‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

ඇරිස්ටෝටල්
ඇරිස්ටෝටල්
කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත ලෙස ගැනීම ඇතැමුන් දකින්නේ හුදු ලිබරල්වාදී වීමක් ලෙසිනි. එය පන්ති සටන අත හැරීමක් ලෙසද ඔවුහු දකිති. පන්ති සටනට මූලිකත්වය දිය යුතු විටෙක එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප කරන්නේ නම් ඉහත විවේචනය සාධාරණ විය හැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම ම පන්ති සටන අත් හැරීමක් වන්නේ නැත. වම-දකුණ භේදයක් අද නැතැයි ලිබරල්වාදීන් විසින් කියනු ලැබීම පුදුමයක් නොවන නමුත් වමේ යැයි කියා ගන්නා සමහරුන් ද එසේ ප්‍රකාශ කරන්නේ පංති ගැටුම පිළිබඳ අදහස තව දුරටත් වලංගු නොවන්නේය යන විශ්වාසය නිසා විය යුතුය.

වඩා වැදගත්ව අප ඇසිය යුතු කරුණ වන්නේ වත්මන් ලංකාවේ පන්ති ගැටුම කුමන ස්වරූපයක් ගනු ඇතිද? යන්නයි. ආර්ථිකයේ නව ලිබරල්වාදී පිළිවෙත වත්මන් රජය විසින්මත් තව දුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් එය සමාජයේ පංති ගැටුම් උත්සන්න කරනු ඇත. නිදහස් වෙළඳ පොළ ක්‍රමය අපේ ආර්ථිකයේ පදනම විය යුතුය යන අදහස වමෙන් ඉදිරිපත් කෙරුණා කියා සමාජ අසමානතාව ස්වභාවික ලෙස සළකා නිදහස් වෙළඳ පොළක් පිළිබඳ මවාගත් අදහසක් තුළ දියකර හැරීම අපේක්ෂා කරන දක්ෂිණාංශික ආකල්පයෙන් එය මිදෙන්නේ නැත. Continue reading ‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ff

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත මෙහි පලවේ.

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්.
එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද?
මම කියන්න යන දේ හිත් අමනාපවීම් වලට, මතභේදයන්ට හේතු වෙන්න පුළුවන්.ඒක ගැටළුවක් නොවේය කියන එක අවධාරණය කරන්න ඕනේ. මන්ද ඒ හිත් අමනාපකම් නොතිබ්බා නම් මේ කතාවෙන් වැඩක් නෑ කියලා හිතෙන නිසා. මම ඉස්සෙල්ලා විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා එක අදහසක් කියන්නම්. මේක ඩෙරීඩාගේ අදහසක්. ඉංග්‍රීසියෙන් ඩෙරීඩා කියන්නේ එයාගේ අවසාන සම්මුඛ සාකච්ඡාවේදී

“What I call the university of tomorrow should be free to know, criticize, ask questions, doubt without any conditions attached, without being limited by any politics or religious power.”

මම සිංහලට පරිවර්තනය කලේ මෙහෙමයි.

“මම අනාගත විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. අනාගත විශ්ව විද්‍යාලය යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැනගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්න කිරීමට හා සැක කිරීමට වරම හිමිවන දේශපාලනික හෝ ආගමික බලය විසින් කිසිසේත් සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි.”

දැන් ඒ විශ්වාසය උඩ දෙවෙනි ප්‍රස්තුතය.
නිර්මාල්ගේ පොතේ කෙටුම්පතක් මට ලැබුණා.මම කියෙව්වා. ඇත්ත වශයෙන්ම ඒවා කියවලා මම උපකල්පනය කරනවා එයාට එදිරිවාදීව සිටින කිසිම කෙනෙක් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ කියලා. ඒ ලිපි කියවලා ඒ විෂය ගැන නොදන්න කෙනෙක් හිටියා නම් ඒ තර්ක වලින් සෑහීමට පත්වෙන්න තිබුණා. එදිරිවාදීන්, විරුද්ධ කණ්ඩායම් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නය තමයි මම අද කෙටියෙන් විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. Continue reading සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි

ff

“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත් පතට ලියූ ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීම මුල් කොට ගෙන පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පළ කළ අදහස් අපි මීට පෙර පළ කළෙමු. ඒ හා සම්බන්ධව සනත් ඉදිරිපත් කළ අදහස් මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා දායක වේ යැයි පෙනී යන හෙයින් එම අදහස් වෙනම ලිපියක් වශයෙන් අපි පහත පළ කරමු. සනත් මෙම අදහස් පළමු වරට ඉදිරිපත් කර ඇත්තේ නිර්මාල් රංජිත් දේවසිරි ‍ගේ ලිපි පෙළ රාවයට සමගාමීව Colombo Telegraph වෙබ් අඩවියෙහි පළවූ අවස්ථාවෙහිය. – ‘කතිකා’ සංස්කාරකවරු Continue reading “ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි

සිංහල බෞද්ධ ජාතිකවාදය විශ්වාසයක් (ශ්‍රව්‍ය) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත එළිදැක්වීමේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පල කල අදහස් Continue reading සිංහල බෞද්ධ ජාතිකවාදය විශ්වාසයක් (ශ්‍රව්‍ය) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම