමය “හෙජමොනිය” (hegemony) නැතහොත් මතවාදී ආධිපත්‍යය පිහිටුවා නවීකාරක ව්‍යාපෘතියේ නායකත්වය තමන් අතට ගැනීම වෙයි. ඔවුන් යෝජනා කරන විසඳුම නම්, රටේ ඇති සියලුම පූර්ව-නූතන-තත්ත්වයන් මතවාදීමය වශයෙන් සහ ආයතනික වශයෙන් විනාශ කොට ඒ තැන ගන්නට සහමුළින්ම නවීකරණය කළ ඒවා ස්ථාපිත කිරීමයි. පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ගේ මෙම න්‍යාය ගැන්වීම් වලට පාදක වන්නේ මානව ක්‍රියාකාරිකයෙකු නැතහොත් විෂයාසක්තයෙකු (subject) නැත, ව්‍යූහ මානවයන් යටපත් කොටගෙන ඇති අතර ලොව ක්‍රියාකාරීත්වය තීරණය කරන්නේය යන ව්‍යූහවාදී ස්ථාවරයයි. සමාජ සංසිද්ධීන් යනු ‍ඓතිහාසික හා සංස්කෘතික නිර්මිකයන්ය. එහෙයින් දේශපාලනික උපාය මාර්ගය වන්නේ පවත්නා පසුගාමී කතිකා සහ සංකල්ප විසංයෝජනය කොට කතිකාව නවීකරණය කිරීමත්, “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” විසින් නායකත්වය දෙනු ලබන රැඩිකල් නවීකරණයේ ව්‍යාපෘතියට මතවාදී ආධිපත්‍යය පිහිටුවාලීමත්ය. මතවාදී ආධිපත්‍යය සඳහා වන තම කතිකාමය අරගලය තමන් විසින්ම හෝ තම මිත්‍ර කණ්ඩායමක් විසින් හෝ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කෙරෙන උත්සාහයක් සමග බද්ධ කිරීම තුළින් තමන් අපේක්ෂා කරන “සමාජ විපර්යාසය” සාක්ෂාත් කරගැනීමට මග සැලැසේ යැයි ඔවුහු විශ්වාස කරති.

(මතු සම්බන්ධයි)

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු.

අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න.

ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි.

‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප‍්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. එම කොටස් සඳහා මෙහි බලන්න.

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා
කැමිල පා(ග්)ලියා

Camille Paglia
කැමිල පා(ග්)ලියා

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි.

1990 ගණන්වල Sexual Personae නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක් මෙන්ම කළහකාරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූ බව එම සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන Margaret Wente සදහන් කරයි. Continue reading පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස්

මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස්


The Heart of the Matter
The Humanities and Social Sciences
for a vibrant, competitive, and secure nation

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව
දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය

ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න.
කාන්ට්

කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය ‍වේ.

ගැඩමර්

දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ.
ගැඩමර්

ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි.
ෂන්තාල් මූෆ්

liberal-fascismq

ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල කරන ලද සයිබර් මැර ප්‍රහාරයට ‘කතිකා‘ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය පහත පළවෙයි. අප මෙය පළකරන්නේ ප්‍රැක්සිස් සාමුහිකය හෝ එහි සාමාජිකයන් සමඟ සංවාදයක් ගොඩ නැඟිය හැකිය යන විශ්වාසයෙන් නොවේ. අපට පදනම් විරහිතව පහර දෙන්නවුන් සමඟ සංවාද පැවැත්විය හැකි යැයි අපි නොසිතමු. අපගේ අරමුණ අපගේ ආස්ථානය අපගේ මිතුරන් සහ පාඨකයන් සඳහා වාර්තා කොට තැබීම ය.

‘කතිකා’අධ්‍යයන කවය විසින් 2010 ජනාධිපතිවරණය අරඹයා නිකුත් කරන ලද ප්‍රකාශනයක් මුල් කරගෙන අප කවයේ සාමාජිකයෙකු වූ කුමුදු කුසුම් කුමාරට එල්ල කරන ලද අවලාදාත්මක ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මොහොතේ අප නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ විවෙචනාත්මක හෝ විශ්ලේෂණාත්මක කිසිවක් නැති ශිෂ්ට දේශපාලන ලෝකයේ පිළිගැනෙන සාමූහික ක්‍රියා දුර්මුඛ කරන එවැනි “සරණාගතයා” “ජරාජීර්ණ වූ මහල්ලන්” වැනි ලේබල් කිරීමේ චරිත ස්වභාවයන් සම්බන්ධයෙන් අපට කළ හැකි කිසිවක් නැති නිසාත් එසේ කිරීමට යාමෙන් බහුවිධ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතියකට අනවශ්‍ය තරමේ පස මිතුරුතාවයක් උත්සන්න වීමට හේතුවිය හැක යන විශ්වාසයෙනි.

කෙසේ නමුත්,දිගින් දිගටම අපගේ ප්‍රකාශය පිළිබඳ ප්‍රැක්සිස් සාමූහිකයේ විකෘති කියවීම් ගෙනහැර දක්වමින්ද, තම සාමාජිකයෙකුගේ කතිකාචාර්ය තනතුර නැතිකර නැති කර දැමුවේ යැයි ද, තවත් සාමාජිකයන් දෙපලකගේ පර්යේෂණ අධීක්ෂණයෙන් ඉවත් වූ බවද අභූත චෝදනා හා අවලාද නගමින්ද අප අනෙකා බවට පත් කරගනිමින් අප සමග දේශපාලන ගනුදෙනුවක් ගොඩනගනු වෙනුවට අනෙකා නිහඬ කර යටපත් කර විනාශ කර දැමීමේ පැරණි ‘එක්ස්‘ කණ්ඩායමේ වර්ගයේ දේශපාලනයට පණ දීමට උත්සාහ කරන තත්වයක් තුල පාඨකයන් සඳහා අපගේ පැහැදිළි කිරීම ඉදිරිපත් කළ යුතු අවදියකට පැමිණ ඇත. කතිකාචාර්ය තනතුර පිළිබඳ කාරණය ගැන කුමුදු කුසුම් කුමාර විසින් දැනටමත් පැහැදිළි කිරීමක් කර ඇති හෙයින් ඒ ගැන මෙහිදී සාකච්ඡා කිරීම අනවශ්‍යය.

තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින් තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලහත්කාරයෙන් තොරව මෙහෙයවීය යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයේ ඔවුන් පෙළඹවීමේ (persuation) දේශපාලන කලාව දැන සිටි නිසා යැයි පවසන හනා අරෙන්ඩ්ට් බහුවිධතාවය ප්‍රකාශ කරන තැනක් වන මහජන පරිමණ්ඩලය කථනයේ හෝ පෙළඹවීමේ මාධ්‍යය ඇසුරෙන් පුරවැසියෝ එකිනෙකා අතර ක්‍රියා කරන, තම අද්විතීය අනන්‍යතාවය අනාවරණය කරණ සහ පොදු ලෝකය පිළිබඳ කරුණු සාමුහික විචාරණය තුළින් තීරණය කරණ එකිනෙකාට පෙනී සිටිය හැකි අවකාශයක් බව පෙන්වා දේ. එහි පැවැත්ම රඳා පවතින්නේ සම්භාෂනීය භව්‍යතාවය සමගය. සාම්‍යන්ගෙන්(peers) සැදුම්ගත් මෙම මහජන හමුවේ දී විධිමත්භාවය (formality) අවශ්‍යය.

මෙවැනි ආකාරයේ දේශපාලන සම්භාෂණයක් විය හැකි කරවන සංවාද භාෂාවේ අචාරශීලීත්වය හෝ ශිෂ්ට සම්පන්න බව (civility) වෙනුවට වාමාංශිකයන්ගේ නම් පෙලක් ඉදිරිපත් කර ජරාජීර්ණ වූ මහල්ලන්(මහල්ලන් ජරාජීර්ණ යැයි ඉවත දැමීම කවර දේශපාලනයක්ද ? පැසිස්ට්වාදය නොවේ ද? මේ අය තමන්ගේ වැඩිහිටියන් මහලු වියට පත් වූ විට ජරාජීර්ණ යැයි ඉවත දමන්නේද? ) යැයි ද ධම්ම දිසානායක, කුමුදු කුසුම් කුමාර ඇතුළු අය මහින්ද චින්තන සරණාගතයන් යැයිද, විමුක්ති ජයසුන්දර, නදීක ගුරුගේ, සෞම්‍ය ලියනගේ වැනි කලා කරුවන්ට කම්බ හොරු සහ අමනයන් යැයි ද නාමකරණය කිරීම තම අනෙකා සහ අනෙකාගේ පැවැත්ම සහ දේශපාලනය බැහැර කර, විනාශ කර, පවිත්‍රකරණය කර තමාගේ දේශපාලනය පමණක් පාරිශුද්ධ යැයි ස්ථාපිත කරන පැසිස්ට්වාදය හැර අන් කවරක් ද? මේ වෛරී භාෂාවෙන් ප්‍රකාශ වන්නේ ප්‍රැක්සිස් සාමාජිකාවක් “විසම්මුතියේ සංවාදය” නම් තම ලිපියේ පෙන්වා දුන් “අනෙකාගේ පැවැත්ම එලෙසින් බාර ගැනීම සහ එය ඉවසීම”ක් දැයි අප ඇසිය යුතුය. මෙහි වෙනසකට ඇත්තේ පශ්චාත් මාක්ස්වාදී වෙස් මුහුණක් දමා ගැනීමය. Continue reading දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
කුමුදු කුසුම් කුමාර


මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා සේවයෙන් පහකිරීම විවේචනය කරමින් මා රාවය පුවත්පතට ලියූ ලිපිය මුල් කොට ගෙන මා අනුරුද්ධ ප්‍රදීප් ගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටියත් තවත් තරුණ කථිකාචාර්යවරයෙකුගේ රැකියාව අහිමි කිරීමට යටි උගුල් යෙදූ බවටත් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවටත් ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට චෝදනා නඟා තිබුණි. දෙවනුව කී ශිෂ්‍යයන් දෙදෙනා ගේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමෙන් මා ඔවුන් දෙදෙනා පිළිබඳ ඇති වෛරයත් එනිසා පළිගැනීමත් පෙන්නුම් කරන බව ඔවුහු සඳහන් කළෝය. මා එලෙස ඔවුන් සමඟ වෛර බැඳීමට හේතුව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ විසින් මා පිළිබඳ කළ දේශපාලන විවේචන බවත් එම විවේචන කළේ ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා නොව අන් අය බවත් එහෙයින් ඔවුන් නොකළ දෙයකට මා ඔවුන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගත් බවත් ඔවුහු සඳහන් කළෝය. ඔවුන් මෙයින් පෙන්නුම් කරන්නට තැත් කරන්නේ මා දේශපාලන සුචරිතවාදයෙකු වශයෙන් පෙනී සිටින සදාචාරවිරෝධියෙකු බවයි. ඒ අනුව ඔවුන් මා තක්කඩියෙකු, අමනයෙකු යනුවෙන් හඳුන්වමින් හෙළා දකියි. ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එල්ල කොට ඇති මෙම චෝදනා දෙකම අසත්‍ය බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි.

පළමුව, මා මීට වසර 10කට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ තරුණ කථිකාචාර්යවරයෙකු යටි උගුල් අටවා සේවයෙන් පහ කරන තැනට වැඩ සැකසුවේ යැයි නගා ඇති චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මා එවැන්නක් කිසි කලෙක කර නැත. මා දන්නා පරිදි එම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ තාවකාලික සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් නියමිත වසර දෙකක කාලය සේවය කොට අවසන් වූ පසු ඔහුගේ සේවා කාලය අවසන් වීය. ඉන් පසුව ඔහු එම අධ්‍යයන අංශයේ ස්ථිර සේවයට ඉල්ලුම් කොට බඳවා නොගත්තේ නම් සහ ඒ පිළිබඳ චෝදනාවක් ඇතොත් එය එල්ල කළ යුත්තේ එම අධ්‍යයන අංශයටය, එහි සාමාජිකයන් වන තම ගුරුවරුන්ට සහ සගයන්ටය. වෙනත් අධ්‍යයන අංශයක කථිකාචාරයවරයෙකු වන මා හට දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ගුරුවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තීරණය කළ හැකි යැයි කියන්නෙකු එක්කෝ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන නොදන්නෙකි, නැතහොත් හිතා මතා පාඨකයා නොමඟ යවන්නෙකි. මෙම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සේවය කළ අවධියේ ඔහු හා මා අතර සිදුවූ මට මතක වැදගත් සිදුවීම නම් ඔහු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘එක්ස්‘ කණ්ඩායමේ දේශපාලන “න්‍යාය“ ඉගැන්වීමට මුදල් අයකරන්නේ යැයි සාක්ෂ්‍ය සහිතව ශිෂ්‍යයන් මට කළ පැමිණිල්ලක් අනුව යමින් මා එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි. ඔහු ප්‍රසිද්ධියේ මෙම කටයුත්ත කළේය. ගුරුවරයෙකු වශයෙන් මම එය ප්‍රසිද්ධියේ විවේචනය කළෙමි. ඒ පිළිබඳ ඔහු මා හා උරණ වූ බව මම දනිමි. මෙම සිදුවීම මුල්කොට ගෙන මා නිසා එම කථිකාචාර්යවරයා ට විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය තනතුරක් ලැබීමේ අවස්ථාව අහිමි වූ බවට ගොඩ නඟා ‘‘එක්ස්‘ කණ්ඩායම‘ විසින් දේශපාලන වාසි තකා ප්‍රචාරය කරනු ලැබූ කතන්දරය දැන් එම කථිකාචාර්යවරයා ගේ අනුගාමිකයන් අත පුරාණොක්තියක් බවට පත්ව තිබේ. මට එරෙහිව එල්ල කළ මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යයකි. මා දැනගත් පරිදි කිසිම අවස්ථාවක එම කථිකාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයයේ කථිකාචාරය තනතුරකින් පහකොට නොමැත. ඔහුට මුලින් ලැබුණු වසර දෙකක තාවකාලික සහාය කථිකාචාර්ය තනතුරේ කාලය අවසන් වූ පසු, පසු අවස්ථාවක ඔහු කොන්ත්‍රාත් පදනම මත වසරක් කාලයක් සඳහා ද බඳවා ගෙන කථිකාචාර්ය තනතුරේ සේවය කොට ඇත. දැන් මා මෙම කරුණු ඉදිරිපත් කළ පසු ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එරෙහිව එම චෝදනාව තවදුරටත් ඉදිරිපත් කිරීමෙන් වැළකී ඇත.

දෙවනුව, මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් බැහැර වීමෙන් මා ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවද අසත්‍යයකි.

ඔවුන් සඳහන් කරන සිසුන් දෙදෙනා ශාස්ත්‍රපති පාඨ මාලාව (course work) හැදැරීමේදී ඔවුනට තම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම මට අධ්‍යයන අංශයෙන් පවරා තිබුණි. මෙය එම සිසුන් දෙදෙනා සහ මා අතර අන්‍යොන්‍ය එකඟතාව මුල් කොට ගෙන සිදු වූවකි. ඔවුන් දෙදෙනා ගේ නිබන්ධ සම්පාදනය සඳහා අධීක්ෂකයෙකු බැගින් පත් කිරීම සිදු වූයේ ඔවුන් තම පාඨමාලා කටයුතු සාර්ථකව නිමකළ පසු ව පොදුවේ එම පාඨමාලාව සමත් අනෙක් සිසුන් ද ඇතුළු සියලු දෙනට නිබන්ධ අධීක්ෂකයන් පත් කෙරුණු අධ්‍යයන අංශ රැස්වීමකදී ය. එහිදී ගුරුවරුන්ට සිසුන් අධ්‍යයනය කරන මාතෘකා පිළිබඳ තමන් වෙත ඇති දැනුම මුල් කොට ගෙන තමන් පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් ම හෝ වෙනත් සිසුන් නිබන්ධ අධීක්ෂණය සඳහා තෝරා ගත හැක. එය ගුරුවරයාගේ කැමැත්තයි. ඒ අනුව මම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් නොව වෙනත් සිසුන් නිබන්ධය අධීක්ෂණය සඳහා සඳහා තෝරා ගත්තෙමි. එයට මා හට පූර්ණ අයිතියක් තිබේ. අදාළ අධ්‍යයන අංශ රැස්වීමේදී එසේ කළ එකම ගුරුවරයාද මා නොවේ. පර්යේෂණ සැළැස්ම සඳහා මා මඟ පෙන්වීම කළ සිසුන් දෙදෙනාගේ නිබන්ධ අධීක්ෂණය සඳහාත් ගුරුවරුන් ඉදිරිපත් වු අතර සිසුන්ට ඒ බව ලිඛිතව දැනුම් දෙන ලදී. එම සිසුන් දෙදෙනා කාර්යාලයට පැමිණ එම ලිපි භාරගෙන ඇත. මෙම සිසුන් දෙදෙනාගෙන් අයෙකුට මේ අතරතුර ශිෂ්‍යත්වයක් ලැබී ඇය විදේශගත වීම වෙනත් සිදුවීමකි. ඇයට අවශ්‍ය වීනම් ඇයට මෙරට රැඳී සිට නිබන්ධ රචනයෙහි යෙදීමට කිසිදු බාධාවක් අධ්‍යයන අංශයෙන් සිදු වී නැත. මේ බවට අධ්‍යයන අංශය සාක්ෂ්‍ය දරනු ඇත. ඇයට ලැබුණු නිබන්ධ අධීක්ෂකයා පිළිබඳ කිසියම් ගැටලුවක් ඇයට වී නම් ඒ පිළිබඳ අධ්‍යයන අංශයට කරුණු දැක්වීමටද ඇයට අවකාශ තිබුණි. මා දන්නා තරමින් ඇය එසේ කළේද නැත. ශිෂ්‍යයෙකුට අධීක්ෂකයෙකු පත් කළ පසු අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම නිරතුරුව සිදුවන්නක් බව ප්‍රසිද්ධ ලේඛන බවට පත්වන විශ්ව විද්‍යාල පාලක මංඩල වාර්තා කියවා බැලීමෙන් දැන ගත හැකිය. මෙම සිදුවීමට අදාළ අනෙක් ශිෂ්‍යයා දැනට තම නිබන්ධ සම්පාදන කටයුත්තෙහි නිරතව සිටින බව මගේ වැටහීමයි. ශිෂ්‍යයන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගන්නා ගුරුවරු හෝ අධ්‍යයන අංශ හැසිරෙනු ඇත්තේ මෙසේ නොවේ. එහෙයින් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ කීම සම්පූර්ණ අසත්‍යයකි. Continue reading සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

Politically motivated cyber-bullying on the part of ‘leftist’ groups

Politically motivated cyber-bullying on the part of so-called leftist groups
Prabha Manuratne

imagesI see this latest attack by Sumith Chaaminda and his group on you as yet another display of their myopic politics. As someone who has been a repeated target of politically motivated cyber-bullying for many years now, I fully sympathize with the unenviable position you have been pushed into. Such politically inflected bullying does not demand that a truth be revealed but that we prove a lie to be a lie. Bullying and hate speech are characteristic arsenal of those who wish to silence others on cyber platforms. They were part of the strategy of the former X group. It was a strategy that we eschewed after the break-up of the group, and it is sad that former X-group members Sumith Chaaminda and Vidarshana Kannangara have chosen to continue such attacks. In my opinion, cyber-bullying has had a deleterious effect on the entire youth oriented political scene in Sri Lanka.

I do not think that it is necessary to dwell on the importance of your work as a public intellectual and as a university academic in the current vapid and tasteless political-intellectual scene in Sri Lanka. This is neither the place nor the occasion for it. The very fact that such attacks take place, I think, is proof enough that you have ventured out of the comfortable cocoons of apolitical intellectual work, and demanded engagement from a younger generation of intellectuals who wish to follow that same path. It is sad to think that open and healthy dialogue has been replaced increasingly by bullying of this sort. Such interventions single-handedly detract attention from the larger issue of the politicization of university education. I hope this article will be seen as the occasion to discuss this larger question of politically motivated cyber-bullying on the part of so-called leftist groups on broad terms, and lead to a recognition that there is much at stake in keeping democratic lines of discussion open to everyone.

I would like to extend my fullest support to any effort on your part to address this problem of needless (and in my opinion baseless) cyber-bullying both on disneylanka.com and on Facebook.

(Prabha Manuratne is a political activist and Lecturer in English.)