ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්
ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL )
නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World)

අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් යුනෙස්කෝව ආරම්භ කරනු ලැබීම මහත් බලාපොරොත්තු දැනවූ සිද්ධියක් වීය. යුනෙස්කෝව අවධානය යොමු කළේ විද්‍යාව හා සංස්කෘතිය පිළිබඳය. නාට්සිවාදය වර්ගවාදය පිළිබඳ තම මතය සනාථ කිරීමට විද්‍යාව යොදා ගත්තේය. එය මිනිස් මනස සර්වාධිකාරයකට යට කිරීමට දෘශ්ටිවාදය යොදාගත්තේය. අනාගතය වෙනුවෙන් මෙබඳු තත්වයක් යළි උදාවීම වැළැක්වීම යුනෙස්කෝව පිහිටුවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාමාජිකයන් මෙහෙයවූ කරුණ වීය.

එහිදී කීර්තිමත් ව්‍යුහවාදී මානව විද්‍යාඥ ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස් සංස්කෘතිය නමැති සංකල්පය සංස්කෘතීන් වශයෙන් වෙනස් කිරීමට වූ දායකත්වය සහ එහි සංකල්පීය ගම්‍යමානවීම් සහ දේශපාලන ඵලවිපාක සාකච්ඡා කිරීම ෆින්කල්ක්‍රෝත් මෙහිදී අරඹයි. ප්‍රබුද්ධ යුගයේ ජීවගුණය මත පදනම්ව ඇරඹෙන මෙම කර්තව්‍යය ඉතා ඉක්මණින් ඊටම එරෙහිව හැරවීමට ව්‍යුහවාදී මානව විද්‍යාවත් ඒ අනුව ගිය ඉතිහාසඥයන් සහ පියෙරෙ බෝඩියු වැනි සමාජ විද්‍යාඥයනුත් දායක වූ අයුරු ෆින්කල්ක්‍රෝත් විග්‍රහ කරයි.

මෙම සාකච්ඡාවේදී මතුවන තේමාවන් ගණනාවකි.
Continue reading ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

Advertisements

පුරවැසියා සක්‍ර‍ියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

කුමුදු කුසුම් කුමාර
කුමුදු කුසුම් කුමාර

“මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන් ශක්තිමත් වෙනවා යුධ ව්‍යාපාරයට විවිධ ආකාරයෙන් ඒ තුළ ආයෝජනයන් කිරීමෙන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මිනිසුන් අතර ඉතාම ජනප‍්‍රිය සටන් පාඨයක් බවට පත්වන්නේ විධායක ජනාධිපති බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීම තුළ ලංකාවේ සමාජයේ අධිපතිභාවයට පත්වුන මේ නව ලූම්පන් නැතිනම් නන්නත්තාර මැද පාන්තික කොටස් ලංකාවේ සමාජය දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ ග‍්‍රහණයට ගැනීම නිසයි. Continue reading පුරවැසියා සක්‍ර‍ියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

The Left and Mass Media in the 20th Century – Ajith Samaranayake

Henry Peiris with Sama Samaja leaders
Henry Peiris with Sama Samaja leaders

“Today, moreover when the newspapers have become more subtle and trivial in their handling of politics (throwing open their columns to guest writers of the extra-parliamentary Left such as Dr. Vickramabahu Karunaratne) while peddling political gossip rather than issues; and television talk-shows figure all kinds of political opinion straddling the entire spectrum of ideas (if only to pit one against another and convert politics into theatre), the Left seems to have done precious little thinking on how they are to reach a mass audience in this age of the television screen, the microchip and the internet, an audience moreover which has been drugged and made somnolent by the opiate of popular culture manipulated by the forces of western cultural imperialism preaching the religion of a ‘Global Village.’ “

Continue reading The Left and Mass Media in the 20th Century – Ajith Samaranayake

Kandyan Cosmopolitanism: Lessons for Our Time (Video) – Gananath Obeyesekere

7bca7ceebc48b2e8b6b90afcb8415181
Sri Lankan scholars and the Buddhist public generally believe that Portuguese influence after 1506 was characterized by a long period of Catholic proselytization and religious intolerance in the maritime regions of the island. What is little known is that by contrast, the kingdom of Kandy in the central region under the rule of King Vimaladhramasuriya and his successors (1591 – 1731) was characterized by religious tolerance and the welcoming of Europeans and other immigrants into the kingdom.

This lecture addresses the open cosmopolitanism of that period that provides an alternative vision of the past and for the future for Sri Lanka.

A Golden Jubilee Lecture
A Still-born Cosmopolitanism: Buddhists, Catholics and
other strange beings in the Kandyan Kingdom, 1591-1739

Speaker: Gananath Obeyesekere
Chair: Rajeev Bhargava
Venue: CSDS, Seminar Room

දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

චමීර පෙරේරා
චමීර පෙරේරා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීමට ඇන්. ඇම්. පෙරේරා හැමවිටම උත්සාහ කළ බව ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කළ “Al Richardson, “Blows Against the Empire” කෘතිය මඟින් පෙන්වා දේ. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා මුල්වී සකස් කළ සම සමාජ ප‍්‍රකාශනය වුවද, සම සමාජය පීඩිත පන්තීන්ගේ (එක් පන්තියකට යටත් නොවූ), මහජන ව්‍යාපාරයක් යන්න අවධාරණය කර තිබූ බවත්, සමාජවාදය වුවද එහි විග‍්‍රහ කර තිබුණේ ‘‘මහජනතාවගේ දේශපාලන උත්තරීතරභාවයේ ප‍්‍රකාශනයක්’’ ලෙස බවත් George Jan Lerski රචනා කළ “Origins of Trotskyism in Ceylon” කෘතිය තුළ සටහන් කර ඇත. මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය, වමේ දේශපාලනය හා නොගැලපෙන නැත්නම් එය හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කරන ආකාරයක් හඳුනාගත හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම වර්තමානයේ සිදුවන දේශපාලන සිදුවීම් හුදු ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිදුවීම ලෙස සලකා, දේශපාලන කි‍්‍රයාකාරීත්වය කෙරෙහි උනන්දුවක් නොදැක්වීමේ තත්ත්වයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කි‍්‍රයාකාරීත්වය පිළිබඳව නැවත සිතීම වැදගත්වේ.
ජනතා කි‍්‍රයාකාරීත්වය ප‍්‍රමුඛතාවයට පත්කිරීම හා එකී කි‍්‍රයාකාරීත්වයන් ප‍්‍රසිද්ධ කාර්යයන් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශය ලෙස ෂාන්තාල් මුෆ් (Chantal Mouffe) පෙන්වාදේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන ක‍්‍රියාකාරීත්වය සමඟ බැඳී ඇති බැවින් එය දේශපාලන තලයට අයත් වූවක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ. කෙසේ වුවද, පුද්ගල නිදහස සීමාකරන රාජ්‍ය හා අනෙකුත් ආයතනවලට එරෙහිව බරපතල ප‍්‍රතිවාදයක් ගොඩනැඟීම ලිබරල් මූලධර්මය වූ අතර සාමුහික අනන්‍යතාවයන් හා සාමුහික කි‍්‍රයාකාරීත්වයන් ලිබරල් පුද්ගලවාදයට අදාළ නොවීය. පුද්ගලවාදී කොන්දේසිය පෙරට ගනිමින් ආරථිකය හා සදාචාරය අතර දෝලනය වීම ලිබරල් මූලධර්මය විය. එමඟින් තම අරමුණු වෙත ගමන් කරන යාන්ත‍්‍රණයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කරගත් අතරම එකී යාන්ත‍්‍රණය තුළ විවිධ ආයතනයන් හා පුද්ගලයන් වරින්වර පත්කරගැනීම දේශපාලන කාර්යය බවට ලඝු කර ඇත. මෙය කෙසේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේ? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ලිබරල්වාදයෙන් ලැබුණු ඵලයක් වන්නේ පුද්ගල වාදයන්ට, ප‍්‍රවාදයන්ට හා සංවාදයන්ට අවස්ථාව ලබාදුන් අනේකවිධ ආයතනයන් බිහිවීමයි. කෙසේ වුවද, එකී ආයතනයන්, පුද්ගලවාදී අරමුණු වෙත ගමන් කිරීමට පහසුකම් සපයන මාර්ගයන් හා යාන්ත‍්‍රනයන් බවට පත්කරගැනීම මඟින්, එමඟින් ප‍්‍රකාශ විය යුතු සාමුහික අභිලාෂයන් හා කි‍්‍රයාකාරීත්වයන් දුර්වල කර ඇත. අවසානයේ ප‍්‍රභූන් අතර එකඟතාවයන් හා ගනුදෙනු ඇතිකරගන්නා ආයතනයන් බවට මෙම ආයතන පත්වී ඇත. ලිබරල් මූලධර්මයේ ඇති මෙම ගතිකය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ පටලවමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උනන්දුවීම හා ඒ සඳහා කි‍්‍රයාකිරීම ‘‘ලිබරල් වැඩ’’ ලෙස ලඝු කිරීම බරපතල දේශපාලන වරදකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලිබරල් පුද්ගල කොන්දේසිවලට යටකිරීමට එරෙහිව ප‍්‍රවාදයක් ගෙනඒම හා ඒ සඳහා ප‍්‍රසිද්ධියේ කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. නැත්නම් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ හා ‘ලිබරල්වාදය’ අතර ආතතිය පවත්වා ගැනීමය. එසේ නැතිව මේ පවතින්නේ ‘‘ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ යැයි භාරගැනීම නොවේ. Continue reading දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

ප්‍රේමසිරි කේමදාස
ප්‍රේමසිරි කේමදාස

නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට පෙනීයාමෙන් යමක් කියවෙතොත් ඒ කේමදාස ගැන නොව ඔහුගේ මත බාහුල්‍යය නිසා ඔහු සරදමට ලක්කරන්නට තැත් කරන්නවුන් පිළිබඳය. ඔහුගේ මතයන්හි තිබුණු බර නිසා ඒවා හැම විටම ආන්දෝලනාත්මක මත විය.


සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය. Continue reading කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර