පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?

“ මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?“

අර්ජුන පරාක්‍රම
අර්ජුන පරාක්‍රම

අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු අධ්‍යයන (Subaltern Studies) ගුරුකුලයේ ප්‍රකාශිකාවක වූ ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවැක් යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නිරත විය. භාෂා ප්‍රමිති ආධිපත්‍යහරනය කිරීම (De-Hegemonizing Language Standards) නම් ඔහුගේ කෘතිය පල්ග්‍රේව් සහ මැක්මිලන් සමාගම් විසින් පළ කර ඇත. ප්‍රමිතිගත භාෂා සහ භාෂා ප්‍රමිතිකරණයේ ප්‍රභු ස්වභාවයට එරෙහිව ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ප්‍රති නිදර්ශනයක් ලෙස මෙහි සාකච්ඡා කෙරේ. භාෂාව සහ කැරැල්ල (Language and Rebellion)නම් ඔහුගේ කෘතිය 1848 ගැමි කැරැල්ල යටත් විජිත පාලනයට එරෙහිව නිර්ප්‍රභු අරගලයක් ලෙස හඳුනාගන්නා අතර සමකාලීන අරගල සම්බන්ධයෙන් ඇති වැදගත්කම සාකච්ඡා කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සේවය කල ඔහු එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කලක් කටයුතු කළේය. පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා බවට පත්විය.දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම දේශපාලන හා මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සිවිල් සංවිධාන ගොඩ නැගීමේ ලා ක්‍රියාකාරී විය.

language_and_rebellion

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියක කොටසකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැස ට ස්තුතිවන්තව ය. මෙම ලිපිය කොටස් වශයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ මුල් වරට පළ කෙරෙන්නේ 2009 නොවැම්බර් මසයි.

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? – අර්ජුන පරාක්‍රම
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි.

ඒ පශ්චාත් නූතනවාදය එතැන අදාල වන්නේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවලටයි. සංවර්ධනය වූ සමාජවලටවත්, ඉහළින් සංවර්ධනය වූ සමාජවලටවත් නොවෙයි. ලියොතාද් මේ හැඳින්වීමේ නැවතත් පශ්චාත් නූතනවාදය නිර්වචනය කරනවා “As the incredibility towards meta narratives” කියල. Metanarratives යන්න පරිවර්තනය කිරීම තරමක් අපහසු වුවත් මා එය පරිවර්තනය කරනවා, ආඛ්‍යාන තෝරා බේරා ගැනීම සඳහා යොදන මූලික හා ප්‍රධාන ආඛ්‍යානයන් ගැන අවිශ්වාසයක් තමයි පශ්චාත් නූතනවාදය තුළින් පිළිබිඹු වන්නේ කියල. උදාහරණයක් ලෙස මාක්ස්වාදී විග්‍රහය, මුලු මනුෂ්‍ය සංහතියම විමුක්තිය කරා යන ඒ ප්‍රධාන ධාරාව, අන්න ඒ වගේ දේවල් ගැන තියෙන අවිශ්වාසය පශ්චාත් නූතනවාදයට තුඩුදුන් තේමාවක් ලෙස ගත හැකියි. The obsolescence of meta narratives – incredibility කියන්නේ අවිශ්වාසය. Obsolescence කියන්නේ ඒවා යල් පැනපු බව පෙන්නුම් කිරීම. The obsolescence of meta narrative apparatus of Legitimation කියන්නේ මා අර මුලින් කිවූ ප්‍රධාන, මූලික ආඛ්‍යානයන් වලින් ඇතිවන ක්‍රියාදාමයේ දී සම්මත කිරීමේ නොහැකියාවක් තිබෙනවා, ඒවා සම්මත කරන්න බැහැ, ඒවා යල් පැනලා. සම්ප්‍රදායික මාක්ස්වාදය වැනි ප්‍රධාන දේවලුත් එහෙමයි. ලියොතාද් කියන්නේ ඒ දැනුම හා ඒ අවබෝධය තුළින් පශ්චාත් නූතනවාදය ඇති උනා කියලයි. හැබැයි, අපි මතක තියා ගන්න ඕන එයා අර කියපු මුල් සංකල්පය. එනම් මේවා අදාළ වන්නේ වඩාත්ම ඉහළින් සංවර්දනය වූ සමාජවලට කියන එක. එය නැවත නැවත කියවෙනවා. හතර පස්වතාවක් කියැවෙනවා. එම පොතේම ඔහු කියනවා අපට ප්‍රධාන හෝ මහා ආඛ්‍යානයන්ගේ පිහිට පතන්නට දැන් නොහැකියි. කුඩා ආඛ්‍යානයන් පරිකල්පනීය නිර්මාණවල ඉතා උසස් හරය ඇති අවස්ථාවන් ලෙස අප සලකනවා කියලා. අර ප්‍රධාන ආඛ්‍යානයන් සමස්ත සමාජයම තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය කියන එක එතරම් වලංගු නැහැ. එහෙත් මෙහි පසු නූතනවාදය කියලා මම හඳුන්වන පශ්චාත් නූතනවාදයේ modernism හෙවත් නූතනවාදය යන පදයත් දැන් පශ්චාත් නූතනවාදය කියලා මම හැදින් වූ ලියොතාද්ගේ නිර්වචනයත් මතක තියාගෙන අපි ටිකක් පස්සට යමු.

පශ්චාත් නූතනවාදයක් වෙන්න නම් ඊට කලින් නූතනවාදයක් කියා සංකල්පයක් තිබිය යුතුයි. ඒ සංකල්පයට ඉතිහාසයකුත් තිබෙනවා. ඒ ඉතිහාසය අපි බැහැර කළොත් එම ඉතිහාසයේ ප්‍රතිඵල අපට නැවත විඳින්න සිදු වෙනවා. මට මේක කියන්න පුළුවන් උදාහරණ දෙක තුනක් නොවෙයි රාශියක් අරගෙන. මම කිහිපයක් ගන්නම් මගේ ක්ෂේත්‍රයෙන්. ඇත්තෙන්ම මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉංග්‍රීසි විෂය ඉංග්‍රීසි අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යයන කලාවේ ශික්ෂණයක් (discipline) ලෙසට බිහි වූයේ පැහැදිලිවම යටත් විජිත ව්‍යාපෘතියේ එක වැදගත් අංගයක් හැටියටයි. ඊට කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එංගලන්තයේ, ඉගෙන ගන්න බැරි සමාජ කොටස් ලෙස සැලකුණු ගැහැණුන් හා කම්කරුවන් පමණයි ඉගෙන ගන්න පුළුවන් අය ඉගෙන ගත්තේ ලතින් හා ග්‍රීක් වගේ භාෂාවන්. ඉංග්‍රීසි බව පිට රටට අපනයනය කරන්න යටත් විජිත ව්‍යාපෘතීන්ට අවශ්‍ය උනාම ඉංග්‍රීසි වලට යම් ස්ථානයක් ලැබුණා. එය යම්කිසි ශික්ෂණයක් බවට පත් උනා. දැන් මේ ඉතිහාසය අපට හොර කරන්න බැහැ. ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි ශික්ෂණය තුළ මේ ඉතිහාසයේ විකාශනයක් ගැබ්වෙලා තියෙනවා. නූතනවාදයත් ඒ වගේ තමයි. නූතනවාදී ව්‍යාපෘතිය අහිංසක එකක් නොවේ.

තව උදාහරණ කීපයක් අපට දෙන්න පුළුවන්. තව උදාහරණයක් භාෂාවෙන්ම ගනිමු. Villain කියන වචනය ඔයාලා අහලා ඇති. එහි අර්ථය දුෂ්ටයා කියන එකයි. මේ දුෂ්ටයා කියන වචනයේ මූලික ඉඟිය ආවේ ගොවියා යන වචනයෙන්. ගොවියා කියන වචනය දුෂ්ටයා උනේ ගොවීන්ට භාෂාව පිළිබද ආධිපත්‍යය තිබූ නිසාද? ගොවීන් වැඩ කරන තැනක ගොවියා දුෂ්ටයා වන්නේ නෑනේ. අන්න ඒ නිසා තමයි මම මේවාට ඉතිහාසයක් තියෙනවා කියලා කියන්නේ.

ඉතිහාසය අමතක කරන්න බැහැ. පශ්චාත් නූතනවාදය විශ්වීගත කිරීමේදී මේ ඉතිහාසය බටහිර යුරෝපයේ යම්කිසි නිශ්චිත ස්ථානයක, නිශ්චිත ක්‍රියාවලියක, විශේෂයෙන්ම යටත් විජිත ව්‍යාපෘතියක් වැනි එකක එක්තැන් වීම හා සම්බන්ධ නූතනවාදයට ආ ප්‍රතික්‍රියාවක් හැටියට මේ පශ්චාත් නූතනවාදී ඉතිහාසය අපි අමතක කරනවා. එහෙම අමතක කරලා මේක හැමෝටම අදාළ, විමුක්තිය ලබා දෙන සංකල්පයක් හැටියට සලකනවා.

මම තව උදාහරණයක් පස්සේ පෙන්වන්නම්, නූතනවාදය හුදෙක් බටහිර පදනම් වූ එහි විකාශනය වූ දෙයක්. එම නූතනවාදය ගැන එක කියමනක් පමණක් විදහා පාන්නම්. මේ මෑතක ඇති වූ දෙයක්, බලන්න මේ නූතනවාදය අපට හිමි වුනු දෙයක් ද, වලංගු දෙයක් ද කියලා. මෙය ලියන්නේ මාෂල් බර්මන්. ඒත් මාක්ස්වාදී සම්ප්‍රදායකට එක් පැත්තකින් කියන එකක්. “ I will call this body of experience modernity”. මම මේ අත්දැකීමි රැස නූතනවාදය ලෙස හඳුන්වනවා …….. to be modern is to find ourselves in an environment that promises us adventure, power, joy, growth, transformation of ourselves and the world.” ඒ කියන්නේ බලය, සංතෝෂය, වර්ධනය, අපිමත්, ලෝකයත් විපර්යාස කිරීම. මේකයි නූතනවාදය කියන්නේ. මේකයිනූතන බව කියන්නේ. අපිට මේක හිමිද?

දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ අත්දැකීම්වලට අයිති ද කියන එක සලකා බලන්න. මේ නම්වත් මං දන්නේ නෑ. What then is the post modern? පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? What place does or does it nor occupying the vertiginous work of the questions hurled at the rules of imaginnaration මොන ස්ථානයක් ද මේක? මෙම පද්ධතියේ දක්වන (මේක බොහෝම දළ පරිවර්තනයක්) it is undoubtedly a part of the modern ඒක අනිවාර්යයෙන්ම නූතනයේ අංගයක්. All that have been received even yesterday ඊයේ පවා අපට ලැබුණු දේවල් must be suspected සැක කළ යුතුයි. What place does Sojan challenged සොජාන් මොන ස්ථානය ද අභියෝග කරන්නේ? The impressionist ……….what objectives do Picasso and Brack attack? පිකාසෝ හා බ්‍රාක් තර්ජනය කරන්නේ කාටද? මටද, සොජාන්ට. දැන් සොජාන්වත්, බ්‍රාක්වත්, පිකාසෝවත්, ඉම්ප්‍රෙෂනිස්ට්ලවත් ඇත්තෙන්ම අපේ ලෝකයට ආවේ යම් කිසි වෙන විකාශනයක් තුළ. ඒ නිසා ඒක වලංගු විය යුත්තේ වෙන කතන්දරයකට, වෙන ආඛ්‍යානයකට, මේ නම් ටික තව තියෙනවා. බියුරන්, බෝෂම්, මේවා මම දන්නේවත් නැහැ. අඩුගානේ පිකාසෝ, සොජාන් මම අහලවත් තියෙනවා.

මේ මා පෙන්වන්න ‍හදන්නේ අපි එක්තරා විදියකට වන්දනාමාන කරන්නට හදන මේ පශ්චාත් නූතනවාදය ‍ බොහෝම සියුම් විදියකින් අර බටහිර ආධිපත්‍යයන් ගෙන දෙන නව ප්‍රාචීණ වාදයක් හැටියටයි. නූතනවාදය හා පශ්චාත් නූතනවාදය මුලින් භාවිතා වූයේ ගෘහ නිර්මාණ ශිල්පයයේයි. බටහිර ඇමෙරිකාවේ විශේෂයෙන්ම මිශ්‍රිත බරපතල නැති විහිළුවක් මෙන් කරන ලද (playful) ගොඩනැගිලි විලායන් හැටියට. ඒ කියන්නේ ඒ නම් ටිකවත් අපි දන්නේ නැහැ. එහි ආභාෂය අපි දන්නෙවත් නැහැ. ඒ නම් ටික විතරක් මම කියවන්නම්. මේ පශ්චාත් නූතන විලාය, විකාශනය. style………..මැලමොන්, මීස්……..ආදී වශයෙන් අන්න ඒ ගෘහ නිර්මාණ ශිල්ප ආකෘතියක් තුළ ඇති වෙච්ච පශ්චාත් නූතනවාදය. ඒ වගේම පශ්චාත් නූතනවාදය ගැන පෙඩ්රික් ජෙම්සන් කියන දේ අපට හුගක් වැදගත්. ලියොතාද් එක් පැත්තකින් පශ්චාත් නූතනවාදයේ ප්‍රධාන හඬක් නම්, ඊටත් වඩා ප්‍රබල හඬක් වෙනව ජෙම්සන්, ජෙම්සන් මොනවද කියන්නේ…………. පශ්චාත් නූතන අවකාශය ගැනයි. ඔහු කතා කරන්නේ (the post modernist space). This new space involves the suppression of distance මේ අලුත් අවකාශය වලංගු වන්නේ මෙම දුරස්ථ භාවය මැඩ පැවැත්වීමටයි. එයට එරෙහි වීමෙන් and the relentless saturation of any remaining voices of empty spaces හැම හිඩසැක්ම අනිවාර්යයෙන්ම කිසිම අනුකම්පාවකින් තොරව පිරවීමෙන් whether wondering through a post modern hotel පශ්චාත් නූතනවාදී හෝඩලයක ඇවිදිමින් හෝ locked in to a rock sound by means of head phones හෙඩ් පෝන්ස් දාගෙන රොක් සංගීතය අසද්දී හෝ (මේක වැදගත්) undergoing a multiple shock and bombardments of Vietnam war (වෙන එකක් නොවේ වියට්නාම් යුද්ධයේ දී) ඇති වූ බෝම්බ විඳීමේ දී එක සන්දර්භයක්, එක අදහසක්, එක පශ්චාත් නූතනවාදී අවකාශයක් ඇති වෙනවා කියලයි කියන්නේ. මට ඇත්තෙන්ම ඒක තේරෙන්නේ නැහැ. මොකද මේවා බොහොම විවිධයි. මේවා අතර පරණ යල් පැනපු වැඩක් නැතැයි කියන පංති, ජාති, ලිංග විග්‍රහයන් වලින් අපි වෙනස් කරන්න පුලුවන්. මේ post modern space හෙවත් පශ්චාත් නූතන අවකාශය කියන එකත් class, race, gender යන ආකාරයට විභේදනය වෙනවා. පංති තුළ, ලිංගිකත්වය තුළ විභේදනය වෙනවා. ජාතීන් තුළින් විභේදනය වෙනවා. ඇත්තවශයෙන්ම අර අපි කියපු වියට්නාමයේ බෝම්බ ගැන (ජෙම්සන්) එය කථා කරපු එක (එනම්) බෝම්බයක් වදිද්දී ඒක විඳින්නා හා බෝම්බය දාන්නා අතර මම හිතන්නේ පුදුම විදි‍යේ් වෙනසක් තිබෙනවා. බෝම්බ ගැන කථා කරන කොට කොළඹ පවතින බෝම්බත් අහම්බෙන් හමුවෙන බෝම්බ අතරත්, නිරන්තරයෙන් උතුරේ අහස්යානා වලින් දමන බෝම්බත් අතර වෙනසක් තිබෙනවා. එතැන තිබෙන අවකාශය හුගක් වෙනස්. ඉතින් මම පෙන්වන්න අදහස් කළේ මේ පශ්චාත් නූතනවාදය කියන එක අර මුලින් කරපු අර්ථ නිරූපනය, නිර්වචනය පසු කර ගෙන ඒකේ ඉතිහාසය , ඒකේ විශේෂ බව, බටහිර ආභාසය, බටහිර විකාශනය, අමතක කිරීමෙන් එය ඇත්තටම කෝකටත් තෛලය වගේ යොදා ගෙන තිබෙන බවයි. (මම තව උදාහරණයක් කියන්නම්) ඇත්ත වශයෙන්ම පශ්චාත් නූතනවාදය හා පශ්චාත් ව්‍යුහවාදය වැනි න්‍යායන් අතර ලිස්සා යෑමක් තිබෙනවා. අපි පශ්චාත් නූතනවාදය කියල හැම කෙහෙල්මලකටම කියනවා. ඇත් වශයෙන්ම පශ්චාත් නූතනවාදය කියන්නේ යම්කිසි නූතනවාදයකට එරෙහි වීමක් හා ඒ තුළ ක්‍රියා කිරීමකටයි. ඒකෙන් මං පෙන්වන්න අදහස් කරන්නේ ඒකේ ඉතිහාසයක් තිබනවා. විකාශනයක් තිබෙනවා කියලා. ඒකෙන් තොර අපි ස්ථාන මාරුවක් කරනවා මෙතන, නිරන්තරයෙන්ම, ඒකට උදාහරණ කිහිපයක් තියෙනවා. මම එකක් දෙකක් පැහැදිලිව පෙන්වන්නම්. දැන් ඇත් වශයෙන්ම පශ්චාත් ව්‍යුහවාදය කියන එක අපිට බොහෝම පැහැදිලිව නිර්වචනය කරන්න පුළුවන් දෙයක්. ඒක ගුරුකුලයක් වෙන්න පුළුවන්. මේක බොහෝම සීමිතයි. මේක මහා පුළුල්, මහා විශ්වීය දෙයක් නොවේ. ඒක අත්‍යවශයෙන් අර structuralist Marxism කියනව වගේ යම් කිසි දෙයක් හදුන්වන්න පුලුවන් ඒකෙන්. කවුද මොනවද කරන්නේ? මොන විදියේ ආකල්ප ද ඒවායේ තියෙන්නේ කියන එක අපිට හොයන්න පුළුවන්. ඒ නිසා ඒකේ තියෙන විශ්වීය බව අඩුයි. දැන් බට්ලර් එක්ක මම ගවේෂණයක් කරනවා. මූලික ප්‍රශ්න වගයක් අහන්න. තාම අපට පැහැදිලි නැහැ. පශ්චාත් නූතනවාදය කියන්නේ මොකක් ද? එය ඉතිහාසය මත පදනම් වූ විස්තර කිරීමක් ද? න්‍යායික ස්ථාවරයක් ද? කියන එක. පශ්චාත් නූතනවාදය සෞන්දර්යමය ක්‍රියාවලියක් විස්තර කරපු පදයක්. මම ‍පෙන්නුව‍‍නෙ. එය සෙ‍ෟන්දර්ය විද්‍යාවේ විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය පදනම් කර ගත්තක් බව. සෞන්දර්ය ක්‍රියාවලියක් විස්තර කරපු පදයක් කොහොද මේ පොදුවේ සමාජ න්‍යායක් හැටියටත් විශේෂයෙන්ම ස්ත්‍රීවාදය වැනි දේපාලන න්‍යායන්ටත් අදාළ වෙන්නේ? ඇත්ත වශයෙන්ම පශ්චාත් නූතනවාදයට අදාළව නොයෙක් ස්ථාවරයන් ඉදිරපත් වෙනවා. මම ඒවා කෙටියෙන් හදඳුන්වලා දෙන්නම්. මේ මල්ලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඇත්ත වශයෙන්ම මෙම ලක්ෂණ පශ්චාත් නූතනවාදයට හෝ පශ්චාත් ව්‍යුහවාදය එක්ක සබ්බන්ධ වෙනවා. මෙහි ලිපි කීපයක් තියෙනවා. ලංකාවේ පමණක් නොවෙයි, බටහිර ඒවත් තියෙනවා.

මේ කියන්නේ සමස්ථ ක්‍රියාවලියක් විදියට. මුල් වාක්‍ය කියන්නේ පශ්චාත් නූතනවාදී. ඊට පස්සේ පහ්චාත් ව්‍යුහවාදී. හරියට සමානයි වගේ. මේක ඊලඟට කියනවා විසංයෝගතාවාදය, හරියට ඒකත් මේ හා අංගසමයි වගේ. එකිනෙකට සමාන කරනවා. ඒ කියන්නේ පශ්චාත් නූතනවාදයයි පශ්චාත් ව්‍යුහවාදයයි සමහර වේලාවට විසංයෝගතාවාදයට සමාන කරනවා. සමහරවිට තෝරා බේරා ගැනීමකින් තොරව මේවා ප්‍රංශ ස්ත්‍රීවාදයට සම කරනවා. ඒ වගේම විසංයෝගතාවාදය ලකානීය මනෝ විශ්ලේෂණයට ද ෆූකෝගේ විශ්ලේෂණවලට, රෝටිගේ සාකච්ඡා වාදයට නම් දානවා. ප්‍රවාද සගරාව මේවා දානවා. ඇත් වශයෙන්ම ෆූකෝ, ලියොතාද්, රෝටි වැනි අය මේ ගණයට දැමීම අපේ වමේ ව්‍යාපාරයට ගාමිණී ජයසූරිය දැම්ම වගේ. රෝටි ඒ වගේ මනුෂ්‍යයෙක්. අතිශය ප්‍රතිගාමීයි. හැබැයි ඒක දානවා. එතකොට අර සංස්කෘතික අධ්‍යයනය, ප්‍රංශ ස්ත්‍රීවාදය, විසංයෝගතාවාදය, ලංකානීය මනෝ විශලේෂණය, ෆුකෝගේ විශ්ලේෂණය, රෝටිගේ සාකච්ඡාවාදය ඒ වගේම උම්බර්ටෝ ඊකෝගේ semiotics ඒ හැම‍‍‍‍දෙයක්ම ‍‍මේකට රිංගනවා. මම ඒ ‍ ‍කෝකටත් ‍ ‍‍‍‍‍ෛතලය ගැන ‍‍පොඩි කරුණු ‍ ‍‍දෙක තුනක් කියන්න ඕනෑ. පිළිගන්න ‍ ‍හෝ ප්‍රතික්ෂේප කරන දෙපිලන්ම මේක කෝක ටත් තෛලයක් හෝ මහා විශ්වීය ‍ දෙයක් ‍‍ ‍‍ලෙස සලකනවා. ‍ ‍‍‍මෙහි සංකීර්ණ බව ‍ ‍‍‍ෙපන්වන්න මම කරුණු කිහිපයක් කියන්නම්.

පශ්චාත් නූතනවාදයේ එක් පැත්තකින් ලියොතාද්, ඩෙරිඩා, ෆූකෝ ඒ කට්ටිය ඉන්න මේ තැනේදී කරුණු කීපයක් දත්ත හැටියට සලකන්න පුළුවන්. ප්‍රශ්න කරන්නත් පුළුවන්. මාෂල් බර්මන් මනෝවිශ්ලේෂණය ප්‍රංශයේ පශ්චාත් ව්‍යුහවාදයට පැහැදිළිවම විරුද්ධයි. ඔවුන් පැහැදිළිවම ප්‍රකාශ කරනවා ඒකට අපි විරද්ධයි කියලා. ප්‍රංශයේ පශ්චාත් ව්‍යුහවාදයට ලකානීය මනෝ විශ්ලේෂණය පැහැදිලිවම විරුද්ධයි එක ගණයට දැම්මට. ජූලියා ක්‍රිස්තෝවා පශ්චාත් නූතනවාදය පැහැදිලිවම හෙලා දකිනවා. මා හිතන්නේ එයා දැන් කතෝලික ආගමික, මූල ධර්මවාදය ගෙනයනවා. හැබැයි ඒ කෘති ලංකාවේ නැති නිසා අපි ක්‍රිස්තෝවාව වන්දනාමාන කරනවා. ක්‍රිස්තෝවාම පැහැදිලිව කියනව පැහැදිලිව පශ්චාත් නූතනවාදය වැඩක් නැහැ කියා හැබැයි මේ ඔක්කොම ඒ එක හවුලේ. කවුද මේවා දාන්නේ එකට? ෆූකෝවාදීන් ඩෙරිඩාවාදීන්ට බොහෝවිට එරෙහි වෙනවා. සික්සු හා ඉරිගරායි ප්‍රතිවිරුද්ධයි, කතා කරන්නෙවත් නැහැ මං හිතන්නේ ඒ ගොල්ලන්ගේ පුද්ගලික දේවල් ගැන නොවෙයි. ඒ ගොල්ල කියන ලියන දේවල් විශ්වාස කරන දේවල් පරස්පරයි කියන එකයි. ප්‍රංශ ස්ත්‍රීවාදයට හා විසංයෝගතාවාදයට ඉතා සුළු ඈත සම්බන්ධයක් ඇත්තේ සික්සු හා ඩෙරිඩා අතර පමණයි. ප්‍රංශ ස්ත්‍රීවාදය විදග්ධ නූතනවාදයේ කල්ලි කරුවෙක්. කොටස් කරුවෙක්, විදග්ධ නූතනවාදයේ ගුණ කියනවා. ඒ වගේම අර සාහිත්‍ය පුරෝගාවීන්ට හිස නමනවා. ලියෝතාද් හා ඩෙරීඩා අතර පැහැදිලි ප්‍රතිවිරෝධ තිබෙනවා. මම එක අදහසක් පමණක් කියන්නම්. අපි “ත්‍රිලට” වගේ කියනව “The subject is dead” කියලා. ඒ කියන්නේ කතෘ මැරිලා කියලා. කතෘ මැරිලා තියෙන්නේ අසනීපයක්‍ වෙලා නොවෙයි. මූලධර්මයක් හැටියට නැතිනම් ප්‍රතිපත්තියක් හැටියට. පශ්චාත් ව්‍යුහවාදී න්‍යායන් තුළ කතෘට හිමි වෙලා තියෙන්නේ ප්‍රධාන තැනක්. ඒ කතෘගේ අයිතිය ඒ සංකල්පය පවා ප්‍රශ්න කිරීමට අවකාශයක් ඇති වෙනවා. කතෘ අංග සම්පූර්ණ ස්වයං අගයක් ඇති පුද්ගලයෙක් නොවෙයි. එය හැමවිටම එහෙමයි කියලා පශ්චාත් ව්‍යුහවාදයේ දී කියන්නේ. ඒත් ඒක වහන්න අපි කතිකාව තුළ කතෘලා නිර්මාණය කරනවා. එනම් අපි නිර්මාණය කරනවා යම් කිසි විදියකින් පශ්චාත් නූතනවාදයේ බොහෝ දෙනෙක් කියන්නේ “ “ඔව් ඇත්ත! ” මේ වකවානුවේ මේ කාලයේ කතෘ නැහැ. හැබැයි කලින් නම් කතෘ කෙනෙක් හිටියා. එයා නියම කතෘ කෙනෙක්. ඒ කතෘගේ අනන්‍යතාවය දැන් ප්‍රශ්නයක් වෙලා.” එකක් පැහැදිලිව පෙනෙනවනේ එහි වෙනස? සංකල්පීය මට්ටමින් ඒ අය කියන්නේ මේ කාලයේ දී කතෘට ඒකාකාර අනන්‍යතාවයක් නැහැ. නමුත් මීට පෙර කාලයේ දී එවැන්නක් තිබුණා. ඒත් පශ්චාත් ව්‍යුහවාදය කියන්නේ එවැනි අනන්‍යතාවයක් කවදාවත් තිබුණේ නැහැ කියලයි. නමුත් මම කියන්නේ මෙතනදී අපට දකින්න පුලුවන් නොයෙක් උදාහරණ තියෙනවා. ජෙම්සන්ගෙත් තියෙනවා. ජෙම්සන් post modernism, post structuralism සදහා එක වාක්‍යයයි භාවිතා කරන්‍‍ෙන්‍‍‍. post structuralism කියන්නේ post modernism අතර පැහැදිලි ගනු ‍‍‍‍‍දෙනුවක්. එතන ති‍යන ‍ ‍‍ ‍මේ කර්තව්‍යය කුමක්ද? අපිට කර්තව්‍යයන් ඕනෑ මම එය පසුව විස්තර කරන්නම්.

අර නැති‍‍‍‍වෙච්ච මහා පරිමාණ ආඛ්‍යානයක්, එනම් සමස්තය විස්තර කරන්න පුළුවන් මාක්ස්වාදී ආඛ්‍යානය ව‍ගේ ‍ ‍ඒවා ‍‍ෙවනුවට ‍ ‍‍‍‍‍‍‍‍ෙමන්න අපි තවත් ආඛ්‍යානයක් ‍ ‍‍‍යොදනවා ‍ ‍‍‍ෙමන්න පශ්චාත් නූතනවාදය කියන එක ‍‍මේ මහා පරිමාන ආඛ්‍යානයක් හැටියට ‍යොදාගන්න හදනව. ඒ කාර්යයෙහි තමයි ‍‍ ‍‍‍‍‍‍ජෙම්සන් නිරත ‍‍ ‍වෙලා ඉන්නේ.

ඉතින් ඒ තුළින් පශ්චාත් නූතනවාදය ගැන ම‍ගේ ප්‍රශ්න සලකා බලමු.

01. එහි එන ප්‍රධාන ධාරාවක් තුළ ‍‍බොහෝ වශ‍යෙන්ම marxism today වගේ තැන්වල ති‍නෙ ධ‍‍නේශ්වර විග්‍රහය මම හිතන්නේ අතිශය අවලංගුයි. මම හිතන්නේ එය අති සරලයි. වැරදියි. new times – “නව කාලයක්” කියලා සංකල්පයක් ඒ අය ‍‍ ‍ගොඩනගලා ති‍‍‍‍‍‍‍‍‍‍ෙයනවා. ඒක ‍බො‍‍‍හොම ජනප්‍රියයි. ඒ නව කාල‍යේ ධ‍‍‍‍‍නේශ්වරය අසංවිධානාත්මක බවයි ඔවුන් දක්වන්නේ. ඔවුන්ට අනුව සංවිධානාත්මක ධ‍‍‍‍‍නේශ්වරයක් කලින් තිබුණා. නමුත් එය දැන් නැහැ. අද ති‍නේ‍නේ අසංවිධානාත්මක ධ‍‍නේශ්වරයක්. එම නිසා අපට අවශ්‍ය ‍දේශපාලන ක්‍රියාවලියත් ‍වෙනස්. මම ඒක කියවන්නම්. ඒක වැදගත් ‍ ‍‍වෙනවා.

“….the new times writers argue variously that capitalism has changed from the organized to the disorganized form, from corporatists to post corporatists, from Fordists to post Fordists, that labour processes become flexibilised. The labour markers are become more segmented and there have been a decline in the degree of the homogeneity of the working class, and working class organizations, that the main focus of the politics has changed from production to consumption culture has changed from modernists to post modernists.

“ “ නව කාල‍යේ” ‍‍ ‍ලේඛකයෝ විවිධ ආකාර‍යෙන් මෙසේ තර්ක කරති. සංවිධාන්තමකව තිබූ ධ‍‍නේ ‍ශ්වරය දැන් අසංවිධානාත්මක ‍ ‍‍‍ෙවලා. විශාල ධ‍‍‍ෙන්ශ්වර ඒකක එනම් විශාල වෙළෙඳ සංවිධාන පශ්චාත් ‍‍වෙළෙද සංවිධාන බවට පත්වෙලා. ෆෝඩ්වාදීන් ‍ගේ සිට පශ්චාත්-ෆෝඩ්වාදීන් බවට පත් ‍වෙලා. කම්කරුවන් නම්‍යයි. ඒ කියන්නේ ශ්‍රම ක්‍රියාවලිය නම්‍ය ‍වෙලා. ශ්‍රම ‍වෙළෙඳ ‍‍පොළ වඩාත් ‍‍කොටස්කාරී ‍‍‍ෙවලා, බදිලා. කම්කරු පංති‍ය හා කම්කරු පංති සංවිධානයන්ගේ ඒකාකාර බව බිඳිලා, අඩු වෙලා, ඒක විෂම වෙලා. දේශපාලනයේ ප්‍රධාන අවධානය නිෂ්පාදනයෙන් පරිභෝජනයට වෙනස් වෙලා.” මේක බොහොම ජනප්‍රිය විකල්පයක්. “ සංස්කෘතිය නූතනවාදයේ සිට පශ්චාත් නූතනවාදයක් බවට පත්වෙලා.” අපට නූතනවාදයක් තිබුණේ නැති නිසා මෙය අපට වලංගු නැහැ. ඇත්ත වශයෙන්ම මේක පල්බොරු. මම දකින්නේ අලුත් විදියේ සංවිධානයක් මිස අසංවිධානාත්මක බවක් ඇතිවී නැහැ. ඇත්ත වශයෙන්ම ඔය වගේ න්‍යායන් යොදා ගන්න පුළුවන් බටහිර විතරයි. මෙහෙ යොදා ගන්න බැහැ, මෙහාට වලංගුත් නැහැ.

අද විශේෂයෙන්ම ජාත්‍යන්තර ශ්‍රම විභජනය දිහා බැලුවම කම්කරු පන්තිය ඉතා විශේෂ ලෙස, ඇත්ත වශයෙන්ම ඒකේ ලිංගික පදනමකුත් තියෙනවා. ඒ කියන්නේ තුන්වන ලෝකයේ ස්ත්‍රිය පැහැදිලි විදියට ඔය නිදහස් වෙළද කලාප වගේ දේවල් තුළින් මුළු ලෝකයේම කම්කරුවෝ හැටියට ක්‍රියා කරනවා. ඉතිං මම හිතන්නේ අසංවිධානාත්මක යයි කියන්න පුළුවන් ඒ නිව් යෝක් නගරයේ දෘෂ්ටියෙන් හරි මොකෙන් හරි. ඇත්ත වශයෙන්ම එහෙත් කම්කරුවෝ ඉන්නව. ඒ කම්කරුවොයි මෙහෙ කට්ටියයි සංසන්දනය කළොත් මේ විදියේ පටු ආකාරයකින් මිසක් උපරිමව උනත් තිබෙන්නේ අර්ධ සත්‍යයන් පමණයි. මම හිතන්නේ “ New times “ මේක අලුත් කාලයක් යයි කියන විග්‍රහයන් වලට ලිංගිකත්වය, ජාතික වැනි වි‍ශ්ලේෂණයන් අඩංගු නැති නිසා තමයි අපට පටු විදියට කියන්න පුළුවන් වෙන්නේ, මේවා අසංවිධානාත්මකයි කියලා. සංවිධානය වෙනස් වෙලා. එපමණක් නොව ජාත්‍යන්තර ශ්‍රම විභජනය තුළින්, ජාතිය, ස්ත්‍රී භාවය තුළින් මේ පීඩනය පැහැදිලිවම පවතිනවා.

ඇත්ත වශයෙන්ම ඊට පස්සේ ඒ ගොල්ලො කියනවා. පසුකාලීන ධනේශ්වර සමාජවල ජේම්සන් මැන්ඩෙල්ගෙන් ගත් ඒ වාක්‍යය කියනවා අපට තියෙන්නේ පශ්චාත් කාර්මික සමාජයක් ( post-industrial society) කියලා. අපි පැහැදිලිවම දන්නව ඒක බොරුවව ඒක අපට වලංගු නැහැ. අපට තියෙන්නේ පශ්චාත් කාර්මික සමාජයක් වෙනුවට හැම අංශයක්ම කාර්මික කරණය වුණු වැඩි වැඩියෙන් කාර්මිකරණය වන සමාජයක්. අපට මේ කරුණ පෙන්නුම් කරන්න පුළුවන්. මම හිතන්නේ පෙරී ඇන්ඩර්සන් කිව්ව කතාවක් මෙතැනට වලංගුයි. අපි බොහොම කැමතියි අර අනෙක් පැත්තෙනුත් කියන්න මෙම ධනේශ්වර ක්‍රමය බොහොම අර්බුදයක ඉන්නේ, එය අද හෙටම නැතිවෙනවා. ඒක දැන් මලානික වෙලා, මැරිලා කියලා. පෙරී ඇන්ඩර්සන් කියනවා, ධනේශ්වර ක්‍රමය දැන් ඉතාම පැහැදිලි ජවයක් ඇති පැහැදිලි ගතික බවක් ඇති හා බොහෝම ස්ථාපිත ආර්ථික බල වේගයක් හැටියට පවතිනවා කියලා. (capitalism today remains both an immensely dynamic and stable economic force) ඒත් එක්කම ඔහු කියනවා ධනේශ්වර ක්‍රමය ආර්ථික පදනමක් හැටියට පැවතුනාට එහි දේශපාලනමය බලය තුළ නිර්මාණශිලී බව හෝ නැවුම්බව බංකොලොත් වෙලා කියලා. ඒක මතක තියාගන්න. මම හිතන්නේ පශ්චාත් නූතනවාදයේ එක් ප්‍රධාන ධාරාවක එක් ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේක. ඒක පළමුවන එක. මේක අළුත් නූතන වාදයක්. නූතනවාදය අපට පසු කරන්න වෙන්නේ අළුත් සමාජයක් බිහි වෙලයි. මේ සමාජය සාම්ප්‍රදායික ධනේශ්වර සමාජයට වෙනස්.

02. මේකෙන් පන්ති විග්‍රහය විකෘති වෙනවා. සමාජ පංති තුළින් කෙරෙන ඒ සමාජ විග්‍රහය පැහැදිලිවම පටලව ගන්නවා. ඒ එක් එක් ප්‍රායෝගික අවස්ථාවල කම්කරුවන්ගේ පංතිවල අයගේ හැඟීම් හා බලපෑම් අනුවයි. දැනට ඉන්න කම්කරු පංතියේ හැඟීම් අර සම්ප්‍රදායික රාමුවට ෆිට් වෙන්නේ නැති නිසා අපිට සමාජ විග්‍රහයක් හෝ පංති විග්‍රහයක් අවලංගු කරන්න බැහැ. ඒකත් එක න්‍යායාත්මක විග්‍රහයක්. අනෙක දැනට පවතින තත්වයේ දී කම්කරුවෝ හෝ අන් සමාජ පංතියක් තමා ගැන හිතන ආකාරය තුළින් සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය. ඒ තුළින් අර මම කිව් පරිදි ලිස්සා යෑමක් සිදුවෙනවා. ඒකත් ප්‍රායෝගික දත්තයක්. අනෙක විග්‍රහයක්. මම හිත්නනේ මාක්ස්වාදී විග්‍රහය තාම රඳා පවතින්නේ අර සංකීර්ණ හෝ වේවා අති සරළ කිරීම මත නොවේ. පන්ති විග්‍රහයක් තුළයි. ඒක අනිවාර්යයි. අත්‍යඅවශ්‍යයි. ඒ තුළට අපි එකතු කරනවා ස්ත්‍රීවාදී විග්‍රහයකුත්, ජාතික පදනමින් ඇති විග්‍රහයකුත්, අනික් විග්‍රහයනුත් අපි එකතු කරනවා. ඉතිං ප්‍රායෝගික අත්දැකීමක් මේ අය යොදා ගන්නවා, අර පංති විග්‍රහයක් කියන එක අවලංගු කරන්න. බොහෝ පශ්චාත් නූතනවාදී ලියවිලි වල තියෙන්නේ ඒකයි. පංති විග්‍රහයක් වලංගු නැහැ. ඒකට තියන දත්තය, සාක්ෂිය ප්‍රායෝගික දෙයක්. න්‍යායාත්මක දෙයට ප්‍රායෝගික දෙයක්.

තමන්ගේ ඒ බටහිර පටු යථාර්ථයන් පොදුවේ හැම දෙනාටම වලංගු වෙන විදිහට තීරණ හා සංකල්ප ඉදිරිපත් කිරීම මම කලින් කිව්ව වගේ කෝකටත් තෛලයක් හැටියට පෙන්නුම් කිරීමක්. ඇත්තෙන්ම මේ හැම වෙලාවෙම පරමාදර්ශී මාදිලිය වෙන්නේ බටහිර මතය. පශ්චාත් නූතනවාදී ආකෘතිය හැමවිටම ඇත්තේ එතන. …… මොකක්ද පරමාදර්ශය? මොකක්ද විග්‍රහයේ යොමුව? ඒ බටහිර සමාජයයි. ඒක සෑම සමාජයකටම පටවනවා. ඇත්ත වශයෙන්ම එතන මම හිතන්නේ අර ලියොතාද්ගේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජයන්ගෙන් ගන්නා ඒ න්‍යායයන් හැමෝටම එක සමානව පටවනවා. හැබැයි ලියොතාද් කියනවා මේවා හැමතැනටම එකසේ අදාළ නැහැයි කියලා. මේවා අනෙක් තැන්වල වෙනස් වෙනවයි කියලා. හැබැයි මේ සංකල්පය යැවීමේ දී එක ඒකාකාරී (homogenous) කරනවා.

මම එක උදාහරණයක් දෙන්නම්, එය කිරීමේදී ඇති වන දේශපාලන ගැටලුව පිළිබඳ. අපි දන්නවා මුණිදාස කුමාරතුංග ලියල තියෙනවා, මේ රටේ ඉන්නෙ සිංහල අය පමණයි කියලා. අප සමහර අය සිංහල, දෙමළ සමහර අය සිංහල මුස්ලිම්, තවත් අය සිංහල බර්ගර්. සිංහල සිංහල කියන්නේ නැහැ. ඒ නිසා මේ හැමෝම සිංහල. දැන් එතන අර පරමාදර්ශය වෙන්නේ ආධිපත්‍යමය ධාරාව. ඒ කියන්නේ බලය වැඩිය ඇති බහුතරයේ බලය. තව උදාහණයක් දෙන්න පුළුවන්. අර විශ්වීය දේ ගැන කථා කරන්නේ ආධිපත්‍ය හිමි බහුතරයයි. වරක් මැන්දිස් රෝහණධීරත් සමග මම ගුවන්විදුලි සාකච්ඡාවකට ගියා. දෙමළ පක්ෂ ජාතිවාදියි කියල ඔහු කියනවා. ඔහු කියනව, “බොහෝ දෙමළ පක්ෂවල දෙමළ කියන වචන ඇතුළත් වෙලා තියෙනවා කියල Tamil United Liberation Front ඒකේ දෙමළ කියලා දාලා තියෙනවා. LTTE එකෙත් එහෙමයි. සිංහල පක්ෂවල එහෙම නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, වැනි පක්ෂවල පුළුල් ජාතික දැක්මක් තියෙනවා. මේ නිසා දෙමළ පක්ෂ පටු දෘෂ්ඨියක ඉන්නවයි කියලා ඔහු කියනවා.” ඇත්ත වශයෙන්ම නැහැ. අර පුළුල් බව අපට ගන්න පුළුවන් වෙන්නේ ආධිපත්‍යය අපට හිමිවුනාම පමණයි. මේ සිංහල කියන වචනය නොදා සිංහල නියෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ වගේම දෙමළ පක්ෂයක් දෙමළ කියන වචනය දැම්මේ නැත්නම් එකෙන්ම අවලංගු වෙනවා. “කොහෙමද දෙමළ මිනිස්සු මේ රට ගැන කථා කරන්නේ?” යන ප්‍රශ්නය මතු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ විශ්වීය දේ පෙන්වන්න පුළුවන්. බටහිර ලෝකයේ ආධිපත්‍යය දරණ අය පරමාදර්ශය හැටියට ගන්නේ තමන්. එසේ අරගෙන ඒ තුළින් අනෙක් හැමෝම ඒකාකර කිරීමක් කරනවා. ඒ සමාජයේ යම්කිසි සුවිශේෂ බවක් තියෙනවා නම් ඒක හැමෝටම පටවනවා පශ්චාත් නූතනය නමින්. ඒකට ෆිට්වෙන්නේ නැති දේවල් තියෙනව නං ඒවත් ඔක්කොම මල්ලට දාගන්නවා. එතකොට අර විශ්වීය මල්ලේ හැම දෙයක්ම තියෙනවා. මේ නිසා ඒ වගේ ක්‍රියාවලියක් අපි සැක කරන්න ඕනෙ.

එ වගේ අතිසරල කිරීම් සිදු වෙනවා මේ නිසා. පශ්චාත් නූතනවාදී දැනුම් සම්භාරය නව යටත් විජිතවාදයේ එකක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අපි ඒක එහෙන් ගන්නේ, ඒ මාදිලිය, ඒ ආකෘතිය.

03. අධිවිධග්දභාවයේ නිදහසට කරුණු (Alibi) – පශ්චාත් නූතනවාදය මම දකින්නේ විශේෂයෙන්ම ලංකාවේ අධිවිධග්ධවාදයේ කල්ලිවාදයක් හැටියටයි. එනම් “බුද්ධිමය තග” වගේයම් ප්‍රතිරූපයක් මෙහි දී දක්නට පුළුවන්. මේක හැබැයි ප්‍රගතිශීලීන්ගේ නාමයෙනුයි කෙරෙන්නේ.

04. මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්. ඒත් පශ්චාත් නූතවාදීන් දියත් කරන්නේ ආඛ්‍යාන නෑ කියන එකයි. මේ අය දැන් අපට ප්‍රධාන ආඛ්‍යාන, මූලික ආඛ්‍යාන එනම් බයිබලයක් වගේ ඒවා නැහැ කියලා. මෙන්න තවත් බයිබලයක් පෙන්නුම් කරනවා. මේකෙ පැසිස්ට්වාදී පීඩාකාරී ලක්ෂණත් තියෙනවා. ඇත්ත වශයෙන්ම යථාර්ථයක් තමා හැමෝටම වලංගුවන ආඛ්‍යාන (meta narratives) තියෙනවා කියන එක. මේ සදහා උදාහරණයක් ලෝක බැංකු වාර්තාවකින් ලැබෙනවා. මෙහි සදහන් වෙනවා “නිල භාවිතය සදහා පමණයි, රහසිගතයි” යනුවෙන්, ඒ කියන්නේ මේක කාටවත් පෙන්වන්න බැහැ, කියලයි. කොහොම උනත් මේ බලන්න මෙහි කියන ඒවා. ලංකාව ගැන තියන සංක්ෂිප්තයෙහි කියනවා “වෙළඳ පොල හරියාකාරව ක්‍රියාකරනවා” කාටද? “ශ්‍රී ලංකාවේ වෙළදපොල සම්පූර්ණයෙන්ම තරගකාරීයි.” මේක මම ඉන්න ලංකාවේ නම් නැහැ. මේවා ප්‍රධාන ආඛ්‍යාන නොවේද? ලෝක බැංකු ආධිපත්‍ය හිමි මේ ප්‍රධාන ආඛ්‍යානයේ කියන්නේ “ඔව් අපි මෙච්චර කල් කරපු දේ සම්පූර්ණයෙන් හරි. ලංකාවේ දැන් වෙළඳපොල සාධාරණ තරගකාරිත්වයකින් යුතුයි.” මං හිතන්නේ මේක ප්‍රධාන ආඛ්‍යානයක අනු ආධ්‍යානයක්. මේ සදහා දත්ත ගන්නත් ඇත්තේ ඒකට හරියන දත්ත වෙන්න ඕනෑ. මං කියන්ඩ හදන්නේ ඒක බොරුවක් බවයි. ප්‍රධාන, මූලික ආඛ්‍යාන නැහැ කියන එක බොරුවක්. අනෙක ඒ මුවාවෙන් තව වෙන ආඛ්‍යානයක් ඉදිරිපත් වෙනවා.

පශ්චාත් නූතනවාදයේ තියන සාධනීය පැත්ත මා හිතන හැටියට මෙසේයි. ලියොතාද් කිව්ව වගේ “අපි සමස්තයට විරුද්ධව සටන් කරමු.” ඒ සටන් පාඨය හොදයි. මාක්ස්වාදී සමස්තය අර පරණ යල් පැනපු එක. “අපි වෙනස්කම් පෙන්නුම් කරමු” මේ ඒ අයගේ සටන් පාඨය.

ව්‍යුහය දෙසට තිබූ අතිශය අවධාරණය කතිකාවන් වෙතට යොමු කරලා තියෙනවා. ව්‍යුහයන් පමණක් නොවෙයි, ඒ ව්‍යුහයන් විකාශනය වන කතිකාවන් තියෙනවා. කතිකාවන්ට යම්කිසි සාපේක්ෂ නිදහසක් තියෙනවා. මම මෙතනදී කියන්නේ මේකයි. අර අන්තවාදීන් කියන විදියට කතිකාවන් පමණයි තියෙන්නේ, ව්‍යුහයන් නැහැ කියන එක නොවෙයි. මන්ද ඒකත් බොරුවක්. අපි දැන් තේරුම් ගන්න ඕනෑ, අර පරණ විධියේ ව්‍යුහවලට සීමා කිරීමේ අපේ විග්‍රහය මදි බව. ව්‍යුහය තුළින් ජනනය වන හා කතිකා තුළින් ජනනය වන ව්‍යුහ හා කතිකා අතර තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඒක හැදෑරීම අපේ යුතු කමක්.

ඒ වගේම මම හිතන්නේ මේ තුළින් නිර්-ප්‍රභූ කොටස් වලටත්, වෙනත් පැතිවලින් කොන් වූ කොටස්වලටත් (marginalized) හඩක් ශක්තියක් ඇති කරන්න පුළුවන් වෙනවා පශ්චාත් නූතනවාදය උපක්‍රමිකව පාවිච්චි කලා නම්. ඒ සංකල්පය තුළ ඒක ගැබ්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක හුඟදෙනෙක් දකිනවා. මට කීපයක් පමනක් කියලා දෙන්න පුළුවන්. මේ සදහා පශ්චාත් නූතනවාදය කියන අර මහා මල්ලේ සමහර දේවල් තුළින් යම් යම් දේ ලබා ගතහැකි ක්‍රමවේදයක් අපට ලැබෙනවා. ඒ වගේම යල් පැනපු, ප්‍රයෝජනවත් නොවන න්‍යායන් හා ගුරුකුල වන්දනා කිරීම මෙයින් නවත්තන්න පුලුවන්. එම යල් පැනපු න්‍යායන් පිළිබඳ මේ තුළින් නැවුම් දැක්මක් ලබා ගන්න පුල්වන්. හැබැයි අපි මෙය උපක්‍රමශීලීව පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේම නූතනවාදයේ අඩංගු අර ප්‍රාවීනවාදයේ ලක්ෂණ පොඩ්ඩක් බිඳින්න පුලුවන්. ඒ සඳහා පර්තා වැටර්ජි කියවන්න. වැටර්ජි නූතනවාදය, නවීකරණය යන මේවා තුල අඩංගු වෙලා තියන ප්‍රාචීනවාදී අදහස් වලට එක විදිහේ ප්‍රතික්‍රියාවක් එල්ල කරලා තියෙනවා.

(මතු සම්බන්ධයි)

Share this:

Advertisements