නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

ආචාර්ය නලින් ස්වාරිස් – අනුස්මරණය

උපත 1938.11.06
විපත 2011.04.17

Nalin_Swaris_file_SLG_XX
නලින් අප අතරින් වෙන්ව ගියේ හදිසියේ ම ය. ඒ අපවත්, ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙස ය. ජීවත්ව සිටිය දී මෙන්ම තම මරණයේදීත් නලින් තම සමීපතමයන්ගේ බලවත් අවධානය තමා වෙත ඉල්ලා සිටියේ ය. නලින්ගේ ඇසුර ලැබූ පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ ජීවිතවලට සහ අපගේ පොදු ලෝකයට නලින්ගේ ජීවිතයෙන් ජනිත වූ ආලෝකය තුළ ඔහු අපට ඉතිරිකොට ගිය දෑ බොහෝ ය.

මිනිසෙකුගේ, විශේෂයෙන්ම නලින් වැනි සංකීර්ණ මිනිසෙකුගේ ජීවිතයක එක් අනන්‍යතාවයකට හසුකර ගත නොහැකි තැන් සහ මාණ කොතරම් තිබේදැයි අපට සිතා බැලිය හැකිය.

නලින්ගේ ජීවිතය හා බැඳුනු අන් බොහෝ අය වෙති. ඔවුනට නලින් ගැන කියන්නට ඔවුන්ගේම කථා තිබේ. මගේ මෙම ඉදිරිපත් කිරීම මගේ පර්යාලෝකයෙන් මා දුටු නලින්ගේ ජීවිතයේ මට වැදගත් යැයි හැඟෙන පැතිකඩ කිහිපයක් හසුකරගන්නට උත්සාහ ගන්නා නිසල ඡායාරූප කිහිපයක් වැනි යැයි සිතමි.

නලින් පෞද්ගලිකව දැන සිටි, අප සියලු දෙනාමත්මෙලොවින් පියමං කළ පසුත්, මෙලොව පැවැතීමේ විභවයක් ඇති නලින්ගේ බුද්ධිමය දායකත්වය පිළිබඳ යමක් පළමුව කෙටියෙන් සඳහන් කරන්නට කැමැත්තෙමි.

බුදුන්ගේ සමයේ ප්‍රතිසංස්කරණවාදී දර්ශනය පිළිබඳව නලින්ගේ ආචාර්ය උපාධි නිබන්ධය පදනම් කරගත් ප්‍රධාන කෘතියෙන් අවධානය කළ කරුණ නම්, බුදුන්ගේ දර්ශනය, පුද්ගල විමුක්තිය සඳහා වන ආගමික දහමක් ලෙස නොව, එය සමාජීය ක්‍රියා සඳහා, ප්‍රබුද්ධ සමාජීය ජීවිතයක් ගත කිරීමට මාවතක් ලෙස අප වටහා ගත යුතු බවයි. එම කෘතියත් බුදු දහම ආශ්‍රිත ඔහුගේ අනෙකුත් ලිපි ලේඛණත් පිළිබඳ විද්වතුන් අතර සාකච්ඡා පවතී.

මගේ කරුණු ඉදිරිපත් කිරීමේ දී මා අවධානය කරන්නේ මා දැන සිටි නලින්ගේ පොදු සමාජීය හා දේශපාලන ජීවිතයේ සන්ධිස්ථාන ඇසුරෙන් විද්‍යාමාන නලින් නැමති පුද්ගලයා පිළිබඳ කරුණු කිහිපයකි.

මට මතක අන්දමට මා නලින් මුලින්ම හමුවන්නට ඇත්තේ 1970 දශකයේ පසු භාගයේ, සුසිල් සිරිවර්ධනයන්ගේ මූලිකත්වයෙන් බිහි වූ “මාවත“ නමැති පුරෝගාමී වාමාංශික සංස්කෘතික ප්‍රකාශනයේ කටයුතුවලට මා ද සම්බන්ධ වීම හරහායි. එයට අනුග්‍රහය දැක්වූ සුසිල් සිරිවර්ධන සහ නලින්ගේත් මිත්‍රයෙකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක හරහායි.

නලින් මේ මිතුරන් පිරිස අතරට ගෙන එන්නේ, සාමූහික ජීවිතය යහපත් කිරීමේ අරමුණින් සමාජ විපර්යාසය සඳහා වූ දේශපාලනයකට නලින් තුළ තිබූ කැපවීමයි.

1977න් පසු සමයේ ලංකාවේ දේශපාලන සහ මානව අයිතිවාසිකම් රැකීමේ කටයුතු වලට නලින් සක්‍රීයව සහභාගි විය.

1978 දී ලංකාවේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය පිහිටුවීමේ ආරම්භකයෙකු වූ නලින් ඒ බව හැමදාමත් සිහිපත් කලේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය ලංකාවේ වාමාංශික නැඹුරුවක් ඇති සමාජ විද්‍යාඥයන්ගේ සංගමයක් බවට පත්විය හැකි බවටත්, එයින් ලංකාවේ සමාජ දේශපාලන, සංස්කෘතික කතිකාවට වැදගත් මැදිහත්වීමක් කළ හැකි බවටත්, එය ආරම්භයේ දී තමන් තුළ තිබුණු බලවත් අපේක්ෂාව පිළිබඳ උකටලි බවින් පිරුණු හැඟීමකිනි.

පසු කලෙක ඔහු නෙදර්ලන්තයේ ආචාර්ය උපාධිය සඳහා හදාරන සමයේ අපගේ මිත්‍රත්වය අලුත් විය. නලිනුත්, මමත්, ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳත්, එකල අප දෙදෙනාම අලුතින් සොයාගෙන තිබුණු පශ්චාත් නූතනවාදය පිළිබඳත් විද්‍යුත් තැපෑලෙන්, දුරකථනයෙන් සහ හමු වූ විටෙක රැය ගෙවෙනතාක් එතෙරදීත්, මෙතෙරදීත් සාකච්ඡා කළෙමු.

ශාස්ත්‍රීය සංස්කෘතියක පදනම විය යුතු, මිතුරන් අතරේ සිදුවන එවන් සංවාද අවසානය තෙක්ම අපට අවස්ථාව ලැබුණු හැම විටකම අප අතර සිදු විය.

මෙහිදී උදාහරණයක් දක්වතොත්,ග්‍රීකයන් පිළිබඳව නලින්ගේ ආකල්පය සහ මගේ ආකල්පය නිරතුරුවම ගැටුණු එකක් විය. නලින් ග්‍රීකයන් පිළිබඳ තම අදහස් ගොඩනගාගෙන තිබුණේ කිතුණු දහම සහ පශ්චාද් නූතනවාදී විග්‍රහයන් තුළිනි. මේ පිළිබඳව අප අතර නිතරම ඇති වූ විවාදය පසු කළෙක කෙළවර වූයේ අවසානයේදී ඔහුගේ යෝජනාව පරිදි අප එම මාතෘකාව ගැන තව දුරටත් කතා කිරීම නවතාලීමෙනි. කෙසේ වුවත්, ඔහු අවසානයේදී ග්‍රීසියේ ඇතන්ස් නුවර සංචාරයක යෙදීම මගේ සතුටට හේතු වූ බව මෙහිලා කිව යුතුය.

තරුණයන්ට තමා දන්නා දේ කියා දීමටත්, ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයන්හි දිගින් දිගටම යෙදීමටත්, ඔහු පැකිළුනේ නැහැ. නමුත් ඒ සමඟින්ම ඔහු තරුණයන්ගෙන් උසස් ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමත්, තමා තමාට අවංක වීමත් ඉල්ලා සිටියා. මෙහිලා හොඳම උදාහරණයක් තමයි පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් ලාංකේය සමාජයේ ඇති වූ කතිකාවට නලින් කළ මැදිහත් වීම. පළමුව, විභව සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, දෙවනුව කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ ආරාධිත දේශණ මාලාවකදීත්, පුවත්පත්, සඟරා ආදියට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම ලියූ ලිපිවලිනුත් ඔහු තම දායකත්වය ලබා දුන්නා. මුලින් තම ගුරුදේවයාණන් යැයි නලින් වන්දනාමාන කළ මෙම තරුණයන්, පසුව නලින්ගේ විචාරක්ෂිය ඔවුන්ගේ විවේචනයට යොමු කළ විට ඔවුන් නලින්ට පහර දෙන්නට යොමු වුණත් නලින් සුවාරිස් සැළුණේ නැහැ. කථිකාව තුළ සත්‍යය ගවේෂණයට ඔහු තුළ වූ කැපවීම, පටු පක්ෂපාතීත්වයන් ඉක්මවා යන්නකි. හැමවිටමත් තරුණයන්ට කතිකාවේ සමානයන් ලෙස සළකන්නට සූදානම්ව සිටි නලින්, ඔවුන් එබඳු සමානත්වයක් නිසා හැම අතින් තමන් නලින් හා සමාන යැයි සිතා කටයුතු කරන අවස්ථා දුටුවේ එබඳු තරුණයන් තුළ පැවති පුහු අහංකාරකමක් ලෙසටයි.

දැනුම පිළිබඳ නලින් තුළ තිබුණු ආකල්පයෙන් ප්‍රකට කළ මානයන් කිහිපයක් තිබුණා. ඔහු හැදුනේ වැඩුනේත්, අධ්‍යාපනය ලැබුවේත්, කිතුණුවෙක් ලෙසය. ඔහු කිතුණු පූජකවරයෙකු දක්වාම ඒ මගේ ගිය නමුත් බුදු දහම ගැඹුරින් හැදෑරීමට ඔහු තුළ ඇල්මක් ඇති කිරීමට බුදු දහම තම මව් පාර්ශවයේ එක් ආගමික මූලයක් වීමත්, තමාගේ සමාජයේ බහුතර සමාජ කණ්ඩායමක දහම වීමත් හේතු විය.

ඔහු ඥානය සොයා ගියේ හුදු ශාස්ත්‍රාලීය අභිලාෂයකින් ඒ සඳහා මෙහෙයවන්නෙකු ලෙස නොව තමාම පිළිබඳත් තමා අයිති ලෝකය පිළිබඳත් සමාජීය සත්‍යය ගවේෂණයට ලාලසාවක් තිබූ කෙනෙකු ලෙසටය. බුදු දහම හැදෑරීම තුළ ඔහු සොයා ගත්තේ තමන් පැතූ සමාජීය විමුක්තිය උදාකරගත හැකි දහම් මඟකි.

නලින් බුද්ධිමය කටයුතු වලදී බුද්ධිමතුන්ගෙන් විවෘතභාවයත් අවංකභාවයත් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම තම බුද්ධිමත් මිතුරන් තමන්ගේ අදහස්වලට තම දේශපාලන ජීවිතයේ දී සත්‍යවාදී වනු ඇතැයි අපේක්ෂා කළ ඔහු ඔවුන් එසේ නොවන බව දුටු විට ඒ පිළිබඳ දැඩි වගකීමක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පෞද්ගලික තලයේ ඉටු නොවුනේ නම් එය මහජන තලයට ගෙන යාමට ඔහු නොපැකිළුනි. මා තේරුම් ගත් ආකාරයට ඔහු මෙය සැළකුවේ තම මිත්‍රත්වයට කරන ගරු කිරීමක් ලෙසය. නලින් තම අත්දැකීමෙන් තේරුම් ගත් දෙයක් නම්, ලංකාවේ බොහෝ මිතුරන්ට, ඔහුගේ මෙම අභියෝගය භාරගත නොහැකිව ‘නලින් තමන්ට අකාරුණික වීය’ යන හැඟිමෙන් ඔහුගෙන් දුරස්ථ වූ බවයි. මෙලෙසින් සිදුවුනේ නලින්ගේ ඇසුරේ ඔහුගේ මිතුරන්ගේ මිත්‍රකම පරීක්ෂාවට ලක්වීම යයි සිතමි.

මේ පිළිබඳ නලින් තුළ බලවත් කම්පාවක් තිබුණි. ඒ පිළිබඳ නිතරම ඔහු කතා කළේය. දේශපාලනික මතභේදයක් මත නොවුන ද මෙලෙසින් තමන්ගෙන් දුරස්ථ වූ එක් ඉංග්‍රීසි බසින් ලියන ඡ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය මිතුරෙකු පිළිබඳ තම ජීවිතයේ අවසාන කාලයේ වරක් ඔහු විද්‍යුත් තැපැල් පණිවුඩයක මෙසේ ලියුවා.

” How unhappy I was about the conflict we had. This is something I have not been able to deal with in Sri Lanka. People suddenly change without telling why and not giving a straight answer even when asked”

ඔහු ඉන් කියා සිටියේ තමා සහ එම මිතුරා අතර අැතිවූ මත ගැටුම පිළිබඳ තමා බෙහවින් ඉතා අසතුටට පත්වූ බවයි.”මෙය ලංකාවදී මට විඳ දරාගන්න අමාරු වූ කරුණක්. මිනිස්සු හිටි හැටියම වෙනස් වෙනව එහම වෙන්නෙ අැයි කියල කියන්නෙ නැතුව සහ මම ඒ් ගැන අැහුවම කෙළින් පිළිතුරක් දෙන්නෙ නැතිව” ඔහු කීවා.

ජනවාර්ගික ප්‍රශ්නය සහ යුද්ධය මුල්කොටගෙන නලින් දිගින් දිගට ලියූ ලිපි ලේඛන පාදක කොටගෙන ඇති වූ මතභේදයන් ඇසුරෙන් සිත් රිදුනු ඇතැමුන්, නලින් ජාතිවාදියෙකු ලෙස සිතන්නට පෙළඹීමට ඉඩ තිබුණත් ඔහු කිසිසේත්ම ජාතිවාදියෙකු නොවෙයි. අඩුම වශයෙන් ඔහු සිංහල ජාතිකවාදියෙකුවත් නොවෙයි. සාමය සඳහා ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරයක් බිහිවන්නට බොහෝ පෙර සිට නලින් ජනවාර්ගික සාමය සඳහා උනන්දුවක් දැක්වූ කෙනෙක්. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් සඳහා සාධාරණ දේශපාලන විසඳුමක් තිබිය යුතුයි යන මතයේ ඔහු සැමදාමත් සිටියා. ඔහුගේ දැඩි විවේචනයට ලක් වුනේ ජනවාර්ගික ප්‍රශ්නයේ නාමයෙන් ලාංකේය රාජ්‍යයත්, එමඟින් රටේ ස්ථායීභාවයත් අනතුරේ හෙළන්නට ගැණුනු උත්සාහයන් සහ ඊට තම සමහර මිතුරන්ද ඇතුලු විවිධ පිරිස් දැක්වූ අනුග්‍රහය යි. මෙහිදී ඔහු ක්‍රියා කොට ඇත්තේ පුරාතන රෝමාණූ අර්ථය හා සබැඳි දේශප්‍රේමියෙකු ලෙසය යන්න නලින්ට මේ පිළිබඳ තිබුණු අර්ථකථනය බව ඒ පිළිබඳ කළ සාකච්ඡා වලින් හෙළි වුණා. ඔහුගේ දේශප්‍රේමය සිංහල ජාතිකවාදය හා බැඳුණක් නොවෙයි. එමෙන්ම, අවශ්‍ය වූ විට ලාංකේය රාජ්‍යය සහ පාලනතන්ත්‍රය නිර්දය ලෙස විවේචනය කරන්නට ද ඔහු පැකිළුනේ නැහැ.

නලින් තම ජීවිතයේ අවසාන කාලය ලංකාව පිළිබඳ කලකිරීමකින් ගතකිරීමට මෙබඳු කරුණු ද හේතුවන්නට ඇතැයි සිතමි. ඔහු නෙදර්ලන්තයේ සිට ලංකාවට පදිංචියට ආ විට, ලාංකේය සමාජයේ යහපතට දායක වීමට තිබූ බලාපොරොත්තු කඩ වීම මෙයට ප්‍රධාන හේතුවයි. ලාංකේය සමාජය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පැවතුණි. අප සමාජය යහපත් කිරීම පිළිබඳ පරමාදර්ශී අපේක්ෂාවන් ඇතිව සමාජීය, දේශපාලන කටයුතුවලට එළඹෙන විට සමාජ යථාර්ථය එබඳු පේක්ෂාවන්ට එරෙහිව යන විට අපට මුහුණ දෙන්නට වන කටුක අත්දැකීමකි මෙය.

ලංකාව පිළිබඳ කලකිරීම වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව, ඕලන්දය පිළිබඳ, යුරෝපය පිළිබඳ ඇල්ම ඔහුගෙන් ප්‍රකාශයට පත් වුණි. ඔහු භාවාත්මයෙන් ඕලන්ද වැසියෙකු යැයි මට ඇතිවුණු සිතුවිල්ල සමඟ අන් අය එකඟ වේ දැයි මා දන්නේ නැහැ. ඔහු හදවතින් යුරෝපීය වූ බවයි මගේ අවබෝධය. ඕලන්ද සමාජයේ ඇති මනා සංවිධිත බව සසඳමින් ඔහු ලංකාව විවේචනය කළා. ඔහුගේ ඕලන්ද හැදියාවත්, ලාංකේය සමාජයෙන් ඔහු අපේක්ෂා කළ දේත් අතර ගැටුමක් තිබුණා. මෙනිසා ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ඕලන්දයට ගිය හැම විටකම, ලංකාව පිළිබඳ ඔහු තුළ තිබුණු සියලු දුක් කරදර නිවී ගිය බවක් පෙන්නුම් කළා.

අවසානයට මා කතා කරන්නට කැමතියි, නලින් නැමති සුන්දර මිනිසා පිළිබඳ. ඔහු පිළිබඳව මහාචාර්ය වයි. කරුණාදාස එවා තිබූ පණිවුඩයක සඳහන්ව තිබුණා, ඔහුට මනරම් පෞරුෂයක් තිබුණු බව සහ ඔහු මිත්‍රත්වයේ ජීවගුණයෙන් පිරුණු බවත්.

“ He was an intellectual giant, an academician of great erudition, a feeling critic. Yet he had a winsome personality, he was full of the spirit of camaraderie”

යනුවෙන් මහාචාර්ය වයි. කරුණාදාස සඳහන් කළා.

නලින් පිටතින් මෙන්ම ඇතුළතින් ද මන බඳින, සිත්කලු පුද්ගලයෙකු වූ බව ඔහුව සමීපව ඇසුරු කළ අය දන්නවා. ඔහු තම මිතුරු ඇසුරට පත් පුද්ගලයන් කෙරෙහි දැක්වූයේ දැඩි මිත්‍ර සන්ථවයක්. ඔහු තමාගේ ඇසුරට පත්වන පුද්ගලයන්ට ගැඹුරින් දයාව දැක්වූ පුද්ගලයෙක් බව මහාචාර්ය අසංග තිලකරත්න තම ලිපියක පෙන්වා දී තිබුණා. ඔහු නූතන දෘෂ්ටියකින් හැමටම එක හා සමානව සැළකූ පුද්ගලයෙක්.

ජීවිතයේ අවසානකාලයේ විවිධ අසනීපවලට ලක්ව, අන් අයෙග් පිහිට මත යැපෙන්නට සිදු වූ විට, තමන් තුළ නුරුස්නා ගතියක් ඇති වූ බව දැනගත් නලින් වරක් මට කියා සිටියේ, මහළු නුරුස්නා මිනිහෙකු වීමට තමන්ට අනවශ්‍ය බව.

“I don’t want to be an old crotchety man”

යනුවෙන් ඔහු සඳහන් කළා.

ඔහු කැමති වුනේ නැහැ, තමන් මහලු යැයි අන් අය කියනවාට.

ඔහුගේ සුන්දර ගතිගුණ පිළිබඳ මට වඩා හොඳින් කියන්නට කැමති අය සිටිනවා යැයි මා විශ්වාස කරනවා. උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි, පවුලේ මිත්‍රයෙකු ලෙස ඔහු සමීපව දැන සිටි හසිතා වික්‍රමසිංහ නලින් ගැන ලියූ, පුවත්පතක පළවූ කවිය. එහි ලියා තිබුණ නලින්ගේ වාග්චතුරත්වය, හාස්‍යය, සිනහව, ඔහුගේම වන ප්‍රීතිය, සහ අව්‍යාජ උණුසුම් ස්වරූපය පිළිබඳ. බලන්න, පහත සටහන්වල (1) සඳහන් ඒ් ඉංග්‍රීසි කවිය.

අවසානයට මා සඳහන් කරන්නට කැමතියි, නලින් ගේ උපන් ගම පිළිබඳ ( පසු කළෙක මාද ඒහි පදිංචියට ආවා) වරෙක ඔහු විද්‍යුත් තැපෑලෙන් ලියූ කෙටි සටහනක් පිළිබඳ. තමන්ගේ කුඩා කල ජීවිතයේද කොටසක්ද ඊට අයත් වූ, මනහර ගහ කොළින් පිරුණු අසල් වැසි ප්‍රදේ්ශය සහ මාර්ෂල් වීදිය (දැන් ඩි ලා සාල් වීදියේ ) පහත පිහිටි, ගාලු මුවෙදාරට ජනයා යන්නාක් මෙන්, ඉරිදා දින සැඳෑවේ වාතාශ්‍රය පිණිස සියළු පංතීන් හි ජනයා ගිය මනහර මුහුදු බොක්ක ට සිදුව තිබුන දේ දිනපතා දැකීම තමන්ව කුපිත කරවන සුළු වූ බව ඔහු කියා සිටියා. “කැබැලිකොට, ඒක්තරා අාකාරයකින් මුඩුක්කුකරණයකට ලක් කොට තිබෙන අද ඔබ වසන ඉඩම (ඔහු මට කීවා ), මගේ කොළු වියේ ඉන්ද්‍රජාලිකකරණයට ලක් කෙරුනු, පළතුරු ගසින් ගහණ වූ කුරුල්ලන් ලේණුන් සහ නොසිතන කොළු කුරිරු කමින් මම දඩයම් කිරීමට පුරුදුව සිටි කටුස්සන් සමග භුක්ති විඳි, උද්‍යානය වීය. (ප්‍රභාකරන්ද මා මෙන් කටුස්සන් දඩයම් කළ අතර ඔහු උන් හමගසා ඉමහත් උනන්දුවකින් උන් අධ්‍යයනය කළ බව මා කියව්වේ සංත්‍රාසයෙනුයි.) පාරේ උඩට යනවිට වංගුවේ මෙතා්දිස්ත පල්ලියට අන්‍යොන්‍යව ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටි ඉඩම් කැබැල්ල ඒහි සිට මුහුදත්, ප්‍රදීපාගාරය සහ මුහුදු බොක්කත් මනරම්ව දැකිය හැකි දුව පැන අැවිදීමට හැකි කිසිවක් ඉදි නොකළ, ගස් සහ කටුඅකුල් තිබුණු පළල් අවකාශයක්. එය ප්‍රතිවිරුද්ධ පැත්තේ මුටුවෝල් වීදියට ප්‍රපාතයක් මෙන් පහතට වැටුණා. මාර්ෂල් වීදියට යාබදව දිවුණු ක්ලිෆ් හවුස් නම් වූ කදිම විශාල සුදු බංගලාවක් තිබුණු මුහුද වෙතට පහතට දිග හැරෙන නිවස සහ ඉඩම,බ්‍රෝකර්වරුන් විසින් අත්පත් කරගෙන කඩා බිඳ දමනු ලැබුවා. මගේ නිවසේ (මේ ඔහු පසු කළෙක වාසයට ආ පිළියන්දල නිවසයි) උඩට යන තරප්පුව පඩිපෙළ පාමුළ මා රාමු කර ඒල්ලා තිබන බ්‍රිතාන්‍ය පරිසර කණ්ඩායමක් පාවිච්චි කළ පෝස්ටරයකට යොදා තිබුණු ඩිලාන් තෝමස්ගේ කවිය Fern Hill මට දවස පුරාම මෙම අසල්වැසි ප්‍රදේශ සිහිපත් කරනවා” යැයි නලින් ලියුවා.

 Fern Hill පෝස්ටරය
Fern Hill පෝස්ටරය

පහත තියෙන්නේ ඔහු මට ලියා එවූ එම ඉංග්‍රීසි ඡෙදයයි. සංස්කරණය නොකළ මෙම ලියුම සහ එහි මගේ දළ පරිවර්තනය ඔහුගේ අනුමතිය සහ අවසරය නැතිව මෙසේ පළකිරීම ගැන ඔහු මට සමාව දෙනවා ඇතැයි මා සිතනවා.

But I might have been exasperated everyday seeing what has happened to that lovely Leafy neighbourhood including the part of my boyhood and the lovely bay down Marshall St. (now De La Salle St.) where people of (all) classes went to take the air as on GFG [Galleface Green] on Sunday evening. The land where you live now blocked out, sold and somewhat slummified, was the enchanted garden of my boyhood full of fruit trees, enjoy with birds squirrels and katussas which last I used to hunt in my unthinking boyish cruelty. (Prabhakaran did the same, skinning and studying with fascination, I read to my horror). The plot of land at the bend up the road diagonally opposite the Methodist church was also an unbuilt wide place for cat vaulting with tree and thorns and a lovely view of the sea, the light house and the bay. It used to drop like precipice to Mutuwal street opposite. The house and the land that runs adjacent to Marshall St., and drops to the sea with a lovely large white bungalow called Cliff House taken over and knocked down by the brothers. I am reminded of all the day by Dylan Thomas’ poem Fern Hill, which was on a poster used by a British Green group which I had framed and which hangs on the loading of the staircase in my place.

කුමුදු කුසුම් කුමාර

(චීනයේ සංචාරයක යෙදී සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ ආචාර්ය නලින් ස්වාරිස් ගේ භෂ්මාවශේෂයන් මිහිදන් කළ 2011, ජූනි 30 දින පාමන්කඩ සාමයික අයාතනයේ පැවැති අනුස්මරණ වැඩ සටහනෙහිදී කළ කතාව ඇසුරෙන් සකස් කරන ලදී)

——————

සටහන්

1. හසිතා වික්‍රමසිංහ ආචාර්ය නලින් ස්වාරිස් ගැන ලියූ කවිය

You touched our lives with sincere warmth
Uncle Nalin

Though I write in tribute
to you, I know
I write for myself.
For my words
will not penetrate
death’s stillness
nor touch your heart
which has suddenly stopped beating.
No matter, I write anyway,
for there is a need in me to do so.
Even if it is only to put on record
that you were family
that you lived, loved, and were loved
that in spite of your fine mind
and rare intellect,
in spite of the philosophy, the theology, and
your stand for Rights
you will best be remembered
by those who were closest to you,
for your wit and humour,
the laughter that punctuated- even dominated
every conversation
The laughter which now
recedes to memory
I write to say out loud
though you will not hear me anymore
that you carried with yourself
your own brand of joy
and touched- even filled
our lives
with a sincere warmth
I can only hope you knew
you were held in that same affection.

Hasitha Wickremasinghe

Sunday times 11.05.15

————————-

2. ඩිලාන් තෝමස් ගේ Fern Hill කවිය

Fern Hill by Dylan Thomas

By Dylan Thomas

Now as I was young and easy under the apple boughs
About the lilting house and happy as the grass was green,
The night above the dingle starry,
Time let me hail and climb
Golden in the heydays of his eyes,
And honoured among wagons I was prince of the apple towns
And once below a time I lordly had the trees and leaves
Trail with daisies and barley
Down the rivers of the windfall light.
And as I was green and carefree, famous among the barns
About the happy yard and singing as the farm was home,
In the sun that is young once only,
Time let me play and be
Golden in the mercy of his means,
And green and golden I was huntsman and herdsman, the calves
Sang to my horn, the foxes on the hills barked clear and cold,
And the sabbath rang slowly
In the pebbles of the holy streams.
All the sun long it was running, it was lovely, the hay
Fields high as the house, the tunes from the chimneys, it was air
And playing, lovely and watery
And fire green as grass.
And nightly under the simple stars
As I rode to sleep the owls were bearing the farm away,
All the moon long I heard, blessed among stables, the nightjars
Flying with the ricks, and the horses
Flashing into the dark.
And then to awake, and the farm, like a wanderer white
With the dew, come back, the cock on his shoulder: it was all
Shining, it was Adam and maiden,
The sky gathered again
And the sun grew round that very day.
So it must have been after the birth of the simple light
In the first, spinning place, the spellbound horses walking warm
Out of the whinnying green stable
On to the fields of praise.
And honoured among foxes and pheasants by the gay house
Under the new made clouds and happy as the heart was long,
In the sun born over and over,
I ran my heedless ways,
My wishes raced through the house high hay
And nothing I cared, at my sky blue trades, that time allows
In all his tuneful turning so few and such morning songs
Before the children green and golden
Follow him out of grace,
Nothing I cared, in the lamb white days, that time would take me
Up to the swallow thronged loft by the shadow of my hand,
In the moon that is always rising,
Nor that riding to sleep
I should hear him fly with the high fields
And wake to the farm forever fled from the childless land.
Oh as I was young and easy in the mercy of his means,
Time held me green and dying
Though I sang in my chains like the sea.

Taken from The Poems (published by Dent), used with the permission of David Higham Associates

Advertisements