විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු වරප‍්‍රසාද/වරදාන වෙනුවෙන් තම දේශපාලන දෘෂ්ටිය හෝ කි‍්‍රයාකාරී දේශපාලන ගමන හෝ නිද්‍රාශීලිත්වයට පත් කර නොගත්තෙකි. Continue reading විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

19ம் சீர்திருத்தத்தை உடனே நிறைவேற்று !! Pass the 19th Amendment immediately!

ජනවරමට හිස නමනු 19 වහාම සම්මත කරනු! මහා ජන පෙළපාලිය සහ රැළිය

රටටත් ජනතාවටත් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට තනි පුද්ගලයකුට බලය ලැබුණු විධායක ජනාධිපති ක‍්‍රමයේ අනිටු විපාක අවුරුදු 37ක් තිස්සේ අපි හොඳහැටි අත් වින්ඳෙමු. මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ මහජන මුදල් මහජන දේපොළ කෝටි ප‍්‍රකෝටි ගණනින් විනාශ කළේ, රට හොරුන්ගේ අපරාධ කරුවන්ගේ කෙළිබිමක් බවට පත් කළේ ඒ විධායක බලය උපයෝගී කර ගනිමිනි. තමන් හොරුන් අපරාධකරුවන් ආරක්ෂා කළ බවත් සමහර ඇමතිවරුන්ගේ කුපාඩිකම් ජඩකම් හොරකම් වසන්කරමින් ඔවුන් ආරක්ෂා කළ බවත් හිටපු ජනාධිපතිවරයා දැන් ප‍්‍රසිද්ධියේ කියයි. ඔහු පසුගිය 22 දෙවැනිදා හේනේගම පන්සලකදී ඔහුගේම කටින් මෙසේ කියනු රූපවාහිනී මගින් රටට පෙන්වූයේය.
‘‘ මගේ වැරදි තිබුණ. සමහර වැරදි කරපු අය අපි බලපෑම් කරල නිදහස් කළා. සමහර අය කරපු වැරදිවලට අපි දඩුවම් කළේ නෑ. අපි ඒව වසන් කරන්න හැදුව. මම කරපු වැරදි මේව. අද මම ඒක පිළිගන්නව. සමහරු පොලීසියෙ අතටම අහුඋනා…..’’

මේ කියන්නේ හොරුන් අපරාධකරුවන් ආරක්ෂා කරන්නට පොලීසියට බලපෑම් කළ බව නොවේද? පොලීසියට පමණක් නොව අධිකරණයට පවා විධායක බලතල මගින් පලපෑම් කළ හැටි අපි දුටුවෙමු.

දැන් ඔහු ඉතා සැහැල්ලූවෙන් මෙසේ කතා කරන්නේ දරුණු අපරාධකළවුන්, කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන දේපළ සොරකම් කළවුන් ගැන බව දැන් කෙරීගෙන යන පරීක්ෂණවලින් හෙළි වෙමින් තිබේ. මේ රට මෙතරම් විනාශකාරී තැනකට ගෙන ගියේ විධායක ජනාධිපති ක‍්‍රමයෙන් එක් පුද්ගලයකු අතට අසීමිත බලතල පවරා දී තිබුණු බැවිනි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී දුන් ප‍්‍රධාන පොරොන්දුව වූයේ අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩුකර අධිකරණයට, පොලීසියට, රාජ්‍ය සේවයට, මැතිවරණ දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වය ලබා දෙන කොමිෂන් සභා ව්‍යවස්ථාවෙන්ම නීතිගත කර මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරන බවයි.

එදා විධායක ජනාධිපතිගේ බලතල තවත් වැඩි කර ඔහු ඒකාධිපතියකු බවට පත් කෙරෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය එක දවසෙන් අනුමත කරන්නට දෑතම එසවූ මන්තී‍්‍රවරු දැන් ඒ විෂකුරු බලතල අඩුකරන්නට ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය අනුමත නොකර තකතීරු තර්ක මතු කරමින් කට්ටි පනිමින් සිටිති. මේ අයගේ මේ හැසිරීම මේ රටේ බහුතර ජනතාව ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී දිවිපරදුවට තබා ඡන්දපොළට ගොස් දෙන ලද ජනවරමට ඔච්චම් කිරීමකි. මේ ජනතා විරෝධී වෑයම පරාජය කරන්නට ජනතාව පාරට බැසිය යුතුව තිබේ.

මේ අවශ්‍යතාව තේරුම් ගත් සිවිල් පුරවැසියන් වන අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවසන් වතාවට පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට නියමිත 27 වෙනි සඳුදා ‘ජනවරමට හිස නමනු – 19 සම්මත කරනු‘ යන සටන් පාඨය සමග පාගමනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එය ඇරඹෙන්නේ එදින උදේ 10ට රාජගිරියේ ආයුර්වේද හන්දියෙනි.

අපේ සමාජය අපරාධවලින් දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් බවට පත් කර ගන්නට දරණ මේ උත්සාහයට සහභාගිත්වය ලබා දෙන ලෙස යුක්්ති ගරුක සමාජයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් අපේක්ෂා කරන ජනතාවට අපි ආයාචනය කරමු.

පුරවැසි සංවිධාන එකතුව වෙනුවෙන්

වමේ කේන්ද්‍රය

19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! කුමුදු කුසුම් කුමාර

යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය වූයේ එයයි. හදිසියේ කැඳවූ මෙම රැස්වීමට පැමිණි සංවිධාන අයත් වූයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණය උදෙසා කැප වෙමින් ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන සමූහය අතර ප්‍රමුඛතාවක් ලබා ගත් ඒවාටය. මේ අතර විවිධ බහුජන සංවිධාන – වෘත්තීය සමිති, ගොවි සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, විද්වත් සංවිධාන, කලාකරුවෝ යනාදීන් – නියෝජනය වීය.

එහිදී සාකච්ඡා කෙරුණු දෙවැනි ප්‍රධාන කරුණ වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දිගින් දිගටම බාධා කිරීම පිටුපස ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි. ඔහු විසින් මෙහෙයවෙන බලවේග උත්සාහ ගනිමින් සිටින්නේ රාජපක්ෂ රෙජීමයේ දූෂිතයන් සහ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට වත්මන් රජය ගන්නා උත්සාහය වළක්වා ඔවුන් රැක ගැනීම සඳහා මේ මගින් බලපෑම් කොට රජය සමග ගණුදෙනුවකට ප්‍රවිෂ්ඨ වීම බවයි. මෙයට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් වත්මන් රජය රාජපක්ෂ කඳවුර සමග කිසිම ගණුදෙනුවකට නොඑළඹිය යුතු බවත් ඔවුනට එරෙහි නීතිමය කටයුතු දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට රජයට බලකර සිටිය යුතු බවත් මෙහිදී තීරණය කරන ලදී.

ඒ වන විටත් එදිනම සවස හයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳ සාකච්ඡාවකට ඇරයුමක් බහුජන සංවිධාන නියෝජිත පිරිසකට ලැබී තිබුණි. සාමයික කේන්ද්‍රයේ රැස්වීමට සහභාගී වූ සංවිධාන නියෝජිතයන් සමහරෙකුට ද ජනාධිපති සමග සාකච්ඡාවට ඇරයුම් ලැබී තිබුණු හෙයින් ඉහත සම්මත කරගත් කරුණු ඔවුන් විසින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟ වුණි. Continue reading 19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! කුමුදු කුසුම් කුමාර

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ පාර්ලිමේන්තුව විසිරුවා හල යුතු ය. සුජතභාවයක් නැති පාර්ලිමේන්තුවක් තියාගත්තේ උතුම් කාර්යක් කරව ගන්න. දැන් පෙනන්නේ මෙයාලට ඕන ඒක නෙවේ. පාර්ලිමේතුව විසිරුවා හරිනු!!! නව පරලිමෙන්තුවක් කැඳවා එය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!!! මහින්ද රාජපක්ස සහ ඔහුගේ පාලනය යටතේ සිදුකල වංචා පරික්ක්ෂා කිරීමට ජනාධිපති කොමිසන් සභාවක් පත් කරනු!!! වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු!!!

19th Amendment Sabotaged; Best Option Is To Dissolve Parliament – Laksiri Fernando –

While it was scheduled to debate the 19th Amendment to the Constitution today (21) and tomorrow (22), the objective of the ugly scenes created by the Rajapaksa scums led by Wimal Weerawansa, Dinesh Gunawardena, Vasudeva Nanayakkara and Kumara Welgama yesterday was to sabotage that effort by sleeping on the floor of the Parliament, otherwise considered the august body of people’s sovereignty, until this morning and continuing their commotions and disruptions even when the parliamentary sessions commenced this morning.

They tried to create a mountain out of a molehill. Continue reading 19th Amendment Sabotaged; Best Option Is To Dissolve Parliament – Laksiri Fernando –

නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2015.04.17 වන දිනට අවුරුදු 4 ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකීය බුද්ධිමය දේශපාලන විෂයට ඔහු විසින් කරන ලද දායකත්වය බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ සිට නූතන, පශ්චාත් නූතන ආදී වශයෙන් වූ අනේකාකාර ඥාන මූලයන්ගෙන් පොෂිත වේ.භාෂා අටක පමණ නිපුණයෙකු වූ ඔහු ලියූ ලේඛන නොමඳ සාරගර්භ බවකින් යුක්ත වූ අතර අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණිකත්වයක් සහ මූල සවභාවයක් විදහා පෑවේය. මේ කවර හෝ මැදිහත්වීමක් ඔහුගේ දැක්ම හෝ දේශපාලනය නිර්දය ලෙස හා නොවලහා පල කිරීම ඔහු තවත් ලිබරල් ලේඛකයෙක්ගෙන් සහමුලින්ම වෙසෙසි කොට දැක්වීය. Continue reading නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම්…. – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ නිහඬ විප්ලවයක් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමෙන් මෙරට ජනයා අපේ දේශපාලන ඉතිහාසයේ මෛත්‍රී නිමේෂය උදා කළේය.

බලවත් කණගාටුව නම් ජනයා ඉමහත් අවදානමක් ගනිමින් දිනා ගත් මෙම මෛත්‍රී නිමේෂය ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් දින සියයක් ඉක්ම යාමටත් පෙර අප අතින් ගිලිහී යාමේ අවදානමට අද අප මුහුණ පා සිටීමයි. Continue reading මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම්…. – කුමුදු කුසුම් කුමාර

‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

බමරවළල්ල
බමරවළල්ල

“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන ඊට ප්‍රතිපක්ෂව නොවේ ද? චිත්‍රපටියේ එන ‘පොඩි එකා’ මානව ආශාව නියෝජනය කරන “ප්‍රාථමික යටි සිත” නිරූපණය කරන්නේ යැයි ඇතැම් විචාරකයෙක් කීය. මෙම යටි සිත, නියෝජනය කරන “ප්‍රාථමික” ‘සරල”, “නූගත්” මානව ආශාවන් ජය ගැනීම හුදු පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම පිළිබඳ කරුණක් ද? පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?”

‘බඹර වළල්ල’ චිත්‍රපටය සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති කළේය. එයට හේතුව එය බහුඅරුත් දක්වන චිත්‍රපටයක් වීමයි. විවිධ අය බඹර වළල්ල තුළ තම තමන්ට කැමති දේ දුටහ. ඇතැමුන්ට එය සමාජ යථාර්ථය නියෝජනය කළේය. තවත් අයෙකුට එය මානව යථාර්ථය විදහා දැක්වීය. තවත් කෙනෙකුට එය යටි සිත පිළිබඳ ෆ්‍රොයිඩියානු සත්‍යය විචිත්‍රවත් කළේය. Continue reading ‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක