නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර

වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය.
මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් මෙරට පුරවැසියෝ තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉදිරි පස් වසරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීමණ්ඩලයක් පත් කළහ. දැන් එළඹ ඇත්තේ එම තීන්දුව අනුව ආණ්ඩුකරණය සඳහා ඇමති මණ්ඩලයක් පත් කොට පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුකරණයට ප්‍රවිශ්ඨවීමයි. නමුත් එම කටයුත්ත ක්‍රියාවට නැඟීමට එකඟතාවට ඒමට දේශපාලන නායකයන් දිගින් දිගටම අපොහොසත්වීම මහජනයා අතර බලවත් කළ කිරීමක් ඇති කොට තිබේ. මෙම දේශපාලකයන් වැඩි දෙනෙකු හැසිරෙන්නේ ප්‍රජාවේ පොදු යහපත පිළිබඳ කරුණ මුල් කොට ගෙන ක්‍රියාකරන සැබෑ ජාතික නායකයන් ලෙස නොව තම පෞද්ගලික යහපත, තම තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්ම, තම දේශපාලන මතවාදයේ ජයග්‍රහණය යනාදිය වෙනුවෙන් වීම ‘අපට නායකයන් නැතැ‘ යැ යන හැඟීම මහජනයා අතර පැතිර යන්නට හේතු වී තිබේ.
දේශපාලනය තමන් ගේ ආර්ථික පදනම ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය බලය සහ සමාජ ජාලයන් ගොඩ නංවා ගැනීමට මඟ ලෙස සළකා කටයුතු කිරීම වත්මනෙහි දේශපාලකයන් අතර පැතිර පවතියි. මෙය වෙනස් වන සමාජ-ආර්ථික තත්වයන් ගේ පිළිබිඹුවකි. ඊට ඉහලින් ප්‍රජාවේ පොදු යහපත ඔසවා තබන නායකයන් නොසිටියහොත් ආණ්ඩුව හුදෙක් සමාජ-ආර්ථික බලවේග අතර ගැටුමෙහි ගොදුරක් බවට පත්වී රට අස්ථාවර වෙයි.
දේශපාලන පක්ෂයක අනාගත පැවැත්ම පිළිබඳ ගැටලුව රාජ්‍ය පාලනයෙහි ලා මෙතරම් තීරණාත්මක වූ අවස්ථාවක් නූතන ලංකා දේශපාලන‍යෙහි මීට පෙර තිබී ඇත්දැයි නොදනිමි. 2005 සිට මහින්ද රාජපක්ෂ පිලේ ග්‍රහණයට නතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ය) ඉන් මුදවාගෙන එහි “නිසි උරුමකරුවන්“ අතට යළි පවරාගැනීමේ උත්සාහය වත්මන් රාජ්‍ය පාලනය සමග තදින් ගැටගැසී තිබීම රටේ දේශපාලන ගමන් මග තීන්දු කරන ප්‍රධාන සාධකය බවට මෙම මොහොතේ පත් ව තිබේ. මෙම නිසි උරුමකරුවන් පිළිබඳ අදහස – බණ්ඩාරනායක උරුමය සහ 1956 සමාජ බලවේගයේ උරුමය – යන පුද්ගල සහ සමාජීය යන දෙඅර්ථයෙන්ම පැහැදිළි කළ හැකිය Continue reading නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර
Advertisements

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර
 (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002  මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි.  මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.) 
 
“දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.”
– මයිකල් ඕක්ෂොට්

ලංකාවේ නව වාම දේශපාලනයක් ගොඩ නැංවීමට සිත කය වෙහෙසන පිරිස් අතර ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවතින සංවාදයකට මගේ මතයන් එකතු කිරීමට කැමැත්තෙමි. එය නම්, යළිත් වතාවක් අපගේ තරුණ තරුණියන් පිරිසක් දේශපාලනය තුළ කායිකව හෝ ආත්මීය වශයෙන් විනාශයට ලක් නොවන්නට අප කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා වාම දේශපාලනය දිගු කාලීනව අවධානය යොමු කළ යුතු මූලිකම කරුණ නම් දේශපාලනය විනාශය කරා නොයන්නට නම්, එයට බොහෝ දෙනා ක්‍රියාකාරී ලෙස සහභාගි කරවා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය යන්නයි. මගේ යෝජනාව, එය කළ හැක්කේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීම තුළින් පමණි, යන්නයි. නව දේශපාලන සංස්කෘතියක් යන්නෙන් මා අදහස් කරන්නේ තරුණ තරුණියන් ද ඇතුළුව බොහෝ දෙනා දේශපාලන තලයෙන් ක්‍රියාකාරී සහභාගීත්වයට දිරිගන්වන, කැඳවන සංස්කෘතියකි. මෙහිදී මා දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ පුළුල්ව, අපගේ සාමූහික යහ පැවැත්ම මුල් කොටගෙන අපම එක් වී සාමූහිකව කථා කිරීම සහ ක්‍රියාකිරීමයි.නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට නම්, පළමුකොටම, බොහෝ‍ දෙනා දේශපාලනයට ක්‍රියාකාරීව හවුල් වීම වළක්වාලන පරිද්දෙන් දෙශපාලනය පැත්තෙන්ම පැනවී ඇති බාධා මොනවාදැයි හඳුනාගෙන ඒ පිළිබඳ විවේචනයක් ගොඩනැංවිය යුතුය, යන්න මගේ යෝජනාවයි. මෙම ලිපියෙන් මා අරමුණු කරන්නේ, එවැනි විවේචනයක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍යයැයි මා සිතන මූලික අදහස් කිහිපයක් හඳුන්වා දෙන්නට ය. පසුව ඉදිරි කාලයේ දී ඉඩ ලැබෙන පරිද්දෙන්, එම අදහස් එකින් එක විස්තර කොට පැහැදිලි කරන්නට අදහස් කරමි. Continue reading නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

On Religion and Violence by Charles Taylor

Charles Taylor
Charles Taylor

The 20th century has been marked in a horrifying way by “categorical violence”-a violence directed against people on the basis of their belonging to a certain group. Categorical violence has three distinguishing features: excessiveness, the discourse of purification and a ritual element.

There are two views of the cause of categorical violence which I wish to dispel. One is that it arises from religion. This view is inaccurate for many reasons, not the least of which is the fact that most of the atrocities that can be characterized in this way have been produced by ideologically atheist regimes.

The other view, which is socio-biological, claims that categorical violence is atavistic: either it is in our genes and, through the civilizing course of culture, we put it behind us, or it arises in certain religious, cultural or metaphysical forms that we have since left behind us. However, this account addresses neither the persistence of nor the reason for categorical violence. Continue reading On Religion and Violence by Charles Taylor

අගෝස්තු 17 මහ මැතිවරණය බලන්, ප්‍රජාතන්ත්‍රවාදයේ අසිරිය ! – කුමුදු කුසුම් කුමාර

අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත.

අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි.

ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම පාහේ සම මට්ටමේ තරඟ භූමියක් විවෘත කොට දී තිබේ. රාජ්‍ය බලය හෝ සම්පත් මෙන්ම පෞද්ගලික බලය දේශපාලනයට යොදා ගැනීම ට නීතියෙන් පැනවෙන සීමා ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ භූමිකාව මෙන්ම පොලිස්පති ඉලංගකෝන් මහතා ද නිහඬව නමුත් ඉටු කරන අතිශය සාධනීය භූමිකාව ජනවාරි 8 දා මෙන්ම අදත් රජයේ සේවයේ නිලධාරීන්ට මහඟු ආදර්ශයක් සපයයි. පොලීසියේ නිලධාරීන්ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්නට තමන්ට ලැබුණු දුර්ලභ අවස්ථාවට සාධනීය ප්‍රතිචාර දක්වමින් සිටිති. මෙය 1970 ගණන් සිට දේශපාලනයට යටව පෑගී සිටි රජයේ නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය යළි නඟා සිටුවීමට කෙරෙන දායකත්වයකි.

මෙරට සියලු දේශපාලන ප්‍රවාහයන්ට අයිති පක්ෂ මෙම මැතිවරණයෙහි ලා සහභාගී වෙයි. කිසිවෙකු මැතිවරණය වර්ජනය කරන්නේ නැත. මෙම සහභාගීත්වයේ පරාසයේ එක් අන්තයක ජනවාරි 8 දා ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින්ම නමුත් එහි ලා තරඟ කළ, විප්ලවවාදී වාමාංශික පක්ෂයක් වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය වෙයි. අනෙක් අන්තයේ ඇත්තේ අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිවාදී භික්ෂූ කණ්ඩායමක් වන බොදු බල සේනාව ය. Continue reading අගෝස්තු 17 මහ මැතිවරණය බලන්, ප්‍රජාතන්ත්‍රවාදයේ අසිරිය ! – කුමුදු කුසුම් කුමාර

අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර

jj

නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන් ගේද සහායෙන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව පෙරළා දැමීමට නිසැකවම දිගින් දිගටම ක්‍රියා කරනු ඇති බවයි. ඔවුනට දේශීය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන මාෆියා වන් ගේද සහාය ලැබෙනු ඇත. එමගින් ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල නිශ්ක්‍රීය කිරීමටද ඔහු බලයෙන් පහ කිරීමට පවා කටයුතු කරනු ඇත. එසේ වුවහොත් මෙරට පුරවැසියන් ඉමහත් කැපවීමකින් ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණ ආපස්සට හරවනු ලැබෙනු ඇති බවට ඔවුහු තර්ක කරති.

Continue reading අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර