මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

photo-0

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ.

පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව අනන්‍යතාව සඳහා වන අරගලයකි. පිරිමියාගේ ලිංගික සහජය, ස්වභාවයට එරෙහිව තම අනන්‍යතාව ගොඩ ගැනීම සඳහා , ස්වභාවයේ ප‍්‍රබලම නියෝජනය වන ගැහැනිය අරභයා කෙරෙන කැත, බිහිසුණු ආක‍්‍රමණයකි. සමාජය අවශ්‍යවන්නේ මෙම සහජය පාලනය කිරිමටය. ස්වභාවය ජය ගැනීමේ අවශ්‍යතාවත්, ඊට පරාජය වීමේ බියත් අතරට මැදිවන පිරිමියා ආදරය හදාගන්නේ මේ බය යටපත් කරන්නටය. ශෘංගාරය, ස්වභාවයේ පෘථිවීමයභාවය සමාජයට ඇතුළු වන මෘදු ලක්ෂ්‍යයය, යන්න පාලියාගේ (Camilla Paglia) අදහසයි. Continue reading මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය! – කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් රජරට සහ සබරගමුව විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූනි 1 දින) මා හමුවීමට පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් වී තිබෙන උග්‍ර රාජ්‍ය මර්දනය පිළිබඳ දැනුවත් කිරීම“ මැයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා ඒ හා සම්බන්ධ ලිපි ගොණුවක් භාර දීමට ය.

මම ඔවුනට සවන් දුනිමි. මගේ අදහස් ද ඔවුනට ඉදිරිපත් කළෙමි. අප අතර ඇති වූ අදහස් හුවමාරුව සුහද ය. එයින් දෙපාර්ශ්වයටම තමන් දරන අදහස් ගැන අවලෝකනයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණි යැයි මම සිතමි.

මා ලියන මෙම සටහන අපේ අදහස් හමුවෙන් මතු වෙන මගේ ප්‍රතිචාරය යි. Continue reading මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය! – කුමුදු කුසුම් කුමාර

Aftermath of Counter Revolution: Revolutionary Time in David Scott’s Omens of Adversity – Thushara Hewage

download

Text of the introductory presentation made by Dr. Thushara Hewage, Assistant Professor of Anthropology at the University of Ottawa at the seminar on The Politics of Memory and a Critique of Transitional Justice held on Wednesday 3rd June 2015, at Department of Political Science and Public Policy, Faculty of Arts, University of Colombo.

The pieces we are reading today concern David Scott’s meditation on the experience and traumatic memory of the catastrophic failure of revolution on the Caribbean island of Grenada. The very basic timeline of events is as follows. The revolution commenced in 1979 with the overthrow of the authoritarian regime of Eric Gairy. It was led by the Marxist Leninist New Jewel Movement (NJM), its foremost leaders Maurice Bishop and Bernard Coard. Tensions within the ensuing socialist government and its leadership, no doubt exacerbated by the CIA’s destabilization, precipitated a crisis. This began with the arrest of Bishop and culminated in his killing along with his associates under unknown circumstances. Bishop’s murder supplied the pretext for the US invasion of Grenada in October 1983, and the arrest, show trial and imprisonment of the Grenada 17 for conspiracy to murder Bishop, and the criminalization and delegitimization of the revolution. I should add that the Grenada 17 consistently denied their criminal liability for Bishop’s murder and were eventually freed in 2009, following a 2007 Privy Council judgment on the unconstitutionality of their sentencing. Continue reading Aftermath of Counter Revolution: Revolutionary Time in David Scott’s Omens of Adversity – Thushara Hewage

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය

11203122_10153237182011327_640187481102645472_n

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය –
ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය සඳහා සුනිල් විජේසිරිවරධන ගේ මුහුණු පොත බලන්න.)ධවල පත්‍රිකාව ක් යනු සාමාන්‍ය යෙන් රජයක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා පෙර ගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් කරන අධිකාරවාදී බලයක් කියා පාන ලියවිල්ලකි, යෝජනාවලියකි. මෙම ධවල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ස්වේච්ඡාවෙන් බව කියැවෙයි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය පිටතින් සම්පාදනය වන ප්‍රතිපත්තියක් රජයට පිළිගන්වන්නට දරන උත්සාහයකි. වෙනත් අර්ථයකින් කියතොත් එය කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට ඒ වෙනුවෙන් පෙනී සිටින රජයේ නොවන පිරිසක් ඉදිරිපත් වීමකි. එය විසින්ම ගත් කළ එය යහපත් දෙයක් විය හැකිය. ආර්ථිකය පිළිබඳ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන මිලින්ද මොරගොඩ ගේ pathfinder ආයතනය කලක සිට ලංකාවේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට මැදිහත් වීම් කරමින් සිටියි. එය ජාත්‍යන්තර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකි. ඉතින්, කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් මෙබඳු මැදිහත් වීමකට පිරිසක් තම ධනය, ශ්‍රමය සහ කාලය යොදා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම නරක දෙයක් යැයි කා හටවත් කිව හැකිද? (මේ සඳහා කිසිවෙකු අරමුදල් නොසැපයූ බව ඊට සම්බන්ධ අයෙකු අන්තර්ජාලයේ ප්‍රකාශ කොට තිබිණැයි වාර්තා වෙයි.) Continue reading කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය