“සංස්කෘතියට හොඳ මිලක් නියම කිරීම” : හුවමාරු අගය, පාරිභෝජනය සහ විනෝදාස්වාදය

හනා ආරන්ඩ්ට් ‍ගේ Crisis in Culture ලිපියෙන් උද්ධෘතයක්

අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ සංස්කෘතික දේට ආරම්භයේ දී විශේෂ වූ ශක්තිය අපගේ අවධානය ග‍්‍රහණයට ගෙන අප සසල කිරීමේ ශක්තිය ඒවාට නැති විය. මෙය සිදු වූ විට, ”අගයන් බාල්දු කිරීම” ගැන කතා කිරීමට මිනිස්සු පටන් ගත්හ.

…………………

බාග විට සමාජය හා බහුජන සමාජය අතර ප‍්‍රධාන වෙනස විය හැක්කේ, සමාජයට සංස්කෘතිය අවශ්‍ය වූ අතර,සංස්කෘතික දෑ සමාජීය භාණ්ඩ බවට අගයෙන් ඉහළ පහළ දමමින්, එහි ම ආත්මාර්ථකාමී අරමුණු සඳහා ඒවා භාවිත කළ හා අපචාරයට ලක් කළ නමුත්, ඒවා ”පාරිභෝජනය” නො කිරීම ය. ඒවායේ ඉතා ගෙවී ගිය ස්වරූපයෙන් පවා,මෙම දෑ යම් දෑ වශයෙන් පැවතුණු අතර ඒවායේ යම් විෂයමූල චරිත ස්වභාවයක් රැඳී පැවතිණි. සුන්බුන් ගොඩක් සේ දිස් වන තෙක් ඒවා බිඳී විසිරී ගිය නමුත්, ඒවා අතුරුදහන් වූයේ නැත. ඊට පරස්පර අන්දමින්, බහුජන සමාජයට අවශ්‍ය වනුයේ සංස්කෘතිය නොව, විනෝදාස්වාදය ය. විනෝදාස්වාද කර්මාන්තය මගින් ඉදිරිපත් කෙරෙන බඩුමුට්ටු සමාජය විසින්, ඇත්තෙන් ම, අන් කවර හෝ පරිභෝජන භාණ්ඩ මෙන්ම පරිභෝජනය කෙරේ. ඒවා මෙම ජීවිතයට පාන් සහ මස් මෙන් ම අවශ්‍ය ම නොවන්නේ විය හැකි නමුත් විනෝදාස්වාදය සඳහා ඇවැසි නිෂ්පාදන සමාජයේ ජීවන කි‍්‍රයාදාමයට උර දෙන්නේ ය. වාක්‍යාංශයට අනුව, ඒවා ආධාර වනුයේ කාලය ගෙවා ගැන්ම සඳහා ය, ගෙවා දමනු ලබන හිස් කාලය විවේක කාලය නොවේ, බැරෑරුම් ලෙස කියතොත් ජීවන කි‍්‍රයාදාමය මගින් අත්‍යවශ්‍ය කර ඇති සියලූ කටයුතු හා සැලකිලිවලින් අප නිදහස් හා, එබැවින් ලෝකය හා එහි සංස්කෘතිය වෙනුවෙන් අපට නිදහස ඇති කාලය ය. එය වඩාත්, අවශේෂ, වූ කාලය ය, එය ඒත් ස්වභාවයෙන් ජීව විද්‍යාත්මක ය, ශ‍්‍රමය හා නින්දට උරුම ප‍්‍රමාණය ලද පසු ඉතිරි වූව ය. විනෝදාස්වාදය මගින් පිරවෙන්නේ යැ යි අදහස් කෙරෙන මෙම හිස් කාලය,ජිවවිද්‍යාත්මක ව හැඩගැස්වුණු ශ‍්‍රම චක‍්‍රයේ”මාක්ස් කියන්නට පුරුදුව සිටි පරිදි, ”සොබා දහම සමග මිනිසාගේ ජීව සම්බන්ධයේ” හිස්තැනකි.

නූතන තත්ත්වයන් යටතේ මෙම හිදැස නිරන්තරයෙන් වැඩෙන්නේ ය; විනෝදාස්වාදය මගින් පිරවිය යුතු වන තව තවත් කාලය නිදහස් කෙරේ, නමුත් හිස් කාලයේ මෙම විශාල වැඩි වීම කාලයේ ස්වභාවය වෙනස් කරන්නේ නැත. විනෝදාස්වාදය, ශ‍්‍රමය හා නින්ද සේ ම, වෙනස් කළ නොහැකි අන්දමින්, ජීව විද්‍යාත්මක ජීවන කි‍්‍රයාදාමයේ අංගයකි. ශ‍්‍රමය වැය කිරීමේ දී හෝ විවේකයේ දී හෝ, පරිභෝජනයේ හෝ විනෝදාස්වාදය අකි‍්‍රය ලෙස ලැබීමේ යෙදීමේ දී හෝ, ජීව විද්‍යාත්මක ජීවිතය හැම විට ම, දේවල් ගිල දැමීමෙන් ඒවායින් පෝෂණය වන ජීව පද්ධතියකි. විනෝදාස්වාද කර්මාන්තය ඉදිරිපත් කරන භාණ්ඩයන්, ජීවන කි‍්‍රයාදාමයට ඔරොත්තු දී, ලෝකයේ නිත්‍ය උපාංග බවට පත් වීමට, ඒවාට ඇති හැකියාව මගින් ඒවායේ විශිෂ්ටත්වය මැනෙන ”දේවල්”, සංස්කෘතික වස්තූන් නොවේ, ඒවා මෙම ප‍්‍රමිතීන්ට අනුව නොමැනිය යුතු යත එමතු නොව, ඒවා ප‍්‍රයෝජනය සහ හුවමාරුව සඳහා පවතින අගයයෝ නොවෙති. ඒවා පරිභෝජන භාණ්ඩ ය, අන් කවර හෝ පරිභෝජන භාණ්ඩ මෙන් ම, පාවිච්චි කර අවසන් කිරීමට ඉරණම් ගත ව ඇති පරිභෝජන භාණ්ඩ ය.

පානුත්, සර්කසුත් ආහාරයත් විනෝදයත් දෙකම සත්‍ය වශයෙන් ම එකට විය යුතු යත දෙක ම ජීවිතයට, එහි සංරක්ෂණය හා ප‍්‍රතිජීවනයට අත්‍යවශ්‍ය ය, ජීවන කි‍්‍රයාදාමයේ මාර්ගයේ දී මේ දෙක ම අහෝසි වී යන්නේය”එනම්,දෙක ම නිරන්තරයෙන් අලූතින් නිපදවා අලූතින් ඉදිරිපත් කළ යුතු ය, නැතොත් මෙම කි‍්‍රයාදාමය සහමුලින් නවතී. දෙකම මිනිය යුතු ප‍්‍රමිතීන් වන්නේ නැවුම් බව හා නවතාවය යි. සංස්කෘතික හා කලාත්මක වස්තූන්, එනම් අප මෙලොව හැර යාමෙන් පසු ව පවා මෙහි තිබිය යුතු යැ යි අදහස් කෙරෙන දෑ පවා, මැනීමට, අද අප මෙම ප‍්‍රමිතීන් පාවිච්චි කරන ප‍්‍රමාණය විනෝදාස්වාදයේ අවශ්‍යතාව සංස්කෘතික ලෝකයට තර්ජනය කිරීමට පටන් ගෙන ඇති තරම පැහැදිලිව දක්වයි. නමුත් ප‍්‍රශ්නය ඇත්තට ම මතු වන්නේ, බහුජන සමාජයෙන් හෝ එහි අවශ්‍යතා සපුරා ලද විනෝදාස්වාදී කර්මාන්තයෙන් හෝ නො වේ. ඊට පරස්පර අන්දමින්, බහුජන සමාජයට විනෝදාස්වාදය පමණක් මිස සංස්කෘතිය අවශ්‍ය නො වනුයෙන්, එය සංස්කෘතියට තර්ජනයක් වනුයේ යහපත් සමාජයේ අවරසිකභාවයට වඩා අඩුවෙන් විය හැකිය. සමහර විට තරමක් දුරට, බහුජන විනෝදාස්වාදයේ ඝෝෂාකාරී නිස්සාරත්වය විනිවිද යාමට තිබූ නොහැකියාව නිසා විය හැකි, කලාකරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ, නිතර විස්තර කෙරෙන ව්‍යාධිය පසෙක තිබිය දී සියලූ දේශපාලන කරුණු වලට හාත්පසින් වෙනස් ලෙස දිගින් දිගට ම සමෘද්ධිමත් වනුයේ, හරියට ම කලා හා විද්‍යාවන් ය. කුමක් කෙසේ වුවත්, විනෝදාස්වාද කර්මාන්තය එහිම පරිභෝජන භාණ්ඩ නිපදවන තාක්, නරක් නොවීමට නම් නිපදවූ වහා ම පරිභෝජනය කළ යුතු භාණ්ඩ නිපදවීම ගැන බේකරියකට අවලාද නඟනවාට වැඩියෙන්, විනෝදාස්වාද භාණ්ඩවල කල් නොපවත්නා බව ගැන ඊට අවලාද නැඟීමට අපට නොහැකිය. කිසි”අගයක්” උකහා ගත නොහැකියෙන්, විනෝදාස්වාදය හා තුටුපහටුවීම ගර්හාවට ලක් කිරීම, හැම විට ම, උගත් අවරසිකභාවයේ ලක්ෂණය විය. සත්‍යය වනුයේ අප සැම ජීවිතයේ මහා චක‍්‍රයට යටත් බැවින් අප හැමට එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විනෝදාස්වාදය හා තුටුපහටුවීම අවශ්‍ය වීම ය. අපගේ සගයන්වන ජන සමූහයන් විනෝදය හා පී‍්‍රතිය ලබන දේවලින් ම, හරියට ම, අපටත් විනෝදය හා පී‍්‍රතිය ලද හැකිය යන්න ප‍්‍රතික්ෂේප කිරීම, තනිකර ම කුහකත්වය හෝ සමාජීය පුහු අහංකාරය වේ. සංස්කෘතියේ නො නැසී පැවැත්ම සම්බන්ධයෙන් ගත් කළ නියත වශයෙන් ම, එය, හිස් කාලය විනෝදාස්වාදයෙන් පියවන්නන්ගෙන් තර්ජනයට ලක් වන්නේ, තම සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා එය යම්, ආවාට ගියාට ඇති කෙරුණු අධ්‍යාපනික සුකුරුත්තම්වලින් පුරවන්නන්ගෙන් වනවාට වඩා අඩුවෙනි. කලාත්මක ඵලදායිතාව සම්බන්ධයෙන්, බහුජන සංස්කෘතියේ අතිමහත් පෙලඹීම්වලට ඔරොත්තු දීමට හෝ, බහුජන සමාජයේ කලබැගෑනිය හා රැවටිල්ල මගින් අන්දමන්ද කරනු ලැබීමෙන් වැළකීම, ශිෂ්ට සමාජයේ සංස්කෘතික පුහු අහංකාරයන්ගේ වඩා කපටි ඝෝෂාවන් හා, වඩා විදග්ධ පෙලඹීම් මඟහැරීමට වඩා දුෂ්කර නොවිය යුතු ය.

අසතුටට හේතු වන අන්දමින්, මේ කරුණ, ඒ සා සරල නො වේ. යෝධ රුචීන් හා හදිගැසීමට විනෝදාස්වාද කර්මාන්තයට සිදු ව ඇත, එහි බඩුමුට්ටු පරිභෝජනයෙන් ක්ෂයව යන බැවින්, එය නිරතුරු ව අලූත් භාණ්ඩ ඉදිරිපත් කළ යුතු ය. මෙම අකරතැබ්බයේ දී ජනමාධ්‍යයන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෝ සුදුසු අමුද්‍රව්‍ය සොයා ගැන්මේ අපේක්ෂාවෙන් අතීත හා වර්තමාන සංස්කෘතියේ සමස්ත පරාසය ම අස්සක් මුල්ලක් නෑර අවුස්සා බලති. එපමණක් නොව, මෙලෙස යොදාගන්නා ද්‍රව්‍ය ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කළ නොහැකිය. විනෝදාස්වාදය ගෙන දෙන බවට පත් කිරීම සඳහා එය වෙනස් කළ යුතු වේ, පහසුවෙන් පරිභෝජනය කළ හැකි වන සේ එය පිළියෙළ කළ යුතු වේ.

බහුජන සංස්කෘතිය පැවැත්මට එනුයේ බහුජන සමාජය සංස්කෘතික වස්තූන් ඩැහැ ගන්නා විට ය, එහි අනතුරු දායකත්වය වනුයේ, සමාජයේ (සියලූ ජීව විද්‍යාත්මක කි‍්‍රයාවලින් මෙන්, ඇති සියලූ දේ, ගිජු ලෙස, එහි ජීව පද්ධතියේ චක‍්‍රය තුළට ඇද ගන්නා) ජීවන කි‍්‍රයාදාමය වචනයේ පරිසමාප්ත අරුතින් ම, සංස්කෘතික වස්තූන් පරිභෝජනය කරනු ඇතිවීමයි. ඒවා කා දමා විනාශ කරනු ඇති වීමයි. ඇත්ත වශයෙන් ම මා සඳහන් කරන්නේ මහා පරිමාණ බෙදා හැරීම ගැන නොවේ. පොත් සහ චිත‍්‍ර ප‍්‍රතිනිෂ්පාදනය කොට, අඩු මිලට වෙළඳපොළට වීසිකර, විශාල අලෙවියක් අත් කර ගනු ලබන විට, ප‍්‍රශ්නයට ලක් වන වස්තූන්ගේ ස්වභාවයට මෙය බලපාන්නේ නැත. නමුත් මෙම වස්තූන් ම වෙනස් කරනු ලැබූ විට”නැවත ලියූ විට, සාරාංශ ගත කළ විට, ලූහුඬු කළවිට, ප‍්‍රතිනිෂ්පාදනයේ දී හෝ චිත‍්‍රපටවලට සූදානම් කිරීමේ දී බාල තත්ත්වයට පහළ දැමුණු විට”ඒවායේ ස්වභාවයට හානි සිදුවන්නේ ය. ඉන් අදහස් වන්නේ, සංස්කෘතිය බහුජනතාව වෙත පැතිර යන බව නො ව, විනෝදාස්වාදය ඇති කිරීම සඳහා සංස්කෘතිය විනාශ කෙරෙන බව ය. මෙහි ප‍්‍රතිඵලය බිඳී විසිරී යාම නොව, දිරාපත් වීම ය. එය සකි‍්‍රය ව ප‍්‍රචලිත කරන්නෝ ‘ටින් පෑන් ඇලී’ රචකයන් නොව, බොහෝ විට බහුශ‍්‍රැත, බොහෝ කියවා ඇති, සහ හැම්ලට් මයි ෆෙයා ලේඩි තරමට ම විනෝදාස්වාද ජනක හා ඇතැම් විට අධ්‍යාපනික ද විය හැකි යි, මහජනතාවට ඒත්තු ගැන්වීම සඳහා, සංස්කෘතික වස්තූන් සංවිධානය, බෙදා හැරීම හා වෙනස් කිරිම එක ම කාර්යය කරගත් විශේෂ වර්ගයක බුද්ධිමත්තු වෙති. සියවස් ගණන් අමතක වීම හා නොතකා හැරීමට ඔරොත්තු දුන්, අතීතයට අයත් ශ්‍රේෂ්ඨ කතුවරුන් බොහෝ ඇත. නමුත් ඔවුන්ට කීමට තිබි දෙයෙහි, විනෝදාස්වාදී පිටපතකට ඔරොත්තු දීමට ඔවුන්ට හැකි වේ ද යන්න තවමත් විවෘත ප‍්‍රශ්නයකි.

සංස්කෘතිය වස්තූන්ට සම්බන්ධ අතර, එය ලෝකයේ ප‍්‍රපංචයකි. විනෝදාස්වාදය මිනිසුන්ට සම්බන්ධ අතර ජීවිතයේ ප‍්‍රපංචයකි. වස්තුවක් ඊට කල් පැවැතීමට හැකිතාක් දුරට එය සංස්කෘතික වේ. එහි කල් පැවැත්මේ හැකියාව, එය භාවිත කිරීමෙන් හා පාවිච්චියට ම අවසන් වීමෙන්, ප‍්‍රපංචයීය ලෝකයෙන් එය යළි අතුරුදහන් කරවන ගුණය වූ,කෘත්‍යවාදීභාවයේ ප‍්‍රතිවිරුද්ධය වේ. වස්තූන්ගේ මහා පාවිච්චිකරු හා පරිභෝජකයා ජීවිතය ම ය, පුද්ගලයාගේ ජීවිතය හා සමස්තයක් වශයෙන් සමාජයේ ජීවිතය යි. ජීවිතය වස්තුවක ඇති දේ–මය බව ගැන තැකීමක් නොකරයි. සෑම දෙයක් ම කෘත්‍යමය හැකියාවෙන් යුතු විය යුතු යැ යි, යම් අවශ්‍යතාවක් ඉටු කළ යුතු යැ යි, එය අවධාරණය කරයි. වර්තමානය හෝ අතීතය විසින් නිෂ්පාදිත සියලූම ලෞකික වස්තු සහ දේවල් හරියටම ඒවා ඇත්තේ යම් අවශ්‍යතාවක් ඉටු කිරීමට පමණක් වූ සෙයින් සමාජයේ ජීවන කි‍්‍රයාදාමය සඳහා වන හුදු කෘත්‍යයන් පමණක් ලෙස සැලකෙන විට, සංස්කෘතිය තර්ජනයට ලක් වේ, මෙම කෘත්‍යවාදීකරණය සඳහා, ප‍්‍රශ්නයට ලක්වන අවශ්‍යතා ඉහළ මට්ටමක ද පහළ මට්ටමක ද යන්න අදාළ නොවන තරම් ය. කලාවන් කෘත්‍යවාදී විය යුතුය, දේවස්ථාන සමාජයේ ආගමික අවශ්‍යතාව ඉටු කළ යුතු ය, චිත‍්‍රයක් බිහි වනුයේ ඒ ඒ චිත‍්‍ර ශිල්පියාගේ ස්වයං ප‍්‍රකාශන අවශ්‍යතාවයෙනි, ඒ දෙස බලනුයේ බලන්නාගේ ස්වයං–පරිපූර්ණත්ව ආශාවක් නිසාය, යන මේ සියලූ අදහස් කලාව සමග කොතරම් අසම්බන්ධ ද, ඓතිහාසික වශයෙන් කොතරම් අලූත් ද යත් ඒවා නූතන අගතීන් ලෙස ඉවත දැමීමට යමෙක් පෙලඹේ. දේවස්ථාන ඉදි කරන ලද්දේ දෙවියන් වහන්සේගේ උත්තම මහිමය වෙනුවෙනි. ඒවා ගොඩනැගිලි වශයෙන් නියත වශයෙන්ම ජන සමාජයේ අවශ්‍යතා ඉටු කළ අතර, ඒවායේ සවිස්තර සුන්දරත්වය, ඕනැ ම සාමාන්‍ය ගොඩනැගිල්ලකින් එපමණට ම හොඳින් ඉටු කරන්නට හැකිව තිබූ, මෙම අවශ්‍යතා මගින් කිසි දා පැහැදිලි කළ නොහැකිය. ඒවායේ සුන්දරත්වය සියලූ අවශ්‍යතා අතිරෝහණය කළ අතර, ඒවා සියවස් ගණන් ඔස්සේ පවතින බවට පත් කළේ ය.

(C) ‘කතිකා’ අධ්‍යයන කවය

Advertisements