අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

ආචාර්ය නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.”

‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201)

“සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන් වූ විවිධ අභිලාෂයන් මත යුදබිමක්ව පවතින තෙක් දේශපාලනය, පක්‍ෂ දේශපාලනය සහ පෞද්ගලික හා සාමාජික තලයන්හි මහා බල අරගලයක්ම ලෙස පවතිනු ඇත. අවශ්‍ය වනුයේ වච්ලව් හාවෙල් (Vaclav Havel)”ප‍්‍රති-දේශපාලනය” ( Anti- Political Politics) නමින් හැඳින් වූ දෙයයි. එනම්, දේශපාලනය ප‍්‍රයෝජනාත්මක හෝ කළ හැකි දේ පිලිබඳ කලාවක් සේ (Art of the possible) සැලකීම නොව මනුෂ්‍ය හෘද සාක්ෂීයේ සහ හදවතේ දේශපාලනයක් වීමයි. මෙය පංච ශීලයෙන් දැක්වෙන මූලික සදාචාරය, කි‍්‍රයාවෙන් ගෞරවනීය කිරීමෙන් පටන්ගෙන, ආර්යෂ්ටාංගික මාර්ගයේ අරමුණ කරා පොදුවේ ගමන් කිරිමයි. ආර්ය මාර්ගයේ හදවතේම ඇත්තේ සම්මා ජීවය යි – යහපත් වෘත්තීයකින් දිවි රැකගැනිමයි. මෙය ඇත්ත වශයෙන්ම දේශපාලනය තම වෘත්තිය සහ ජීවන ක‍්‍රමය බවට පත්කරගත් අයට පළමුවෙන්ම අදාල විය යුතුය.
මනුෂ්‍යන් කොතරම් දුකට පත්කරමින් වුවද බලය හා ධනය ලබාගැනීමට ඇති රාගය, තමාගේ පෞද්ගලික හා සාමූහික උන්නතියට බාදා පමුණුවන ඕනෑම දෙයක් කෙරෙහි දෝෂය දක්වන, තමන් වහල් භාවයේ ම තබා ම්ලේච්ඡ බවට පත්කරන දෑ වෙතම ඇලී සිටීමට පොළඹවන මෝහය, යන තුන් ආකාර වූ තණ්හාවට එකම ප‍්‍රතිකාරය අනුකම්පිත විප්ලවයක් පමණක්ම වන බව බුදුන් වහන්සේ පැවසූහ. මාර්ගය ඇත. අවශ්‍ය වන්නේ ‘බෞද්ධ’ යයි හඳුන්වාගන්නා රටවල පවා – එම මඟ ගැනීමට පෞද්ගලිකව මෙන්ම දේශපාලනිකව ද උවමනා අධිෂ්ඨානය පමණයි.”

Continue reading අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

Advertisements

Ragging, Student Violence, & University Academics: A Brief Note – Kumudu Kusum Kumara

“In the context of student politics, ragging would have been used as a means of “getting to know” the freshers and thereby recruiting them to political groups. It is with the entry of the JVP into student politics in the late ‘60s that ragging and student violence takes the pernicious form that the Sri Lankan universities have experienced since then.In 1970s Sri Lankan universities turned out to be strongholds of the JVP, signalling the end of an era dominated by mainstream left politics. The JVP led Samajavadi Shishya Peramuna (SSP) dominated university student politics since 1970s and violence associated with their radical politics has affected the universities negatively. The JVP led SSP used ragging as a means of recruiting cadres to its student movement and then to the party.”

Continue reading Ragging, Student Violence, & University Academics: A Brief Note – Kumudu Kusum Kumara

නවක වදය සහ වමේ දේශපාලනය/Ragging and Left Politics

මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය.

නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි.

ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට ඉහලින් පැනවීමේ ඔබගේ අවශ්‍යතාවය නිසා හෝ අනෙකා මත ඔබගේ අධිකාරීත්වය පැනවීමට ඔබ තුළ පවතින ආශාව ඉන් පෙන්නුම් කෙරේ.

ඔබ ඔබම ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා වාමාංශිකයෙකු ලෙස හඳුනාගන්නා අතර විවිධ වක්‍රාකාර සහ උපක්‍රමික විශ්ලේෂණ සහ අර්ථකතන සපයමින් තවදුරටත් ( ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සංවිධානයක් කරගෙන යන සාධාරණීකරණය කරන හෝ භාවිතා කරන ) නවකවදය හෙළා නොදැකීම වෙනුවෙන් නිදහසට කරුණු සෙවීමට තැත් කරන්නේ නම් එය හුදෙක් සානුකම්පිත බව මා දකිමි.

මගේ අදහස වන්නේ කවරාකාරයේ නවකවදයක් සම්බන්ධයෙන්වත් අනෙකා නිශ්චිත දේශපාලන ස්ථාවරයක් නොගැනීම ගැන ප්‍රජාතන්ත්‍රවාදියෙකුට හා වාමාංශිකයෙකුට නිදහසට කරුණු දැකිය නොහැකි බවයි. Continue reading නවක වදය සහ වමේ දේශපාලනය/Ragging and Left Politics

මේ යහපාලන විරෝධී ක්‍රියාව වළක්වන්න, නැත්නම්….! – ජොසප් ස්ටාලින්

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කරලා තියනවා. ඒ අතරින් මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඊ අක්ෂරය යටතේ තියනවා බඳවාගැනීම් පටිපාටියට නොගැලපේ නම් එක්වරක් පමණක් ලබාදෙන මූල්‍ය සහනයක් අසාධාරණයට ලක්වූවන්ට ලබාදෙන්න කියලා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඉන්නවා නම් ඒ අයට කොපමණ ප්‍රමාණයක මුල්‍ය සහනයක් දුන්නත් කමක් නෑ. ඒත් සේවා ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරමින් පත්වීම් ලබා දෙන්න ඉඩ දෙන්න බැහැ. සමහර අයගේ ගේ කඩලා තියනවා. ගේ කැඩුවා කියලා අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලබා දෙන්න පුළුවන් ද? මෙතන ඉන්න සමහර අය ඇත්තටම පළිගැනීමට ලක්වෙලා නැහැ. අපි ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න බළාපොරොත්තු වෙනවා.ඒවාගේම ප්‍රථම වතාවට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සේවාවල සියළු වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නවා මේ යහපාලන විරෝධී ක්‍රියාවට විරෝධය දක්වන්න අපි පෙන්වා දෙන්න කැමතියි මීට කලින් 1978 ඉඳන්ම ආණ්ඩු මාරුවුන අවස්ථා වල දී දේශපාලන පළිගැනීම් කියලා ක්‍රමවේදයෙන් පිටගිහින් කැබිනට් තීරණ හරහා පත්වීම් ලබා දෙන්න උත්සාහ කළා. ඒ හැම අවස්ථාවේදී ම ලංකා ගුරු සංගමය විරුද්ධ වුණා. මෙවරත් අපි සටන් කරනවා. මීට කලින් මහින්ද රාජපක්ෂ 783 දෙනෙකුට කැබිනට් පත්‍රිකාවක් හරහා පත්වීම් ලබා දෙන්න උත්සාහ කලා. ඒ වෙලාවේ අපි අභියාචනාධිකරනයට ගිහින් ඒවා වැළැක්වූවා. එහෙම තිබියදී ආයෙමත් මෙහෙම පත්වීම ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපි මහින්ද රාජපක්ෂ පරාජය කළ සටනේ පෙරමුණේ සිටියේ මහින්ද කියන පුද්ගලයාව පරද්දන්න විතරක් නොවේ. ඔහුගේ ක්‍රමයත් පරද්දන්නයි. දැන් ඒ ක්‍රමයම ක්‍රියාත්මක කරනවා නම් අපි ලෑස්තියි සටන් කරන්න ආණ්ඩුව මේක අකුලා ගත්තෙ නැතිනම් අධ්‍යාපන සේවයේ සේවා හතරම සටන් කරනවා. ලංකාවේ පාසල් 10022, කලාප අධ්‍යාපන කාර්යාල 96, පළාත් අධ්‍යාපන කාර්යාල 9 ක් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 18 ක් ගුරු විද්‍යාල 7 ක් ගුරු මධ්‍යස්ථාන 107 ක් තියනවා. අපි ඒ සියල්ල වහන්න කටයුතු කරනවා. ආණ්ඩුව තීරණය කරන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ 250000 ක් ද දේශපාලන හෙන්චයියන් ද කියලා. බලය තියන්නේ කාටද කියලා පෙන්වන්න අපි ලෑස්තියි.

2015.05.01 දින රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී