මහා සම්ප්‍රදායේ කෘතීන් සදාතනිකය – නිව්ටන් ගුණසිංහ

15151710313_ec4c2f0a20_o

සංස්කෘතිය තුළ පවතින චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය
නොබෝදා කම්කරු ගොවි ආයතනය සමග විවෘත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහනුවර යුගයේ සිංහල සංස්කෘතිය සහ කලාව පිළිබඳ මා විසින් පළ කරන ලද අදහස් ‛ඉරිදා දිවයින’පුවත්පතේ ප්‍රසිද්ධ විවාදයකට තුඩු දී ඇති බව පැහැදිලිය. මේ විවාදය කෙරීගෙන යන ස්වරූපයෙන් ඉස්මතු වී පෙනෙන කරුණු දෙකක් ඇත.
(1) සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය වාද නොකළ යුතුය. ඊට වඩා සාකච්ඡා කළ යුතු මාතෘකා එමට ඇත. මේ කාලයේ මේ ප්‍රශ්නය එළියට අදින්නේ මන්ද? යනාදී වශයෙන් විවේචකයන් විසින් පුන පුනා ප්‍රකාශ කිරීමත්, ඒ අතරම ඔවුන් විසින්ම මෙම ප්‍රශ්නය පුන පුනා ප්‍රකාශ කිරීමත්ය.
(2) දෙවැන්න, මා විසින් පළ කරන ලද සංකීර්ණ අදහස් දැනුවත්ව හෝ නොදැනුවත්ව ම නිවැරදි ලෙසින් වටහා නොගෙන ඒවා අති සරල හා විකෘති ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් වශයෙන් ආචාර්ය නලින් ද සිල්වාගේ එක් ලිපියක මාතෘකාව නම් ‛සිංහලයාට සංස්කෘතියක් නැතැයි කියන්නේ කවුද?’ යන්නයි. සිංහලයන්ට පමණක් නොව වැද්දන්ටත්, නොයෙකුත් ගෝත්‍රිකයන්ටත් සංස්කෘතියක් ඇත.
මගේ ප්‍රවාදය වූයේ සිංහලයන්ට සංස්කෘතියක් නැතැයි යන්න නොවේ. සංස්කෘතිය මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය යනුවෙන් ප්‍රවාහයන් දෙකකට බෙදිය හැකි බවත් මහනුවර යුගයේ සංස්කෘතියේ හා කලාවන්හි මහා සම්ප්‍රදායක් දක්නා නොලැබෙන බවත් දක්නට ලැබෙන්නේ චූල සම්ප්‍රදායක් පමණක් බවත් මගේ ප්‍රවාදය විය. Continue reading මහා සම්ප්‍රදායේ කෘතීන් සදාතනිකය – නිව්ටන් ගුණසිංහ

පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

Image (2)

පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද?

පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි, ජනතාවගෙන් බහුතරයකට මේ පාලන ක‍්‍රමය ඉවත් කරන්න අවශ්‍යව තිබුණා. එල්.ටී.ටී.ඊ, ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ජනාධිපති පරාජය කෙරෙන අවස්ථාවක්. දේශපාලන විද්‍යාව දන්න අය අතර පිළිගැනීමක් තියෙනවා, යුද්ධයක් දිනුවට පස්සේ ඒ වන විට රටක සිටි නායකයා බලයෙන් ඉවත් කළ යුතුයි කියලා. පශ්චාත් යුද සමයේ රට පාලනයට එවැනි නායකයකු සුදුසු නෑ. සාමාන්‍ය ජනතාව 2010දී ඉහළින් ම මහින්ද රාජපක්‍ෂ දිනවලා මේ අවස්ථාවේ දී පරාජය කරන්න පෙළඹෙන්නෙ එබඳු දේශපාලන විද්‍යාත්මක අවබෝධයකින් නොවෙයි. කොහොම හරි යුද්ධය දිනූ ජනාධිපති මේ වර පරාජය කිරීම එක පැත්තකින් ත‍්‍රස්තවාදයට විරුද්ධ වෙච්ච ජනතාවට ගැටලූවක්. එබඳු තත්ත්වයක් තිබිය දී ජනතාව හැටතුන් ලක්ෂය ඉක්ම වූ ජනතාවක් ඡන්දය පාවිච්චි කරලා ඔහුව පරාජය කිරීම විශේෂත්‍වයක්. Continue reading පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

කාන්ට්
කාන්ට්
අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු.

x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම් ගත්තේ මෙසේය. අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ සංකල්ප අගතීන්ගෙන් මිදී තැනූ චිත‍්‍රපටයකි. එනිසා, ලාංකීය ගමේ මිනිස් සබඳතා ‘පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් ඉන් නිරූපණය කෙරෙයි. මෙම ප‍්‍රකාශය ගොඩනැංවීමේදී x කණ්ඩායම පළ කරන තවත් වැදගත් මත දෙකකි. ඉන් පළමුවැන්න, ‘සෞන්දර්ය යනු මිනිසා විසින් සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් කොට ගොඩ නගන ලද්දකි. ‘ යන්නයි. දෙවැන්න, මෙතෙක් කල් ලාංකීය කලාකරුවන් විවිධ බටහිර සෞන්දර්ය/සිනමා න්‍යායයන් හිස දරාගෙන කලා කෘති නිර්මාණය කළ ද හඳගම ‘මේ මගේ සඳයි‘ ඒ සියල්ලෙන් මිදී නිර්මාණය කර ඇත, යන්නයි. Continue reading මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

unnamed

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම

අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය http://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රවාදයන්ගෙන් ගම්‍ය කළ කරුණක් වූයේ අශිෂ්ඨ සිංහල ගම සහ උසස් නගරය පිළිබඳ බෙදුමයි, එනම් එලෙස හඳුනා ගත් සිංහල ගමට ප්‍රතිපක්ෂව නගරය සංස්කෘතියේ සහ ශිෂ්ටභාවයේ කේන්ද්‍රය වන බවයි.

දැන් චින්තන ධර්මදාස සහ උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ නොහොත් How I wonder what you are! චිත්‍රපටය නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වීමත්, ලංකාව පශ්චාත්-යුද සමාජයකට පා තැබීමත් සටහන් කරයි. Continue reading නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

ශ්‍රීලනිපයේ ඓතිහාසික කාර්යභාරය අවසන් වී ඇත ? – කුමුදු කුසුම් කුමාර

මැතිණිය යාපනේ රැලියකදී
මැතිණිය යාපනේ රැලියකදී
මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ කළේ“ය යන චෝදනාව කෑ ගසා ප්‍රකාශ කරමින් ඇරඹුනු ම්ලේච්ඡ මැර රංචුවකින් එල්ල වූ සහමුලින්ම අනපේක්ෂිත ප්‍රහාරයකටය. නිර්මාල් ට දරුණු ලෙස අතින් පයින් පහර දෙන ලදි. අතට අසුවූ හැම දෙයකින්ම ගසන ලදි. එතැන සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ උදවුවෙන් පොලිස් ජීප් රියට පැණ ගෙන ඔවුන්ගේ ආරක්ෂාවෙන් අප එම ප්‍රහාරයෙන් නොගැළවුණි නම් අපගේ ඉරණම කුමක් විය හැකිව තිබුණිද යන්න සිතා ගැනීම දුෂ්කරය.
එල්ටීටීඊ ත්‍රස්තාවාදයට එරෙහි යුද්ධය දිනීම නිසා මහින්ද රෙජිමයට පක්ෂපාතී වන ජනයා මෙහිදී සිතා බැලිය යුතු කරුණක් තිබේ. එනම් මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ ජනවාරි 8 දා කිසියම් උපායකින් මහින්ද රෙජිමය තමන් අත රාජ්‍ය බලය රඳවා ගත්තේ නම් මෙරට ලේ විලක් වනු ඇතිව තිබුණු බව නොවේද? යන්නයි.
මෙම මැර ප්‍රහාරය එම රැස්වීමට සහභාගී වීමට පැමිණ පාර දෙපස සිටි මහින්ද-අනුගාමිකයන් විසින් එසැණින්, ස්වයංසිද්ධව සිදුකළ එකක් යැයි බැලූ බැල්මට පෙනුනු දේ අප පිළිගන්නේ නම් එම සිදුවීමෙන් මතුවන බරපතළ ගැටළුවක් තිබේ. ප්‍රසිද්ධ මහජන රැස්වීමක් නැරඹීමට පැමිණ සිටි නිරායුධ පුද්ගලයන් කිහිප දෙනෙකුට කිසිදු කුපිත කිරීමකින් තොරව වට කොට එළව එළවා ම්ලේච්ඡ ලෙස පහර දීමට සිය ගණනක් සාමාන්‍ය ජනයා පෙළඹීම අප වටහා ගන්නේ කෙසේද? එනම් මහින්ද රාජපක්ෂ රෙජිමය මෙරට ඡන්දදායකයන් බහුතරයක් විසින් පැහැදිළිව පරාජය කොට දින සියයක් ඉක්මවා ගොස් තිබියදීත් මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් තුළ තමන් පසමිතුරන් ලෙස සළකන අය පිළිබඳ මෙතරම් උග්‍ර වෛරයක් කැකෑරෙමින් පැවැතීම අප වටහා ගන්නේ කෙසේද?
එක් පැහැදිළි හේතුවක් නම් එදින පැවැත්වුණු රැළියේ පළකෙරුණු ප්‍රකාශයන්ගෙන්ම පවා පැහැදිළි වූ පරිදි මහින්ද රාජපක්ෂ යළි මේ රටේ දේශපාලන නායකත්වයට පත් වීමේ සිහිනය මුල් කොට ගෙන මහින්ද සමග යළි පහසුවෙන් නැගිටිය හැකි යයි සිතන විමල් – වාසු – තිස්ස – ඩිව් – දිනේශ් ඇතුළු පරාජිත නායකයන් එම අරමුණ ශාක්ෂාත් කර ගැනීමේ අරමුණින් තම අනුගාමිකයන් තුළ පරාජය පිළිබඳ දැඩි වෛරයක් සහ කෝපයක් අවදි කොට තබා ගැනීම යි. මහින්ද රෙජිමය කළ දූෂණ, වංචා, අපරාධ, අකටයුතු පිළිබඳ දඬුවම් කිරීමට වත්මන් රජය නීත්‍යානුකූලව කටයුතු කරන විට එය වෛරී පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි චෝදනා කරන මහින්ද එයින් සැඟවීමට උත්සාහ කරන කරුණ වන්නේ තමන් තම අනුගාමිකයන් තුළ වෛරකාරී බව දිගටම පවත්වා ගනිමින් සිටින බව යි. “මහින්ද මහත්තයා විනාශ කළේ“ යැයි කම්පාවන අනුගාමිකයන් ට මහින්ද විනාශ වූයේ තමන්ගේම ක්‍රියා කලාපය නිසා බව වටහා ගැනීමට අවශ්‍ය කරන අවලෝකනයට එළඹීමට මහින්දත් ඔහුගේ සගයනුත් ඉඩ නොතබති.
පැරදී ඉතා කෙටි කලකින් යළි බලයට ඒමේ හැකියාව පිළිබඳ අදහසක් තම අනුගාමිකයන් අතර තහවුරු කරන්නට මහින්ද පිළට හැකිවීමට මෛත්‍රී රජයේ ක්‍රියා කලාපයත් පිටිවහල් වීය. පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රිලනිප කණ්ඩායමේ සහායෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කොට “ජාතික ආණ්ඩුවක්“ පිහිටුවූයේ දින සියයේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමේ යහපත් අරමුණිනි. නමුත් එය තමන්ගේ වාසියට හරවා ගනිමින් මෛත්‍රී රජයේ ශක්තිය ඇතුළතින් හීන කිරීමටත් තමන්ට තවමත් රජයේ බලයක් ඇතැයි තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමටත් ශ්‍රීලනිපයේ මහින්ද පිළ එය අවස්ථාවක් කර ගත්තේය.
ජනාධිපති මෛත්‍රී ශ්‍රිලනිපයේ නායකත්වය භාර ගත්තේද පක්ෂය තුළ මහින්ද පිළේ බලය හීන කිරීමට බව පැහැදිළිය. නමුත් පක්ෂය තුළ සිටිමින් එහි නායකත්වයට විරුද්ධව කැරලි ගැසීමට මහින්ද පිළේ සාමාජිකයන් සමත් වීම නිසා මෛත්‍රී රජය දුර්වල බවත් මහින්ද පිළ පුනර්ජීවනයක් ලබමින් සිටින බවත් තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමට මහින්ද පිළ සමත් වීය. Continue reading ශ්‍රීලනිපයේ ඓතිහාසික කාර්යභාරය අවසන් වී ඇත ? – කුමුදු කුසුම් කුමාර

“සුන්දර දෙයෙහි අදාළත්වය” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

couv_heidelberghdජර්මානු දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ සුප්‍රකට The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival නමැති රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය. ගැඩමර්ගේ දාර්ශනික අර්ථවිවරණවේදය පිළිබද දීර්ඝ හැඳින්වීමක්ද සහිතයි.

පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

විසිවන සියවසේ දර්ශනවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් මෙන්ම මහජන දාර්ශනිකයා (Public Philosopher) වශයෙන් හදුන්වනු ලැබූ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of the Beautiful: art as Play, Symbol and Festival යන කලාව පිළිබඳ වූ විශිෂ්ඨ දාර්ශනික කෘතිය “සුන්දර දෙයෙහි අදාළත්වය” වශයෙන් කතිකා අධ්‍යයන කවය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.

විසිවන සියවසේ දෙවන භාගයේ දාර්ශනික විවාදයන් හි ප්‍රධාන තැනට පත්ව ඇති සහ “භාෂාමය නැම්ම” යනුවෙන් හදුන්වන තැනට පත්ව ඇති බුද්ධමය ධාරාවන් වන යුගර්න් හබර්මාස් ගේ විවේචක න්‍යාය (critical thoery) ෂාක් ඩෙරීඩාගේ විසංයෝජනය (deconstruction) සහ හාන්ස් ජෝර්ජ් ගැඩමර්ගේ අර්ථකථනවේදය (hermeneutics) අතරින් ගැඩමර්ගේ දාර්ශනික අර්ථකථනවේදය හා ඩෙරීඩාගේ විසංයෝජනය මත විවාදයට පාත්‍ර වූ ජර්මන් දාර්ශනික හෛඩැගර්ගේ බලපෑම ප්‍රකටය. හෛඩැගර්ගේ ශිෂ්‍යයෙකුද වන ගැඩමර් 1960 දී පළකළ “සත්‍ය සහ ක්‍රමය” (Truth and Method) කෘතියෙන් නූතනත්වය යටතේ සමාජ සංස්කෘතික තලයන් තුළ අධිපතිභාවයට පත් වෙමින් තිබෙන අදහසක් වන සත්‍යය ස්ථාපිත කිරීමේ එකම මාර්ගය විද්‍යාත්මක ක්‍රම යොදා ගැනිමය යන අදහසට අභියෝග කළේය. ඔහු විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය ප්‍රශ්න කළේ සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් කවර හෝ යථාර්ථ සංජානනයක් පිළිබඳව අපක්ෂපාතී අර්ථකථනයක් කිරීම අසමත් කරන බව දක්වමිනි. එසේ වුවත් සිදුවෙමින් පවතින දේ අප හදුනාගන්නා තාක්කල් භාෂාව අපට පිරිනමන අර්ථකථනීය සංවාදයේ යෙදීම අපට පටන් ගතහැකි අතර අපගේම ආරම්භක ස්ථාවරයේ සීමා එමගින් අතික්‍රමණය කර අපම ගැන සහ අනෙක් අය ගැන සාරවත් වැටහමක් කරා ගමන් කළහැකිය. පඨිතයන්ගේ අර්ථයත් ඒවා වටහා ගැනීමත් පිළිබඳව අධ්‍යයනයේ දී ඔහුගේ කෘතිය මහත් බලපෑමක් කර ඇත.

කලාව පිළිබඳ ගැඩමර්ගේ මෙම කෘතිය ඔහුගේ ප්‍රධාන කෘතියෙහි සාකච්ඡා කරන කලාව පිළිබඳ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කිරීමකි. කලාව පිළිබඳ අත්දැකීම දර්ශනය සමග සම්බන්ධ කිරීම සමකාලීන චින්තනයේ ඉතා වැදගත් කටයුත්තක් ලෙස ඔහු සැලකීය. ගැඩමර් කීමට කැමති පරිදි කලාව අප මත අයිතිවාසිකම් කියාපෑමක් කරයි. කලා කෘති අත්දැකීමේ ක්‍රියාවලියේ දී විපර්යාසයට ලක්වීමෙන් තොරව අපට සටිය නොහැකි බව ඔහු පවසයි. කලාව වටහාගැනීම තමන් කවුදැයි හොදින් වටහාගන්නට සහ පිළිගන්නට මානවයන්ට පිහිට වෙයි. කර්තෘ ඔහුගේ අරමුණු වස්තුවට එරෙහි ඉහළින් පිහිටුවන ද්විධාකරණ සිතීම ජයගන්නට එවිට දර්ශනවාදයට හැකි වන බව ගැඩමර් දක්වයි. මෙම සිංහල පරිවර්තනයට ගැඩමර්ගේ අර්ථකථනවේදය පිළිබද සංස්කාරකවරුන් ඉදිරිපත් කරන දීර්ඝ හැදින්වීමක් ද ඇතුලත්ය.

කතිකා අධ්‍යයන කවය,
171/30, සරණපාල හිමි මාවත,
කොළඹ 08.

අපගේ මීළඟ ප්‍රකාශනය
දේශපාලනයේ හේතුඵලවාදය
සුප්‍රකට බ්‍රිතාන්‍ය දේශපාලන දාර්ශනික මයිකල් ඕක්ෂොට් ගේ Rationalism in Politics නමැති සුප්‍රසිද්ධ රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය, සවිස්තර හැඳින්වීමක්ද සහිතයි. දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ටත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් එකසේ වැදගත් කෘතියකි.

වරාය නගර ව්‍යාපෘතිය, ජාතික ස්වෛරීත්වය කැප කිරීම සහ බෞද්ධ වන්දනා – ගනනාථ ඔබේසේකර

 ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
සති කිහිපයකට පෙර විශ්ව විද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්ව විද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන අධ්‍යාපනික ආකෘතීන් තුළ බෙහෙවින් විරල, කරුණාව සහ දයාව පිළිබඳ පුරුෂාර්ථ අන්තර්ගත කරගත හැකි වන අයුරින් ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය සංවර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න සම්මන්ත‍්‍රණයේ තේමාව විය. සාමාන්‍ය බෞද්ධයන්ගේ හෘද සාක්ෂිය හැඩගැන්වීමෙහිලා ජාතක කතාවල ඇති වැදගත්කම ගැන ආරම්භක දේශනයේදී මා කතා කළ අතර, අනිත් දේශක සගයන් බි‍්‍රතාන්‍ය කොලොම්බියාව, භූතානය, මොංගෝලියාව සහ වියට්නාමය වැනි තෝරාගත් ස්ථාන කිහිපයක සාර්ථක අධ්‍යාපනික ආකෘතීන් ගැන කරුණාවේ කේන්ද්‍රීයත්වය හරහා කරුණු දැක්වූහ. තවත් අය, මොළය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයන් හා විපස්සනා භාවනාවේ සාධනීය ගුණාංග ගැන කතා කළහ. ඉදිරිපත් වූ දේශන ගැන සම්මන්ත‍්‍රණය මුළුල්ලේ සිය අදහස් දැක්වූ දලයි ලාමා තුමා, බෞද්ධ දයාව සහ අපේ කාලයට එහි ඇති අදාළත්වය පිළිබඳ ස්වකීය ගැඹුරු ප‍්‍රඥාව සමග මුසු කරමින්, සභාවේ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වූහ. කථිකයන් හෝ ඒ විශාල සභාවේ සිටි ශිෂ්‍යයන් හෝ සැදැහැවතුන් අතරින් කිසිවෙකු හෝ මේ සාකච්ඡුාවට දේශපාලනය වැද්ද නොගත් බව මෙහිදී කිව යුතුව තිබේ. තවද, මා ඇතුළු එතුමා හමු වූ කවුරුත්, උන්වහන්සේ සතු අව්‍යාජත්වයත්, බුදුදහම සම්බන්ධයෙන් උන්වහන්සේ තුළ පැවති ගැඹුරු අවබෝධයත් ගැන සේම, එතුමාගෙන් නික්මෙන සෙයක් පෙනුණු නිහතමානී භාවයත්, පුද්ගල අනුහසත් ගැන උදක්ම පැහැදුණහ. බෞද්ධ දර්ශනය පිළිබඳ එතුමාගේ කෝෂ්ඨාගාර පාණ්ඩිත්‍යය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එම ඥානය, සාමාන්‍ය බෞද්ධයන් සඳහා ලියැවුණු එතුමාගේ ජනප‍්‍රිය ලේඛන තුළ සේම, ‘‘තනි අණුවක් තුළ පවතින සමස්ත විශ්වය’’ වැනි විද්වත් කෘති තුළත් අපට හමු වෙයි. බුදුන් වහන්සේ විසින්ම මුලින් සූත‍්‍රගත කළ පටිච්ච සමුප්පාදය හෙවත් ‘තත්වාරෝපිත සම්භවය’ පිළිබඳ සාරවත් සාකච්ඡුාවකට අමතරව, විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය එකට මුණගැසීම ගැන මේ කෘතිය තුළ උන්වහන්සේ සාකච්ඡුා කරති.

මා මෙය ලියන්නේ, එතුමා ශ‍්‍රී ලංකාවට සැපත්වීම කෙරෙහි අධානග‍්‍රාහී ආකාරයෙන් චීනය විරෝධය පෑම ගැන මා තුළ ඇති කණස්සල්ල හේතුවෙනි. Continue reading වරාය නගර ව්‍යාපෘතිය, ජාතික ස්වෛරීත්වය කැප කිරීම සහ බෞද්ධ වන්දනා – ගනනාථ ඔබේසේකර

Sovereignty, Port City & The Dalai Lama – Gananath Obeyesekere

GANANATH OBEYESEKERE
GANANATH OBEYESEKERE

Several weeks ago I had the privilege of attending a conference organized by colleagues in the University of Delhi and presided by His Holiness Tenzin Gyatso, the Fourteenth Dalai Lama. The conference itself was on how children’s secular education could be transformed in order to bring in values of compassion and caring sorely lacking in contemporary models of education. In my introductory talk I dealt with the significance of Jataka tales in molding the conscience of ordinary Buddhists right through the ages while other colleagues actually dealt with successful models of education using the centrality of compassion in selected places in British Columbia, Bhutan, Mongolia and Vietnam; while yet others dealt with experimental studies of the brain and the positive effects of insight meditation. Right through the proceedings the Dalai Lama commented on the papers and fielded questions from the audience with his rich insight into Buddhist compassion and its relevance to our times. Continue reading Sovereignty, Port City & The Dalai Lama – Gananath Obeyesekere

විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු! – කුමුදු කුසුම් කුමාර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද සැබෑය. මන්ද යත් එය සටහන් කරන්නේ 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහි ලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37 ක් අත් නොහැර ගෙන ගිය ව්‍යායාමයේ ප්‍රථිඵලයක් ලෙස එම තනතුරෙහි බලතල සීමා කිරීම රටේ ව්‍යවස්ථාවට ඇතුළු කරගනු ලැබීම බැවිනි.
එමෙන්ම එය මෙරට දේශපාලන සංස්කෘතිය යළි ශිෂ්ඨ සම්පන්නභාවය දෙසට හැරවීම ඇරඹීම ජාතික මට්ටමේ වැදගත් කමකින් සටහන් කරන අවස්ථාවද වන්නේය. මන්ද යත් එය මෛත්‍රීපාල සිරිසේන මෙරට බහුතර පුරවැසි ජනතාවගේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස, තමන් බලයට පත් වූ විට අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට ගත් උත්සාහය පෙන්නුම් කරන හෙයිනි. එම උත්සාහය විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහැර ඉදිරියට ගෙන යාමට අප දිරිගන්වන්නක් ලෙස සැළකිය යුතුය. Continue reading විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු! – කුමුදු කුසුම් කුමාර